Kidnap (2017) Sinhala Subtitle
අද Subz LK අපට ඉමහත් සතුටු දවසක්.ඒ මක්නිසාද කියනවනම් අප අඩවියේ සාමාජිකයෙක් වන හසිත ප්‍රසාද් සහෝගේ සාර්ථක සිංහල උපසිරැසි 50 කඩයිම අද පසු කරනු ලැබුවා! විශේෂයෙන්ම කියන්න ඕනේ මේ තමයි කෙනෙක් අප අඩවියේ උපසිරැසි කඩයිමකට පැමිණි ප්‍රථම වතාව.මේ අවස්තාව හසිත සහෝට වගේම, අඩවියේ අනිකුත් සියලු දෙනාටම ඉතාමත් සතුටු දායක දෙයක් වුනා.එම නිසා මෙම විශේෂ ලිපිය පල කරන්න හිතුවා! Subz LK සියලුම සාමාජිකයන් වෙනුවෙන් ඇඩ්මින් මඩුල්ල විදියට අපි හසිත සහෝගේ ඉදිරි වැඩකටයුතු සහ සියලුම දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ඔහුගේ උපසිරැසි ජීවිතය තව තවත් විශාල වූ කඩයිම් පසු කරමින් ඉදිරියටම යන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!
අද අපි නිහතමානීව යම්කිසි සතුටක් ලැබුවත් අද වන විට රටේ උත්ගත වෙලා තියෙන තත්වයනම් එතරම් සතුටු දායක එකක් නෙවෙයි.ලක්ෂ ගණන් අපේම ජනතාව අද අවතැන් වෙලා දේපල අහිමි වෙලා, ජීවිත අහිමි වෙලා, සමහරු අතුරුදන් වෙලා, අනාත කදවුරු වල දුක්විදිමින් පසුවෙනවා, තත්වය අති සෝචනීයයි.ඒ සදහා Subz LK කණ්ඩායමේ කණගාටුවද පල කරන ගමන්, ඒ පීඩාවට පත්වෙලා ඉන්න ජනතාවට් සහනයක් වෙන්නට ඔබට කරන්නට හැකි උපරිම දේ කරලා ඔවුන්ට උදව් කරන්න කියලා කාරුණික ආරාධනයක් කරන්න කැමති!

අද 2017 වසරේ මැයි 27 අද මට ගොඩක් විශේෂ දවසක් ඒ තමයි මම Subz LK අඩවිය වෙනුවෙන් කරන 50වන උපසිරැසිය විදියට Kidnap (2017) චිත්‍රපටය ඉදිරිපත් කරන දිනය අද වීම.මම මේ දිනවල TV සීරීස් දෙකකට හිරවෙලා හිටියත් අපේ ඇඩ්මින් මඩුල්ල මට කිව්ව මේක ඔයාගෙ 50 වන උපසිරැසිය නිසා ඒ වෙනුවෙන් හොඳ ෆිල්ම් එකකට සබ් කරන්න කියල.ඉතින් ඒ වෙනුවෙන් දමිත්, කවීෂ , සමීර ඇතුළු අපේ ඇඩ්මින් මඩුල්ලට මගේ හදපිරි ස්තූතිය. Subz LK සමගින් මේ දක්වා පැමිණි උපසිරැසි ජීවිතය ගැන කියන්න ගොඩක් දේ තියනවා මම පටන් ගන්නම් මෙහෙම…
පසුගිය වසරේදි Subz LK වෙබ් අඩවිය ගැන දැනගන්නකම්ම මම නිකම්ම නිකම් විනෝදෙට උපසිරැසි කල කෙනෙක්.ඒ කල උපසිරැසි Subscene වෙබ් අඩවියට අප්ලෝඩ් කරපු එක තමයි මම විනෝදෙට කලේ (එක්තරා ලාංකික අඩවියකින් ඉල්ලීමක් කලත් එයට ප්‍රතිචාරයක් ලැබුණේ නෑ)…ඔය අතරෙදි තමයි මට Subz LK ගැන දැනගන්න ලැබෙන්නෙ.මම හිතන්නෙ 2016 ඔක්තෝබර් මාසෙ වගේ තමයි මට මතක.ඉතින් මම මං කරපු උපසිරැසි එකතුවකුත් තිබුණ නිසා (මේතරම් ඉක්මනට 50 කඩයිමට ලඟාවෙන්න හේතුවත් ඒකයි)…Subz LK අඩවියට ඒව ඉදිරිපත් කරල ඉල්ලීමක් කලා.ඉතින් එදාම Subz LK අඩවියෙන් මට පෙරළා ඊමේල් එකක් ලැබුණා මාව අඩවියට සම්බන්ධ කරගන්නා බවට.ඒ අපේ දමිත් ප්‍රියංකර සහෝදරයගෙන.ඔහුගෙන් ලැබුණ ඒ කාරුණික ප්‍රතිචාරය තමයි අද මට මේතරම් දුරක් ඒමට ලැබුණ ආරම්භය.ඉතින් ජායාරූපයකින් පමණක් දැක ඇති කිසිදිනෙක හැබැහින් හමුවී නැති දමිත් ප්‍රියංකර ඔබට බෙහෙවින්ම ස්තූතියි ඒ වෙනුවෙන් (දමිත් මේ දවස්වල නිහඬයි)…අනේ මන්ද ඇයි කියල.ඉන් පස්සෙ තමයි මට කවීෂ මෙත්රුවන් සහෝදරයව හම්බවෙන්නෙ.අද වෙද්දි මාත් එක්ක වැඩිපුරම ගණුදෙනු කරන්නෙ කවීෂ.කවීෂ ගැන කියනවනම් කවීෂත් දමිත් වගේම අඩවිය වෙනුවෙන් සෑහෙන මහන්සියක් වෙන කෙනෙක් කියල මම දන්නවා.සමහරවෙලාවට මම උදේ 2:00 ට 3:00ට යවන ඊමේල් වලටත් එවෙලෙම රිප්ලයි එනවා.ඒ කියන්නෙ නිදිමරාගෙන අඩවිය වෙනුවෙන් කැපවෙන කෙනෙක් ඔහු.තව එක්කෙනෙක් ඉන්නවා ඒ තමයි සමීර ඉඳුනිල් ඔහුත් විටින් විට මාත් එක්ක ගණුදෙනු කරනවා.මේ කට්ටියගෙ මම දකින විශේෂත්වය තමයි කටයුතු කිරීමට තිබෙන පහසුව.මගෙ අතින් උපසිරැසියක් ප්‍රමාද වුණත් කවදාවත් වචනයකින්වත් හිත රිද්දල නෑ.ඒ වගේ පිරිසක් සිටින අඩවියකට උපසිරැසි කිරීමට ලැබීමත් ලොකු වාසනාවක් විදියටයි මම සලකන්නෙ.ඒ හැමදෙයක්මත් උපසිරැසි කරන අපිට දක්වන සහය වෙනුවෙනුත් ඔයගොල්ලො හැමෝටම මම හිස නමා ආචාර කරනවා.ඒ වගේම කොහොමහරි උපසිරැසි ශතකය සම්පූර්ණ කරන්නත් ලොකු ආසාවක් තියනවා…
ඒ වගේමයි තව මතක් කරන්නම ඕනෙ අපේ අඩවියට පිවිසෙන ප්‍රේක්ෂක පිරිසවත්.ඕගොල්ලන්ගෙ අදහස් හා යෝජනා චෝදනාවලින් ලැබෙන ශක්තිය තමයි අඩවියට සහ අපිට තියෙන ලොකුම ශක්තිය.අවංකවම අපේ මහන්සියට ප්‍රේක්ෂක ඔබෙන් ලැබෙන පුංචිම පුංචි ප්‍රතිචාරයත් වචනයෙන් කියන්න බැරිතරම් ලොකු හයියක්.උපසිරැසියක් කරන්න කම්මැලි හිතුණ වෙලාවට පරණ උපසිරැසියකට ලැබුණ ප්‍රතිචාර කියෙව්වහම ඒ කම්මැලිකම ඉබේම නැතිවෙලා යනවා.ඇත්තටම මම ඇතුළු අපේ සහෝදර උපසිරැසිකරුවන්ටත් අඩවියටත් ලැබෙන එකම ප්‍රතිලාභය ඔබේ ඒ කාරුණික ප්‍රතිචාරය විතරමයි.ඉතින් අපේ මහන්සියට වදනකින් හෝ උපකාර කල නොකල Subz LK ප්‍රේක්ෂක ඔබටත් මම හිසනමා ආචාර කරන ගමන් ඉදිරියටත් අපිත් එක්කම රැඳී ඉන්න කියලත් ආරාධනා කරනවා.ඒ අතරේ තව මතක් කරන්නම ඕනෙ උපසිරසිකරණයට මගෙ මල්ලි ඇතුළු අපේ පවුලෙ අයගෙන් ලැබෙන සහයත්. ඉතින් ඒ අයටත් මගේ හදපිරි ස්තූතිය.
