Lake Placid: Legacy (2018) Sinhala Subtitle

/

ඔන්න අද මටත් මගෙ උපසිරැසි ජීවිතයටත් විශේෂ දවසක්. මොකද කිව්වොත් අද මේ අරගෙන එන්නෙ මම Subz LK අඩවිය වෙනුවෙන් කරන 200 වෙනි උපසිරැසිය. 2016 වසරේ ඔක්තෝබර් 29 දිනයේයි මම Subz LK අඩවියට සම්බන්ධ වෙන්නෙ. අද 2018 සැප්තැම්බර් 6. ඒ කියන්නෙ Subz LK වලට සම්බන්ධ වෙලා අදට වසරකුත් මාස දහයකට මදක් වැඩියි.

මේ වසර දෙකකට ආසන්න කාලය තුල උපසිරැසි 200 කඩයිමට ලඟාවෙන්න ලැබීම ඇත්තටම ලොකු සතුටක්. මේ 200 කඩයිමට චිත්‍රපට උපසිරැසි 115ක් සහ රූපවාහිනී කතාමාලා කොටස් 85 උපසිරැසි ඇතුලත්. අද ආපහු හැරිල බලද්දි ඇත්තටම පුදුමත් එක්ක. උපසිරැසිකරණය කියන්නෙ ඇබ්බැහිවෙන සුලු විනෝදාංශයක් කියන්න මම හිතන්නෙ මේකත් හොඳ සාක්ෂියක්. ඉතින් මේ වගේ විශේෂ අවස්ථාවකදි වෙනද වගේම මතක් කරන්නම ඕනෙ ගොඩක් දෙනා ඉන්නවා. මුලින්ම දමිත්, කවීෂ, සමීර ඇතුළු අපේ Subz LK ඇඩ්මින් මඩුල්ල. ඔවුන්ගෙන් මට සහ අනෙකුත් උපසිරැසිකරුවන්ට ලැබෙන සහාය සහ නිදහස නොවෙන්නට මේතරම් දුර ගමනක් කවදාවත්ම එන්න නොලැබෙන බව ඉරහඳ වගේ විශ්වාසයි. ඊලඟට අපේ අඩවියට හැමදාමත් ගොඩවදින අපට කුඩා හෝ ප්‍රතිචාරයකින් සහාය දක්වන සියලුදෙනාත් මේ ගමනට ඒ හා සමානම ශක්තියක් වුණා. ඉතින් මේ සියලුම දෙනාට හදවතින්ම ස්තූතිය පළ කරන්නට මම මේක අවස්ථාවක් කරගන්නවා.

උපසිරැසිකරණය ගැන කියනවනම් ඇත්තටම මම මේ තුලින් ඉගෙනගත්ත දේවල් කියල නිමකරන්න බැරි තරම්. මොකද කිව්වොත් ඉංග්‍රීසි උපසිරැසියක් එක්ක චිත්‍රපට නරඹද්දි අපිට අපි නොදන්නා ජීවිතේටවත් අහල නැති වචන  අහන්න දකින්න ලැබෙනවා, ඉතින් නරඹන ගමන්ම ප්ලේයරය හරහා අන්තර්ජාලයේ සෙවුම් කරමින් නැරඹුවාට, ඒකත් හැම තිස්සෙම කරන්න බෑ. එකක් ඒක වෙහෙසකරයි අනිත් එක ටිකක් වෙලා යද්දි කම්මැලි හිතෙනවා. එතනදි තමයි උපසිරැසිකරණයේ වාසිය එන්නෙ, මොකද උපසිරැසියක් කරද්දි එහෙම කම්මැලි වෙන්න බෑ, අන්තර්ජාලය පීරලා හරි අදාල වචනයේ, වාක්‍යයේ  නිවැරදි තේරුම හොයාගන්නම වෙනව. සමහරවෙලාවට එක තනි වචනයක තේරුම හොයාගන්නත් මුළු සිදුවීම් මාලාවක්ම අධ්‍යයනය කරන්න වෙන වෙලාවල් තියනවා. ඒ නිසා අර කම්මැළිකම ඉබේම යට යනවා. අපේ ඔළුවටත් දවසින් දවස අළුත් වචනයක් හරි එකතුවෙනවා. උපසිරැසියක් කිරීමෙන් ලැබෙන හිතේ සතුට, පැය ගණනාවක මහන්සියෙන් සැකසෙන ඒ උපසිරැසිය තවත් අයෙක් හා බෙදාගැනීමෙන් ලබන සතුට, එයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර හැරෙන්නට ලැබෙන ලොකුම ත්‍යාගය තමයි මම හිතන්නෙ අන්න ඒක. මේක මට විතරක් නෙමෙයි දේශීය හෝ වේවා විදේශීය හෝ වේවා උපසිරැසිකරුවන් සියලුම දෙනාට පොදුයි. අපේ දමිත් වගේ උපසිරැසි අඩවි පවත්වාගෙන යන අයත් තිරය පිටුපස ඉඳන් නිහඬවම මේ කාර්යයට සෑහෙන සහයක් සපයනවා. ඉතින් උපසිරැසිකරණයට සම්බන්ධ වෙන්නට කැමති අය ඉන්නවනම්, මම ඉල්ලා සිටිනවා එකතු වෙන්න Subz LK අඩවියට. කිසිම සැකයක් නෑ මේ තරම් පහසුකම් සහ නිදහසක් ලැබෙන වෙනත් කිසිම උපසිරැසි අඩවියක් වෙන කිසිම තැනක නෑ. ඒ වගේම තමන් කරන කාර්යයට හැකි උපරිම කැපවෙන්න. තව කියන්න දෙයක් තියනවා, ඒ තමයි ගොඩක් අය උපසිරැසි ඉල්ලීම් කරනවා. ඇත්තටම ඒ හැම එකක්ම සම්පූර්ණ කරන්න තියනම් මමත් හරි කැමතියි. ඒත් ඉතින් කාලය එක්ක ලොකු සටනක් කරන්න වෙලා තියන නිසා, උපසිරැසි කරන්න වෙන්නෙ එයින් තෝරගත් ඒවට විතරයි. ඉතින් ඒ ගැන සිත් අමනාප වුණ අය එහෙම ඉන්නවනම් සමාව ඉල්ලන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා. එහෙනම් සියලුම දෙනාට නැවතත් ස්තූති කරමින් මම මෙතනින් නවතින්නම්. ඉදිරියටත් රැඳී ඉන්න අපත් සමගම!

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ අපේ මිතුන් සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල උපසිරැසියක් අරගෙනයි. මේ තමයි පිළිවෙලින්...

  • Lake Placid (1999)
  • Lake Placid 2 (2007)
  • Lake Placid 3 (2010)
  • Lake Placid: The Final Chapter (2012)
  • Lake Placid vs. Anaconda (2015)

...විදියට ආව චිත්‍රපට පෙළක හයවැන්න වන Lake Placid : Legacy(2018). මේ චිත්‍රපට මාලාවම මිනිසුන්ව ආහාරයට ගන්නා දැවැන්ත කිඹුලන් පාදක කරගනිමින් නිර්මාණය වුණ චිත්‍රපට. මේ චිත්‍රපටයත් එසේම තමයි, ඩැරල් රූට්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණ මෙයට ලැබී ඇති IMDB අගයනම් 4ක්. ඒ වගේ අඩු අගයක් ලබන්න හේතු ඇහුවොත්, හේතු ගණනාවක් පෙන්නන්න පුළුවන් ඇත්තටම. මේ චිත්‍රපටය අයිතිවෙන්නෙ ක්‍රියාදාම/සංත්‍රාස/ විද්‍යා ප්‍රබන්ධ ඝනයට. ධාවන කාලය පැයකුත් මිනිත්තු 30ක්. රංගනයෙන් දායක වෙන්නෙ කැතරින් බැරෙල් (ජේඩ්), ටිම් රොසොන් ( සෑම්), සායි බෙනට් (ඇලිස්), ලූක් නිව්ටන් (බිලී), ක්‍රේග් ස්ටේන් (ස්පෙන්සර්), ජෝ පැන්ටලියානෝ (හෙන්ඩර්සන්), අලීෂා බේලි (පෙනී), මැක්සිම් බෝල්ඩ්රි (ඩේන්), ග්‍රෙග් ක්‍රීක් (ට්‍රැවිස්) වගේ පිරිසක්. දැන් අපි යමු කතාව පැත්තට...

ජේඩ්, සෑම්, බිලී, ස්පෙන්සර් කියන්නෙ රහසේ වැඩ කරන පරිසරවේදී කණ්ඩායමක්. ඔවුන් කරන්නෙම විප්ලවකාරී වැඩ. පරිසරයට වින කරන සමාගම් පස්සෙ එලවන එකම තමයි මේ අයගෙ වැඩේ. කොහොමහරි දැන් මේ අයගෙ අදහස තමන් මේ රහසේ කරන දේවල් නවත්තල එලිපිටම පරිසර දූෂණවලට එරෙහි වෙන්න. ඒ එක්කම වගේ මේ අයට ආරංචියක් ලැබෙනවා සිතියමකවත් සඳහන් වෙලා නැති මිනිසාට ඇතුළු විය නොහැකි ලෙස වසා ඇති පරිසර කලාපයක් ගැන. ඒ පැත්තෙ අයනම් කියන්නෙ  ඒ හරියෙ වුණරසායනික විෂවීමක් නිසයි ඒ කලාපය වහල දාල තියෙන්නෙ කියල. කොහොමහරි මේ තැනට ඉස්සෙල්ලාම යන අයට ත්‍යාගයක් ලබාදෙන්නත් යම් අයෙක් සූදානම් බවයි අඅරංචිය ලබාදුන් කෙනා පවසන්නේ. ඉතින් මේ රහස් පරිසරවේදී කණ්ඩායම තීරණය කරනවා තමන්ගෙ අවසාන වැඩේ  විදියට මේක කරන්න.නෙතනින් එහාට නරඹන ඔයගොල්ලන්ට බාරයි. කොහොමවුණත් ඉතාම සාමාන්‍ය මට්ටමේ චිත්‍රපටයක් බවත් කියන්න ඕනෙ, කැමති අය නරඹන්න. මම ගිහින් එන්නම් හමුවෙමු අපි තවත් උපසිරැසියකින්.

විශේෂ :

  • යෝකෝ :- චිත්‍රපටයෙ එක තැනක මේ නම සඳහන් වෙනවා. මෙතන යෝකෝ විදියට හඳුන්වන්නෙ ලෝක ප්‍රසිද්ධ බීට්ල්ස් සංගීත කණ්ඩායමේ ජෝන් ලෙනන්ගේ දෙවන බිරිඳ වුණ ජපන් ජාතික යෝකෝ ඔනෝව. බීට්ල්ස් සංගීත කණ්ඩායම බිඳී වෙන්වී යාමට මුලපිරුවෙ මේ යොකෝ ඔනෝ කියලයි ගොඩක් දෙනා විශ්වාස කරන්නෙ. මොකද බීට්ල්ස් කණ්ඩායමේ පිරිසගෙ එකඟතාවක් තිබිල තියනව තමන් සංගීත පුහුණුවීම් කරන තැන්වලට තමන්ගේ පෙම්වතියන් හෝ බිරින්දෑවරුන් එක්කගෙන එන්නෙ නැති බවට. කොහොමහරි අවසන් කාලෙ ජෝන් ලෙනන් සංගීත පුහුණුවීම්වලට ඇවිත් තියෙන්නෙ යොකෝ ඔනෝඑක්කමයි. මේ සිදුවීමෙන් ආරම්භ වී අවසානයේ කණ්ඩායමේ කටයුතුවලටත් යෝකෝ අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසූ බව කියවෙන අතර කෙසේහෝ අවසානයේ සිදුවන්නේ ලෝකයට තවත් අපූරු සංගීත කණ්ඩායමක් අහිමිව යාමයි. චිත්‍රපටයෙදි ඒ නම කියන්නෙ ඇයි කියල නරඹද්දි වැටහෙයි ඕගොල්ලන්ට.
4.3
IMDB

Year : 2018

Actors : Katherine Barrell, Tim Rozon, Sai Bennett, Luke Newton

Legacy finds the team of young explorers out to reveal the secrets of an area removed from modern day maps and hidden behind electric fences. However, once they reach the center of the lake...


2021-11-04 11:38 am
Super Mod

Movies

273

Tv Episodes

225

SubzLK වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණයකි .
  • Download : 5620
  • File Size : 34.819KB
  • Sub Update :2020-08-01
  • upul Unregister User
    Windows 7Chrome 68

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…හදවතින්ම සුබ පතනවා 200 වෙනි කඩයිම වෙනුවෙන්.

