Justice League (2017) Sinhala Subtitle

December 24, 2017 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් අදත් අපේ Subz LK හිතවතුන් සියලුම දෙනාට.අදනම් ටිකක් විශේෂ උපසිරැසියක්.ඒකට හේතු දෙකක් තියනවා.එකක් මේ මගේ 100වන උපසිරැසිය.අනිත් කාරණය මේ DC කොමික්ස් රසිකයන් පුල පුලා බලාසිටි චිත්‍රපටයක්.මගේ 100වන උපසිරැසිය වෙනුවෙන් මේ චිත්‍රපටය මට බාර දුන්න දමිත්, කවීෂ, සමීර ඇතුළු අපේ ඇඩ්මින් මණ්ඩලයේ සියලු දෙනාට බොහොමත්ම ස්තූතියි.ඒකට විතරක්ම නෙමෙයි අඩවියට සම්බන්ධවූ දා සිටම මේ තරම් ලොකු  දුරක් එන්න  මට දුන්න ශක්තියටත්.ඔයගොල්ලන්ගෙ කැපවීම, ඉවසීම (මොකද සමහරවෙලාවට මගෙ අතින් උපසිරැසි ප්‍රමාද වෙනවා මම  හිතන්නෙ.එහෙම වුණත් කවදාවත් වචනයකින්වත් හිත රිද්දල නැ) සහ සහයෝගය නැත්නම්, අනිවාර්යයෙන්ම මට මේ තරම් දුරක් එන්න බෑ.ඒ වගේම නම් වශයෙන් නොකිව්වත් අපේ සහෝදර උපසිරැසිකරුවන් සියලු දෙනාටත් බොහොමත්ම ස්තූතියි ඕගොල්ලන්ගෙන් ලැබෙන සහයෝගයට.ඒ වගේමයි හැමදාමත් අපිව පොඩිමහරි වචනයකින් දිරිමත් කරන්නට කාරුණික වන Subz LK ප්‍රේක්ෂක (වචනෙ හරිද මන්ද) සියලු දෙනාටත් බෙහෙවින්ම ස්තූතියි.ඔබේ ඒ මහමෙරක් වගේ වචන කීපය අපට ලබාදෙන ශක්තිය වචනවලින් කියා නිමකරන්න බෑ.යමෙක් ප්‍රතිචාරයක් නොදැක්වූවා කියාත් හිතේ කිසිම තරහක් නෑ.උපසිරැසි කරන මුල්කාලයේනං ඒ නිසා යම් කලකිරීමක් වගේ දෙයක් හිතට දැනුනත් අදනම් ඒක එහෙම නෑ.මොකද ප්‍රතිචාර නොදැක්වීමටත් යම් සාධාරණ හේතු තිබෙන්නට පුළුවන් නිසා.අනිත් කාරණය ප්‍රතිචාර නොදැක්වූවත්, ඔබ අඩවියට පිවිසීම, ඔබේ එක් බාගත කරගැනීමක් පවා අඩවියට හා උපසිකරුවෙකුට ලොකු ශක්තියක්…

ඒ වගේම කියන්න ඕනේ ඕගොල්ලො මගෙන් යම්චිත්‍රපටවලට උපසිරැසිඉල්ලලත්, විවිධ හේතු නිසා මට ඒවා ලබාදෙන්න නොහැකිවෙලා තියනවා ගොඩක් අවස්ථාවල.ඒ හේතුවෙන් හෝ ප්‍රතිචාරයකට මම දක්වන පිළිතුරකින් හෝ වෙන මොනයම් හෝ හේතුවක් නිසා කාගෙහරි සිත් රිදීමක් ඇතිවී ඇත්නම් සමාවෙන්න කියලත් ඉල්ලා සිටිනවා.50 වෙනි උපසිරැසියටත් මං දිග හෑල්ලක් ලිව්ව නිසා 100වෙනි උපසිරැසිය එහෙම නොකර මම මේ කතාව මෙතනින් නවත්වලා චිත්‍රපටය පැත්තට යන්නම්…

Justice League (2017)

ජස්ටිස් ලීග් නොහොත් යුක්ති එකමුතුව අපි හමුවට එන ජස්ටිස් ලීග්  චිත්‍රපටය මේ වසරේ DC කොමික්ස් රසිකයන් බොහොම උනන්දුවෙන් පෙරමග බලාසිටි එකක්.IMDB අගය 7.1ක් ලබා ගත් මේ චිත්‍රපටයට Rotten Tomatos ලගෙන්නම් ලැබෙන්නෙ 41% ක වගේ අගයක් (කතාව පැත්තෙන් ගත්තම මේ අගය ලැබෙන්න සාධාරණ හේතු තියනවා).මෙහි අධ්‍යක්ෂණය ජනප්‍රිය අතිදක්ෂ අධ්‍යක්ෂ Zack Snyder මහතාගෙන්.කෙසේවෙතත් මෙම වසරේ මාර්තු 17වන දින සිදුවූ තම දියණියගේ අවාසනාවන්ත සියදිවිනසාගැනීම නිසා ඔහු චිත්‍රපටයෙන් ඉවත්වන්නට තීරණය කල අතර ඉන්පසු මෙහි අවසන් අදියරේ අධ්‍යක්ෂණ කටයුතු කර තිබෙන්නේ Joss Whedon විසින්.රංගනයෙන් දායක වෙන්නෙ සුපුරුදු විදියට Ben Afleck (බැට්මෑන්), Gal Gadot ( වොන්ඩ(ර්)වුමන්), Amy Adams (ලොයිස් ලේන්), Jeremy Irons ( ඇල්ෆ්‍රඩ් ), Jason Mamoa (ඇක්වාමෑන්/දියමිනිසා), Erza Miller (බැරී ඇලන්/ෆ්ලෑෂ්), Ray Fisher (වික්ටර් ස්ටෝන්) වගේ රංගන ශිල්පි ශිල්පිනියන් පෙළක්.කොහොමවුණත් මෙහි අධ්‍යක්ෂණ කාර්යය බෙන් ඇෆ්ලෙක්ට බාරදෙන්නත් මුලදි යම් අදහසක් තිබිල තියනවා.ඉන්පසු අධ්‍යක්ෂණ බාරවූ Zack Snyder මහතා චිත්‍රපටයේ රූගත කිරීම් කරල තියෙන්නෙ වික්ටර් ස්ටෝන් ( සයිබෝග්වරයා)  මූලික කරගෙන චිත්‍රපටය දිවෙන ආකරයට.නමුත් Joss Wheldon විසින් ඒ රූපරාමු සෑහෙන ප්‍රමාණයක් චිත්‍රපටයෙන් ඉවත්කරන්නට කටයුතු කර තිබෙන අතර සංගීත අධ්‍යක්ෂණ කාර්යය සඳහා Zack මහතා තෝරාගෙන සිටි Junkie XLවත් එම කාර්යයෙන් ඉවත් කර තිබෙනවා.දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට…

සුපර්මෑන්ගේ මරණය නිසා මේ වනවිට ලෝකයා තම ආරක්ෂාව ගැන යම් සැකයකින් ඉන්නේ.බැට්මෑනුත් සුපුරුදු ලෙස ‘දවල් බෲස්, රෑ වවුලා’ ක්‍රමේට තමන්ට හැකි අයුරින් තම රාජකාරිය ඉටු කරනවා.වොන්ඩ(ර්) වුමනුත් ලෝකයෙන් සැඟවෙලා ඩායානා ප්‍රින්ස් විදියට කාලය ගත කරනවා.ඔය අතරේ ලෝකයට තවත් බරපතල තර්ජණයක් ලඟම එන බව බෲස් වේන් දැනගන්නවා.මෙවර සතුරා එන්නේ යම් බලයක් ඇති මංජුසාවත් තුනක් සොයමින්. බෲස් වේන්, වොන්ඩ වුමන් ඇතුළු කණ්ඩායමක් එක්රැස් කරගෙන මේ තර්ජණයට එරෙහිව සටන් වැදීම තමයි චිත්‍රපටයේ අන්තර්ගත වෙන්නෙ.මීට වඩා කියන්න දෙයක් නෑනෙ.මෝකද මම දන්නවා මට වඩා හොඳ කොමික් රසිකයෝ ඉන්නවා ඕනෙතරම් , අපේ ඇඩ්මින් මණ්ඩලයත් ඇතුළුව.

