Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies
    • Canadian Movies
    • Chinese Movies
    • Denmark Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Iran Movies
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Norwegian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telagu Movies
    • Thai Movies
    • Ukrainian Movies
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න
Profile
අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
FB Group
Subz.LK
Today Top 10
Sniper. The White Raven (2022) Sinhala Subtitle

Prey (2022) Sinhala Subtitle

AVP: Alien vs. Predator (2004) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala Subtitle

Harry Potter and the Half-Blood Prince (2009) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitle

Cannibal Holocaust (1980) Sinhala Subtitle

John Wick: Chapter 2 (2017) Sinhala Subtitle

AVP2: Aliens vs. Predator 2 – Requiem (2008) Sinhala Subtitle

Beast (2022) Sinhala Subtitle

ads
  • Home
  • Movies
  • English Movies
  • Joker (2019) Sinhala Subtitle
Joker (2019) Sinhala Subtitle
MOVIE

Hasitha Prasad 2019-11-08 / 07:08 AM

 

[ BLURAY පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත.WEB පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට සැකසූ උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත් කර ඇත. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න ]

Joker (2019)

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ DC හි නවතම චිත්‍රපටයේ උපසිරැසි අරගෙනයි ඔබ වෙත එන්නෙ. මුලින්ම ස්තූතිය මෙහි උපසිරැසිය මාහට බාරදුන් අපේ කවීෂ සහෝදරයාට. එහෙනම් මේ තමයි Joker (2019) චිත්‍රපටයේ සිංහල උපසිරැසි. බොහෝ දෙනෙක් මෙය එනතෙක් ඉවසිල්ලක් නැතුවයි හිටියෙ. ඊට ප්‍රධානම හේතුව තමයි ක්‍රිස්ටෝපර් නෝලන් මහතාගෙ අතිශය ජනප්‍රිය Batman/Dark knight Trilogyහි ජෝකර්ට පණපෙවූ ඕස්ට්‍රේලියානු ජාතික නැසීගිය හීත් ලෙජර් රංගන ශිල්පියා සහ මෙවර ජෝකර්ට පණ පොවන රංගන ශිල්පී හ්(වො)කින් ෆීනික්ස් යන දෙදෙනාව සංසන්දනය කර බැලීමට තිබූ දැඩි වුවමනාව.

හ්(වො)කින් සහ ලෙජර්

හීත් ලෙජර් 

මොකද කිව්වොත් සිනමා ලෝලීන් තුල තිබුණ (මා තුල පවා) දැඩි මතයක් තමයි හීත් ලෙජර් තරමට ජෝකර්ට පණපෙවිය හැකි වෙනත් කිසිදු නළුවෙකු යලි කිසිදාක බිහිවෙනු නැති බව. එහි වරදකුත් නැත්තේ ඔහු එම චරිතය බැට්මෑන්ටත් වඩා ජනප්‍රිය කිරීමට දායක වීම නිසා (සිනමා ඉතිහාසයේ මම හිතන්නෙ වීරයා අභිබවමින් දුෂ්ටයා ජනප්‍රිය වුණ එකම අවස්ථාව මෙය වෙන්න ඇති), එසේම 2008 වසරේ The Dark Knight හි ජෝකර් ලෙස පෑ අති විශිෂ්ට රංගනය හේතුවෙන් හොඳම සහය නළුවාට හිමි ඔස්කා සම්මානයද ලබාගන්නටත් හීත් ලෙජර් සමත්කම් දැක්වූ නමුත් එය තම දෑතට ගන්නට ඔහුට වරම් ලැබුණේ නෑ. ඉතාම අවාසනාවන්ත ලෙස, ඒ 2008 වසරේ ජනවාරි 22 දින ඔහු මියයාම හේතුවෙන්. එවිට ඔහුගේ වයස යම්තම් අවුරුදු 28ක්.

හ්(වො)කින් ෆීනික්ස්

කෙසේ හෝ මෙවර ජෝකර්ට පණ පොවන ප්වොටෝ-රීකෝහි උපන් ඇමරිකානු නළු හ්(වො)කින් ෆීනික්ස් රංගන ශිල්පියාත් හීත් ලෙජර්ට නොදෙවෙනි ඉතාම දක්ෂ අයෙක්. Gladiator (2000) චිත්‍රපටයේ කොමොඩස්ගේ චරිතයට අති සාර්ථක ලෙස පණ පොවමින් එම වසරේ හොඳම සහය නළුවාට හිමි ඔස්කා සම්මානයට පවා නිර්දේශවීමට සමත්වුණා (සම්පූර්ණ වාර ගණන 3ක්). මෙවර ඔහු ජෝකර් චරිතයට පණ පෙවීමත් සමග එය ඔහු කොමික් චරිතයක් ඇසුරින් නිමවුණු චිත්‍රපටයකට දායක වන පළමු අවස්ථාව (කෙසේ වෙතත් 2016 වසරේ තිරගතවූ Suicide Squad චිත්‍රපටයේදී ජෝකර්ට පණ පෙවූ ජෙරඩ් ලෙටො නම් තම නොසතුට දැඩිව පළකර තිබුණා ඔහු වෙනුවට හ්(වො)කින් ෆීනික්ස්ව මෙම චිත්‍රපටයට තෝරාගැනීම පිලිබඳ). මින් පෙර ඔහුට ඩොක්ට ස්ට්‍රේන්ජ් සහ බෲස්බැනර්/ හල්ක් චරිතවලට දායක වීමේ අවස්ථාව මාවල් සිනමා වෙතින් ඉදිරිපත් කර තිබූ නමුත් ඔහු එය බාරගෙන තිබුණේ නෑ බහු-චිත්‍රපට ගිවිසුමකට (Multi- Picture Deal) අත්සන් කිරීමට තමන් අකමැති බව ප්‍රකාශ කරමින්. අවසානයේ එම චරිත ලැබෙන්නේ බෙනඩික්ට් කම්බර්බැච්ට සහ මාක් රෆලෝටයි. නිර්මාණකරුවන් කීප තැනකදී ප්‍රකාශ කර ඇති ලෙසම එය යම් ඉඟියක් මෙය DC එක්ස්ටෙන්ඩඩ් යුනිවර්ස් එකට සම්බන්ධ නැති ජෝකර් වෙනුවෙන්ම වෙන්වූ (Standalone) චිත්‍රපටයක් බවත්, ඉදිරියේ පැමිණීමට නියමිත රොබට් පැටින්සන් රඟන බැට්මෑන් චරිතය ඇතුලත් නිර්මාණවලට කිසිදු ලෙසකින් මේ හ්(වො)කින් ෆීනික්ස්ගේ ජෝකර් චරිතය අදාල නොවනු ඇති බවටත්. මේ නිසාම ඔබ බැට්මෑන් සම්බන්ධ මින් පෙර කිසිදු චිත්‍රපටයක් නරඹා නොතිබීම බාධාවක් වන්නේ නෑ මේ Joker (2019) නරඹන්නට. අනිත් කාරණය මෙය පෙර ජෝකර් චරිතවලින් බොහෝ වෙනස්. ඒක එහෙම වුණත් මේ නව ජෝකර් චිත්‍රපටය තම කතාවට බොහෝ දේ උකහා ගන්නවා ඇලන් මූර් විසින් 1988 වසරේ පළකල Batman : The killing Joke චිත්‍රකථාමය නවකතාව (Graphic novel) තුලින්. ඒ නිසා අපි ඒ ගැන ටිකක් බලමු. එය උදව්වක් වේවි චිත්‍රපටය නැරඹීමෙදි.

මේ කතාව තුල ජෝකර්ගේ සැබෑ නමක් සඳහන් වන්නේ නෑ. ජෝකර් වන්නට පෙර ඔහු වෘතියෙන් ඉංජිනේරුවරයෙක්, ප්‍රහසන කථිකයෙකු වන අදිටනින් ඔහු රසායන ද්‍රව්‍ය සමාගමක (Ace Chemical Processing.inc) තමන් කල රැකියාවෙන් ඉවත්වයි ඉන්නෙ (ප්‍රහසන කථිකයන් (Stand-up comedian) යනු යම් විශේෂ උත්සව අවස්ථා, සමාජ ශාලා ආදියට පැමිණ රංගනයකින් තොරව හාස්‍ය රසය ගැබ්වූ කතා පවත්වන්නන්. අපේ රටෙන් මෙයට ගත හැකි හොඳම ගැලපෙනම උදාහරණය චූටි මල්ලි- පොඩි මල්ලි යුගලය)

ඉංජිනේරුවරයා හා ගැබිණි බිරිඳ 

කෙසේ හෝ එය අසාර්ථක කරගන්නා මෙම ඉංජිනේරුවරයා රැකියාවක්ද නැති කමින් ඉතා අසීරු අඩියකට වැටෙනවා. තම ගැබිණි බිරිඳ රක්ෂා කිරීමට මුදල් ඉපැයීමට මගක් නැති තැන ඔහු අපරාධ ජීවිතයකට හැරෙන්නේ-තමන් පෙර සේවය කල රසායනික ද්‍රව්‍ය සමාගමට සොරෙන් ඇතුල්වීමට පාතාල කල්ලිකරුවන් පිරිසකට සහය වෙමින් සිටිනවා. එම සොරකම් සැලසුම් කරමින් සිටින අතරතුර පොලීසිය හරහා ඔහුට දැනගන්නට ලැබෙනවා තම බිරිඳ ඛේදජනක අනතුරකින් මියගොස් ඇති බව. එහෙත් සොරකම සැලසුම් කිරීම දිගටම කරගෙන යන ලෙස පෙරකී පාතාල කල්ලිය ඔහුට බල කරනවා. තම අනන්‍යතාවය සැඟවීමට ඔහු The Red Hood බවට පත්වෙන්නේ මෙතනදී.

රෙඩ් හුඩ් දමාගත් ඉංජිනේරුවරයා

දමාගත් ඉංජිනේරුවරයාකෙසේ හෝ සොරකම සිදුකරන අතරතුරදී එය ව්‍යර්ථ කිරීමට බැට්මෑන් පැමිණීමත් සමග රසායනික ද්‍රව්‍ය පිරවූ වලකට පනින්නට ඔහුට සිදුවෙනවා ඔහුගෙන් ගැලවීමට.

එම අවස්ථාව

වලේ තිබූ රසායනික ද්‍රව්‍ය නිසා ඔහුගේ සිරුර විරූපී වෙනවා මෙන්න මේ විදියට.

මේ විපතත්, තම බිරිඳ සහ පුත්‍රයා මියයාමේ ශෝකයත් යන දෙකම ඔහුව ක්ෂණයකින් උන්මත්තකයෙක් බවට පත් කරනවා. අපි දන්නා ජෝකර්ගේ උපත සිද්ධවෙන්නෙ ඒ විදියට. එක් දිනයක සිදුවීම් නිසා උන්මත්තකයෙක් බවට පත්වීම නොහොත් ඇලන් මූර් විසින් හඳුන්වාදුන් ජෝකර්ගේ ජනප්‍රිය ‘One bad day’ සංකල්පයේ ආරම්භයයි මේ (Joker 2019 චිත්‍රපටය තුලත් මෙය දකින්නට ලැබෙයි ඔබට). මේ කාරණය නිසා ජෝකර්ගේ අරමුණ බැට්මෑන් ඇතුළු තම විරුද්ධවාදීන්ට පෙන්වීම ඔවුන්ගේ ජීවිතද උන්මත්තක තත්වයට පත්වීමට එකම එක් දිනයක් මෙපිටින් බව.

එම නිර්මාණයෙන් අනුප්‍රාණය ලබන මෙවර Joker චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ ටොඩ් ෆිලිප්ස් අධ්‍යක්ෂවරයා අතින්. එසේම තිර රචනයේ සම දායකත්වයත් ඔහු සතුයි ස්කොට් සිල්වර් සමගින්. මේ වනවිට සම්මාන 5කට නිර්දේශව එයින් 3ක් තමන් සතුකරගෙන ඇති මේ චිත්‍රපටය IMDB වෙතින් 8.8 ක අගයක් දිනාගෙන, එහි හොඳම ලිත්‍රපට 250 ලැයිස්තුවේ 16 වන ස්ථානය හොබවන්නත් මේ වනවිට සමත්කම් දක්වා තිබෙනවා. Rotten Tomatoes වෙතින්නම් 69% ක අගයක් තමයි මෙය ලබා තිබෙන්නේ. එසේම මෙටාක්‍රිටික් වෙතින් 59%ක අගයක් ලබාගෙන තිබෙනවා. කෙසේ හෝ චිත්‍රපටය තිරගත වන්නට පෙර තිර පිටපත අන්තර්ජාලයට එක්කර තිබුණා යමෙකු විසින්. එහෙත් එය ඒතරම් ගණනකට නොගත් ටොඩ් ෆිලිප්ස් පැවසුවේ එය මුල් තිර පිටපත බවත්, චිත්‍රපටය එයට හාත්පසින්ම වෙනස් බවත්, එය කියවා සිනමා ශාලාවට ගොඩවෙන ප්‍රේක්ෂකයාව පවා පුදුම කරන්නට තරම් දේ චිත්‍රපටය තුල ඇති බවත්. එම තිර පිටපත බැලුවහම ඇත්තටම චිත්‍රපටය සැලකියුතු ආකාරයෙන් වෙනස් බවත් දැකගන්න පුළුවන්. ඒ වගේම මෙය තිරගත වන්නට පෙර සිටම ප්‍රශංසා මල් මෙන්ම විවේචනද ගල්මුල්ද දැඩි ලෙස ලබාගන්නට සමත්වුණා මෙහි ඇති අතිශය ප්‍රචණ්ඩකාරී ස්වභාවය වැඩි බවත්, දුෂ්ටයා දෙස සානුකම්පිතව බැලීමට පොලඹවන බවටත් චෝදනා කරමින්. ඊටත් වඩා විවේචනයට බඳුන්වූ කාරණය වූයේ මෙහි එන සුවිශේෂම දර්ශනයක් වන පඩිපෙලක කරන නර්තන දර්ශණයේ පසුබිම් සංගීතය ලෙස යොදාගෙන තිබෙන ගැරී ග්ලිටර් ගායකයාගේ Rock and Roll Part 2 නම් ගීතය. ඊට හේතුව ඔහු ලමා අපයෝජන චෝදනාවලට කීපවරක්ම වරදකරුව සිර දඬුවම් විඳ තිබීම. කෙසේ වෙතත් ඒ වනවිටත් එම ගීතයේ සියලු අයිතීන් ඔහු විසින් Snapper Music නම් සමාගමකට විකුණා තිබීමත්, ඔවුන් මේ ගීතය චිත්‍රපටයට ලබාදීමෙන් ලැබෙන මුදලින් ගැරීට ලැබිය යුතු කොටස ලබානොදෙන බවත්, ගැරී සමග තම සමාගමේ කිසිදු සම්බන්ධයක් නැති බවත් ප්‍රකාශ කිරීමත් නිසා මේ ප්‍රශ්ණය ඒතරම් දුරදිග ගියේ නෑ.

ජෝකර්ට පණ පොවන හ්(වො)කින් ෆීනික්ස් SFX සඟරාවට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී එයට පිලිතුරු වශයෙන් පවසා තිබුණේ ජොකර් චිත්‍රපටය තුල ඇවෙන්ජර්ස් වැනි මාවල් චිත්‍රපට මාලාවලට වඩා ප්‍රචණ්ඩත්වය සිතට දැනෙන ලෙස, යථාරූපීව ඉදිරිපත් කර ඇති බව තමන් පිලිගන්නා නමුත් එයට පණ පෙවීමට තමාගෙ කිසිදු දෙගිඩියාවක් නොතිබූ බවයි. එසේම යම් චිත්‍රපටවල 40,000ක පිරිසක් මරාදැමුවද ප්‍රේක්ෂකයාට එය ඒතරම් නොදැනෙන බවත්, මේවා ප්‍රබන්ධමය ලෝක තුල දිවෙන කතා නිසා ප්‍රේක්ෂකයා සතුටු ප්‍රචණ්ඩත්වය සිතට දැනෙන ලෙස අත්විඳීමට බවත් ඔහු පවසා තිබුණා. ටොඩ් ෆිලිප්ස් පවසා තිබුණා ජෝන් වික් 3 වැනි අති ප්‍රචණ්ඩකාරී චිත්‍රපටයක් පවා කිසිදු අපහසුවකින් තොරව නැරඹිය හැකි බවත්, තම චිත්‍රපටය තුලින් දිස්වන්නේ ඉතා සෙමින් ගොඩනැගෙන ප්‍රචණ්ඩත්වයක් බැවින් එය ඉතා තදින් සිතට දැනෙන බවත්. සිනමාව නිතරම සමාජය පිලිඹිබු කරන්නේ වුවත්, එහි ක්‍රියාකාරකම් යමෙක් යම් තත්වයකට හැඩගස්වන ආකාරය නොපෙන්වන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණා. ඔවුන්ගේ ඒ උත්සාහයන් අති සාර්ථක බව වැටහෙන්නේ අනෙකුත් සුපිරිවීර චරිත ඇතුලත් සිනමා නිර්මාණ හා සසඳද්දී ඉතාම සුළු පිරිවැයක් වන ඩොලර් මිලියන 55ක් වැනි මුදලක් වියදම් කරමින් නිර්මාණය වන මේ ජෝකර් චිත්‍රපටය මේ වනවිට ඩොලර් බිලියනයක ආදායම් සීමාව ඉක්මවා තිබීමෙන්. ඒ අනුව මෙය තමයි එම ආදායම් සීමාව පසුකල පලමු R වර්ගීකරණයට (Restricted ) අයත් චිත්‍රපටය වනවා, ඒ Deadpool, Logan,The Matrix Reloaded වැනි දැවැන්ත නිර්මාණ අභිබවා යමින්. මෙය ඔවුන්ගේ දෙවන R වර්ගීකරණයට අයත් චිත්‍රපටය, ඒ මීට දස වසරකට පෙර තිරගතවූ Watchmen (2009) චිත්‍රපටයට පසුව. මුලදී වෝනර් බ්‍රදර්ස් සමාගම එකඟවෙලා නෑ මේ ප්‍රචණ්ඩකාරී R වර්ගීකරණයේ ජෝකර්ව සිනමාවට ගෙන ඒමට. ඊට හේතුව විදියට ඔවුන් පෙන්වා දී තිබෙන්නේ නව යෞවන පිරිස ඉලක්ක කරගනිමින් කරන නිර්මාණයකින් මීට වඩා ආදායමක් ලැබිය හැකි බව. අවසානයේ ටොඩ් ෆිලිප්ස්ගේ පෙරැත්තය නිසාත්, ඔහු ඉදිරිපත් කල ඉතා අඩු පිරිවැය ඇස්තමේන්තුව නිසාත් තමයි වෝනර් බ්‍රදර්ස් සමාගම මෙයට එකඟවී තිබෙන්නේ.

චිත්‍රපටය තුල කිසිදු තැනක සෘජුව සඳහන් නැතත් තිර පිටපතේ සඳහන් වනවා මෙහි එන කාලය 1981 වසර බව. චිත්‍රපටයේ අවසාන භාගයේදී එක්තැනක අපට දකින්නට ලැබෙනවා Zorro The Gay Blade සහ Blow out යන චිත්‍රපට ප්‍රදර්ශනය වන සිනමා ශාලාවක්, ඒවා තිරගත වී ඇත්තේ 1981 වසරේදී නිසා අපිට වසර එය බව අනුමාන කල හැකියි. එසේම මෙහි එන තාක්ෂණික උපකරණ, යාන වාහන ආදිය අනුවත් කාල සමය අනුමාන කල හැකියි. දැන් අපි යමු කතාව පැත්තට…

අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ, කතාව දිවෙන්නෙ ගොතම් නගරෙ. ආතර් ෆ්ලෙක් කියන්නෙ විවිධ උත්සවලට, ප්‍රචාරක කටයුතුවලට විකටයන් සපයන ආයතනයක විකටයෙක් ලෙස සේවය කරන්නෙක්. එහෙම වුණත් ඔහුගේ අරමුණ ප්‍රහසන කථික ශිල්පියෙක් වීමයි. ඔහුගේ මව ඔහුට කියා තිබෙන්නේ ඔහු මේ අඳුරු ලෝකයට සිනහව සතුට ගෙන එන්නට උපන් අයෙක් බවයි, මෙයත් ඔහුගේ මේ බලාපොරොත්තුවට ලොකු හේතුවක්. එහෙත් ඔහුගේ මේ අනාගත බලාපොරොත්තුවට බාධක බොහොමයි, එකක් එම කාලවකවානුවේ ගොතම් නගරය පුරා පවතින ගැටලු ගහණ සමාජමය වටපිටාව, අනිත් එක ඔහුගෙ දිළිඳුකම. නමුත් ඊට වඩා ලොකුම බාධාව ඔහුට පවතින ශාරීරික ආබාධයක්, එනම් පොදුවේ Pathological laughter and crying (PLC) A.K.A Pseudobulbar affect ලෙස හැඳින්වෙන ආබාධය. මෙම ආබාධයෙන් පෙලෙන අයට ක්ෂණිකව, තමන්ගේ අනුදැනුමකින් හා පාලනයකින් තොරව අධික ලෙස සිනහ පහලවීම හෝ හැඬුම් ඒම සිදුවෙනවා. මෙයින් ආතර්ට තිබෙන්නේ පාලනයකින් තොරව සිනහ පහලවීම. ඔබට මෙය හොඳින් වටහාගැනීමට පුළුවන් මේ යූ ටියුබ් වීඩියෝව නැරඹීමෙන්.

හාස්‍ය ඉපදවීමේ හැකියාවක් තිබේද නැද්ද යන්න මැන බැලීම පසෙක තිබියදී මේ අවාසනාවන්ත ආබාධ තත්වය නිසා ආතර් දැඩි ලෙස සමාජයෙන් කොන්වීමට ලක්වෙනවා. මේ සියලු අඩන්තේට්ටම්, කටුක ලමාවිය ආදී හේතුන් විසින් අවසානයේ එය අභිබවා යාමේ මගක් ආතර්ට දායාද කරනවා. එහෙත් ඒ ගොතම් නගරය සිනහවෙන් සතුටෙන් පිරවීමටනම් නොවේ. එහෙනම් නරඹන්න, තීරණය කරන්න කවුද හොඳම ජෝකර් හීත් ලෙජර්ද එහෙමත් නැත්නම් හ්(වො)කින් ෆීනික්ස්ද කියල. ඒ වගේම හ්(වො)කින් ෆීනික්ස් යම් තැනකදි සඳහන් කර තිබුණා “නරඹන්නන්ගේ එක්තරා මට්ටමක දායකත්වයක් අවශ්‍යයි චිත්‍රපටය වටහා ගැනීමට. එය තෝරාබේරා ගන්නා ආකාරය සහ අත්විඳින ආකාරය ඔබට බාරයි” කියල. බලන්න ඒ කතාව ඇත්තක්ද කියල. මෙහි අවසානයනම් ඔබ කිසිසේත්ම බලාපොරොත්තු වෙන එකක් නැති බව කියන්න පුළුවන් දැනට. එහෙනම් ගිහින් එන්නම්. හමුවෙමු තවත් උපසිරැසියකින්.

විශේෂ :-

  • ඔබට ගොතම් නගරය තුල සුපිරි-මී වසංගතයක් ඇතිව තිබෙන බව අසන්නට ලැබෙයි රූපවාහිනී ප්‍රවෘතියක් තුලින්. එය බොහෝවිට DC කොමික්ස්හි Ratcatcher නම් මීයන් පාලනය කල හැකි චරිතය විසින් ඇති කල දෙයක් විය හැකියි.

රැට්කැචර්

  • ජනප්‍රිය ප්‍රහසන කථික ශිල්පීන් දෙදෙනෙක් වන ගැරී ගුල්මන් සහ සෑම් මොරිල් දෙදෙනා ගොතම් නගරයේ පෝගෝ ප්‍රහසන සමාජ ශාලාව තුල ඉදිරිපත්කිරීම් කරනු ඔබට දකින්නට පුළුවන් චිත්‍රපටය තුල. එහිදී ගැරී ගුල්මන් ඉදිරිපත් කරන්නේ තම RolePlay නම් ජනප්‍රිය ප්‍රහසනය.
  • මෙහි ඔබට දකින්නට පුළුවන් ආතර්ගේ අකුරු ලිවීමේ හැකියාව ඉතාම අවම බව. එක් තැනක තිබෙනවා”I hope my death makes more ‘cents’ than my life” ලෙස. මෙහි cents යන්න මම හිතන්නෙ Sense විය යුතුයි. මෙම පටලැවිල්ල නිසා එන්නෙ සහමුලින්ම වෙනස් අර්ථ දෙකක් වුණත්, මම Cents යන්නම පරිවර්තනය කලා උපසිරැසිය තුල.
  • ජෝකර් චරිතය වෙනුවෙන් හ්(වො)කින් ෆීනික්ස්ට තම සිරුරේ බර රාත්තල් 52කින් අඩුකරගන්නට සිදුව තිබෙනවා. එයින් ඔහු පත්වූ දුර්වල තත්වය නිසාම එක් දර්ශනයක් දෙවරක් රූගත නොකරන්නට අධ්‍යක්ෂ ටොඩ් ෆිලිප්ස් තීරණය කර තිබෙනවා.

Information

Year : 2019


Genre : Crime, Drama, Thriller

Actors : Joaquin Phoenix, Robert De Niro, Zazie Beetz, Frances Conroy

Writer : N/A

Director : Todd Phillips

Plot : In Gotham City, Mentally-troubled Comedian Arthur Fleck Is Disregarded And Mistreated By Society. He Then Embarks On A Downward Spiral Of Revolution And Bloody Crime. This Path Brings Him Face-to-face With His Alter-ego:

Youtube Trailer
Download Links යාවත් කාලින කර ඇත ..

Direct පිටපත (720P)

Direct පිටපත (1080P)

Torrent පිටපත (1080P)

Torrent පිටපත (1080P)

Update In 2020-09-04

සිංහල උපසිරැස Download කරගන්න 28262 times


Subz.lk වෙනුවෙන් උපසිරැසි කරේ
Hasitha Prasad
CO - Admin
8.9
68%
59%
  1. Kantha_DLA Unregistered User November 8, 2019 at 6:39 am

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……


    Reply
  2. පසිදු සාරංග Subtitler November 9, 2019 at 7:55 am

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!


    Reply
  3. Bawantha Madushan Jayasooriya Subtitler November 9, 2019 at 7:21 pm

    උපසිරැසියට ස්තූතියි


    Reply
  4. Isuru Unregistered User November 10, 2019 at 6:52 am

    Hc hdrip dala


    Reply
    • Hasitha Prasad Co - admin November 10, 2019 at 7:45 pm

      Updated 😉


    • Ravindu Unregistered User February 25, 2020 at 12:20 pm

      Phone eke thiyena film ekata sub daganne komada


    • Hasitha Prasad Co - admin February 25, 2020 at 4:10 pm

      @ රවිඳු :- ඒක ප්ලේයර් එක අනුව වෙනස් වෙනවා. ලේසිම වැඩේ එකම නමින් සබ් එකයි ෆිල්ම් එකයි රීනේම් කරල එක ෆෝල්ඩරේකට දාගන්න එක. එතකොට ෆිල්ම් එක ඕපන් කරනකොට ඔටෝම සබ් එක ගන්නවා.


    • dinuwa Unregistered User November 29, 2019 at 10:08 pm

      720p 1080p bluray enna kawada wageda


    • Hasitha Prasad Co - admin November 29, 2019 at 10:18 pm

      @ dinuwa: ලබන ජනවාරි 7 තමයි BR රිලීස් වෙනව කියල කියන්නෙ, ඒ වුණාට දින එහාමෙහා වෙලා ඊට කලින් එන්නත් ඉඩ තියනවා .


    • Hasitha Prasad Co - admin December 19, 2019 at 4:39 pm

      BLURAY UPDATED


  5. mithun Unregistered User November 10, 2019 at 8:57 am

    Hc hdRip awa HEVC-PSA


    Reply
    • Hasitha Prasad Co - admin November 10, 2019 at 7:45 pm

      Updated 😉


  6. IDT Unregistered User November 10, 2019 at 11:20 pm

    යකෝ වැඩ්ඩො ටික ඉන්නෙ මෙහෙනෙ. අරහෙන් copය් එක දාද්දි මෙහෙන් සබ දානව.btw පිං හසිත සහෝ


    Reply
  7. ravindu Unregistered User November 12, 2019 at 7:55 am

    Thanks Bro….


    Reply
    • Nandun Unregistered User November 12, 2019 at 12:02 pm

      Thanx bro 👍


    • සචී Unregistered User November 12, 2019 at 8:10 pm

      උපසිරැසි වලටයි,ෆිල්ම් එකටයි ස්තූතියි


  8. ලක්ෂාන් සමීර Subtitler November 15, 2019 at 6:44 am

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට ,
    ඔබට ජයෙන් ජය!!👌👌👌


    Reply
  9. Hashan M. Priyadarshana Unregistered User November 15, 2019 at 1:00 pm

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.!


    Reply
  10. sd lanka Unregistered User November 16, 2019 at 1:23 am

    ela thanks


    Reply
  11. Hashan M. Priyadarshana Unregistered User December 17, 2019 at 10:25 pm

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එක WEB-DL copyයට update කරාට 😊😊.. Bluray ආවමත් සබ් එකට update එකක් දෙන්න අනිවාරෙන් බ්‍රෝ 👊👊..
    ජය වේවා.!


    Reply
    • Hasitha Prasad Co - admin December 19, 2019 at 4:38 pm

      BLURAY UPDATED


    • Hashan M. Priyadarshana Unregistered User December 19, 2019 at 5:35 pm

      බොහොම ස්තුතියි බ්‍රෝ 💪👊


  12. mithun Unregistered User December 18, 2019 at 2:51 pm

    Update kalata thanks saho 🌟🌟🌟🌟🌟


    Reply
  13. Denuwan121 Verified Top User December 18, 2019 at 2:54 pm

    thanks for sub


    Reply
  14. Madusha Unregistered User December 18, 2019 at 3:29 pm

    බොහොම ස්තූතියි සබ් එකට


    Reply
  15. charith Unregistered User December 19, 2019 at 12:30 am

    tnx bn sub eka ikmanata update karata


    Reply
  16. isuru Unregistered User December 19, 2019 at 3:37 pm

    Bluray awilla .Update karanna


    Reply
    • Hasitha Prasad Co - admin December 19, 2019 at 4:37 pm

      UPDATED


  17. SASIYA Unregistered User December 20, 2019 at 6:28 am

    720p Bluray ekth sub eka weda neda?


    Reply
    • Hasitha Prasad Co - admin December 20, 2019 at 3:41 pm

      බ්ලූරේනං ඕනෙ එකක් හරි. ඔය හැම ප්‍රින්ට් එකක්ම
      එන්කෝඩ් කරන්නෙ එකම Source ෆයිල් එකකින්.


  18. Prabud Unregistered User December 29, 2019 at 12:27 am

    Download karanna ba ne video eka skip karanna add ekak enne na


    Reply
    • Hasitha Prasad Co - admin December 29, 2019 at 2:57 pm

      ස්කිප් ඇඩ් බට්න් එක එනවා මටනං. ඔයා බ්‍රවුසර් එකට ඇඩ්බ්ලොකර් එකක් දාගෙන දන්නෑ. දාලනං ඒක ඕෆ් කරගන්න.

      https://ibb.co/h71Chfq

      මේ ලින්ක් එක ක්ලික් කරල ඉමේජ් එක බලන්න. ඔය තියෙන්නෙ ස්කිප් ඇඩ් බට්න් එක. ඒක එකපාරක් ක්ලික් කලාම වෙන ටැබ් එකක ඇඩ් එකක් ඕපන් වෙයි. ඒක අයින් කරල ආයිත් පාරක් බට්න් එක උඩ ක්ලික් කරන්න. එතකොට කෙලින්ම ලින්ක් එකට යනවා. මම චෙක් කලා මේ දැන්, බ්‍රවුසර් කීපයකින්ම.


  19. Menath lakvindu Unregistered User July 14, 2020 at 8:08 am

    heath lesger සහ jouqing phoenix සන්සන්දනය කිරීමෙන් වළකින්න. මොකද හීත් ලෙජර් රගපෑ ජොකර් චරිතය විතරයි dc cinematic universe එකට අයත් වෙන්නෙ. වොකින්ග් ෆීනික්ස් ගෙ චරිතය අයත් වෙන්නෙ dc black universe කියල එකකට. එම චරිත දෙක් හාත්පසින්ම වෙනස් චරිත දෙකක්.


    Reply
  20. ඉෂි ද සිල්වා Subtitler September 3, 2020 at 9:06 pm

    sub ekata thanx.:heart_eyes:


    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates
F9: The Fast Saga (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Jungle Cruise (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Black Widow (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Tides (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Peter Rabbit 2: The Runaway (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Ice Road (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Luca (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Conjuring: The Devil Made Me Do It (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Minamata (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Wrath Of Man (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Those Who Wish Me Dead (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Great White (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Achievements
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Last Month Top 10

The Tracker (2019) Sinhala Subtitle

Terror on the Prairie (2022) Sinhala Subtitle

Only the Strong (1993) Sinhala Subtitle

Om Shanti Om (2007) Sinhala Subtitle

The Avatar Tribune – Issue 1 (2021) [S01 : E01] Sinhala Subtitle

ads


Insert/edit link

Enter the destination URL

Or link to existing content

    No search term specified. Showing recent items. Search or use up and down arrow keys to select an item.
      Joker (2019) Sinhala Subtitle

      information

      • Software
      • අපි ගැන

      Security & privacy

      • Terms Of Use
      • Privacy Policy
      • DMCA

      introduction

      Subz lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට උපසිරැස ලබා දෙන වෙබ් අඩවියක් වේ.

      Copyright © 2015-2022 / Subz.LK