Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Vampire Diaries (2009) [S07 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E07] Sinhala Subtitle Comedy Ikk Kudi (2025) Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E07] Sinhala Subtitle Comedy Ikk Kudi (2025) Sinhala Subtitle Adventure Secrets of Sulphur Springs (2021) [S03 : E08] Sinhala Subtitle
  • Genres
  • Crime
  • Following (1998) Sinhala Subtitle

Following (1998) Sinhala Subtitle

July 30, 2021 New Subtitler
ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ "Following"

 

ආයුබෝවන්!

ඔන්න මාස තුනකට විතර පස්සෙ තවත් උපසිරැසියක් ගෙනාවා. මුලින්ම වෙනදා වගේම මේපාරත් මට උදව් කරපු හසිත ප්‍රසාද් සහෝදරයට ස්තූති කරන්න ඕනි. ඒ වගේම සමාවෙන්න ඕනි මේ උපසිරැසිය ගේන්න මෙච්චර පරක්කු වුනාට. පහුගිය ටිකේ ටිකක් කාර්‍යබහුල වුන නිසා තමයි උපසිරැසිය පරක්කු වුණේ. මේක පරක්කු වෙන්න අනික් හේතුව, ගැලපෙන ඉංග්‍රීසි උපසිරැසියක් හොයාගන්න බැරිවුණ එක. ඒක නිසා මුලින්ම මට ඉංග්‍රීසි උපසිරැසියෙ පේලියෙන් පේලිය චිත්‍රපටිය බලනගමන් දෙබස් වලට ගලපන්න වුනා.

මේ උපසිරැසිය පළ කරන අද දවසෙත් විශේෂත්වයක් තියෙනවා, මොකද අද වගේ දවසක(ජූලි 30) තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වෙන ක්‍රිස්ටෝෆර් නෝලන් උපත ලැබුවේ ඒ නිසා ලිපියෙන් කොටසක් නෝලන්ට වෙන් කරන්න මං හිතුවා.

1970 ජූලි 30 වැනිදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටරයේ ඉපදුනු ක්‍රිස්ටෝෆර් එඩ්වඩ් නෝලන්ට අදට වයස අවුරුදු 51ක් වෙනවා. ලන්ඩනයේම හැදී වැඩුනු නෝලන්ට පොඩි කාලෙදිම සිනමාව පැත්තට ආසාවක් ඇතිවෙනවා. ක්‍රිස් මුලින්ම චිත්‍රපටයක් කරා කියන්නෙ අවුරුදු 7දී. ඒක ඇඩ්වටයිසින් ෆර්ම් එකක ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක්වුනු තමන්ගෙ තාත්තගෙ (බ්‍රෙන්ඩන් ජේම්ස් නෝලන්) Super 8 කැමරා එකෙන්, ස්ටාර් වෝර්ස් Action Figures ටිකක් යොදාගෙන කරපු Stop Motion ශෝට් ෆිල්ම් එකක්. මේ වැඩේට පසුකාලීනව චිත්‍රපටවලටත් උදව් වුනු ක්‍රිස්ගෙ මල්ලි ජොනතන් නෝලනුත් උදව් වෙලා තියෙනවා. නෝලන් තමන් චිත්‍රපටි නිර්මාණකරුවෙක් වෙනවා කියන තීරණය ගත්තා කියන්නෙ අවුරුදු 11දි.

පාසල් අධ්‍යාපනයෙන් පසුව, නෝලන් තමන්ගෙ චිත්‍රපටි හීනෙට යන්නෙත් හරි අමුතු පාරකින්. නෝලන් කරන්නෙ English Literature (සාහිත්‍යය) ඩිග්‍රියක්. නෝලන් විශ්වාස කරලා තියෙනවා ෆිල්ම් ස්කූල් එකකට ගිහින් ඉගෙනගෙන්නවට, ආට් පැත්තෙන් ඩිග්‍රියක් කළොත් චිත්‍රපට දිහා වෙනස් විදියකට බලන්න පුලුවන් වෙයි කියලා. එයා ඒ ඩිග්‍රිය කරන්න තෝරගන්නෙ ULC (University College London) එක. ඒකට හේතු වුනෙත් ඒ විශ්වවිද්‍යාලය සතුව (ඒ කාලේ හැටියට) හොඳ Editing Facility එකක් සහ 16mm කැමරා සහිත හොඳ චිත්‍රපටි නිර්මාණය කිරීමේ පහසුකමක් තිබුනු එක.

කොලෙජ් එකේ Film Society එකේ සභාපති වෙන්නෙත් ක්‍රිස්ටෝෆර්මයි. නෝලන් උපාධියට ඉගෙන ගන්න කාලෙත් ශෝට්ෆිල්ම්ස් කරලා තියෙනවා. (ඒවයින් එකක් තමයි 1989දි Roko Belic කියන නෝලන්ගෙ යාලුවා එක්ක එකතුවෙලා හදපු Trantella ෂෝට් ෆිල්ම් එක) ඒ විදිහට ෂෝට් ෆිල්ම්ස් කරන්න එකතුවුනු විශ්වවිද්‍යාලයේම ශිෂ්‍යාවක් වුනු නෝලන්ගෙ පෙම්වතිය “එමා තෝමස්” තමයි පසුකාලීනව නෝලන්ගෙ බිරිඳ වෙන්නෙත්.

1993දි උපාධිය ගත්තට පස්සෙ නෝලන්, Script Reader කෙනෙක් විදියටත්, Camera Operator කෙනෙක් විදියටත් ෆීල්ඩ් එකේ වැඩකරලා තියෙනවා. ඒ අතරෙ 1995දි Larceny, 1997දි Doodlebug වගේ ෂෝට් ෆිල්ම්ස් හදලා තියෙනවා. මේවට පස්සෙ තමයි නෝලන් තමන්ගෙ පලවෙනි Feature Film එක Following හදන්නෙ.

නෝලන්ගෙ මේ කියපු ෂෝට් ෆිල්ම්ස් ටික බලන්න කැමති කෙනෙක් ඉන්නවනම් මම ලින්ක් ටික දාලා තියන්නම්. මේවා DVD, BLURAY වගේ කිසිම විදිහකින් රිලීස් නොවුනු නිසා අන්තර්ජාලයේ හොයාගන්න වෙන ක්‍රමයකුත් නෑ.

• Tarantella (1989)– 4 min. –මෙතනින් බලන්න. එච්චරම හොඳ කොලිටියෙ කොපියක් නෙවෙයි. ඒත් මේක තමයි දැනට තියෙන එකම කොපිය.

• Larceny (1996) – මේක ප්‍රදර්ශනය කරලා තියෙන්නෙ University එකේ විශේෂ අවස්ථාවකට විතරයි. ඒ නිසා මේකෙ කිසිම පිටපතක් අන්තර්ජාලයෙවත්, වෙනත් තැනකවත් නෑ.

• Doodle Bug (1997) – 3min. මෙතනින් බලන්න.

 

1998 නිකුත් වුණු අපරාධ, අභිරහස් (Mystery) හා ත්‍රාසජනක ගණයට අයත් කලු-සුදු මේ චිත්‍රපටයට IMDB දර්ශකයේ 7.5ක අගයකුත්, Rotten Tomatoesහි 81%ක අගයකුත්, මෙටාක්‍රිටික්හි 60%ක අගයකුත් සහ ගූගල් පරීශීලක ප්‍රසාදය 82%කුත් හිමි වෙලා තියෙනවා. ප්‍රධාන චරිතය ලෙස ජෙරමි තියෝබෝල්ට්, කෝබ් ලෙස ඇලෙක්ස් හෝව් සහ කාන්තාව ලෙස ලුසි රසෙල් රංගනයෙන් දායකවෙනවා. මේ සම්පූර්ණ චිත්‍රපටයෙ බජට් එක ආසන්න වශයෙන් ඇ.ඩොලර් 6000ක් විතර. ඒ කියන්නෙ 1999 රුපියලේ අගයට අනුව(මට හොයාගන්න පුලුවන් වුනු විදියට $1=රු 70) රු 420,000 වගේ ගාණක්.

කාස්ට් එක සහ Crew එකට ඉන්න හැමෝම සතියෙ දවස්වල ෆුල්-ටයිම් ජොබ් කරපු අය නිසා රූගත කිරීම් කරලා තියෙන්නෙ සෙනසුරාදා දවස්වල. වෙඩිපුර ෆිල්ම් රීල් නාස්තිකරන්න තරම් සල්ලියක් නොතිබුණු නිසා, ඒ හොයාගන්න දවස් ටිකෙත් දහ දොලොස්පාරක් රිහසල් කරලා ටේක් දෙක තුනකින් සීන් එකක් කවර් කරලා තියෙන්නෙ. ඒ නිසා ෂූටින් වලට විතරක්මාස තුන හතරක කාලයක් ගතවෙලා තියෙනවා. ඔය විදිහට අඩු බජට් එකකින්, සීමිත උපකරණ ටිකකින්, ලයිටින්වත් නැතුව ස්වභාවික ආලෝකය පාවිච්චි කරමින් අධ්‍යක්ෂණය, තිර රචනය, සංස්කරණය, කැමරාකරණය මේ සියල්ලම තමන් විසින්ම කරපු මේ චිත්‍රපටය නිර්මාණය කරන්න ක්‍රිස්ට අවුරුද්දක වගේ කාලයක් ගතවෙලා තියෙනවා. මේ චිත්‍රපටය රූගත කරල තියෙන්නෙ මේ Arriflex 16 BL කැමරාවකින්. නෝලන් කියන විදියට එයාට මේ චිත්‍රපටයෙ කතාවට අදහස ඇවිල්ලා තියෙන්නෙ එයාගෙ ගෙදරට හොරු පැනපු අවස්ථාවක, ඒ ආපු හොරු තමන්ගෙ බඩු මුට්ටු දිහා මොනා හිතන්න ඇතිද කියලා හිතනකොටලු.

කතාව…

රස්සාවක් නැති නවකතාවක් ලියලා ලේඛකයෙක් වෙන්න කැමැත්තක් තියෙන තරුණයෙක් (ප්‍රධාන චරිතය), නවකතාවකට අදහසක් හොයාගැනීමේ අරමුණින් නාඳුනන පුද්ගලයින්ව අහඹු ලෙස තෝරගෙන ෆලෝ කරනවා. මිනිස්සු යන එන තැන්, එයාලගෙ හැසිරීම් බලාගන්නවා. මෙහෙම එක එක ජාතියෙ මිනිස්සුන්ව ෆලෝ කරන මෙයා දවසක අමුතු හොරෙක්ව ෆලෝ කරනවා. කවුද මේ මනුස්සයා? මොන වගේ කෙනෙක්ද? මෙයාව ෆලෝ කරපු මේ තරුණයාට මොනා වෙයිද?

චිත්‍රපටය නැරඹීමේදි දැන සිටිය යුතු කරුණු කීපයක්

• ක්‍රෙඩිට් කාඩ්පතෙහි යොදන අත්සන– ක්‍රෙඩිට් කාඩ්පතේ කාඩ්පත් හිමිකරුගෙ අත්සන යොදන්න එක්තරා ස්ථානයක්(පහත රූපයේ) තියෙනවා. කාඩ්පත තමාවෙත ලැබුනු වහාම කාඩ්පතෙහි හිමිකරු ඒ ස්ථානයේ තමාගෙ පැහැදිලි අත්සනක් යොදන්න ඕනි. භෞතිකව කාඩ්පතෙන් සිදුකරන ගනුදෙනුවලදී, ගෙවීම ලබාගන්නා පාර්ශවය කාඩ්පතෙහි තිබෙන අත්සනත්, කාඩ්පත් හිමිකරු විසින් බිල්පතේ යොදන අත්සනත් ගැලපෙනවද කියල පරීක්ෂා කරනවා. මේක ක්‍රෙඩිට් කාඩ්පත හොරකම් කර ගනුදෙනු සිදුකිරීම වලක්වාගැනීමට සිදුකරන ක්‍රියාවලියක්.

• Simply Red – 1985 ආරම්භ කරපු පොප් බෑන්ඩ් එකක්.

• Fleetwood Mac – 1967 ආරම්භ කරපු රොක් බෑන්ඩ් එකක්.

• UB40 – 1978 ආරම්භ කරපු පොප් බෑන්ඩ් එකක්.

• ෆූටෝන් (Futon) – ස්ප්‍රින් නොයෙදූ, පුරවනලද මෙට්ටයක් යොදා ඉඳගැනීමට සාදන සෝෆා පුටු වර්ගයක්.

 

එහෙනං චිත්‍රපටිය රසවිඳින්න. මේක මම ඇත්තටම ක්‍රිස්ටෝෆර් නෝලන්ගෙ උපන්දිනය දවසටම සෙට් කරලා පබ්ලිෂ් ප්ලෑන් කරලා තිබුනෙ නෑ. අද(30) උදේ තමයි මම දැක්කෙ බ්ලොග් සයිට් එකක දාලා තියෙනවා නෝලන්ගෙ උපන්දිනය අද කියලා.ඉතුරුවෙලා තිබ්බෙ සබ් එකේ අඩුපාඩු බලන එකයි, ලිපිය ලියන එකයි විතරක් නිසා කොහොමහරි උපසිරැසිය අදම(30) පබ්ලිෂ් කරනවා කියලා හිතාගත්තා හැබැයි දැන් වෙලාව 31වෙනිදා පාන්දර 12.20යි. ඒත් කමක් නෑ එංගලන්තෙට තාම 30 වෙනිදා රෑ 7.50නෙ.

Happy Birthday Christopher Nolan!

කොහොමින්හරි අවසාන වශයෙන් උපසිරැසියේ පල කිරීමට අවස්ථාව ලබාදුන් Subz.lk වෙබ් අඩවියටත්, මට ලොකු සහයෝගයක් ලබාදුන් හසිත ප්‍රසාද් සහෝදරයටත් බොහොම ස්තූතියි. එහෙනම් උපසිරැසියේ සහ ලිපියෙ අඩුපාඩු සහ චිත්‍රපටය ගැන අදහසත් කමෙන්ට් කරන්න කියල ඉල්ලීමක් කරන ගමන්, සමුගන්නම්.

ජය වේවා!

[2021 අගෝස්තු 3 දින ලිපියත්, උපසිරැසියත්  Update කරන ලදී.]

Direct Download සිංහල උපසිරැසිය ලබා ගන්න
2736 Downloads
Download Links
720P
600 MB TOR
1080P
1.13 MB TOR
Available Torrents
720p bluray 600.68 MB
GET
1080p bluray 1.13 GB
GET
Inuka Wijerathna
4 Movies
0 TV Series
4 Total
SubzLK වෙනුවෙන් Inuka Wijerathna කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (10)
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 92
    2021-07-31

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
    • Inuka Wijerathna New Subtitler
      Windows 10 Chrome 92
      2021-07-31

      කමෙන්ට් එකට ස්තූතියි සහෝදරයා!

  • Rasika Samanjith Admin
    Windows 10 Chrome 92
    2021-07-31

    Niyamai, Bro.

    Reply
    • Inuka Wijerathna New Subtitler
      Windows 10 Chrome 92
      2021-07-31

      කමෙන්ට් එකට බොහොම ස්තූතියි!

  • Shamal Manojan User
    Android 7 Chrome 91
    2021-07-31

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    Martin Scorsese ගේ Silence 2016 ෆිල්ම් එකට උපසිරැසි දෙන්න පුලුවන්ද? Trailer එක බලලා හොඳයි කියා හිතෙනවා නම් සබ් දෙනවද? අමුතු ෆිල්ම් එකක්.

    Reply
    • Inuka Wijerathna New Subtitler
      Windows 10 Chrome 92
      2021-08-01

      කමෙන්ට් එකට ස්තූතියි.
      මෙසේජ් එකක් එව්ව බලන්නකො.

  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 92
    2021-08-01

    තෑන්ක්ස් සබ් එකට සහෝ ලිපිය නම් සුපිරි බලමු ෆිල්ම් එකත් කොහොමද කියල

    Reply
    • Inuka Wijerathna New Subtitler
      Windows 10 Chrome 92
      2021-08-01

      කමෙන්ට් එකට ස්තූතියි.
      හදිස්සියෙ ලියපු නිසා මං ලිපියට එකතු කරන්න බලාපොරොත්තු වුනු දේවල් ටිකක් දාගන්න බැරිවුනා, ඒ ටිකත් දාලා හෙට අනිද්දම ලිපිය Update කරන්න ඕනි.:slight_smile:

  • Lahiru Sandaruwan Expert Subtitler
    Windows 7 Opera 77
    2021-08-02

    ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ෆිල්ම් ගැන කවර කතාද!
    තෑන්ක්ස් සහෝ සබ් එකට. හදිස්සියට තව ටිකෙන් අමතක වෙනවා. ලිපිය නම් මරු.

    Reply
    • Inuka Wijerathna New Subtitler
      Windows 10 Chrome 92
      2021-08-03

      කමෙන්ට් එකට ස්තූතියි!
      සබ් එකේ පොඩි අප්ඩේට් එකක් කරා. අලුත් එක ඩවුන්ලෝඩ් කරගන්න.

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 120
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved