Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Action
  3. Kidnap (2017) Sinhala Subtitle

Kidnap (2017) Sinhala Subtitle

May 27, 2017 Hasitha Prasad | Junior Admin
IMDB RATING 5.9
GENRES
ActionCrimeDramaEnglish MoviesGenresMovies
CAST

halle berry, sage correa, chris mcginn, lew temple

අද Subz LK අපට ඉමහත් සතුටු දවසක්.ඒ මක්නිසාද කියනවනම් අප අඩවියේ සාමාජිකයෙක් වන හසිත ප්‍රසාද් සහෝගේ සාර්ථක සිංහල උපසිරැසි 50 කඩයිම අද පසු කරනු ලැබුවා! විශේෂයෙන්ම කියන්න ඕනේ මේ තමයි කෙනෙක් අප අඩවියේ උපසිරැසි කඩයිමකට පැමිණි ප්‍රථම වතාව.මේ අවස්තාව හසිත සහෝට වගේම, අඩවියේ අනිකුත් සියලු දෙනාටම ඉතාමත් සතුටු දායක දෙයක් වුනා.එම නිසා මෙම විශේෂ ලිපිය පල කරන්න හිතුවා! Subz LK සියලුම සාමාජිකයන් වෙනුවෙන් ඇඩ්මින් මඩුල්ල විදියට අපි හසිත සහෝගේ ඉදිරි වැඩකටයුතු සහ සියලුම දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ඔහුගේ උපසිරැසි ජීවිතය තව තවත් විශාල වූ කඩයිම් පසු කරමින් ඉදිරියටම යන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

අද අපි නිහතමානීව යම්කිසි සතුටක් ලැබුවත් අද වන විට රටේ උත්ගත වෙලා තියෙන තත්වයනම් එතරම් සතුටු දායක එකක් නෙවෙයි.ලක්ෂ ගණන් අපේම ජනතාව අද අවතැන් වෙලා දේපල අහිමි වෙලා, ජීවිත අහිමි වෙලා, සමහරු අතුරුදන් වෙලා, අනාත කදවුරු වල දුක්විදිමින් පසුවෙනවා, තත්වය අති සෝචනීයයි.ඒ සදහා Subz LK කණ්ඩායමේ කණගාටුවද පල කරන ගමන්, ඒ පීඩාවට පත්වෙලා ඉන්න ජනතාවට් සහනයක් වෙන්නට ඔබට  කරන්නට හැකි උපරිම දේ කරලා ඔවුන්ට උදව් කරන්න කියලා කාරුණික ආරාධනයක් කරන්න කැමති!

අද 2017 වසරේ මැයි 27 අද මට ගොඩක් විශේෂ දවසක් ඒ තමයි මම Subz LK අඩවිය වෙනුවෙන් කරන 50වන උපසිරැසිය විදියට Kidnap (2017) චිත්‍රපටය ඉදිරිපත් කරන දිනය අද වීම.මම මේ දිනවල TV සීරීස් දෙකකට හිරවෙලා හිටියත් අපේ ඇඩ්මින් මඩුල්ල මට කිව්ව මේක ඔයාගෙ 50 වන උපසිරැසිය නිසා ඒ වෙනුවෙන් හොඳ ෆිල්ම් එකකට සබ් කරන්න කියල.ඉතින් ඒ වෙනුවෙන් දමිත්, කවීෂ , සමීර ඇතුළු අපේ ඇඩ්මින් මඩුල්ලට මගේ හදපිරි ස්තූතිය. Subz LK සමගින් මේ දක්වා පැමිණි උපසිරැසි ජීවිතය ගැන කියන්න ගොඩක් දේ තියනවා මම පටන් ගන්නම් මෙහෙම…

පසුගිය වසරේදි Subz LK වෙබ් අඩවිය ගැන දැනගන්නකම්ම මම නිකම්ම නිකම් විනෝදෙට උපසිරැසි කල කෙනෙක්.ඒ කල උපසිරැසි Subscene වෙබ් අඩවියට අප්ලෝඩ් කරපු එක තමයි මම විනෝදෙට කලේ (එක්තරා ලාංකික අඩවියකින් ඉල්ලීමක් කලත් එයට ප්‍රතිචාරයක් ලැබුණේ නෑ)…ඔය අතරෙදි තමයි මට Subz LK ගැන දැනගන්න ලැබෙන්නෙ.මම හිතන්නෙ 2016 ඔක්තෝබර් මාසෙ වගේ තමයි මට මතක.ඉතින් මම මං කරපු උපසිරැසි එකතුවකුත් තිබුණ නිසා (මේතරම් ඉක්මනට 50 කඩයිමට ලඟාවෙන්න හේතුවත් ඒකයි)…Subz LK අඩවියට ඒව ඉදිරිපත් කරල ඉල්ලීමක්  කලා.ඉතින් එදාම Subz LK අඩවියෙන් මට පෙරළා ඊමේල් එකක් ලැබුණා මාව අඩවියට සම්බන්ධ කරගන්නා බවට.ඒ අපේ දමිත් ප්‍රියංකර සහෝදරයගෙන.ඔහුගෙන් ලැබුණ ඒ කාරුණික ප්‍රතිචාරය තමයි අද මට මේතරම් දුරක් ඒමට ලැබුණ ආරම්භය.ඉතින් ජායාරූපයකින් පමණක් දැක ඇති කිසිදිනෙක හැබැහින් හමුවී නැති දමිත් ප්‍රියංකර  ඔබට බෙහෙවින්ම ස්තූතියි ඒ වෙනුවෙන් (දමිත් මේ දවස්වල නිහඬයි)…අනේ මන්ද ඇයි කියල.ඉන් පස්සෙ තමයි මට කවීෂ මෙත්රුවන් සහෝදරයව හම්බවෙන්නෙ.අද වෙද්දි මාත් එක්ක වැඩිපුරම ගණුදෙනු කරන්නෙ කවීෂ.කවීෂ ගැන කියනවනම් කවීෂත් දමිත් වගේම  අඩවිය වෙනුවෙන් සෑහෙන මහන්සියක් වෙන කෙනෙක් කියල මම දන්නවා.සමහරවෙලාවට මම උදේ 2:00 ට 3:00ට යවන ඊමේල් වලටත් එවෙලෙම රිප්ලයි එනවා.ඒ කියන්නෙ නිදිමරාගෙන අඩවිය වෙනුවෙන් කැපවෙන කෙනෙක් ඔහු.තව එක්කෙනෙක් ඉන්නවා ඒ තමයි සමීර ඉඳුනිල් ඔහුත් විටින් විට මාත් එක්ක ගණුදෙනු කරනවා.මේ කට්ටියගෙ මම දකින විශේෂත්වය තමයි කටයුතු කිරීමට තිබෙන පහසුව.මගෙ අතින් උපසිරැසියක් ප්‍රමාද වුණත් කවදාවත් වචනයකින්වත් හිත රිද්දල නෑ.ඒ වගේ පිරිසක් සිටින අඩවියකට උපසිරැසි කිරීමට ලැබීමත් ලොකු වාසනාවක් විදියටයි මම සලකන්නෙ.ඒ හැමදෙයක්මත් උපසිරැසි කරන අපිට දක්වන සහය වෙනුවෙනුත් ඔයගොල්ලො හැමෝටම මම හිස නමා ආචාර කරනවා.ඒ වගේම කොහොමහරි උපසිරැසි ශතකය සම්පූර්ණ කරන්නත් ලොකු ආසාවක් තියනවා…

ඒ වගේමයි  තව මතක් කරන්නම ඕනෙ අපේ අඩවියට පිවිසෙන ප්‍රේක්ෂක පිරිසවත්.ඕගොල්ලන්ගෙ අදහස් හා යෝජනා චෝදනාවලින් ලැබෙන ශක්තිය තමයි අඩවියට සහ අපිට තියෙන ලොකුම ශක්තිය.අවංකවම අපේ මහන්සියට ප්‍රේක්ෂක ඔබෙන් ලැබෙන පුංචිම පුංචි ප්‍රතිචාරයත් වචනයෙන් කියන්න බැරිතරම් ලොකු හයියක්.උපසිරැසියක් කරන්න කම්මැලි හිතුණ වෙලාවට පරණ උපසිරැසියකට ලැබුණ ප්‍රතිචාර කියෙව්වහම ඒ කම්මැලිකම ඉබේම නැතිවෙලා යනවා.ඇත්තටම මම ඇතුළු අපේ සහෝදර උපසිරැසිකරුවන්ටත් අඩවියටත් ලැබෙන එකම ප්‍රතිලාභය ඔබේ ඒ කාරුණික ප්‍රතිචාරය විතරමයි.ඉතින් අපේ මහන්සියට වදනකින් හෝ උපකාර කල නොකල Subz LK ප්‍රේක්ෂක ඔබටත් මම හිසනමා ආචාර කරන ගමන් ඉදිරියටත් අපිත්  එක්කම රැඳී ඉන්න කියලත් ආරාධනා කරනවා.ඒ අතරේ තව මතක් කරන්නම ඕනෙ උපසිරසිකරණයට මගෙ මල්ලි ඇතුළු අපේ පවුලෙ අයගෙන් ලැබෙන සහයත්. ඉතින් ඒ අයටත් මගේ හදපිරි ස්තූතිය.

කවීෂ සහෝදරයගෙ ඉල්ලීම නිසාම මං මම ගැනත් ටිකක් කියන්නම්.මම රථවාහන ක්ෂේත්‍රයේ පොඩි රැකියාවක් කරන සාමාන්‍ය කෙනෙක්.කාටවත් කරදරයක් නැති පාඩුවෙ ඉන්න චරිතයක්.අපේ මල්ලිගෙ භාෂාවෙන් කියනවනම් මම ෆිල්ම් පිස්සෙක්.මම චිත්‍රපට නරඹන්න පුරුදුවුණේ 4 වසරෙ විතර ඉඳන්.ඒ රූපවාහිනියෙන්.ඒකාලෙත් මගේ ඒ පුරුද්දට අම්ම තාත්තගෙන් කිසිම බාධාවක් තිබුණෙ නෑ.ඒ අවසරයෙන් පටන්ගත්ත ඒ පිස්සුව VHS වලින් CD වලටත් CD වලින් DVD වලට මාරුවෙලා අද ටොරන්ට් දක්වා දිග ගමනක් ඇවිත් තිබුණත් ඒ පිස්සුව අදටත් එහෙමමයි.එතනින් පටන්ගත්ත දේ තමයි අද වෙනකොට උපසිරැසිකරණය දක්වා ඇවිත් තියෙන්නෙත්.මේකත් ඉතින් පිස්සුවක් තමයි උපසිරැසි කරන්න පටන්ගත්ත කියන්නෙ වැඩේ කොච්චර අමාරුවුණත් අතාරින්න හිතෙන්නෙ නැති අමුතුම අත්දැකීමක්.ඉතින් එච්චර තමයි මගේ විස්තර…

අවසන් වශයෙන් මතක් කරන්න ඕනෙ අපේ සහෝදර උපසිරසිකරුවන්වත්.ඔබේ උනන්දුව සහ කැපවීමත් නිසයි මේ අඩවිය මේතරම් දුරක් එන්නේ.ඒ වගේම උපසිරැසි කිරීමට උනන්දුව සහ හැකියාව තියන අයට Subz LK සමග එක්වෙන්න කියලත් ආරාධනා කරනවා.මොකද මිත්‍රශීලි ඇඩ්මින් මඩුල්ලකින් සමන්විත මේ අඩවිය ඔබට නිදහසේ උපසිරැසි කරන්න ලැබෙන හොඳම අවස්ථාවක්.ඒ වගේම  උපසිරැසිකරණය කියන්නෙ තමන්ගෙ ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්න තියන හොඳම අවස්ථාවලින් එකක්.Subz LK අඩවියටත් දමිත් , කවීෂ , සමීර ඇතුළු ඇඩ්මින්වරුන්ටත් අපේ සහෝදර උපසිරැසිකරුවන්ටත් Subz LK ප්‍රේක්ෂක ඔබටත් පාසල් කාලයේ ඉංග්‍රීසිය ගැන කිසිම තේරුමක් නොතිබුණ අපිට උපසිරැසි සහ හඬ කෑවීම් මගින් වටිනා විදේශීය නිර්මාණ පෙන්වා අපේ රසාස්වාදය අවදිකල ටයිටස් තොටවත්ත මහතාටත් අපිට ඉංග්‍රීසි උපසිරැසි සපයන Subscene අඩවියටත් කිසිදාක අපේ සිනමාශාලා (දකින්නට වරම් නොලැබූ නොලබන උසස් චිත්‍රපට අපට දකින්නට සැලැස්වූ අදටත් සලස්වන ටොරන්ට් අඩවිවලටත්  ස්තූති කරමින්ම මම නවතින්නම්.උපසිරැසි නිර්මාණය සම්බන්ධව මොනවමහරි ගැටලුවක් තියනම් මට මේල් එකක් දාන්න.දන්න දෙයක්නම් අනිවාර්යයෙන්ම කියාදෙන්නම්).මගේ මේල් එක (Hasithaprasad867@gmail.com)

Kidnap (2017)

සෑහෙන දවසකට පස්සෙ ෆිල්ම් එකක් කරන්න අවස්ථාවක් ලැබුනා.ඒ මගේ 50 වෙනි උපසිරැසිය වෙනුවෙන්.ඒ වෙනුවෙන් බොහොමත්ම ස්තූතියි දමිත්, කවීෂ හා සමීර ඇතුළු අපේ Subz LK ඇඩ්මින් මඩුල්ලට.ඔවුන් මට මගෙ අනිත් වැඩ සේරම අත ඇරල මේ වෙනුවෙන් හොඳ ෆිල්ම් එකක් තෝරගන්න මට පූර්ණ නිදහස දුන්නා…

මේ ෆිල්ම් එක ගැන කියනවනම් මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ ලුයිස් ප්‍රීටො (Luis Prieto), රචනය සහ තිර රචනය නේට් ලී (Knate Lee)ගෙන්.රංගනයෙන් දායක වෙන්නෙ හැලී බෙරී (Halle Berry) , ඩානා ගරියර් (Dana Gourrier) සහ ක්‍රිස්ටෝෆර් බෙරී (Christopher Berry) ඇතුළු නළුනිළි පිරිසක්.IMDB අගය 6.7 ක් ලබාගත් මේ ෆිල්ම් එකට ගූගල් පරිශීලකයින් 91% ක ප්‍රසාදයත් හිමිවී තිබෙනවා.මේක IMDB වලදි රේට් කරල තියෙන්නෙ R  කියල වුණත් පවුලේ සැමට නරඹන්න පුළුවන් කිසි ගැටලුවක් නෑ…

කතාව ගැන කියනවනම් ක්ලාරා ඩයිසන් කියන්නෙ එක්දරු මවක්.ඇයට ඉන්නෙ  වයස 6ක් වන පුංචි පුතෙක්.එයා තමයි ක්ලාරගෙ මුළු ජීවිතේම.ක්ලාරා වැඩ කරන්නෙ වේටර්වරියක් විදියට.ඉතිං දවසක ඇය තමන්ගේ පුතාව ළමා උයනකට එක්ක යන්නෙ පුතාගෙ බලවත් පෙරැත්තය මත.ඒත් තමන්ගේ ජීවිතේ එකම සතුට යම් දුෂ්ඨ මිනිසෙක් විසින් පැහැරගෙන යනවා දකින්නට තරම් ඇය අවාසනාවන්ත වෙනවා.හැබැයි ඇය නිකම් ඉන්නෙ නෑ.තමන්ගේ එකම දරුවාව පැහැරගෙන යන තැනැත්තා පිටුපස ඇය ලුහුබැඳ යනවා.පොඩි දුරකුත් නෙමෙයි සෑහෙන දුරක්.මේ කතාව වැඩි විස්තර කලොත් තේරුමක් නැති නිසා මම මෙතනින් නවතින්නම්.අවසන් වෙනකම් කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක් මේකත්.ඒ වගේමයි මේ දක්වා Subz LK අඩවියට , මට, අපේ සියලුම සාමාජිකයින්ට වචනයකින් හෝ උදවු උපකාර කල සියලුම දෙනාට ස්තූති කරන ගමන් මම ගිහින් එන්නම්…තවත් උපසිරැසියකින් හමුවෙමු!!!

Spoiler Warning : A frantic woman (Halle Berry) embarks on a high-speed car chase to save her kidnapped son (Sage Correa)…

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
7441 වාරයක්
Movie Trailer
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 704.08 MB x264
▲7 · ▼0
Magnet GET
1080p bluray 1.45 GB x264
▲8 · ▼4
Magnet GET
Discussion (55)
Newer →
  • Hiru Sandaru Unregistered
    Android 4.4 Facebook App 39
    2017-05-28

    50 sub akat sub pethum hasita..a wagema sub akatath thanks… jaya..!!!!

    Reply
    • hasitha Unregistered
      Windows 7 Firefox 53
      2017-05-28

      Thank you very much, Hiru!!

  • Lakshan Sameera Expert Subtitler
    Windows 7 Chrome 55
    2017-05-28

    හසිත සහෝගේ 50 වෙනි උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුබ පතනවා!
    තවත් මේ වගේ සබ් ගොඩක් කරන්න ඔයාට හැකියාව,ශක්තිය,ධෛර්යය ලැබේවා
    කියලා ප්‍රාර්ථනා කරනවා!
    ජයවේවා!!! 🙂

    Reply
    • hasitha Unregistered
      Windows 7 Firefox 53
      2017-05-28

      Thank you very much, Lakshan!

  • සුමින්ද ලක්ෂාන් Unregistered
    Android 4.4 Chrome 40
    2017-05-28

    හසිත සහෝගේ 50 වැනි උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුබ පතනවා.ෆිල්ම් එකත් පට්ටටම ඇති කියලා හිතනවා..

    Reply
    • hasitha Unregistered
      Windows 7 Firefox 53
      2017-05-28

      Thanks suminda!

  • Gihan Unregistered
    Java Platform Opera Mini 8
    2017-05-28

    50 වෙනි උපසිරැසි
    නිර්මාණයට
    හදවතින්ම සුබ
    පතනවා….

    Reply
    • hasitha Unregistered
      Windows 7 Firefox 53
      2017-05-28

      Thank you very much, Gihan!

  • Madawa Mihiranga Unregistered
    Android 5.1 Facebook App 42
    2017-05-28

    Thanks bn sub ekta…. ee wagema 50 srayak api wenuwen wehesa mahansi wela thange klya kepa krla krpu loku seweta atththa sthuthi. E wgema mewani thwath upasjrasi kirimata hadawathinma suba pathanawa.. thamange pawudglika katayuthuth hodin sarthaka wenna kiyla suba pthnawa..

    Reply
    • hasitha Unregistered
      Windows 7 Firefox 53
      2017-05-28

      Thank you very very much, Madhawa!

  • mahesh babu Unregistered
    Android 5.1 UC Browser 11.3
    2017-05-28

    ඔයාගේ 50 වන කඩයිමට හදවතින්ම සුබ පැතුම්!!!
    ඉදිරියටත් sub කරන්න ශක්තිය,හැකියාව ලැබේවා,
    ඔයාගේ ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වේවා

    Reply
    • hasitha Unregistered
      Windows 7 Firefox 53
      2017-05-28

      Thank you very much, Mahesh Babu!

  • Manoj Sachintha User
    Windows 8.1 UC Browser 6.1
    2017-05-28

    50 වන උපසිරැසියට හදවතින්ම සුබ පතනවා!
    100 වෙනි කඩයිමත් පහුකරන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා!

    Reply
    • hasitha Unregistered
      Windows 7 Firefox 53
      2017-05-28

      Thank You very much, Manoj!

  • Thilan Unregistered
    Android 5 Facebook App 122
    2017-05-28

    50 වෙනි උපසිරැසි කඩයිමට මගෙනුත් සුබ පැතුම් සහෝ. ??? ?
    දිගටම උපසිරැසි කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනය කරනවා….!!!??
    ???????? ??

