Gringo (2018) Sinhala Subtitle
ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ හදන්නෙ අපේ සුමින්ද සහෝදරයගෙ ඉල්ලීමක් ඉෂ්ට කරන්නයි. චිත්‍රපටය තමයි මේ වසරේ තිරගතවුණ Gringo (ඇමරිකානුවා) . ඉතින් සුමින්ද සහෝදරයට ස්තූතියි ඒ වෙනුවෙන්. ග්‍රින්ගෝ (Gringo) කියන වචනෙ භාවිතා වෙන්නෙ ස්පාඤ්ඤ භාෂාව කතා කරන රටවලයි, ඒ ස්පාඤ්ඤ හෝ ලතින් නොවන අයෙක්, වැඩිපුරම ඇමරිකානුවෙක්ව පොදුවේ හඳුන්වන්නයි. මේ චිත්‍රපටයත් එවන් ලතින් රටක් සම්බන්ධයි, ඒ තමයි මෙක්සිකෝව. මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Action, Comedy, Crime කියන වර්ගයට. හැබැයි ඩාක් කොමඩියක් කිව්වොත් තමයි හරි. Imdb අගය 6.1කුත් Rotten tomatos අගය 40%කුත් ගූගල් පරිශීලක ප්‍රසාදය 73%කුත් ලබා ඇති මෙය මැතිව් ස්ටෝන්ගේ කතාවක් ඇසුරින් ඔහුගේම සහ ඇන්තනි ටැම්බකිස්ගේ තිර රචනයෙන් නෑෂ් එඩ්ගාටන්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූවක්. රංගනයෙන් දායක වෙන්නෙ ජොයෙල් එඩ්ගාටන් ( රිචඩ් රස්ක්), චාලීස් තෙරෝන් ( එලේන් මාකින්සන්), ඩේවිඩ් ඔයෙලෝවෝ ( හැරල්ඩ් සොයින්කා) , තැන්ඩී නිව්ටන් ( බොනී සොයින්කා), බෂීර් සලාහුදීන් ( ස්ටුවර්ට් ), මෙලනි ඩයස් (මියා), ඇමැන්ඩා සීෆීල්ඩ් ( සනී) , හැරී ත්‍රෙඩවේ ( මයිල්ස්), පැරිස් ජැක්සන් ( නෙලී), යුල් වැස්කෙස් ( ඒන්ජල්) ,හර්නන් මෙන්ඩෝසා ( සෙලරීනෝ සැන්චෙස්), කාලෝස් කොරෝනා ( විලේගාස්/ කළු දිවියා) වගේ නළු නිළි පිරිසක්. මෙයින් අධ්‍යක්ෂක නෑෂ් එඩ්ගාටන්කියන්නෙ මෙහි උප ප්‍රධාන චරිතය නිරූපණය කරන ජොයෙල් එඩ්ගාටන්ගේ සොහොයුරා. ඒ වගේම පැරිස් ජැක්සන් (නෙලී ) කියන්නෙ පොප් රජු මයිකල් ජැක්සන්ගේ දියණිය, මේ ඇගේ පළමු සිනමා චරිතය. ඇතිනේ දැන් අපි යමු කතාව පැත්තට…
හැරල්ඩ් සොයින්කා කියන්නෙ ඇමරිකානු ඖෂධ සමාගමක කළමනාකාර මට්ටමේ තනතුරක් දරන නයිජීරියානු ජාතිකයෙක්. තම බිරිඳ වන බොනීත් සමගම ඇමරිකාවේම ජීවත්වන ඔහු තමා සේවය කරන සමාගමේ ප්‍රධානී රිචඩ් රස්ක්ගේ පෞද්ගලික මිතුරෙක්. මෙක්සිකෝවේ පිහිටා ඇති සමාගමට හිමි ඖෂධ නිෂ්පාදනාගරයක කටයුතු බලන්නෙත්
මේ සොයින්කාමයි. මේ වනවිට කොහොමහරි හැරල්ඩ් ඉන්නෙ ලොකු මූල්‍යමය ගැටළු ගොඩකට මැදිවෙලා, ඒ කරදර අස්සෙ හැරල්ඩ්ට ආරංචියක් ලැබෙනව තමා සේවය කරන ඖෂධ සමාගම වෙනත් ආයතනයක් සමග ඒකාබද්ධවීමට යන බවත්, එයින් තම රැකියාව අනතුරේ බවත්…එතනින් එහාට ඔයගොල්ලන්ට බාරයි, එහෙනම් මම ගිහින් එන්නම්, තවත් උපසිරැසියකින් හමුවෙමු ලඟදිම.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
thanxxxx
ස්තුතියි සහෝ..
උපසිරැසියට ගොඩක් ස්තුතියි… ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
බොහොම ස්තූතියි සහෝ
Denakan balan idiye bohoma istuti
tnx fatta
Thanks hasita sahoBluray ekakut thiyana eka gnnawaOya gana ewa balanawa okkama ❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි සහො උපසිරැසිය දුන්නට.. ඇත්තටම ගොඩක් පරක්කු වුණා මේකට කමෙන්ට් එකක් දාන්න.. එකට සමාවෙන්න ඕනෙ.. පහුගිය දවස් වල ගොඩක් කර්‍යබහුල වෙලා හිටියේ.. 😍💛✌️
ආ…ඒකට කමක් නෑ, මල්ලි 😉
Ela saho thanks
තැන්ක්ස් බ්‍රෝ 💪
ස්තූතියි සහෝ