එහෙනම් මීලඟට රූපවාහිනී කතාමාලාවකුත් බාරවෙලා තියනවා.බොහෝවිට මං ඊලඟට ඕගොල්ලන්ව හමුවෙන්නෙ එහි කොටසක උපසිරැසියකින් වෙන්න ඉඩ තියනවා.එහෙනම් ගිහින් එන්නම් සියලු දෙනාටම බොහොම ස්තූතියි.අපේ Subz LK අඩවියට, ඇඩ්මින් මණ්ඩලයට, සහෝදර උපසිරැසි කරුවන්ට ඕගොල්ලො ලබාදෙන සහයෝගය,ධෛර්යය ඉදිරියටත් ලබාදෙන්න කියා ආදරයෙන් ඉල්ලා සිටිමින්ම මම ගිහින් එන්නම්.අපි මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

(1) පිටපත ගැන :- මම මුලින් මේකට උපසිරැසිය කලේ  (HDTS) කැමරා පිටපතකට.ඒත් පළකිරීම සඳහා යවන්න ඔන්න මෙන්න තියෙද්දි HC-HDrip පිටපත් කීපයක් අන්තර්ජාලයට නිකුත් වුනා.මේ පිටපත් හැම එකකම වීඩියෝ තත්වය හොඳ මට්ටමක තිබුණත් ඕඩියෝ තත්වයනම් අසතුටුදායකයි.හේතුව යම් යම් ස්ථානවල ශබ්දය විකෘතිවීම් සහ Sync වීමේ ගැටලු තිබීම.කොහොමවුණත්ඒවායෙන් මම තෝරාගත්ත පිටපත 1080P එකක්, ප්‍රමාණය 1.22GB.මේකෙනම් Sync ගැටලුව නෑ.නමුත් යම් යම් ස්ථානවලදී ශබ්ද විකෘතිවීමේ ගැටලුව ඒ විදියටම තියනවා.ඒක ලොකු ගැටලුවකුත් නෙමෙයි හැබැයි.කැමති අය බාගන්න.ඉවසල ඉන්න පුළුවන්නම් වඩා හොඳයි.හොඳ තත්වයේ පිටපතක් ආව ගමන් යාවත්කාලීන කරන්නත් බලාපොරොත්තු වෙනවා.

(2) මෙන්න ස්ක්‍රීන්ෂොට්

(3) උපසිරැසිය :-

  • ASS උපසිරැසිය – හාඩ්කෝඩ් උපසිරැසිය ආවරණය වීමට පසුබිමක් යොදා ඇත.
  • SRT උපසිරැසිය – පසුබිමක් යොදා නැත.

Fueled by his restored faith in humanity and inspired by Superman’s selfless act, Bruce Wayne enlists newfound ally Diana Prince to face an even greater threat. Together, Batman and Wonder Woman work quickly to recruit a team to stand against this newly awakened enemy. Despite the formation of an unprecedented league of heroes — Batman, Wonder Woman, Aquaman, Cyborg and the Flash — it may be too late to save the planet from an assault of catastrophic proportions…

Available Torrents
3D bluray 1.92 GB
720p bluray 1.08 GB
1080p bluray 2.01 GB
2160p bluray 5.65 GB
720p web 879.76 MB
1080p web 1.82 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (96)
  • දමිත් Unregistered
    Windows 8 Chrome 57

    බොහොම ස්තුතියි හසිත ප්‍රසාද් සහෝ.
    හසිතගේ සබ් නම් එලකිරියටම ඇති.
    ආයෙ කියන්න දෙයක් නෑ.
    සිය වෙනි කඩඉමට මගෙන් උණුසුම් සුබ පැතුම්.
    ජය වේවා සහෝ.

  • Asitha Madusanka Expert Subtitler
    Windows 8.1 Opera 49

    සුබ පැතුම් යාලුවා ඔහොම යමු…

    • hasitha prasad Unregistered
      Windows XP Firefox 52

      බොහොම ස්තූතියි, අසිත 🙂 ඔබට උපසිරැසි කඩයිම් වෙත
      සාර්ථකව ලඟා වෙන්නට උණුසුම් සුභ පැතුම්.

  • Kasun Widusha User
    Windows 7 Maxthon 4.9

    Suba pethummmm 200 tath yamu ohommmama

  • Abcd Unregistered
    Android 7 Chrome 63

    Ammoohh. Oya deiyek???

  • KAVINDA GAMAGE Unregistered
    Windows 7 Chrome 57

    100 වෙනි සිංහල උපසිරැසියටත් සුබපැතුම්. මේ ෆිල්ම් එක එනකම් සැහෙන්න කාලයක් බලාගෙන හිටියා ඔබලා සැමදෙනෙක්ම අප සියලුමදෙනා වෙනුවෙන් ඉතා වටිනා උතුම් වූ සේවයක් ඒ ගැන කියන්න වචන නැහැ . දිගටම මේ වගේ සබ් අරගෙන එන්න කියලා සුබ පතනවා . අනේ සහෝ ඔයාලට පුලුවන්නම් flash , arrow , supergirl , dc legends of tomorrow , supernatural . වගේ ටීවී සිරිස් වල අලුත් සීසන් වලට සබ් දෙන්න පුලුවන්නම් එක අපි හැමෝම වෙනුවෙන් කරන ලොකු සේවයක් වගේම ලොකු පිනක් වෙනවා . අපි වගේ අය වෙනුවෙන් නොමිලේ කරන මේ සේවය වෙනුවෙන් ඔබ සැමට ගොඩක් ස්තුතියිවන්ත වෙනවා . ඔයාලා හැමෝටම බුදු සරණයි දේවි පිහිටයි .

