Gemini Man (2019) Sinhala Subtitle

November 17, 2019 Junior Admin
Subtitle by Hasitha Prasad

 

[ BLURAY පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත.WEBrip සඳහා සැකසූ උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත්ය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න]

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන්ට හැමදෙනෙක්ටම අදත්. මේ අරගෙන එන්නෙ අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල තවත් උපසිරැසියක්. මුලින්ම ස්තූතිය ඔහුට. මේ තමයි විල් ස්මිත් රංගන ශිල්පියාගෙ නවතම චිත්‍රපටය වන Gemini Man (2019) චිත්‍රපටය. ක්‍රියාදාම, නාට්‍යමය, විද්‍යා-ප්‍රබන්ධ යන ත්‍රිත්ව වර්ගයට අයත් මෙය ලබා ඇති IMDB අගය 5.7ක්. Rotten Tomatoes අගය 26%ක්. මෙය චීන ග්‍රහණයට නතුවූ හොලිවුඩයේ තවත් එක් අසාර්ථක , කතාවේ හිදැස් සහිත,නිර්මාණයක් විදියටයි මමනම් දකින්නෙ. ඒ නිසා මම හිතන්නෙ වඩාත් සාධාරණ Rotten Tomatoes වෙතින් ලැබී ඇති අගයයි. මෙය අධ්‍යක්ෂණය කරන්නේ තායිවාන ජාතික අධ්‍යක්ෂ ඇන්ග් ලී විසින්. රංගනයෙන් දායක වෙන්නෙ විල් ස්මිත් ( හෙන්රි බ්‍රෝගන්), මේරි එලිසබෙත් වින්ස්ටඩ් ( ඩැනී සැකරෝව්ස්කි), ක්ලයිව් ඕවන් ( ක්ලේ වෙරිස්), බෙනඩික්ට් වොන් ( බැරන්), ඩග්ලස් හොජ් ( ජැක් විලිස්), රැල්ෆ් බ්‍රවුන් ( ඩෙල් පැටර්සන්), ලින්ඩා එමන්ඩ් ( ජැනට් ලැසිටර්), ඊ. ජේ බොනිලා ( මැරීනෝ) ඇතුළු පිරිසක්. දැන් මම චිත්‍රපටයේ කතාවට පොඩි ආරම්භයක් අරගෙන දෙන්නම්.

හෙන්රි බ්‍රෝගන්, DIA නොහොත් ආරක්ෂක බුද්ධි කාර්යාංශයට අනුබද්ධව සේවය කරන ඝාතකයෙක්. මැදිවියට පැමිණ තිබීමද රැකියාවෙන් හෙම්බත්වී සිටීමද නිසා ඔහු තීරණය කරනවා විශ්‍රාම ගන්නට. ඊට පෙර ඔහුට ලැබෙනව දුම්රියක ගමන්ගන්නා තැනැත්තෙක්ව ඝාතනය කිරීමේ නියෝගයක්. එහෙත් ඔහු නොසිතූ ලෙස ඒ හරහා ඇතිවන සිදුවීම් දාමයක් නිසා ඔහුට සිදුවෙනවා තමන් තරම්ම දක්ෂ අභිරහස් ඝාතකයකුගෙන් දිවි ගලවාගන්නට… එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.

 

Available Torrents
3D bluray 2.08 GB
720p bluray 1.03 GB
1080p bluray 1.84 GB
2160p bluray 5.53 GB
720p web 1.01 GB
1080p web 1.83 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (16)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 78

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Request :
    Primal (2019)
    The Farewell (2019)
    Adopt a Highway (2019)
    Luce (2019)
    Rattlesnake (2019)

  • madawa mihiranga Unregistered
    Windows 7 Chrome 78

    sub ekta thanks

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 78

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  • Mithun Unregistered
    Android 8 Chrome 76

    මෙකට උපසිරස දපු එක නම් වටිනව , එකත් හසිතගෙන් 🌟🌟🌟🌟🌟. WeBRip එක එනකල් මෙ ඉන්නෙ. . හැබැයි මෙක HEVC-PSA සාම්පල් කොලිටි එක මන් බැලුව සුපිරි කොලිටි.. WEB එක එනකල් ඉන්නව බොහොම ස්තුතියි සහෝ උපසිරසියට 🌟🌟🌟🌟🌟❤❤❤

    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 70

      UPDATED 😉 . 5.6 gb CMRG 1080 P කොපි එක හොඳටම හොඳයි.

    • mithun Unregistered
      Android 8 Chrome 76

      WEBRip එක ආව …

    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 70

      ඒකට තමයි මිතුන් අප්ඩේට් කරල තියෙන්නෙ.

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    Update එකට බොහොම ස්තුතියි බ්‍රෝ ❤👍.. Bluray ආවමත් සබ් එකට update එකක් දෙන්න 😉..
    ජය වේවා.!

    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 71

      UPDATED TO BLURAY.

  • Bawantha Madushan Jayasooriya Expert Subtitler
    Windows 10 Opera 63

    සබ් එකට ස්තූතියි සහෝ.

  • charith Unregistered
    Windows 10 Chrome 78

    tnx bro sub ekata

  • Kesh Unregistered
    Android 9 UC Browser 12.13

    Bluray koo

  • Kesh Unregistered
    Android 9 UC Browser 12.13

    Bluray awilla

    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 71

      අප්ඩේට් කලා.

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 80

    sub ekata thanks saho

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search