කවීෂ සහෝදරයගෙ ඉල්ලීම නිසාම මං මම ගැනත් ටිකක් කියන්නම්.මම රථවාහන ක්ෂේත්‍රයේ පොඩි රැකියාවක් කරන සාමාන්‍ය කෙනෙක්.කාටවත් කරදරයක් නැති පාඩුවෙ ඉන්න චරිතයක්.අපේ මල්ලිගෙ භාෂාවෙන් කියනවනම් මම ෆිල්ම් පිස්සෙක්.මම චිත්‍රපට නරඹන්න පුරුදුවුණේ 4 වසරෙ විතර ඉඳන්.ඒ රූපවාහිනියෙන්.ඒකාලෙත් මගේ ඒ පුරුද්දට අම්ම තාත්තගෙන් කිසිම බාධාවක් තිබුණෙ නෑ.ඒ අවසරයෙන් පටන්ගත්ත ඒ පිස්සුව VHS වලින් CD වලටත් CD වලින් DVD වලට මාරුවෙලා අද ටොරන්ට් දක්වා දිග ගමනක් ඇවිත් තිබුණත් ඒ පිස්සුව අදටත් එහෙමමයි.එතනින් පටන්ගත්ත දේ තමයි අද වෙනකොට උපසිරැසිකරණය දක්වා ඇවිත් තියෙන්නෙත්.මේකත් ඉතින් පිස්සුවක් තමයි උපසිරැසි කරන්න පටන්ගත්ත කියන්නෙ වැඩේ කොච්චර අමාරුවුණත් අතාරින්න හිතෙන්නෙ නැති අමුතුම අත්දැකීමක්.ඉතින් එච්චර තමයි මගේ විස්තර…
අවසන් වශයෙන් මතක් කරන්න ඕනෙ අපේ සහෝදර උපසිරසිකරුවන්වත්.ඔබේ උනන්දුව සහ කැපවීමත් නිසයි මේ අඩවිය මේතරම් දුරක් එන්නේ.ඒ වගේම උපසිරැසි කිරීමට උනන්දුව සහ හැකියාව තියන අයට Subz LK සමග එක්වෙන්න කියලත් ආරාධනා කරනවා.මොකද මිත්‍රශීලි ඇඩ්මින් මඩුල්ලකින් සමන්විත මේ අඩවිය ඔබට නිදහසේ උපසිරැසි කරන්න ලැබෙන හොඳම අවස්ථාවක්.ඒ වගේම උපසිරැසිකරණය කියන්නෙ තමන්ගෙ ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්න තියන හොඳම අවස්ථාවලින් එකක්.Subz LK අඩවියටත් දමිත් , කවීෂ , සමීර ඇතුළු ඇඩ්මින්වරුන්ටත් අපේ සහෝදර උපසිරැසිකරුවන්ටත් Subz LK ප්‍රේක්ෂක ඔබටත් පාසල් කාලයේ ඉංග්‍රීසිය ගැන කිසිම තේරුමක් නොතිබුණ අපිට උපසිරැසි සහ හඬ කෑවීම් මගින් වටිනා විදේශීය නිර්මාණ පෙන්වා අපේ රසාස්වාදය අවදිකල ටයිටස් තොටවත්ත මහතාටත් අපිට ඉංග්‍රීසි උපසිරැසි සපයන Subscene අඩවියටත් කිසිදාක අපේ සිනමාශාලා (දකින්නට වරම් නොලැබූ නොලබන උසස් චිත්‍රපට අපට දකින්නට සැලැස්වූ අදටත් සලස්වන ටොරන්ට් අඩවිවලටත් ස්තූති කරමින්ම මම නවතින්නම්.උපසිරැසි නිර්මාණය සම්බන්ධව මොනවමහරි ගැටලුවක් තියනම් මට මේල් එකක් දාන්න.දන්න දෙයක්නම් අනිවාර්යයෙන්ම කියාදෙන්නම්).මගේ මේල් එක (Hasithaprasad867@gmail.com)
Kidnap (2017)
සෑහෙන දවසකට පස්සෙ ෆිල්ම් එකක් කරන්න අවස්ථාවක් ලැබුනා.ඒ මගේ 50 වෙනි උපසිරැසිය වෙනුවෙන්.ඒ වෙනුවෙන් බොහොමත්ම ස්තූතියි දමිත්, කවීෂ හා සමීර ඇතුළු අපේ Subz LK ඇඩ්මින් මඩුල්ලට.ඔවුන් මට මගෙ අනිත් වැඩ සේරම අත ඇරල මේ වෙනුවෙන් හොඳ ෆිල්ම් එකක් තෝරගන්න මට පූර්ණ නිදහස දුන්නා…
මේ ෆිල්ම් එක ගැන කියනවනම් මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ ලුයිස් ප්‍රීටො (Luis Prieto), රචනය සහ තිර රචනය නේට් ලී (Knate Lee)ගෙන්.රංගනයෙන් දායක වෙන්නෙ හැලී බෙරී (Halle Berry) , ඩානා ගරියර් (Dana Gourrier) සහ ක්‍රිස්ටෝෆර් බෙරී (Christopher Berry) ඇතුළු නළුනිළි පිරිසක්.IMDB අගය 6.7 ක් ලබාගත් මේ ෆිල්ම් එකට ගූගල් පරිශීලකයින් 91% ක ප්‍රසාදයත් හිමිවී තිබෙනවා.මේක IMDB වලදි රේට් කරල තියෙන්නෙ R කියල වුණත් පවුලේ සැමට නරඹන්න පුළුවන් කිසි ගැටලුවක් නෑ…
කතාව ගැන කියනවනම් ක්ලාරා ඩයිසන් කියන්නෙ එක්දරු මවක්.ඇයට ඉන්නෙ වයස 6ක් වන පුංචි පුතෙක්.එයා තමයි ක්ලාරගෙ මුළු ජීවිතේම.ක්ලාරා වැඩ කරන්නෙ වේටර්වරියක් විදියට.ඉතිං දවසක ඇය තමන්ගේ පුතාව ළමා උයනකට එක්ක යන්නෙ පුතාගෙ බලවත් පෙරැත්තය මත.ඒත් තමන්ගේ ජීවිතේ එකම සතුට යම් දුෂ්ඨ මිනිසෙක් විසින් පැහැරගෙන යනවා දකින්නට තරම් ඇය අවාසනාවන්ත වෙනවා.හැබැයි ඇය නිකම් ඉන්නෙ නෑ.තමන්ගේ එකම දරුවාව පැහැරගෙන යන තැනැත්තා පිටුපස ඇය ලුහුබැඳ යනවා.පොඩි දුරකුත් නෙමෙයි සෑහෙන දුරක්.මේ කතාව වැඩි විස්තර කලොත් තේරුමක් නැති නිසා මම මෙතනින් නවතින්නම්.අවසන් වෙනකම් කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක් මේකත්.ඒ වගේමයි මේ දක්වා Subz LK අඩවියට , මට, අපේ සියලුම සාමාජිකයින්ට වචනයකින් හෝ උදවු උපකාර කල සියලුම දෙනාට ස්තූති කරන ගමන් මම ගිහින් එන්නම්…තවත් උපසිරැසියකින් හමුවෙමු!!!
Spoiler Warning : A frantic woman (Halle Berry) embarks on a high-speed car chase to save her kidnapped son (Sage Correa)…
Oyala me kerana de godak watinawa…pita ratawala inna apita oyalage sub ekak ekka film ekak balanawa kiyanne loku deyak..godak stuti oyala hemotama. Godak aya comnt demme neti unat hemoma mewa balanawa..issarahatat me widiyatama keragena yanna oyala hemotama shaktiya dairya lebewa
Thank you very much , Suranga!
සුභ පතනවා මචන් 50 වෙනි කඩඉමට. දිගටම මේ වගේ උපසිරැසි කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමන්ගේ වටිනා කාලය මේ වගේ යහපත් සේවාවකට යොදවන එකටත්
ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ජය වේවා!!!
බොහොමත්ම ස්තූතියි, ලක්ෂිත !
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනව සහෝ!!!
දිගටම උපසිරැසි කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව!!!
සබ් එකටත් බොහොම ස්තූතියි!
බොහොමත්ම ස්තූතියි, දිනේෂ්..!
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
The Young Offenders 2016,
Baked In Brooklyn 2016,
My Blind Brother 2016 මේවටත් සබ් දෙන්න සහෝ ජය වේවා!…
බොහොමත්ම ස්තූතියි, හිමාෂි..! කොහොමහරි එකකටවත් සබ් දෙන්න උත්සාහ කරන්නම්.
කමෙන්ට් එකක් දාන්න නම් හුගක් ප්‍රමාද උනා…මට හිතෙන විදිහට හසිත සහෝ තම Subz LK එකේ වේගවත්ම උපසිරැසි කරන කෙනා.මොකද පොඩි කාලයකදී සබ් 50ක් ගහලා තියෙනවා.ඒක පහසු දෙයක් නෙමේ.මට කරන්න බැරි උනාම සහෝට ඒ ගැන දන්වපු අවස්ථා වල හසිත සහෝ නෑ බෑ නොකියා ඒ කොටස් කරපු අවස්ථා තිබුනා.විශේෂයෙන්ම නැත්තම් 13RW රසිකයෝ මාව මරාගෙන කයි.ඒ වගේම සහෝ වෙබ් අඩවියට සම්බන්ද උන දවසේ ඉදලම මට නම් තේරුනා සහිත සහෝ නිහතමානී චරිතයක් කියලා.ඇඩ්මින් අය උනත් දෙයක් කියුවාම කිසිම බේදයකින් තොරව ඒ දේවල් වලට එකග උනා.ඒ වගේම සහෝගේ සබ් නම් ඇති විශිෂ්ටයි.වේගයත් ඒ තරම්ම විශිෂ්ටයි.ඉතින් උපසිරැසි කරනවා කියන එක ලේසි දෙයක් නෙමේ.තමන්ගේ කාලය කැප කරලා මේ වගේ දෙයක් කරන එක සේවයකට එහා ගියපු පිනක් ලෙස මං දකින්නේ.ඉතින් මේ ආවා වගේ තවත් 100,150,200 වැනි කඩඉම් වලට යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා.ඔබට ජය!!!
බොහොමත්ම ස්තූතියි, කවීෂ ප්‍රතිචාරයට!. ඇත්තටම 50 කඩයිමට වේගෙන් එන්න හේතුව අර මං කිව්ව වගේ කලින් කරපු සබ් එකතුවක් තිබීම. එතනින් ඔය 50ට 23-24 වගේ ගාණක් එකතුවුනා මට මතක හැටියට. ඔයාටත් ඉක්මනින් 50 වෙත යන්න ලැබේවා කියල හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා..!
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා. දිගටම අපිත් එක්ක රැදී ඉන්න
බොහොම ස්තූතියි, ඉසුරු.. අනිවාර්යයෙන්ම දිගටම ඉන්නවා.
Mechchara upasirasi pramanayak api wenuwen genawata pin sahota…digatama sub demu ?
Sub akata thnx mcho……..50 weni sub akata congratulations….
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
The Young Offenders 2016,
Baked In Brooklyn 2016,
My Blind Brother 2016 මේවටත් සබ් දෙන්න සහෝ!
young offernders patta bng baked in brooklyn niyama love storyk puluwanm sub denna macho 🙂
Ela 100 th gahamu ikmanatana
50 ට ගොඩක් ගොඩක් සුභ පැතුම් හසිත සහෝ!
මාවත් මතක් කලාට ස්තුතියි! 50 කියන්නේ ආරම්භයක් විතරයි කියලා හිතලා 100 , 150, 200, 300, 500 ඊටත් එහා ඉක්මණින්ම යන්න හැකි වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! අපගේ අඩවියේ ඉන්න වේගවත්ම උපසිරැසි කරුවෙක් තමයි ඔබ! තවත් මේ වගේ සබ් කොටන්න ධෛර්ය ශක්තිය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!
කමෙන්ට් එක ප්‍රමාද වීම ගැන සමාව භාජනයකට දාන්න හොදේ 😉
ජය වේවා!
බොහොම ස්තූතියි, සමීර!! මම ඒත් බැලුව මොකෝ ආරංචියක්වත් නැත්තෙ කියල.
ඇත්තටම හසිත උඩ තියේන ෆොටෝ හදලා පෝස්ට් එක ලියුවෙත් සමීර තමා ඉතින්…දමිත් assignment වගයක් නිසා busy වෙලා මේ ටිකේ…
වැඩ හින්දාම කොමෙන්ට් එකක් දන්න බැරි උන එකට සමා වෙන්න ඕන ..මම කවිෂ කිව්වාම හසිතගේ 50 වෙනි සබ් එකට දැන් කිට්ටුයි කියල (එතකොට 48 යි) .
.මට ඕන උනේ මුලින්ම කොම්මෙන්ට් එක දාන්න ..මට මතකයි මුලින්ම හසිත මේල් එකක් එව්වා .Subscene එකේ එයාගේ සබ් එකතුවේ ලින්ක් එක.
.විශ්වාශ කරන්නත් බැරි උනා ..හසිතට එයාගෙම සබ් එකතුවක් තිබ්බා ..සාමාන්යෙන් කවිෂයි සමිරයි තමයි සබ් ගැන බලන්නේ .හැබැයි එයාලා දැක්කත් පුදුම වෙනවා
.උසස්ම ගනයේ චිත්‍රපට විචාරකයෙක් ..අනිත් දේ තමයි හසිත සීමාවක් නැහැ ..එයාට ඒ ෆිල්ම් එක එන්ග්ලිස් එකක්ද ප්‍රංශ එකක්ද හින්දි එකක්ද කියලා ..එයාට ඕනෑම චිත්‍රපටයක උපසිරස කිරීමේ පුදුම හැකියා වක් තියෙනවා .
.ඒ වාගේම සමහර වෙලාවට හසිත කරපු උපසිරසේ හරි ෆිල්ම් එක හොයා ගන්න බැරිව කවිෂයි සමිරයි ආමාරු වැටුන අවස්ථා නැතිව නෙවෙයි ..මේ වාගේ වේලාවකදී සාමාන්‍ය කෙනෙක් නම් ටිකක් තරහ යනවා ..
එත් හසිත එහෙම කෙනෙක් නෙවෙයි..”මල්ලි ගණන් ගන්න එපා .වැරදි කා අතිනුත් වෙනවා නේ ” කියන්න තරම් නිහතමානී කෙනෙක්
..ඒ වාගේම හසිත සබ් එකක් එවද්දී ඒවා වෙනම ෆෝල්ඩර් කරලා එවන්නේ (එයාගේ අදහස ,ඒවා වල download ලින්ක් ටික සහ එයාගේ සබ් එක )..හසිතගේ එකතුව දැක්කාම මට හිතුනා .අනිවාර්යෙන් මෙයාට සබ් 50 කියන්නේ . පොඩි දෙයක් කියලා .අද සබ් එල් කේ මෙච්චර දුරක් එන්න ..හයියක් උන අය ඉන්නවා ..එයාලා නැත්නම් සබ් එල් කේ තිබුණාද නැත්ද කියන්න කට්ටිය දන්නේ නැහැ .සබ් එල් කේ එකට ආපු ලොකුම ශක්තිය හසිත .ඒ ශක්තිය අද මම අපේ ගොඩක් උපසිරස කරුවන්ගේ දකිනවා .ඒ ආවේ ඔයාගෙන් ..ඒ වාගේම අපේ රසිකයන් සීමාවකට කොටු වෙලා ඉන්නේ .එන්ග්ලිෂ් .හින්දි ,දෙමල නැත්නම් කොරියන් ..ඒ සීමාවෙන් ඔබ්බට රසිකයන් ගෙනිච්ච කෙනෙක් හසිත කියන්නේ .
.හැමදාම කියනවා වාගේ ආදර්ශමත් උපසිරස් කරුවෙක් . හසිතගේ රසික ගොන්නට අපේ ඇඩ්මින්ලාත් ඉන්නවා..එහෙනම් .”ඔබට ලොකු ගමනක් යන්න සුබ පාර්ථනා කරනවා..මම ..කරන සියලු දේවල් ඉටු වේවා !!!”