Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • CANTONESE Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Action Varisu (2023) Sinhala Subtitle Action Ten (2005) Sinhala Subtitle Drama Saiyaara (2025) Sinhala Subtitle Drama 1920: Horrors of the Heart (2023) Sinhala Subtitle Drama Titanic (1997) Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E22] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E21] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E20] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E19] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E18] Sinhala Subtitle Action Varisu (2023) Sinhala Subtitle Action Ten (2005) Sinhala Subtitle Drama Saiyaara (2025) Sinhala Subtitle Drama 1920: Horrors of the Heart (2023) Sinhala Subtitle Drama Titanic (1997) Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E22] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E21] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E20] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E19] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E18] Sinhala Subtitle
  1. Movies
  2. Crime
  3. Joker (2019) Sinhala Subtitle

Joker (2019) Sinhala Subtitle

Joker (2019) Sinhala Subtitle
Watch Now
Sinhala Subtitles

Joker (2019) Sinhala Subtitle

HD
1
Joker (2019) Sinhala Subtitle
HD
1 views
HD Quality
Sinhala Sub
Close
November 07, 2019 Hasitha Prasad | Junior Admin
IMDB RATING 8.9
GENRES
CrimeDramaEnglish MoviesGenresMoviesThriller
CAST

Joaquin Phoenix, Robert De Niro, Zazie Beetz, Frances Conroy

 

[ BLURAY පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත.WEB පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට සැකසූ උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත් කර ඇත. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න ]

Joker (2019)

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ DC හි නවතම චිත්‍රපටයේ උපසිරැසි අරගෙනයි ඔබ වෙත එන්නෙ. මුලින්ම ස්තූතිය මෙහි උපසිරැසිය මාහට බාරදුන් අපේ කවීෂ සහෝදරයාට. එහෙනම් මේ තමයි Joker (2019) චිත්‍රපටයේ සිංහල උපසිරැසි. බොහෝ දෙනෙක් මෙය එනතෙක් ඉවසිල්ලක් නැතුවයි හිටියෙ. ඊට ප්‍රධානම හේතුව තමයි ක්‍රිස්ටෝපර් නෝලන් මහතාගෙ අතිශය ජනප්‍රිය Batman/Dark knight Trilogyහි ජෝකර්ට පණපෙවූ ඕස්ට්‍රේලියානු ජාතික නැසීගිය හීත් ලෙජර් රංගන ශිල්පියා සහ මෙවර ජෝකර්ට පණ පොවන රංගන ශිල්පී හ්(වො)කින් ෆීනික්ස් යන දෙදෙනාව සංසන්දනය කර බැලීමට තිබූ දැඩි වුවමනාව.

හ්(වො)කින් සහ ලෙජර්

හීත් ලෙජර් 

මොකද කිව්වොත් සිනමා ලෝලීන් තුල තිබුණ (මා තුල පවා) දැඩි මතයක් තමයි හීත් ලෙජර් තරමට ජෝකර්ට පණපෙවිය හැකි වෙනත් කිසිදු නළුවෙකු යලි කිසිදාක බිහිවෙනු නැති බව. එහි වරදකුත් නැත්තේ ඔහු එම චරිතය බැට්මෑන්ටත් වඩා ජනප්‍රිය කිරීමට දායක වීම නිසා (සිනමා ඉතිහාසයේ මම හිතන්නෙ වීරයා අභිබවමින් දුෂ්ටයා ජනප්‍රිය වුණ එකම අවස්ථාව මෙය වෙන්න ඇති), එසේම 2008 වසරේ The Dark Knight හි ජෝකර් ලෙස පෑ අති විශිෂ්ට රංගනය හේතුවෙන් හොඳම සහය නළුවාට හිමි ඔස්කා සම්මානයද ලබාගන්නටත් හීත් ලෙජර් සමත්කම් දැක්වූ නමුත් එය තම දෑතට ගන්නට ඔහුට වරම් ලැබුණේ නෑ. ඉතාම අවාසනාවන්ත ලෙස, ඒ 2008 වසරේ ජනවාරි 22 දින ඔහු මියයාම හේතුවෙන්. එවිට ඔහුගේ වයස යම්තම් අවුරුදු 28ක්.

හ්(වො)කින් ෆීනික්ස්

කෙසේ හෝ මෙවර ජෝකර්ට පණ පොවන ප්වොටෝ-රීකෝහි උපන් ඇමරිකානු නළු හ්(වො)කින් ෆීනික්ස් රංගන ශිල්පියාත් හීත් ලෙජර්ට නොදෙවෙනි ඉතාම දක්ෂ අයෙක්. Gladiator (2000) චිත්‍රපටයේ කොමොඩස්ගේ චරිතයට අති සාර්ථක ලෙස පණ පොවමින් එම වසරේ හොඳම සහය නළුවාට හිමි ඔස්කා සම්මානයට පවා නිර්දේශවීමට සමත්වුණා (සම්පූර්ණ වාර ගණන 3ක්). මෙවර ඔහු ජෝකර් චරිතයට පණ පෙවීමත් සමග එය ඔහු කොමික් චරිතයක් ඇසුරින් නිමවුණු චිත්‍රපටයකට දායක වන පළමු අවස්ථාව (කෙසේ වෙතත් 2016 වසරේ තිරගතවූ Suicide Squad චිත්‍රපටයේදී ජෝකර්ට පණ පෙවූ ජෙරඩ් ලෙටො නම් තම නොසතුට දැඩිව පළකර තිබුණා ඔහු වෙනුවට හ්(වො)කින් ෆීනික්ස්ව මෙම චිත්‍රපටයට තෝරාගැනීම පිලිබඳ). මින් පෙර ඔහුට ඩොක්ට ස්ට්‍රේන්ජ් සහ බෲස්බැනර්/ හල්ක් චරිතවලට දායක වීමේ අවස්ථාව මාවල් සිනමා වෙතින් ඉදිරිපත් කර තිබූ නමුත් ඔහු එය බාරගෙන තිබුණේ නෑ බහු-චිත්‍රපට ගිවිසුමකට (Multi- Picture Deal) අත්සන් කිරීමට තමන් අකමැති බව ප්‍රකාශ කරමින්. අවසානයේ එම චරිත ලැබෙන්නේ බෙනඩික්ට් කම්බර්බැච්ට සහ මාක් රෆලෝටයි. නිර්මාණකරුවන් කීප තැනකදී ප්‍රකාශ කර ඇති ලෙසම එය යම් ඉඟියක් මෙය DC එක්ස්ටෙන්ඩඩ් යුනිවර්ස් එකට සම්බන්ධ නැති ජෝකර් වෙනුවෙන්ම වෙන්වූ (Standalone) චිත්‍රපටයක් බවත්, ඉදිරියේ පැමිණීමට නියමිත රොබට් පැටින්සන් රඟන බැට්මෑන් චරිතය ඇතුලත් නිර්මාණවලට කිසිදු ලෙසකින් මේ හ්(වො)කින් ෆීනික්ස්ගේ ජෝකර් චරිතය අදාල නොවනු ඇති බවටත්. මේ නිසාම ඔබ බැට්මෑන් සම්බන්ධ මින් පෙර කිසිදු චිත්‍රපටයක් නරඹා නොතිබීම බාධාවක් වන්නේ නෑ මේ Joker (2019) නරඹන්නට. අනිත් කාරණය මෙය පෙර ජෝකර් චරිතවලින් බොහෝ වෙනස්. ඒක එහෙම වුණත් මේ නව ජෝකර් චිත්‍රපටය තම කතාවට බොහෝ දේ උකහා ගන්නවා ඇලන් මූර් විසින් 1988 වසරේ පළකල Batman : The killing Joke චිත්‍රකථාමය නවකතාව (Graphic novel) තුලින්. ඒ නිසා අපි ඒ ගැන ටිකක් බලමු. එය උදව්වක් වේවි චිත්‍රපටය නැරඹීමෙදි.

මේ කතාව තුල ජෝකර්ගේ සැබෑ නමක් සඳහන් වන්නේ නෑ. ජෝකර් වන්නට පෙර ඔහු වෘතියෙන් ඉංජිනේරුවරයෙක්, ප්‍රහසන කථිකයෙකු වන අදිටනින් ඔහු රසායන ද්‍රව්‍ය සමාගමක (Ace Chemical Processing.inc) තමන් කල රැකියාවෙන් ඉවත්වයි ඉන්නෙ (ප්‍රහසන කථිකයන් (Stand-up comedian) යනු යම් විශේෂ උත්සව අවස්ථා, සමාජ ශාලා ආදියට පැමිණ රංගනයකින් තොරව හාස්‍ය රසය ගැබ්වූ කතා පවත්වන්නන්. අපේ රටෙන් මෙයට ගත හැකි හොඳම ගැලපෙනම උදාහරණය චූටි මල්ලි- පොඩි මල්ලි යුගලය)

ඉංජිනේරුවරයා හා ගැබිණි බිරිඳ 

කෙසේ හෝ එය අසාර්ථක කරගන්නා මෙම ඉංජිනේරුවරයා රැකියාවක්ද නැති කමින් ඉතා අසීරු අඩියකට වැටෙනවා. තම ගැබිණි බිරිඳ රක්ෂා කිරීමට මුදල් ඉපැයීමට මගක් නැති තැන ඔහු අපරාධ ජීවිතයකට හැරෙන්නේ-තමන් පෙර සේවය කල රසායනික ද්‍රව්‍ය සමාගමට සොරෙන් ඇතුල්වීමට පාතාල කල්ලිකරුවන් පිරිසකට සහය වෙමින් සිටිනවා. එම සොරකම් සැලසුම් කරමින් සිටින අතරතුර පොලීසිය හරහා ඔහුට දැනගන්නට ලැබෙනවා තම බිරිඳ ඛේදජනක අනතුරකින් මියගොස් ඇති බව. එහෙත් සොරකම සැලසුම් කිරීම දිගටම කරගෙන යන ලෙස පෙරකී පාතාල කල්ලිය ඔහුට බල කරනවා. තම අනන්‍යතාවය සැඟවීමට ඔහු The Red Hood බවට පත්වෙන්නේ මෙතනදී.

රෙඩ් හුඩ් දමාගත් ඉංජිනේරුවරයා

දමාගත් ඉංජිනේරුවරයාකෙසේ හෝ සොරකම සිදුකරන අතරතුරදී එය ව්‍යර්ථ කිරීමට බැට්මෑන් පැමිණීමත් සමග රසායනික ද්‍රව්‍ය පිරවූ වලකට පනින්නට ඔහුට සිදුවෙනවා ඔහුගෙන් ගැලවීමට.

එම අවස්ථාව

වලේ තිබූ රසායනික ද්‍රව්‍ය නිසා ඔහුගේ සිරුර විරූපී වෙනවා මෙන්න මේ විදියට.

මේ විපතත්, තම බිරිඳ සහ පුත්‍රයා මියයාමේ ශෝකයත් යන දෙකම ඔහුව ක්ෂණයකින් උන්මත්තකයෙක් බවට පත් කරනවා. අපි දන්නා ජෝකර්ගේ උපත සිද්ධවෙන්නෙ ඒ විදියට. එක් දිනයක සිදුවීම් නිසා උන්මත්තකයෙක් බවට පත්වීම නොහොත් ඇලන් මූර් විසින් හඳුන්වාදුන් ජෝකර්ගේ ජනප්‍රිය ‘One bad day’ සංකල්පයේ ආරම්භයයි මේ (Joker 2019 චිත්‍රපටය තුලත් මෙය දකින්නට ලැබෙයි ඔබට). මේ කාරණය නිසා ජෝකර්ගේ අරමුණ බැට්මෑන් ඇතුළු තම විරුද්ධවාදීන්ට පෙන්වීම ඔවුන්ගේ ජීවිතද උන්මත්තක තත්වයට පත්වීමට එකම එක් දිනයක් මෙපිටින් බව.

එම නිර්මාණයෙන් අනුප්‍රාණය ලබන මෙවර Joker චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ ටොඩ් ෆිලිප්ස් අධ්‍යක්ෂවරයා අතින්. එසේම තිර රචනයේ සම දායකත්වයත් ඔහු සතුයි ස්කොට් සිල්වර් සමගින්. මේ වනවිට සම්මාන 5කට නිර්දේශව එයින් 3ක් තමන් සතුකරගෙන ඇති මේ චිත්‍රපටය IMDB වෙතින් 8.8 ක අගයක් දිනාගෙන, එහි හොඳම ලිත්‍රපට 250 ලැයිස්තුවේ 16 වන ස්ථානය හොබවන්නත් මේ වනවිට සමත්කම් දක්වා තිබෙනවා. Rotten Tomatoes වෙතින්නම් 69% ක අගයක් තමයි මෙය ලබා තිබෙන්නේ. එසේම මෙටාක්‍රිටික් වෙතින් 59%ක අගයක් ලබාගෙන තිබෙනවා. කෙසේ හෝ චිත්‍රපටය තිරගත වන්නට පෙර තිර පිටපත අන්තර්ජාලයට එක්කර තිබුණා යමෙකු විසින්. එහෙත් එය ඒතරම් ගණනකට නොගත් ටොඩ් ෆිලිප්ස් පැවසුවේ එය මුල් තිර පිටපත බවත්, චිත්‍රපටය එයට හාත්පසින්ම වෙනස් බවත්, එය කියවා සිනමා ශාලාවට ගොඩවෙන ප්‍රේක්ෂකයාව පවා පුදුම කරන්නට තරම් දේ චිත්‍රපටය තුල ඇති බවත්. එම තිර පිටපත බැලුවහම ඇත්තටම චිත්‍රපටය සැලකියුතු ආකාරයෙන් වෙනස් බවත් දැකගන්න පුළුවන්. ඒ වගේම මෙය තිරගත වන්නට පෙර සිටම ප්‍රශංසා මල් මෙන්ම විවේචනද ගල්මුල්ද දැඩි ලෙස ලබාගන්නට සමත්වුණා මෙහි ඇති අතිශය ප්‍රචණ්ඩකාරී ස්වභාවය වැඩි බවත්, දුෂ්ටයා දෙස සානුකම්පිතව බැලීමට පොලඹවන බවටත් චෝදනා කරමින්. ඊටත් වඩා විවේචනයට බඳුන්වූ කාරණය වූයේ මෙහි එන සුවිශේෂම දර්ශනයක් වන පඩිපෙලක කරන නර්තන දර්ශණයේ පසුබිම් සංගීතය ලෙස යොදාගෙන තිබෙන ගැරී ග්ලිටර් ගායකයාගේ Rock and Roll Part 2 නම් ගීතය. ඊට හේතුව ඔහු ලමා අපයෝජන චෝදනාවලට කීපවරක්ම වරදකරුව සිර දඬුවම් විඳ තිබීම. කෙසේ වෙතත් ඒ වනවිටත් එම ගීතයේ සියලු අයිතීන් ඔහු විසින් Snapper Music නම් සමාගමකට විකුණා තිබීමත්, ඔවුන් මේ ගීතය චිත්‍රපටයට ලබාදීමෙන් ලැබෙන මුදලින් ගැරීට ලැබිය යුතු කොටස ලබානොදෙන බවත්, ගැරී සමග තම සමාගමේ කිසිදු සම්බන්ධයක් නැති බවත් ප්‍රකාශ කිරීමත් නිසා මේ ප්‍රශ්ණය ඒතරම් දුරදිග ගියේ නෑ.

ජෝකර්ට පණ පොවන හ්(වො)කින් ෆීනික්ස් SFX සඟරාවට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී එයට පිලිතුරු වශයෙන් පවසා තිබුණේ ජොකර් චිත්‍රපටය තුල ඇවෙන්ජර්ස් වැනි මාවල් චිත්‍රපට මාලාවලට වඩා ප්‍රචණ්ඩත්වය සිතට දැනෙන ලෙස, යථාරූපීව ඉදිරිපත් කර ඇති බව තමන් පිලිගන්නා නමුත් එයට පණ පෙවීමට තමාගෙ කිසිදු දෙගිඩියාවක් නොතිබූ බවයි. එසේම යම් චිත්‍රපටවල 40,000ක පිරිසක් මරාදැමුවද ප්‍රේක්ෂකයාට එය ඒතරම් නොදැනෙන බවත්, මේවා ප්‍රබන්ධමය ලෝක තුල දිවෙන කතා නිසා ප්‍රේක්ෂකයා සතුටු ප්‍රචණ්ඩත්වය සිතට දැනෙන ලෙස අත්විඳීමට බවත් ඔහු පවසා තිබුණා. ටොඩ් ෆිලිප්ස් පවසා තිබුණා ජෝන් වික් 3 වැනි අති ප්‍රචණ්ඩකාරී චිත්‍රපටයක් පවා කිසිදු අපහසුවකින් තොරව නැරඹිය හැකි බවත්, තම චිත්‍රපටය තුලින් දිස්වන්නේ ඉතා සෙමින් ගොඩනැගෙන ප්‍රචණ්ඩත්වයක් බැවින් එය ඉතා තදින් සිතට දැනෙන බවත්. සිනමාව නිතරම සමාජය පිලිඹිබු කරන්නේ වුවත්, එහි ක්‍රියාකාරකම් යමෙක් යම් තත්වයකට හැඩගස්වන ආකාරය නොපෙන්වන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණා. ඔවුන්ගේ ඒ උත්සාහයන් අති සාර්ථක බව වැටහෙන්නේ අනෙකුත් සුපිරිවීර චරිත ඇතුලත් සිනමා නිර්මාණ හා සසඳද්දී ඉතාම සුළු පිරිවැයක් වන ඩොලර් මිලියන 55ක් වැනි මුදලක් වියදම් කරමින් නිර්මාණය වන මේ ජෝකර් චිත්‍රපටය මේ වනවිට ඩොලර් බිලියනයක ආදායම් සීමාව ඉක්මවා තිබීමෙන්. ඒ අනුව මෙය තමයි එම ආදායම් සීමාව පසුකල පලමු R වර්ගීකරණයට (Restricted ) අයත් චිත්‍රපටය වනවා, ඒ Deadpool, Logan,The Matrix Reloaded වැනි දැවැන්ත නිර්මාණ අභිබවා යමින්. මෙය ඔවුන්ගේ දෙවන R වර්ගීකරණයට අයත් චිත්‍රපටය, ඒ මීට දස වසරකට පෙර තිරගතවූ Watchmen (2009) චිත්‍රපටයට පසුව. මුලදී වෝනර් බ්‍රදර්ස් සමාගම එකඟවෙලා නෑ මේ ප්‍රචණ්ඩකාරී R වර්ගීකරණයේ ජෝකර්ව සිනමාවට ගෙන ඒමට. ඊට හේතුව විදියට ඔවුන් පෙන්වා දී තිබෙන්නේ නව යෞවන පිරිස ඉලක්ක කරගනිමින් කරන නිර්මාණයකින් මීට වඩා ආදායමක් ලැබිය හැකි බව. අවසානයේ ටොඩ් ෆිලිප්ස්ගේ පෙරැත්තය නිසාත්, ඔහු ඉදිරිපත් කල ඉතා අඩු පිරිවැය ඇස්තමේන්තුව නිසාත් තමයි වෝනර් බ්‍රදර්ස් සමාගම මෙයට එකඟවී තිබෙන්නේ.

චිත්‍රපටය තුල කිසිදු තැනක සෘජුව සඳහන් නැතත් තිර පිටපතේ සඳහන් වනවා මෙහි එන කාලය 1981 වසර බව. චිත්‍රපටයේ අවසාන භාගයේදී එක්තැනක අපට දකින්නට ලැබෙනවා Zorro The Gay Blade සහ Blow out යන චිත්‍රපට ප්‍රදර්ශනය වන සිනමා ශාලාවක්, ඒවා තිරගත වී ඇත්තේ 1981 වසරේදී නිසා අපිට වසර එය බව අනුමාන කල හැකියි. එසේම මෙහි එන තාක්ෂණික උපකරණ, යාන වාහන ආදිය අනුවත් කාල සමය අනුමාන කල හැකියි. දැන් අපි යමු කතාව පැත්තට…

අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ, කතාව දිවෙන්නෙ ගොතම් නගරෙ. ආතර් ෆ්ලෙක් කියන්නෙ විවිධ උත්සවලට, ප්‍රචාරක කටයුතුවලට විකටයන් සපයන ආයතනයක විකටයෙක් ලෙස සේවය කරන්නෙක්. එහෙම වුණත් ඔහුගේ අරමුණ ප්‍රහසන කථික ශිල්පියෙක් වීමයි. ඔහුගේ මව ඔහුට කියා තිබෙන්නේ ඔහු මේ අඳුරු ලෝකයට සිනහව සතුට ගෙන එන්නට උපන් අයෙක් බවයි, මෙයත් ඔහුගේ මේ බලාපොරොත්තුවට ලොකු හේතුවක්. එහෙත් ඔහුගේ මේ අනාගත බලාපොරොත්තුවට බාධක බොහොමයි, එකක් එම කාලවකවානුවේ ගොතම් නගරය පුරා පවතින ගැටලු ගහණ සමාජමය වටපිටාව, අනිත් එක ඔහුගෙ දිළිඳුකම. නමුත් ඊට වඩා ලොකුම බාධාව ඔහුට පවතින ශාරීරික ආබාධයක්, එනම් පොදුවේ Pathological laughter and crying (PLC) A.K.A Pseudobulbar affect ලෙස හැඳින්වෙන ආබාධය. මෙම ආබාධයෙන් පෙලෙන අයට ක්ෂණිකව, තමන්ගේ අනුදැනුමකින් හා පාලනයකින් තොරව අධික ලෙස සිනහ පහලවීම හෝ හැඬුම් ඒම සිදුවෙනවා. මෙයින් ආතර්ට තිබෙන්නේ පාලනයකින් තොරව සිනහ පහලවීම. ඔබට මෙය හොඳින් වටහාගැනීමට පුළුවන් මේ යූ ටියුබ් වීඩියෝව නැරඹීමෙන්.

හාස්‍ය ඉපදවීමේ හැකියාවක් තිබේද නැද්ද යන්න මැන බැලීම පසෙක තිබියදී මේ අවාසනාවන්ත ආබාධ තත්වය නිසා ආතර් දැඩි ලෙස සමාජයෙන් කොන්වීමට ලක්වෙනවා. මේ සියලු අඩන්තේට්ටම්, කටුක ලමාවිය ආදී හේතුන් විසින් අවසානයේ එය අභිබවා යාමේ මගක් ආතර්ට දායාද කරනවා. එහෙත් ඒ ගොතම් නගරය සිනහවෙන් සතුටෙන් පිරවීමටනම් නොවේ. එහෙනම් නරඹන්න, තීරණය කරන්න කවුද හොඳම ජෝකර් හීත් ලෙජර්ද එහෙමත් නැත්නම් හ්(වො)කින් ෆීනික්ස්ද කියල. ඒ වගේම හ්(වො)කින් ෆීනික්ස් යම් තැනකදි සඳහන් කර තිබුණා “නරඹන්නන්ගේ එක්තරා මට්ටමක දායකත්වයක් අවශ්‍යයි චිත්‍රපටය වටහා ගැනීමට. එය තෝරාබේරා ගන්නා ආකාරය සහ අත්විඳින ආකාරය ඔබට බාරයි” කියල. බලන්න ඒ කතාව ඇත්තක්ද කියල. මෙහි අවසානයනම් ඔබ කිසිසේත්ම බලාපොරොත්තු වෙන එකක් නැති බව කියන්න පුළුවන් දැනට. එහෙනම් ගිහින් එන්නම්. හමුවෙමු තවත් උපසිරැසියකින්.

විශේෂ :-

  • ඔබට ගොතම් නගරය තුල සුපිරි-මී වසංගතයක් ඇතිව තිබෙන බව අසන්නට ලැබෙයි රූපවාහිනී ප්‍රවෘතියක් තුලින්. එය බොහෝවිට DC කොමික්ස්හි Ratcatcher නම් මීයන් පාලනය කල හැකි චරිතය විසින් ඇති කල දෙයක් විය හැකියි.

රැට්කැචර්

  • ජනප්‍රිය ප්‍රහසන කථික ශිල්පීන් දෙදෙනෙක් වන ගැරී ගුල්මන් සහ සෑම් මොරිල් දෙදෙනා ගොතම් නගරයේ පෝගෝ ප්‍රහසන සමාජ ශාලාව තුල ඉදිරිපත්කිරීම් කරනු ඔබට දකින්නට පුළුවන් චිත්‍රපටය තුල. එහිදී ගැරී ගුල්මන් ඉදිරිපත් කරන්නේ තම RolePlay නම් ජනප්‍රිය ප්‍රහසනය.
  • මෙහි ඔබට දකින්නට පුළුවන් ආතර්ගේ අකුරු ලිවීමේ හැකියාව ඉතාම අවම බව. එක් තැනක තිබෙනවා”I hope my death makes more ‘cents’ than my life” ලෙස. මෙහි cents යන්න මම හිතන්නෙ Sense විය යුතුයි. මෙම පටලැවිල්ල නිසා එන්නෙ සහමුලින්ම වෙනස් අර්ථ දෙකක් වුණත්, මම Cents යන්නම පරිවර්තනය කලා උපසිරැසිය තුල.
  • ජෝකර් චරිතය වෙනුවෙන් හ්(වො)කින් ෆීනික්ස්ට තම සිරුරේ බර රාත්තල් 52කින් අඩුකරගන්නට සිදුව තිබෙනවා. එයින් ඔහු පත්වූ දුර්වල තත්වය නිසාම එක් දර්ශනයක් දෙවරක් රූගත නොකරන්නට අධ්‍යක්ෂ ටොඩ් ෆිලිප්ස් තීරණය කර තිබෙනවා.
Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය සහ වීඩියෝව බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
29193 වාරයක්
Download Links
720P
DIR
1080P
DIR
1080P
TOR
1080P
TOR
Available Torrents
720p bluray 1.07 GB
GET
1080p bluray 1.92 GB
GET
2160p bluray 5.99 GB
GET
720p web 1.06 GB
GET
1080p web 1.91 GB
GET
Discussion (34)
Newer →
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 78
    2019-11-08

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Reply
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 78
    2019-11-09

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    Reply
  • Bawantha Madushan Jayasooriya Expert Subtitler
    Android 6 Chrome 71
    2019-11-09

    උපසිරැසියට ස්තූතියි

    Reply
  • Isuru Unregistered
    Android 8 Chrome 72
    2019-11-10

    Hc hdrip dala

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Chrome 78
      2019-11-10

      Updated 😉

    • Ravindu Unregistered
      Android 9 Chrome 74
      2020-02-25

      Phone eke thiyena film ekata sub daganne komada

    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 73
      2020-02-25

      @ රවිඳු :- ඒක ප්ලේයර් එක අනුව වෙනස් වෙනවා. ලේසිම වැඩේ එකම නමින් සබ් එකයි ෆිල්ම් එකයි රීනේම් කරල එක ෆෝල්ඩරේකට දාගන්න එක. එතකොට ෆිල්ම් එක ඕපන් කරනකොට ඔටෝම සබ් එක ගන්නවා.

    • dinuwa Unregistered
      Android 5.1 Chrome 78
      2019-11-29

      720p 1080p bluray enna kawada wageda

    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 70
      2019-11-29

      @ dinuwa: ලබන ජනවාරි 7 තමයි BR රිලීස් වෙනව කියල කියන්නෙ, ඒ වුණාට දින එහාමෙහා වෙලා ඊට කලින් එන්නත් ඉඩ තියනවා .

    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 71
      2019-12-19

      BLURAY UPDATED 🙂

  • mithun Unregistered
    Android 8 Chrome 76
    2019-11-10

    Hc hdRip awa HEVC-PSA

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Chrome 78
      2019-11-10

      Updated 😉

  • IDT Unregistered
    Android 9 Opera 54
    2019-11-10

    යකෝ වැඩ්ඩො ටික ඉන්නෙ මෙහෙනෙ. අරහෙන් copය් එක දාද්දි මෙහෙන් සබ දානව.btw පිං හසිත සහෝ

    Reply
  • ravindu Unregistered
    Windows 10 Chrome 77
    2019-11-12

    Thanks Bro….

    Reply
    • Nandun Unregistered
      Android 6 Samsung Browser 8.2
      2019-11-12

      Thanx bro 👍

    • සචී Unregistered
      Android 8.1 Chrome 78
      2019-11-12

      උපසිරැසි වලටයි,ෆිල්ම් එකටයි ස්තූතියි

  • ලක්ෂාන් සමීර Expert Subtitler
    Android 9 Chrome 78
    2019-11-15

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට ,
    ඔබට ජයෙන් ජය!!👌👌👌

    Reply
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4
    2019-11-15

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.!

    Reply
  • sd lanka Unregistered
    Windows 7 Firefox 70
    2019-11-16

    ela thanks

    Reply
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4
    2019-12-17

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එක WEB-DL copyයට update කරාට 😊😊.. Bluray ආවමත් සබ් එකට update එකක් දෙන්න අනිවාරෙන් බ්‍රෝ 👊👊..
    ජය වේවා.!

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 71
      2019-12-19

      BLURAY UPDATED 🙂

    • Hashan M. Priyadarshana Unregistered
      Android 4.2 Android Browser 4
      2019-12-19

      බොහොම ස්තුතියි බ්‍රෝ 💪👊

  • mithun Unregistered
    Android 8 Chrome 78
    2019-12-18

    Update kalata thanks saho 🌟🌟🌟🌟🌟

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 245
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 177
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved