Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • CANTONESE Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Action Varisu (2023) Sinhala Subtitle Action Ten (2005) Sinhala Subtitle Drama Saiyaara (2025) Sinhala Subtitle Drama 1920: Horrors of the Heart (2023) Sinhala Subtitle Drama Titanic (1997) Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E22] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E21] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E20] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E19] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E18] Sinhala Subtitle Action Varisu (2023) Sinhala Subtitle Action Ten (2005) Sinhala Subtitle Drama Saiyaara (2025) Sinhala Subtitle Drama 1920: Horrors of the Heart (2023) Sinhala Subtitle Drama Titanic (1997) Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E22] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E21] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E20] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E19] Sinhala Subtitle Comedy Young Sheldon (2017) [S01 : E18] Sinhala Subtitle
  1. Movies
  2. Action
  3. Justice League (2017) Sinhala Subtitle

Justice League (2017) Sinhala Subtitle

Justice League (2017) Sinhala Subtitle
Watch Now
Sinhala Subtitles

Justice League (2017) Sinhala Subtitle

HD
6
Justice League (2017) Sinhala Subtitle
HD
6 views
HD Quality
Sinhala Sub
Close
December 24, 2017 Hasitha Prasad | Junior Admin
IMDB RATING 7.2
GENRES
ActionAdventureEnglish MoviesfantasyGenresMovies
CAST

ben affleck, henry cavill, amy adams, gal gadot

ආයුබෝවන් අදත් අපේ Subz LK හිතවතුන් සියලුම දෙනාට.අදනම් ටිකක් විශේෂ උපසිරැසියක්.ඒකට හේතු දෙකක් තියනවා.එකක් මේ මගේ 100වන උපසිරැසිය.අනිත් කාරණය මේ DC කොමික්ස් රසිකයන් පුල පුලා බලාසිටි චිත්‍රපටයක්.මගේ 100වන උපසිරැසිය වෙනුවෙන් මේ චිත්‍රපටය මට බාර දුන්න දමිත්, කවීෂ, සමීර ඇතුළු අපේ ඇඩ්මින් මණ්ඩලයේ සියලු දෙනාට බොහොමත්ම ස්තූතියි.ඒකට විතරක්ම නෙමෙයි අඩවියට සම්බන්ධවූ දා සිටම මේ තරම් ලොකු  දුරක් එන්න  මට දුන්න ශක්තියටත්.ඔයගොල්ලන්ගෙ කැපවීම, ඉවසීම (මොකද සමහරවෙලාවට මගෙ අතින් උපසිරැසි ප්‍රමාද වෙනවා මම  හිතන්නෙ.එහෙම වුණත් කවදාවත් වචනයකින්වත් හිත රිද්දල නැ) සහ සහයෝගය නැත්නම්, අනිවාර්යයෙන්ම මට මේ තරම් දුරක් එන්න බෑ.ඒ වගේම නම් වශයෙන් නොකිව්වත් අපේ සහෝදර උපසිරැසිකරුවන් සියලු දෙනාටත් බොහොමත්ම ස්තූතියි ඕගොල්ලන්ගෙන් ලැබෙන සහයෝගයට.ඒ වගේමයි හැමදාමත් අපිව පොඩිමහරි වචනයකින් දිරිමත් කරන්නට කාරුණික වන Subz LK ප්‍රේක්ෂක (වචනෙ හරිද මන්ද) සියලු දෙනාටත් බෙහෙවින්ම ස්තූතියි.ඔබේ ඒ මහමෙරක් වගේ වචන කීපය අපට ලබාදෙන ශක්තිය වචනවලින් කියා නිමකරන්න බෑ.යමෙක් ප්‍රතිචාරයක් නොදැක්වූවා කියාත් හිතේ කිසිම තරහක් නෑ.උපසිරැසි කරන මුල්කාලයේනං ඒ නිසා යම් කලකිරීමක් වගේ දෙයක් හිතට දැනුනත් අදනම් ඒක එහෙම නෑ.මොකද ප්‍රතිචාර නොදැක්වීමටත් යම් සාධාරණ හේතු තිබෙන්නට පුළුවන් නිසා.අනිත් කාරණය ප්‍රතිචාර නොදැක්වූවත්, ඔබ අඩවියට පිවිසීම, ඔබේ එක් බාගත කරගැනීමක් පවා අඩවියට හා උපසිකරුවෙකුට ලොකු ශක්තියක්…

ඒ වගේම කියන්න ඕනේ ඕගොල්ලො මගෙන් යම්චිත්‍රපටවලට උපසිරැසිඉල්ලලත්, විවිධ හේතු නිසා මට ඒවා ලබාදෙන්න නොහැකිවෙලා තියනවා ගොඩක් අවස්ථාවල.ඒ හේතුවෙන් හෝ ප්‍රතිචාරයකට මම දක්වන පිළිතුරකින් හෝ වෙන මොනයම් හෝ හේතුවක් නිසා කාගෙහරි සිත් රිදීමක් ඇතිවී ඇත්නම් සමාවෙන්න කියලත් ඉල්ලා සිටිනවා.50 වෙනි උපසිරැසියටත් මං දිග හෑල්ලක් ලිව්ව නිසා 100වෙනි උපසිරැසිය එහෙම නොකර මම මේ කතාව මෙතනින් නවත්වලා චිත්‍රපටය පැත්තට යන්නම්…

Justice League (2017)

ජස්ටිස් ලීග් නොහොත් යුක්ති එකමුතුව අපි හමුවට එන ජස්ටිස් ලීග්  චිත්‍රපටය මේ වසරේ DC කොමික්ස් රසිකයන් බොහොම උනන්දුවෙන් පෙරමග බලාසිටි එකක්.IMDB අගය 7.1ක් ලබා ගත් මේ චිත්‍රපටයට Rotten Tomatos ලගෙන්නම් ලැබෙන්නෙ 41% ක වගේ අගයක් (කතාව පැත්තෙන් ගත්තම මේ අගය ලැබෙන්න සාධාරණ හේතු තියනවා).මෙහි අධ්‍යක්ෂණය ජනප්‍රිය අතිදක්ෂ අධ්‍යක්ෂ Zack Snyder මහතාගෙන්.කෙසේවෙතත් මෙම වසරේ මාර්තු 17වන දින සිදුවූ තම දියණියගේ අවාසනාවන්ත සියදිවිනසාගැනීම නිසා ඔහු චිත්‍රපටයෙන් ඉවත්වන්නට තීරණය කල අතර ඉන්පසු මෙහි අවසන් අදියරේ අධ්‍යක්ෂණ කටයුතු කර තිබෙන්නේ Joss Whedon විසින්.රංගනයෙන් දායක වෙන්නෙ සුපුරුදු විදියට Ben Afleck (බැට්මෑන්), Gal Gadot ( වොන්ඩ(ර්)වුමන්), Amy Adams (ලොයිස් ලේන්), Jeremy Irons ( ඇල්ෆ්‍රඩ් ), Jason Mamoa (ඇක්වාමෑන්/දියමිනිසා), Erza Miller (බැරී ඇලන්/ෆ්ලෑෂ්), Ray Fisher (වික්ටර් ස්ටෝන්) වගේ රංගන ශිල්පි ශිල්පිනියන් පෙළක්.කොහොමවුණත් මෙහි අධ්‍යක්ෂණ කාර්යය බෙන් ඇෆ්ලෙක්ට බාරදෙන්නත් මුලදි යම් අදහසක් තිබිල තියනවා.ඉන්පසු අධ්‍යක්ෂණ බාරවූ Zack Snyder මහතා චිත්‍රපටයේ රූගත කිරීම් කරල තියෙන්නෙ වික්ටර් ස්ටෝන් ( සයිබෝග්වරයා)  මූලික කරගෙන චිත්‍රපටය දිවෙන ආකරයට.නමුත් Joss Wheldon විසින් ඒ රූපරාමු සෑහෙන ප්‍රමාණයක් චිත්‍රපටයෙන් ඉවත්කරන්නට කටයුතු කර තිබෙන අතර සංගීත අධ්‍යක්ෂණ කාර්යය සඳහා Zack මහතා තෝරාගෙන සිටි Junkie XLවත් එම කාර්යයෙන් ඉවත් කර තිබෙනවා.දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට…

සුපර්මෑන්ගේ මරණය නිසා මේ වනවිට ලෝකයා තම ආරක්ෂාව ගැන යම් සැකයකින් ඉන්නේ.බැට්මෑනුත් සුපුරුදු ලෙස ‘දවල් බෲස්, රෑ වවුලා’ ක්‍රමේට තමන්ට හැකි අයුරින් තම රාජකාරිය ඉටු කරනවා.වොන්ඩ(ර්) වුමනුත් ලෝකයෙන් සැඟවෙලා ඩායානා ප්‍රින්ස් විදියට කාලය ගත කරනවා.ඔය අතරේ ලෝකයට තවත් බරපතල තර්ජණයක් ලඟම එන බව බෲස් වේන් දැනගන්නවා.මෙවර සතුරා එන්නේ යම් බලයක් ඇති මංජුසාවත් තුනක් සොයමින්. බෲස් වේන්, වොන්ඩ වුමන් ඇතුළු කණ්ඩායමක් එක්රැස් කරගෙන මේ තර්ජණයට එරෙහිව සටන් වැදීම තමයි චිත්‍රපටයේ අන්තර්ගත වෙන්නෙ.මීට වඩා කියන්න දෙයක් නෑනෙ.මෝකද මම දන්නවා මට වඩා හොඳ කොමික් රසිකයෝ ඉන්නවා ඕනෙතරම් , අපේ ඇඩ්මින් මණ්ඩලයත් ඇතුළුව.

එහෙනම් මීලඟට රූපවාහිනී කතාමාලාවකුත් බාරවෙලා තියනවා.බොහෝවිට මං ඊලඟට ඕගොල්ලන්ව හමුවෙන්නෙ එහි කොටසක උපසිරැසියකින් වෙන්න ඉඩ තියනවා.එහෙනම් ගිහින් එන්නම් සියලු දෙනාටම බොහොම ස්තූතියි.අපේ Subz LK අඩවියට, ඇඩ්මින් මණ්ඩලයට, සහෝදර උපසිරැසි කරුවන්ට ඕගොල්ලො ලබාදෙන සහයෝගය,ධෛර්යය ඉදිරියටත් ලබාදෙන්න කියා ආදරයෙන් ඉල්ලා සිටිමින්ම මම ගිහින් එන්නම්.අපි මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

(1) පිටපත ගැන :- මම මුලින් මේකට උපසිරැසිය කලේ  (HDTS) කැමරා පිටපතකට.ඒත් පළකිරීම සඳහා යවන්න ඔන්න මෙන්න තියෙද්දි HC-HDrip පිටපත් කීපයක් අන්තර්ජාලයට නිකුත් වුනා.මේ පිටපත් හැම එකකම වීඩියෝ තත්වය හොඳ මට්ටමක තිබුණත් ඕඩියෝ තත්වයනම් අසතුටුදායකයි.හේතුව යම් යම් ස්ථානවල ශබ්දය විකෘතිවීම් සහ Sync වීමේ ගැටලු තිබීම.කොහොමවුණත්ඒවායෙන් මම තෝරාගත්ත පිටපත 1080P එකක්, ප්‍රමාණය 1.22GB.මේකෙනම් Sync ගැටලුව නෑ.නමුත් යම් යම් ස්ථානවලදී ශබ්ද විකෘතිවීමේ ගැටලුව ඒ විදියටම තියනවා.ඒක ලොකු ගැටලුවකුත් නෙමෙයි හැබැයි.කැමති අය බාගන්න.ඉවසල ඉන්න පුළුවන්නම් වඩා හොඳයි.හොඳ තත්වයේ පිටපතක් ආව ගමන් යාවත්කාලීන කරන්නත් බලාපොරොත්තු වෙනවා.

(2) මෙන්න ස්ක්‍රීන්ෂොට්

(3) උපසිරැසිය :-

  • ASS උපසිරැසිය – හාඩ්කෝඩ් උපසිරැසිය ආවරණය වීමට පසුබිමක් යොදා ඇත.
  • SRT උපසිරැසිය – පසුබිමක් යොදා නැත.

Fueled by his restored faith in humanity and inspired by Superman’s selfless act, Bruce Wayne enlists newfound ally Diana Prince to face an even greater threat. Together, Batman and Wonder Woman work quickly to recruit a team to stand against this newly awakened enemy. Despite the formation of an unprecedented league of heroes — Batman, Wonder Woman, Aquaman, Cyborg and the Flash — it may be too late to save the planet from an assault of catastrophic proportions…

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය සහ වීඩියෝව බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
32210 වාරයක්
Available Torrents
3D bluray 1.92 GB
GET
720p bluray 1.08 GB
GET
1080p bluray 2.01 GB
GET
2160p bluray 5.65 GB
GET
720p web 879.76 MB
GET
1080p web 1.82 GB
GET
Discussion (96)
← Older
Newer →
  • KANTHA Unregistered
    Windows 7 Firefox 54
    2017-12-24

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–
    ………….100 උපසිරැසියට සුබපැතුම්…………

    Reply
    • hasitha prasad Unregistered
      Windows XP Firefox 52
      2017-12-25

      හැමදාමත් දක්වන ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි, Kantha 🙂

  • Lakshan Sameera Expert Subtitler
    Windows 7 Firefox 57
    2017-12-24

    හසිත සහෝගේ 100 වෙනි සබ් එක මොකක් වෙයිද කියලා බලාගෙනයි හිටියේ…මාත් තාම මේ ෆිල්ම් එක බැලුවෙ නෑ දැන් ඉතින් හසිත සහෝගේ සබ් එකත් එක්කම බලන්න පුලුවන්…ඉතින් හසිත සහෝ ඔයාගේ 100 වෙනි උපසිරැසියට හදවතින්ම සුබපතනවා… ඇත්තටම කිව්වොත් හසිත සහෝගේ සබ්, උපසිරැසියකට වඩා එහා ගියපු එකක්… ඔයාගේ සබ් වලින් අපිටත් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා…ඒවගේම හසිත සහෝගේ සබ් වල පිල්ලමකවත් වැරැද්දක් නෑ…ඒතරම් සැලකිලිමත්ව එයා සබ් එක හදනවා….ඉතින් මින් ඉදිරියටත් මේ විදියට හොඳ උපසිරැසි නිර්මාණය කරන්න හැකියාව,ශක්තිය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!!!
    🙂 😉 🙂

    Reply
    • hasitha prasad Unregistered
      Windows XP Firefox 52
      2017-12-25

      බොහොම ස්තූතියි, ලක්ෂාන් 🙂 ඔබටත් උපසිරැසි කඩයිම් වෙත සාර්ථකව ලඟාවෙන්න උණුසුම් සුභ පැතුම්.
      ඒ වගේම සුභ නත්තලක් වේවා ?

    • hasitha prasad Unregistered
      Windows XP Firefox 52
      2017-12-26

      බොහොම ස්තූතියි, ලක්ෂාන් 🙂 ඔබටත් උපසිරැසි කඩයිම් සාර්ථකව පසුකරන්නට උණුසුම් සුභ පැතුම්
      ඒ වගේම සුභ නත්තලක් වේවා ?

  • losaka Unregistered
    Windows 10 Chrome 63
    2017-12-24

    Justice League 2017 මුලින්ම සිංහල සබි දිලා තියෙන්නේ ඔයා හසිත ප්‍රසාද් සහෝ ජය වෙිවා

    Reply
  • Sdeepa Harshana Unregistered
    Android 6 Chrome 52
    2017-12-24

    Sub akata thanks.
    100 weni uparesiyata mage unusum suba pethum!

    Reply
  • Isuru Dhananjaya User
    Windows 7 Chrome 63
    2017-12-24

    pattamai machn godak thanx enakn asawen balan idapu film ekak thamai,aluthen release wena box office hema ekatama mulinma sub denawata godak thanxx oyalata..api innawa hemadama… oyage 100 weni sub ekata suba pathanawa good luck machn

    Reply
  • Dilan Maduranga User
    Windows 10 Chrome 63
    2017-12-24

    thanks bro

    Reply
  • Dex Unregistered
    Android 7 Chrome 63
    2017-12-24

    Thanks bro

    Reply
  • මාලින්ද Unregistered
    Windows 10 Chrome 63
    2017-12-24

    Thank you. 🙂

    Reply
  • Kasun Unregistered
    Windows 8.1 Chrome 63
    2017-12-24

    අන්න විලි ලැජ්ජාවක් නැතුව ආපහු tv show sub දෙන්නේ නෑ කීව්ව උන් ආපහු වැඩේ පටන් ඇරගෙන.ඒකෙන් අපිට වැඩක් නෑ.උඹලා එක්ක අපි දිගටම ඉන්නවා.සයිට් එක slow කරගන්නේ නැතුව මෙහෙම ඉසරහට කරගෙන යන්න.ජය වේවා!

    Reply
    • Subhash pushpakumara Unregistered
      Android 5 Chrome 61
      2017-12-26

      Ethi ubata moko.. web site 2ma ediriyata yamu..

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 63
    2017-12-24

    මගේ පලවෙනි කැමති උපසිරස් කරු(අනිත් අය තරහා වෙන්න එපා ) පල වෙනි 50 වෙනි උපසිරැස. පලවෙනි 100 වෙනි උපසිරැස..මම එහෙම awards හසිත ට දුන්නා නම් ..මට වෙනම වෙබ් එකක් හදන්න වෙනවා ..හසිත වෙනුවෙන් ..අද මට project proposal තිබුන දවසක් ගෙදර එනකොටම රෑ 9 ත් පහු වෙලා ..එතින් දුවලා ආවා ..මේකටම කොමෙන්ට් එකක් දාන්නම .හසිත තමයි මම මුලින්ම වෙබ් අඩවියට ගත්ත කෙනා .එක අද වෙනකං එයා වත් දන්නේ නැහැ ..subz lk එකේ 1/7 තියෙන්නේ හසිතගේ උපසිරැස ..2017 වගේ නෙවෙයි 2016 අමාරු කාලයක් තිබ්බේ .හොද කොමෙන්ට් වලට වඩා බැනුම් තමා ගොඩක් තිබ්බේ .ඒවා එකකින් වත් සැලුනේ නැති කෙනෙක් .ඒ කියන්නේ ඇත්ත ජීවිතෙත් හොද නිහතමානී කෙනෙක් ..

    Reply
    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 63
      2017-12-24

      .මම වෙබ් එකේ front end එකට වඩා back end එකේ තමා වැඩි පුර ඉන්නේ .එතින් ගොඩක් හසිත එක්ක ගනුදෙනු කරන්න බැරි උනාට හසිතගේ හැම උපසිරසක් ම හැම කොමෙන්ට් එකක් ම මම කියවල තියෙනවා .ඒ අතරින් .මම දැකපු විශේෂ දෙයක් තියෙනවා .ඒ හසිත උපසිරස් කරුවෙක්ද ? නැත්නම් විචාරකයෙක්ද ? කියන පශ්නය ..ඒ වගේම sam fisher වාගේ විචාරක බුද්දිය තියෙන රසිකයන් පිරිසක් වෙනම හසිතට ඉන්නවා ..මම 50 වෙනි උපසිරසේදී කිව්වා වගේම English වලට සිමා උන උපසිරැසි කරණය අද වෙනකොට වෙනත් මානයකට ගිහින් ඉවරයි..ජපන්.කැනඩා ,ඩෙන්මාර්ක් වගේ රට වල උපසිරැස් ආවා ..ඒ ආවේ හසිත කර විප්ලවයෙන් .. ඒවගේම ලිපි ..වෙනස් විදියේ ඒවා දැන් අපේ උපසිරස් කරන සහෝදරයෝ කරනවා ..බලන්න ආසයි ඒවා .ලිපි ඉදිරිපත් කිරීමත් ..වෙනස් විදියේ හැකියාවන් පිරිණු උපසිරස් කරන අය ඉන්නවා ..මේ සේරම පටන් ගත්තේ හසිත ගෙන් ..සුබ පැතුම් මාගෙන් සහෝ …”you are always full of surprises”

