Fight Club (1999) Sinhala Subtitle
[ ලබාදී ඇති උපසිරැසිය Fight Club 10th Anniversary Edition (එනම් 2009 වසරේදී නිකුත්වූ) Blu-ray පිටපත් සඳහා පමණක් ගැලපේ ]
ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ ඉනුක නම් සහෝදරයෙක් කල ඉල්ලීමක් අනුව කල ටිකක් පැරණි චිත්‍රපටයක උපසිරැසියක්. මේ තමයි IMDb හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවේ 11වන ස්ථානය අදටත් උසුලන, ඔස්කා සම්මාන නිර්දේශයක් ඇතුළුව සම්මාන 10කට හිමිකම් කියන Fight Club (1999) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. ඇත්තටම මටත් මේ චිත්‍රපටයට උපසිරැසි කිරීමේ කැමැත්තක් තිබුණා කාලයක්, ඒත් අන්තර්ජාලයේ සිංහල උපසිරැසි තිබෙන නිසා මම ඒතරම් උනන්දුවක් කලේ නෑ. කෙසේ හෝ මේ නිර්මාණයට උපසිරැසියක් අප අඩවියෙනුත් ලබාදීම වටින බව ඔහු කියූ නිසා මම තීරණය කලා මීට උපසිරැසි කරන්න. ඒ නිසා මුලින්ම ස්තූතිය ඉනුකට.
ඩේවිඩ් ෆින්චර්... මේ නම දුටු පමණින් අපිට මතකයට එන්නෙ අපව කරකවා අත්හරින්නට සමත් චිත්‍රපට ගණනාවක්. Seven (1995), Gone Girl (2014), Zodiac (2007) යනු ඊට ලබාදිය හැකි හොඳම උදාහරණ. ලොව පුරා දැඩි කතාබහට ලක්වූ සහ අදටද ලක්වන මේ Fight Club චිත්‍රපටයත් ඔහුගේම අධ්‍යක්ෂණයක්. චිත්‍රපටය නිර්මාණය වන්නේ ඇමරිකානු නවකථා රචක චක් පොලානික් 1996 වසරේදී ලියා පලකල ඒ නමින්ම යුත් නවකථාවක්.
Fight Club කෘතිය
ඔහුට මේ පොත ලිවීමේ අදහස පහලවී තිබෙන්නේත් ටිකක් අමුතු ආකාරයකට. ඔහු කඳවුරු බැඳීම සඳහා ගොස් සිටි අවස්ථාවක අසල කඳවුරු බැඳ සිටි පිරිසකගේ ඉවසිය නොහැකි ශබ්ද කිරීම් අඩුකරගන්නා ලෙස කියන්නට යාමේදී, ඔහුට සිදුවෙනවා ඔවුන්ගේ අතින් පහරකෑමට ලක්වන්නට. එයින් ඇතිවූ තුවාලද සහිතව රාජකාරි ස්ථානයට ගිය ඔහු විමතියට පත්වී තිබෙනවා එහි කිසිවෙකු ඔහුගේ තුවාල ගැන නොවිමසා ගමනේ වගවිස්තර විමසන්නට පටන්ගැනීම නිසා. මෙය ඔහු වටහාගන්නේ තුවාල සිදුවූවේ කෙසේද යන්න විමසීම මගින් ඔහු හා යම් රාජකාරි සීමාවෙන් පිටගොස් පුද්ගලික මට්ටමේ බැඳීමක් ඇතිවෙනු ඇතැයි සිතු නිසා ඔවුන් එසේ හැසිරුණු බව.
මේ Fight Club පොත තිරයට රචනා කෙරෙන්නේ Jim Uhls විසින්. IMDb වෙතින් 8.8ක අගයකුත්, Rotten Tomatoes වෙතින් 79%ක අගයකුත්, මෙටාක්‍රිටික් වෙතින් 66%ක අගයකුත් ලබාගෙන ඇති මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නෙ එඩ්වඩ් නෝටන් (කථිකයා), බ්‍රැඩ් පිට් (ටයිලර් ඩර්ඩන්), හෙලේනා බොන්හැම් කාටර් (මාර්ලා), මීට් ලෝෆ් ( රොබට් "බොබ්" පෝල්සන්), සැක් ග්‍රෙනියර් (රිචඩ් චෙස්ලර්) ඇතුළු පිරිසක්. කතාව පැත්තෙන් ගත්තොත් මෙය මතුපිටින් පෙනෙනවාට වඩා ගැඹුරු අර්ථයක් ඇති සංකීර්ණ කතාවක් නමුත් තිරයටම ඇස යොමාගෙන බැලුවොත් අධ්‍යක්ෂවරයා බොහෝ තැන්වල අපිට ඉඟි ලබාදෙනවා මෙහි ප්‍රධානම Plot twist එක කලින්ම වටහාගන්නට , එයින් ඉඟි හතරක්ම වැරදි මොහොතේ ඇසිපිය හෙලුනොත් මගහැරෙන තැන්. එසේම මේ චිත්‍රපටය හා සෙන් බෞද්ධ දර්ශනය අතර දැඩි සම්බන්ධයක්ද තිබෙනවා. එය මෙහි කියන්නට යාම රසවින්දනයට බාධාවක් විය හැකි නිසා මම එය ඔබටම වටහාගැනීමට ඉඩ හරිමින් ඒ ගැන කතාකිරීම නවත්වන්නම් මෙතනින්. මෙය විවිධ විචාරකයන් අර්ථ දක්වන්නේ විවිධාකාරයට, නරඹන ඔබටත් තමන් කැමති ආකාරයකට වටහාගන්නට පුළුවන් මෙය. හරි දැන් අපි යමු කතාව පැත්තට...
මෙහි කතාව දිවෙන්නේ නිර්නාමික අයෙක් අපව තමන්ගේ ජීවිතයේ යම් කාලපරිච්ඡේදයක් හරහා රැගෙන යන ආකාරයට. ඔහු රැකියාවෙන් රථවාහන නිෂ්පාදන අංශයට සම්බන්ධ දැඩි ලෙස ඉන්සොම්නියාවෙන් එනම් නින්ද නොයාමෙන් පීඩාවිඳින අයෙක්. ඊට ඖෂධයක් සොයාගෙන යන ඔහුට වෛද්‍යවරයාගෙන් ලැබෙන උපදෙස වන්නේ එය අසනීපයක් නොවන බවත් වේදනාව යනු කුමක්දැයි දකින්නට කැමතිනම් වෘෂණකෝෂ පිළිකාවලින් පීඩාවිඳින්නවුන් වෙනුවෙන් ඇති කණ්ඩායම් සැසිවලට ගොස් බලන ලෙසත්. ඔහු තමන්ද ඒ ඒ අසනීපයෙන් පීඩාවිඳින්නෙකු මෙන් පෙනී සිටිමින් කණ්ඩායම් සැසි බොහොමයකට සහභාගී වෙනවා. මෙහිදී ඔහුට මාර්ලා නම් තමන් කරන්නාක් මෙන්ම මේ කණ්ඩායම් සැසිවලට සහභාගි වන්නියක් මුණ ගැසීම. කෙසේ හෝ ඉන් අනතුරුව ගුවන්ගමනකදී ඔහුට මුණගැසෙන ටයිලර් ඩර්ඩන් නම් මිතුරෙකු ඔහුව නොසිතූ ගමනක් ගෙන යනවා...එතනින් එහාට නරඹන ඔබට බාර කරමින් මම ගිහින් එන්නම්. මතක ඇතිව වැඩිහිටි පාර්ශවය පමණක් නරඹන්න. පහතින් ඇති කරුණුත් වැදගත් වේවි චිත්‍රපටය නරඹද්දි.
විශේෂ :-
• Ikea nesting instinct නොහොත් යිකෙයා ගෘහභාණ්ඩ ඇබ්බැහිය
මෙසේ හැඳින්වෙන්නේ IKEA ගෘහභාණ්ඩ සමාගමේ කැටලොග්වල ඇති භාණ්ඩ නොමැතිව තම ජීවිතය අසම්පූර්ණ බවට දැඩිව විශ්වාස කිරීම. මෙය යිකෙයා ගෘහභාණ්ඩ සින්ඩ්‍රෝමය ලෙසත් හැඳින්වෙනවා. මෙතනින් බලන්න පුළුවන් 2020 වසර සඳහා නිකුත්කල Ikea ජාලගත කැටලොග් එකක්. එක්තැනක හෝචොව් කලෙක්ෂන් (Horchow Collection) ලෙස හැඳින්වෙන්නෙත් මෙවන්ම වෙනත් සමාගමක එකක්
•Valariyan root නොහොත් වැලේරියන් මුල්
මෙය ඉන්සොම්නියාව නොහොත් නින්ද නොයාමට ඔසුවක් ලෙස භාවිත වන්නක්.
• Recall coordinator (රීකෝල් කෝඩිනේටර්)
චිත්‍රපටයේ එඩ්වඩ් නෝටන් රඟන චරිතය කරන රැකියාව රථවාහන අංශයට සම්බන්ධයි. මෙහිදී රීකෝල් (Recall) කියන්නෙත් ඊට අදාල දෙයක්. රීකෝල් කියන එක සරලව පැහැදිලි කලොත් මෙය සිදුකෙරෙන්නේ රථවාහන නිෂ්පාදක සමාගම් පාර්ශවයෙන්. යම් සමාගමක් විසින් තම සමාගමේ නිෂ්පාදිත මෝටර්රථ මාදිලියක් වෙලඳපොලට නිකුත්කිරීමෙන් පසු ප්‍රායෝගික භාවිතයේදී යම් යම් දෝෂ පැණනගින්නට පුළුවන්, යම් විටෙක එම දෝෂය (යාන්ත්‍රික හෝ මෘදුකාංගමය) අදාල රථ මාදිලියටම පොදු එකක් වීමේ ඉඩකඩකුත් තිබෙනවා. එවන් අවස්ථාවල එම මාදිලියේ අලෙවිකල රථ අදාල දෝෂය නිවැරදි කිරීම සඳහා ආපසු අදාල සමාගම වෙත හෝ එහි නියෝජිතායතනයක් වෙත කැඳවීමයි රීකෝල් කිරීම ලෙස හැඳින්වෙන්නේ. රීකෝල් කෝඩිනේටර් යනු එවන් දෝෂයක් හේතුවෙන් යම් අනතුරකට හෝ හානියකට භාජනය වූ රථ විමසුමට ලක්කොට රීකෝල් කිරීමේ අවශ්‍යතාවක් තිබේදැයි තක්සේරු කිරීමේ රාජකාරිය බාර තැනැත්තායි. (යම් විටෙක මෙම රීකෝල් කිරීම් එක්තරා රටක් හෝ රටවල් කීපයක් වෙත යැවූ වාහන කාණ්ඩයක පමණක් විය හැකිය)
රීකෝල් කිරීමක් සඳහා රථ හිමිකරුවෙකුට එවූ ලිපියක්. මෙහිදී දෝෂය ලෙස සටහන්කර ඇත්තේ රියදුරු පස එයා බෑගය සම්බන්ධ ගැටලුවක්
•pilot light (පයිලට් ලයිට්)
ජල තාපකයක ප්‍රධාන බර්නරය නිවී තිබියදීත් දැල්වෙන පයිලට් ලයිට් එක දැල්වෙන අයුරු
මේ පයිලට් ලයිට් ලෙස හැඳින්වෙන්නේ ගෑස්වලින් ක්‍රියාකරන උදුන් හා ජල තාපකවල බර්නරය දැල්වීම සඳහා නිරන්තරයෙන්ම දැල්වෙමින් තිබෙන කුඩා ගෑස් දැල්ලක්. කෙසේ වෙතත් මෙය අදවනවිට විදුලි ඉග්නයිටරයක් භාවිතයෙන් තමයි බොහෝවිට සිදුවන්නේ. නිවුණු පයිලට් ලයිට් එකක් දල්වන ආකාරය මෙම වීඩියෝවෙන් බලන්නට පුළුවන්.
• රොක්ෆෙලර් සෙන්ටර්
මෙනමින් හැඳින්වෙන්නේ නිව්යෝක් සිටිහි මිඩ්ටවුන් මෑන්හැටන්හි අක්කර 22 භූමිභාගයක් පුරා පිහිටි වාණිජ ගොඩනැගිලි 19කින් සමන්විත සංකීර්ණයක්. මෙය සරලව නිවාඩු ගමනාන්තයක් ලෙස හැඳින්විය හැකියි.
• සියර්ස් කුළුණ (වර්තමානයේ විල්ස් කුළුණ)
මෙය ඇමරිකාවේ ඉලිනොයි ප්‍රාන්තයේ චිකාගෝහි පිහිටි මහල් 110කින් සමන්විත ගොඩනැගිල්ලක්. ඉහත ගොඩනැගිලි දෙකම ගැන සඳහන් වෙන වැදගත් කතාවක් චිත්‍රපටයේ එක් තැනකදී ටයිලර් විසින් කරනවා. චිත්‍රපටයේ පෙන්වන්නට හදන අදහස දක්වන තැනක් එය. මේ ස්ථාන දෙක මතක තබාගැනීම පහසුවක් වේවි එහිදී.
IMDB
Year : 1999
Actors : Edward Norton, Brad Pitt, Meat Loaf, Zach Grenier
An insomniac office worker and a devil-may-care soapmaker form an underground fight club that evolves into something much, much more.
2021-11-04 11:38 am
- Download : 3151
- File Size : 71.083KB
- Sub Update :2020-07-14
Leave a Reply
Sub Updated List
Achievements
- Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Rasika Samanjith ගේ 75 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
- Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Android 4.2Android Browser 4
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. පුළුවන් නම් මේකට සබ් දුන්න වගේ Mr. Nobody (2009) EXTENDED Bluray එකට සබ් දෙන්න බ්‍රෝ අන්ත්ජාලයේ Bluray copy එකට සබ් තියනව ඒත් EXTENDED Bluray copy එකට සබ් නෑ 😊😊
Windows 7Firefox 74
දෙන්නම්, හෂාන්. මේ දැන් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා. මමත් ඇත්තටම බලල නෑ ඔය ෆිල්ම් එක.
Android 4.2Android Browser 4
බොහොම ස්තුතියි හසිත 😊😊
Windows 10Chrome 80
බොහොම ස්තූතියි.
Windows 10Chrome 80
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Windows 10Opera 67
බොහොම ස්තූතියි සහෝ
Windows 10Chrome 80
Thanks bro.. Rigor Mortis (2013) Mekatath sub dennako please mcn
Android 10UC Browser 13
Bloodshot(2019) ෆිල්ම් එකටත් සිංහල උපසිරසි දෙන්න….තෑන්ස් සබට ජය වේවා…!!!
Windows 10Chrome 80
බොහොම ස්තූතියි සහෝ..
මේවත් ඔයාලට මග හැරුණු සුපිරි ෆිල්ම් ටිකක්..
Date Night (2010)
Love Other Drugs (2010)
Keeping Up with the Joneses (2016)
The Lost Future (2010)