  • Sajith Tharaka User
    Windows 10 Chrome 63

    අපි නම් BR Rip එක එනකන් බලන්නෙ නෑ 😀

  • mithun Unregistered
    Android 6 Chrome 58

    Congratulations සහෝ 100වෙනි උපසිරැසියට …කොටින්ම කිව්වොත් මෙ සබ් එල්කෙ සයිඩ් එකෙන් බලපු පලවෙනි උපසිරැසිය මාර්ශලැන්ඩ් .. එකත් මේ හසිතගෙනෙ බැලිත් නම්.. එතකොට තමා දන්නෙත් මේ වගෙ අලුත් වැඩක් ගැන.. එදා නම් ලොකු පැහැදිමක් ඇති උනා බොක්කට වැදුන ෆිල්ම් එකක් සුපිරි උපසිරැසි ගැන්විමක්.. එ ගැන මොකට කතාද භාෂාවකින් තොරව රස වින්දනය කියන දෙ අදුනගෙන චිත්‍රපට වලට උපසිරැසි කරන කෙනෙක් විදියටයි හසිතව දකින්නෙ ,, ඉදිරියටත් උපසිරැසි දෙන්න ශක්තිය ලැබේවා සියලුම දෙවල් සාර්ථක වේවා කියල පතනව … ?????

    • hasitha prasad Unregistered
      Windows XP Firefox 52

      හැමදාමත් දක්වන හෘදයාංගම ප්‍රතිචාරයට බොහොම ස්තූතියි, මිතුන් 🙂 ඔයත් මට හම්බවුණ හොඳ රසවින්දනයක්
      තියන අයගෙන් කෙනෙක්. සුභ නත්තල් දිනයක් වේවා ?

  • Gathsara Umesh Kumara User
    Android 7 Chrome 59

    Mulu lankawenm ayy thm mulinm dub ek dunnee…ekth 100 ghl..
    Biscpe ek hithgen inne eyl nthnm api wnsyi kiyl..pwu..eyl..
    Menn blndkoo dn subzlk la…niymyi..
    100 nwaththnn epaa 500 paskrnn ayee..oyt plwn..api inawa oya ekk..jyen jum wewaa…!!!?????

    • hasitha prasad Unregistered
      Windows XP Firefox 52

      බොහොම ස්තූතියි, මල්ලි 🙂 සුභ නත්තල් දිනයක් වේවා ?

  • Devinda Unregistered
    Windows 7 Chrome 63

    TY malli…Gdk Pin…Wish U All The Best…..

  • Madusha Unregistered
    Windows 10 Opera 49

    100 උපසිරැසියට මගෙනුත් සුබපැතුම් සහෝ.කරන උපසිරැසියට උපරිම අයුරින්
    සාදාරනයක් කරන ඒවගේම අප සැමගේ අදහස් වලට ගරුකරලා උපසිරසි
    ලබාදෙන උපසිරැසිකරුවෙක්.ඉදිරියටත් ගුණාත්මක උපසිරැසි නිර්මාණ කරන්න
    අවශ්‍ය කාලය,ශක්තිය වැඩියෙන් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
    බොහොම ස්තූතියි

    • hasitha prasad Unregistered
      Windows XP Firefox 52

      හැමදාමත් දක්වන හෘදයාංගම ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි, මධූෂ 🙂 Watchmen 2009, The Devils Backbone ( මේකට සබ් දෙන්නම් ලඟදිම ) වගේ මට මගහැරුණ ලස්සණ චිත්‍රපට කීපයක්ම මට පෙන්නුවෙ ඔයා.
      ඔබටත් සුභ නත්තල් දිනයක් වේවා ?

    • Madusha Unregistered
      Windows 10 Opera 49

      සහෝටත් සුභ නත්තලක්
      ජය!

  • Supernaturall Unregistered
    Android 6 Chrome 62

    Thank you

  • srimal Unregistered
    Android 7 Chrome 63

    sinhala sub karana ayata godak pin ☺☺☺☺☺☺

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search