    • hasitha prasad Unregistered
      Windows XP Firefox 52
      2017-12-25

      ඇත්තටම ? මමද ෆස්ට් මෙම්බර්? අදනෙ ඒක දැනගත්තෙ. ඒ වගේම මම අද උපසිරැසි පැත්තෙන් යම් තැනක ඉන්නවනම්, කඩයිමකට ලඟාවෙනවානම්, ඒ සියල්ලගේම ගෞරවය හිමිවෙන්න ඕනෙ ඔයාටයි, දමිත්. මම ඔයාට කියල තියනවනෙ, ලංකාවෙ ප්‍රධානම උපසිරැසි අඩවියකින් මම කල ඉල්ලීමට අවම වශයෙන් පිළිතුරු ඊමේල් එකක්වත් ලැබුණෙ නෑ . ඉන් කාලෙකට පස්සෙ Subzlk ගැන දැනගෙන ඔයාට මේල් එකක් දැම්මෙත් නිකමට වගේ.හැබැයි මම නොහිතපු විදියට ඒකට පිළිතුරු මේල් එකක් ආවම මටත් හිතාගන්න බැරිවුණා. ඔයා මාව Subzlk අඩවියට සම්බන්ධ කර නොගන්න හසිත කියල උපසිරැසිකරුවෙක් අද නෑ. ඒ ගැන දහස්වාරයක් ස්තූතියි. ඔබටත් සුම සුභ නත්තලක් වේවා,දමිත් ?

    • hasitha prasad Unregistered
      Windows XP Firefox 52
      2017-12-25

      PS: විචාර බුද්ධිය අතින් Sam fisher ඉස්සරහ මම අඟුටුමිට්ටෙක්.
      එයා චිත්‍රපටයක් තුලින් මට වඩා ගොඩක් දේ දකිනවා. ඒක හරි වටින දෙයක්.

    • mismo pescador Unregistered
      Android 5.1 Chrome 63
      2017-12-25

      මෙතනදි ඇත්තටම උනෙ මම පිස්සු විකාර post කරද්දි ඔයාල මට එකට ඉඩදුන්න එක විතරයි??.

    • hasitha prasad Unregistered
      Windows XP Firefox 52
      2017-12-26

      පිස්සු විකාර නෙමෙයි, මං ඔයාගෙ කමෙන්ට් එකක් කියවන්නෙ හරිම ආසාවෙන්.ඒව මාර ක්‍රියේටිව්.

    • sam fisher Unregistered
      Android 5.1 Chrome 63
      2017-12-26

      ????????????????????

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 7 Chrome 63
      2017-12-26

      ඒවාට පිස්සු විකාර කිව්වොත් එතින් අපිට පිස්සු ..කතාවේ පොඩි පොඩි වචන වල පාවා අදහස් හසිත හොයලා දෙනවා ..sam fisher කතාව බලලා එකේ අදහස වාගේම එකෙන් එයා දකින දේ post කරනවා …අන්න එක ගොඩක් වටිනවා ..

    • Sam fisher Unregistered
      Android 5.1 Chrome 63
      2017-12-27

      thanks man

  • Uma Unregistered
    Android 5 Samsung Browser 6.2
    2017-12-25

    කොල්ලනේ දිගටම උපසිරැසි ඕන ජය.. ??

    Reply
  • silentS Unregistered
    Windows 10 Chrome 63
    2017-12-25

    Congtzzzzzzzzzzzzzzz

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 245
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 177
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved