ආයුබෝවන් අදත් අපේ හිතවතුන් හැම කෙනෙක්ටම.කොහොමද ඉතිං කියල අහන්න දෙයක් නෑනෙ මේ දවස්වලනං මොකද අපි හැමෝම ඉන්න බොහොම සතුටින්. ඒ සෑහෙන කාලෙකට පස්සෙ ඇඟට හිතට දැනෙන ක්‍රිකට් තරඟ ජයක් ලබන්න අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්වීම.ඒ සතුට තවත් වැඩියි පරාජය වුණේ ඉන්දීය කණ්ඩායම නිසා.ඉතින් අපේ කණ්ඩායමට සුභ පතන ගමන් අද මේ ඕගොල්ලන්ට අරගෙන එන්නෙත් ඒ ඉන්දියාවෙම නිර්මාණය කල චිත්‍රපටයක්.අපි හැමෝම සිනාවෙන් පුරවපු Golmaal Fun unlimited (2006), Golmaal Returnes (2008), Golmaal 3 (2010) යන චිත්‍රපට ත්‍රිත්වයේ සිව්වැනි නිර්මාණය.මේ තමයි Golmaal Again (2017).පෙර චිත්‍රපට තුනේ වගේම මේකෙත් අධ්‍යක්ෂණය රෝහිත් ශෙට්ටිගෙන්.හැබැයි පෙර චිත්‍රපට වගේ මේක තනිකරම විකට චිත්‍රපටයක් නෙමෙයි හොරර් ඝනයටත් අයිතියි, ඒ වගේම මේ රෝහිත් ශෙට්ටිගෙ පළමු හොරර් නිර්මාණය.Imdb අගයනම් 5.2ක් තමයි ලබල තියෙන්නෙ.කොහොමවුණත් බොහොම විනෝදෙන් බලන්න පුළුවන් චිත්‍රපටයක්.රංගනය පැත්තෙන් ගත්තොත් පෙර නිර්මාණවලත් සිටි අජේ දේවගන්, තුෂාර් කපූර්, අර්ෂාඩ් වර්සි එහෙම මේකෙත් ඉන්නවා.හැබැයි කරීනා කපූර්ටනම් මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබිල නෑ.ඇය ඒ වනවිට ගර්භනීව සිටීම හේතුවෙන්.ඇය වෙනුවට චිත්‍රපටයට සම්බන්ධ වෙන්නෙ පරිනීති චොප්රා.ඒ වගේම තාබුත් මෙහි චරිතයක් රඟදක්වනවා.කාලෙකට ඉහත හින්දි සිනමා වීරයන් අතරෙ හිටි වෙනස්ම වීරයෙකුත් හඬෙන් හා සුළු චරිතයකින් දායක වෙනව මේකට.එයා වෙනුවට තෝරගෙන ඉඳල තියෙන්නෙ සංජේ දත්ව.හැබැයි ඉතින් මේ චිත්‍රපටය පැවසූකාලයට වඩා ගොඩක් ප්‍රමාද වුණ නිසා ඒ චරිතය පෙරකී කෙනාට ලැබිල තියනව.ඒ හින්දද මන්ද එක තැනකදි පොඩියට සංජේව මතක් කරලත් තියනවා.දැන් යමු නේද කතාව පැත්තට…
මෙන්න මෙහෙමයි කතාව…ගෝපාල්, මාධව්, ලකී, ලක්ෂ්මන්ල දෙන්න පොඩිකාලෙ හැදෙන්නෙ වැඩෙන්නෙ ජම්නාදාස් ලමා නිවාසය නම් ලමා නිවාසයක.මේ කට්ටිය අතරෙ ඉතින් රණ්ඩුවල එහෙම අඩුවක් නෑ.කොහොමින්හරි දවසක මේ පස්දෙනාට හම්බවෙනවා පුංචි අමුත්තියක්.එයින් පස්සෙ දෛවයේ සරදමකින් මේ අමුත්තියගෙන් වෙන්වෙලා යන මේ අය ආයිත් හම්බවෙන්නේ ජම්නාදාස් ළමා නිවාසයෙන්මයි ඒ සෑහෙන කාලයකට පස්සෙ.එහෙනම් ඊට වඩා ෆිල්ම් එක ගැන කියල ඕගොල්ලන්ගෙ රස වින්දනයට බාධා නොකර මම මෙතනින් නවතින්නම්.හමුවෙමු ආයිත් දවසක තවත් උපසිරැසියකින්…
- විශේෂ ස්තූතිය කවීෂ සහෝදරයා හට.
- පිටපත :- 1.29GB DVDRip එකක්.ඒ නිසා පිටපතේ කියන්න තරම් වරදක් නෑ.
සිංහල උපසිරැස Download කරගන්න 8335 times
IMDB
User Rating
උපසිරැසියට ස්තූතියි සහෝදරයා..??100 කඩයිමටත් ලංවෙලා නේද ඉන්නේ..ඒකටත් පට්ටම ෆිලුමකට සබ කරමු…??(Spanish එකක් වගේ…?)ඔබට ජය..??
බොහොම ස්තූතියි, සුමින්ද ඔව්, ඔව් 100 අත ලඟයි. ඔන්න ස්පැනිෂ් එකකුයි, ඉරාන් එකකුයි දෙකක්ම එවල තියෙන්නෙ. දෙකම සුපිරි ෆිල්ම්.
පට්ටම ෆිලුමක් ගෙනල්ල තියෙන්නෙ.?
තව 4යි ඔහොම යමූ?
උපසිරැසියට තුති සහෝදරයා ?
ඔබට ජය???
බොහොම ස්තුතියි, පසිඳු
යේ! යේ! තෑන්ක්ස් සහෝ සබ් එකට.
තව හතරක් ගැහුව ගමන් ඊළඟ කඩයිමත් හරි.
ජයවේවා!
බොහොම ස්තූතියි, ළහිරු ඒ හතරෙනුත් දෙකක්ම යැව්ව ඔන්න අද .
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
බොහොම ස්තූතියි, Kantha
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.
බොහොමත්ම ස්තූතියි, Sumed
අනම්මනං විකාර නැති කමඩියක් .ස්තුති හසිත සහො
අවංකවම ඔව්, සෑම්. ඕනවට වඩා හොරර් නොකර, ඕනවට වඩා කොමඩිත් නොකර ගාණට හදල තියනවා.
ප්‍රතිචාරයට බොහොම ස්තූතියි, මිත්‍රයා
මම එතින් කොහොමත් හින්දි ෆිල්ම් පිස්සෙක් නේ …මේකේ සින්දු ටික සුපිරි …කියලා වැඩක් නැහැ ..ෆිල්ම් එක එතින් ආයි අහන්න දෙයක් නැහැ නේ …එල කිරි කියලා දන්නවනේ.
.හසිත ගේ උපසිරැස ගැන එතින් මම වෙනම කියන්න ඕන නැහැ නේ …subz lk ඉන්න හොදම උපසිරැස් කරු …දිගටම කරගෙන යන්න සහෝ …
බොහොම ස්තූතියි, දමිත්
Thanks…..Supiri….Jaya wewa!!!
Golmaal 4 2016 theligu film 1e sub danna