    Reply
    • hasitha Unregistered
      Windows 7 Firefox 53
      2017-05-28

      Thank you very much, Thilan!

  • sam fisher Unregistered
    Android 4.2 Chrome 34
    2017-05-28

    (දාපු කම්‍ෙනට් එක කා‍ෙව්වර දිගදකියලා දැන ගත්ත්‍ෙ you comment is too long කියල දැක්කම තමා ඉතින් post 2ක් විදිහට දාන්නම්) දාලාහසිත මචං සබ් 50 ක් කරපු එක මාර පට්ට වග්‍ෙම උඩ ලියල තියනලිපිය ට‍ොරන් අඩවි වලට වග්‍ෙම sir තා‍ෙටවත්තට(,අපි හැම‍ොම මම හිතන්න්‍ෙ මුලින්ම විද්‍ෙෂ නිර්මානයක් බැලුව්‍ෙ එතුමා හඩකවපු නිසා) එනිසා එතුමාට පවාමම ලිපිය මගින් මතක්කරල තියන එක ග‍ොඩක් අගය කරනවා.ඉස්ර ටිවි එක්‍ෙ හවසට ද‍ොස්තර හා‍ෙදහිත,ඥානකතා මල්ලි වග්‍ෙ කාටුන් බලන්න මගබලන් හිටපුහැටි තාම මතකයි.

    Reply
  • sam fisher Unregistered
    Android 4.2 Chrome 34
    2017-05-28

    .දැන්නම් internet,ට‍ොරන්ට් (ඔයා කිව්ව වග්‍ෙ අපිට කවදා වත් ට‍ොරන් නැත්නම් බලන්න ව‍ෙන්නැ)සහ නා‍ෙමිල්‍ෙ අපි ව‍ෙනුව‍ෙන් සබ්කරන ඔයාලට පිං සිද්ද ව‍ෙන්න අපි ක‍ොව්වර නම් නිර්මාන රසවිදල ඇද්ද දැන්.මම හිතන්න්‍ෙ මම ඔයා කරපු සබ් ගන්න පටන් ගත්ත‍ෙ 13 reason why(ම්‍ෙකට සබ් දිල තියනව දැක්කම මම හිතුව්‍ෙ ද‍ෙයියන් නාන්ස්‍ෙ දිලා කිය ලා මාර happy)එදා තමා හසිත ප්‍රසාද්ව දැන ගත්ත‍ෙ (god න‍ෙම්‍ෙ ඔයා සබ්දිලා තිබ්බ්‍ෙ)ඉතින් මචං 50 ව‍ෙනි සබ්එකට සුබපැතුම් වග්‍ෙම 50 ව‍ෙනිවරටත් අපිට බලන්න සබ්එකක් කරාට පිං

    Reply
    • hasitha Unregistered
      Windows 7 Firefox 53
      2017-05-28

      Sam fisher, බොහොම ස්තූතියි, හැමදාමත් දක්වන හෘදයාංගම ප්‍රතිචාරයට. අනිවාර්යයෙන්ම ටයිටස් තොටවත්ත මහතාට පිං සිද්ධවෙන්න තමයි අපිට උසස් විදේශීය නිර්මාණ නැරඹීමේ ආශාව ඇතිවුණේ. අපි සදාකල් එතුමාට ණයගැතියි ඒකට.

  • Naveen Randika Unregistered
    Windows 8.1 Chrome 58
    2017-05-29

    50 වෙනි සිංහල උපසිරැසියට සුභ පැතුම්!
    ජයවේවා!

    Reply
    • hasitha Unregistered
      Windows 7 Firefox 53
      2017-05-29

      Thanks Naween!

  • taridu sagara User
    Windows 8.1 Chrome 58
    2017-05-29

    50 වෙනි සිංහල උපසිරැසියට සුභ පැතුම්
    Direct link https://taridusagaradirectlink.blogspot.com/search?q=kidnap

    Reply
    • hasitha Unregistered
      Windows 7 Firefox 53
      2017-05-29

      Thanks, Tharindu!

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
දමිත් ප්‍රියංකර 686
#2
Hasitha Prasad 499
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 180
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved