[Internal (leaked) BLURAY පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත.WEB පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට සැකසූ උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත්ය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න ]
ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. මේ අරගෙන එන්නෙ Jumanji චිත්රපට මාලාවෙ තුන්වැන්න විදියට පසුගිය වසර අගභාගයේ නිකුත්වූ Jumanji : The Next Level (2019) චිත්රපටයේ සිංහල උපසිරැසිය. මෙය අපේ ඇඩ්මින් මඩුල්ලේ ඉල්ලීමක්. මුලින්ම ස්තූතිය ඔවුන්ට ඒ නිසා.
Jumanji (1995) චිත්රපටය අපි හැමෝම බොහොම ආශාවෙන් නරඹපු අදටත් මතකයේ රැඳුන චිත්රපටයක්, කෙසේ වෙතත් ඉහල මට්ටමේ නිර්මාණ සල්ලි උල්පත් කරමින්,සෝප් ඔපෙරා මට්ටමට ඇද දැමීම මේ දිනවල හොලිවුඩයේ විලාසිතාවක් බවට පත්ව තිබීම මුල් නිර්මාණවලට වෙන ලොකු අසාධාරණයක් බවයි මගේනම් පෞද්ගලික හැඟීම (හොඳම උදාහරණය : Fast & Furios). මෙහි දෙවන චිත්රපටය එනම් Jumanji: Welcome To Jungle (2017) නරඹල ඇතිවෙච්ච පසුතැවිල්ල මේ තුන්වන නිර්මාණයෙන් තවත් වැඩිවෙයි කියලයි මම මුලින් හිතුවෙ. කෙසේවෙතත් කතාව පැත්තෙන් මුල් චිත්රපටයට කිසිසේත්ම සම කල නොහැකි වුණත්, දෙවන චිත්රපටයට වඩා මෙය යම් තරමකින් ඉහලින් ඉන්නවා ප්රේක්ෂකයා රඳවා තබාගැනීම පැත්තෙන් ( මගේ මතය පමණයි). කොහොමහරි මේ Jumanji : The Next Level (2019) චිත්රපටයේ අධ්යක්ෂණයත් දෙවැන්න අධ්යක්ෂණය කල ජේක් කැස්ඩන්ගේමයි. IMDB අගය 6.9ක්, Rotten Tomatoes අගය 76%ක් ලෙස ලබාගෙන තිබෙනවා. රංගනයෙන් දායක වෙන්නෙ ඩ්වේන් ජොන්සන් ( ආචාර්ය.බ්රේව්ස්ටෝන්), ජැක් බ්ලැක් ( ආචාර්ය ෂෙල්බි), කෙවින් හාට් ( මවුස්), කැරන් ගිලන් ( රූබි රවුන්ඩ්හවුස්), අව්ක්වෆීනා ( මින්ග්), නික් ජොනාස් ( සීප්ලේන්), ඇලෙක්ස් වුල්ෆ් (ස්පෙන්සර්),මෝගන් ටර්නර් (මාර්තා), මැඩිසන් අයිමන් ( බෙතනි),ස’ඩේරියස් බ්ලේන් (ෆ්රිජ්), ඩැනී ඩෙවීටෝ ( එඩී), ඩැනී ග්ලොවර් (මයිලෝ),රිස් ඩාබි (නයිජල්), කොලින් හෑන්ක්ස් ( ඇලෙක්ස්) රෝරි මැකන් ( යර්ගන්) වැනි පිරිසක්. කතාව පැත්තට ගියොත්…
ස්පෙන්සර් යම් හේතුවක් නිසා නැවතත් ජුමන්ජි වීඩියෝ ක්රීඩා ලෝකය තුලට ගමන් කරනවා. ඔහුගේ යහළුවන් වන මාර්තා, බෙතනි සහ ෆ්රිජ් තීරණය කරනවා තම මිතුරාට පිහිටවී ඔහුව නැවත සැබෑ ලෝකයට ගෙන ඒමට, හැබැයි ඒ යන්නෙ වෙන්නෙ බොහොම නොහිතූ ආකාරයකට සහ නොහිතූ පිරිසක් එක්කයි, ඒ වගේම තමන් මීට කලින් දුටු ජුමන්ජි ලෝකය නොවෙයි ඔවුන්ට දකින්න ලැබෙන්නෙත්.. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු පිළිවෙලින් Doctor Sleep (2019) සහ The Skin I live In (2011) යන චිත්රපටවල සිංහල උපසිරැසි සමගින්.

Year :
2019
Genre :
Action, Adventure, Comedy, Fantasy
Actors :
Dwayne Johnson, Jack Black, Kevin Hart, Karen Gillan
Writer : N/A
Director :
Jake Kasdan
Plot : In Jumanji: The Next Level, The Gang Is Back But The Game Has Changed. As They Return To Rescue One Of Their Own, The Players Will Have To Brave Parts Unknown From Arid Deserts To Snowy Mountains, To Escape The World's Most Dangerous Game.

සිංහල උපසිරැස Download කරගන්න 46954 times
බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. එහෙනම් The Skin I Live in එකට සබ් දෙනව නේ 😊 Thank you thank yo බ්රෝ 👊👊..
ජය වේවා.!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
The Last Full Measure
2019 ‧ Drama/War ‧ 1h 56m
ඔක අලුත් එකක් සබ් දෙන්න පුළුවන් ද සහෝ .
.. සැමුවෙල් ජැක්සන්.. එයත් ඉන්නව..
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
නියමයි.Thanks
eka nam fast update ekak
baiscope zoom thawama web copy ekata update karala na thanx bro..!!
අයියේ, බ්ලූරේ ඇවිල්ලා.
පුළුවන්නම් අප්ඩේට් එකක් දෙන්නකෝ.
හරි, මල්ලි, අප්ඩේට් කලා. අද දවල් වගේ BLURAY ඇවිත් තියෙන්නෙ මම හිතන්නෙ. ඒකයි මට මිස් වුණේ.
බොහොම ස්තූතියි අයියේ අප්ඩේට් එක දුන්නට.
බොහොම ස්තුතියි බොහොම ස්තුතියි මචං Blurayවලට update කරාට 👊👊
බොහොම ස්තූතියි සහෝ
ස්තුති සබ් එකට
බොහොම ස්තුතිය .
Thanks for the sub. keep it up bro:punch: