Jo Pil-ho: The Dawning Rage (2019) Sinhala Subtitle
ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මම හිතන්නෙ සති දෙකක විතර කාලෙකින් උපසිරැසියක් ඔබ වෙත අරගෙන එන්න බැරිවුණා තියන වැඩකටයුතුත් එක්ක. ඒත් කොහොමහරි කාලය හොයාගෙන මේ වතාවෙ ඔබවෙත අරගෙන ආවෙ මේ වසරේ NETFLIX හරහා නිකුත්වූ දකුණු කොරියානු චිත්‍රපටයක සිංහල උපසිරැසිය. මේ චිත්‍රපටය නමින් Jo Pil-ho: The Dawning Rage (2019) නොහොත් Bad Police . පැය දෙකකුත් මිනිත්තු හතක ධාවන කාලයකින් යුත් දූෂිත පොලිස් නිලධාරියෙකුගේ ජීවිතයම වෙනස් කරන සිදුවීමක් ඇතුලත් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ තිර රචනය ජියොන් -බියොම් ලී ගෙන්. මෙය මේ වනවිට Imdb සිනමා දර්ශකයේ 6.2ක අගයක්ද, ගූගල් පරිශීලකයන් 85%කගේ ප්‍රසාදයද දිනා තිබෙනවා. දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට…
ජෝ පිල්-හෝ කියන්නෙ දකුණු කොරියානු පොලිස් නිලධාරියෙක්. ඉතාම දූෂිත පොලිස් නිලධාරියෙක් කියල කිව්වොත් තමයි නිවැරදි. ඉතින් ඔහු බොහොම අයථා ක්‍රම මගින් මුදල් උපයනවා හැමවිටම. ඒ හැන් ගී-චුල් නම් තවත් තරුණ අපරාධකරුවෙක් සමග එකතුව. දවසක් මේ වගේ වැඩකට යන වෙලාවක සිදුවන සිදුවීමකින් තමන්ටත් වඩා දූෂිත සමාජ ස්ථරයක උගුලකට හසුවන ජෝ පිල් හෝගේ ජීවිතය උඩු යටිකුරු වෙනවා ඉතාම ඉක්මනින්. එහෙනම් මම හිතන්නෙ මේ චිත්‍රපටය ගැන මීට වඩා කියන්න දෙයක් නෑ. නරඹලම චිත්‍රපටයෙ කතාව දැනගන්න එකයි වඩාත්ම හොඳ. ඒ වගේම කියන්න ඕනෙ මේක වැඩිහිටි පාර්ශවය පමණක් නරඹනවනම් වඩාත් සුදුසුයි කියලත් කියන්න ඕනෙ.එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින්.
උපසිරැසිය BLURAY පිටපත් සඳහා වන අතර WEB පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත් සඳහා සැකසූ උපසිරැසියක්ද උසිරැසි ගොණුව තුල ඇතුලත්ය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.
Thanks …..
Sthuthi brooo sub ekata…
THANX FOR SUB
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Request :
Birds of Passage (2018)
The Professor (2018)
සබ් එක ලබාදුන්නට බොහොම ස්තුතියි සහෝ!!
ගොඩක් අසාවෙන් උන්නෙ අයෙමත් හොද කොරියන් මුවී එකක් බලන්න 😍❤
තැන්ක්ස් , බලලම කියන්නම්කො..
😉 බොහොම ස්තූතියි, මිතුන්.
ela..ela..
Film eka baluwa.katawa supiri. Thanks brother.
බොහොම ස්තූතියි සහෝ
sub eka downlord wenne ne
ආයිත් ට්‍රයි කරල බලන්න. මටනං ඩවුන්ලෝඩ් වෙනවා.
Captive State (2019) 720p BRRip 1GB හොද මුවි එකක් වගේ
niayamai brooo
thanx niyamai