Emperor (2020) Sinhala Subtitle

November 22, 2020 New Subtitler
Subtitle by Kavindu Prabhath

සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඔන්න අද මම අරගෙන ආවේ කලු සුදු අරගලේ ගැන කියවෙන ෆිල්ම් එකක්. ඒ වගේම මේක නිර්මාණය කරලා තියෙන්නේ සත්‍ය කතාවක් ඇසුරෙන්. ඉතින් යමු අපි ෆිල්ම් එක පැත්තට.

EMPEROR 2020

හොඳයි මේ කතාව තුලින් කියවෙන්නේ වහල්භාවයෙන් නිදහස ලබාගන්න විප්ලවය පැනනැගුන හැටි. ඒ කියන්නේ විප්ලවයට හේතු උන පුද්ගලයාව මුල් කරගෙන තමා මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ පුද්ගලයගෙ නම තමයි ශීල්ඩ්ස් ග්‍රීන්. එයා කලු ජාතිකයෙක්. එයා වැඩ කරන්නෙත් වතුකරේක වහලෙක් විදියට තමයි. හැබැයි එයාගේ හිමිකරුනම් ටිකක් හොඳ කෙනෙක් වගේ. ඒත් මිනිහගේ සූදුවට තියන ආශාව හන්දා එයා වත්ත ඔට්ටුවට තියලා කාඩ් ගහලා මිනිහට අන්තිමේදි වත්ත නැති වෙනවා. ඉතින් දැන් වත්තේ අයිතිකාරයා ටිකක් සැර කෙනෙක්. ඉතින් කොහොමහරි මේ අයිතිකාරයගේ වත්ත බලාගන්න සේවකයෝ එක්ක මේ ශීල්ඩ්ස් අමනාපකමක් ඇතිකර ගන්නවා. ඒකට දඩුවම් විඳින්නත් එයාට සිද්ධවෙනවා. ඒත් ඒ සේරම ඉවසපු අපේ ශීල්ඩ්ස්ගෙ ඉවසීමේ අවසානය ලගා උන දවස තමයි ශීල්ඩ්ස්ගෙ කොලුපැටියට කසපහර කන්න උන දවස. කේන්තිය නිසා මෙයා දඩුවම් දීපු අයව මරලා දානවා. සුපුරුදු විදියට මෙයාට පැනලා යන්න වෙනවා. ඒ විතරක් නෙවේ මිනිස් දඩයක්කාරයෙක්වත් අර වතුකරේ හිමිකරුවො මෙයා පස්සේ එවනවා. ශීල්ඩ්ස්ට එයාගේ පුතාව අරන් යන්නනම් බැරිවෙනවා. එයා මේ පැනලා යන අතරෙදි හොඳ වගේම නරකත් මෙයාට හමුවෙනවා. බැංකු මංකොල්ලෙකටත් සම්බන්ධවීමේ අවස්ථාවකුත් මෙයාට හිමිවෙනවා.
මෙයාට හමුවෙන එක් කොටසක් තමා විප්ලවය කැමති සුදු ජාතිකයෝ. මෙයාගෙ අර මිනීමරුමත් එක්කම තමා විප්ලව හැඟීම උත්සන්න වෙන්න ගත්තේ. කොටින්ම කියනවනම් විප්ලවය කියන ගින්න ඇවිලෙන්න හේතු උන ගිනි පුලිගුව තමා මෙයා. හොඳයි මේ වික්‍රමවලින් පිරුණු ෆිල්ම් එකේ Ratings අපි පහලට ගිහින් බලමු.

හොදයි මේ ෆිල්ම් එක Ratings අතින් ගත්තම 5.4/10Imdb අගයකුත් 77% Rotten Tommatoes අගයකුත් 74% Google Usersලගෙ කැමැත්තත් දිනාගැනීමට සමත් වෙලා තියනවා. හොඳයි වැඩි කතා නොකර මම මෙතනින් නවතිනවා.

ඉතින් පැනල යන ශීල්ඩ්ස්ට මොනවගේ දේවල් හමුවේවිද?
ශීල්ඩ්ස් කොලුපැටියව බේරගනියිද?
දඩයක්කාරයා මොනවා කරයිද?
උත්තර බලලම හොයාගන්නකෝ….

ඔබට ජය!

Download Links
720P
TOR
Available Torrents
720p bluray 873.35 MB
1080p bluray 1.75 GB
720p web 911.15 MB
1080p web 1.83 GB
Kavindu Prabhath
7 Movies
0 TV Series
7 Total
Discussion (2)
  • Rasika Thushara Samanjith Admin
    Windows 10 Chrome 86

    niyamai malli. ela ela.

  • Hashan Priyadarshana User
    Android 9 Chrome 80

    Thank you

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search