    2018-09-12 at 6:47 pm
  • silent$ Unregister User
    Android 4.4Chrome 67

    Thanxxxxx

    2018-09-14 at 3:43 pm
  • silent$ Unregister User
    Android 4.4Chrome 67

    Congratulations keep it up

    2018-09-14 at 3:44 pm
  • සමාවෙන්න හසිත සහෝදරයා සුබ පතන්න මෙච්චර පරක්කු වුනාට…මම කලිනුත් කියලා තියෙනවා වගේ අපේ සයිට් එකේ ඉන්න වේගවත්ම,සුපිරිම සහ නිවැරදිව සබ් කරන්න පුළුවන් කෙනා තමයි සහෝදරයා…ඒ වගේම හසිත සහෝගේ සබ් එකක් එක්ක ෆිලුමක් බලනකොට කිසිම බයක් නෑ..මොකද කියලා තියෙන විදියටම හැමදේම තියෙනවා…ඒ වගේම තමයි සහෝදරයගේ කැපවීම…මේ වගේ තත්වෙකට එන්න ඔයාගේ කාලය,ශ්‍රමය වගේ ගොඩක් දේවල් කැපකරන්න ඇති…ඒ හැමදේම වෙනුවෙන් උපසිරැසිකරුවෙකු විදියටත්,රසිකයෙකු විදියටත් හසිත සහෝදරයාගේ 200 වෙනි කඩයිමට හදවතින්ම සුබ පතනවා…ඒ වගේම තවදුරටත් මේ වගේ ගුණාත්මක ඉදිරිපත්කිරීම් Subzlk තුලින් ලබාදෙන්න ඔබට හැකියාව,ධෛර්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…____ජයෙන් ජය___ ✍✍✍

    2018-09-18 at 6:06 am
  • Dinindu Sampath Unregister User
    Android 7Samsung Browser 7.4

    Good luck and wish you all the best

    2018-09-24 at 6:53 pm
  • savindu Unregister User
    Android 4.4UC Browser 11.5

    200 වෙනි උපසිරුසියට සුබ පැතුම් බ්‍රෝ ❤️❤️ තව වැඩි වැඩියෙන් සබ් දෙන්න පුලුවන් කම ලැබෙන්න ඕන.පොඩි ඉල්ලීමක් තියෙනවා පුලුවන් නම් The thirteenth floor (1999) ෆිලුමට සබ් ⁣දෙන්න සහෝ..

    2018-09-24 at 9:59 pm
  • sumed Unregister User
    Windows 10Chrome 69

    200 වෙනි උපසිරසියට සුභ පැතුම් සහෝ.

    2018-10-02 at 12:32 pm
  • Pasindu Wickramasinghe User
    Android 5.1UC Browser 11

    පරක්කු උනාට සමාවෙන්න ඕන සහො..හදවතින්ම සුභ පතනව 200 වෙනි කඩයිමත් පහු කලාට. ආ මග කෙටියි යා යුතු මග දුරයි කියලයි කියන්නෙ. අනිත් අයට උදව්වක් වෙන දෙයක් කරල ගන්න සතුට සල්ලි වලට ගන්න බෑ. මේකත් ඒ වගේ. ඉතින් ඒකත් එක්ක දිගු ගමනක් යන්න හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියල්ල සාර්ථක වේවා කියලත්. බුදු සරනයි!

    2018-10-09 at 7:14 am
  • පසිදු සාරංග
    Windows 7UC Browser 7

    200 වෙනි උපසිරසියටත් මගෙන් සුබ පැතුම්.

    2018-10-09 at 8:31 am
  • Anu Unregister User
    Android 8Chrome 68

    Amazing work ….Congratulations and looking for more ..

    2018-10-25 at 7:23 am
  • HASHAN Unregister User
    Windows 10Edge 16

    jaya Janaki nayka film eke sinhlA SUB EK OONA

    2018-11-15 at 12:54 pm
  • HASHAN Unregister User
    Windows 10Edge 16

    JAYA JANAKI NAYKA EKE SINHLA SUB EK OONA

    2018-11-15 at 12:54 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More

New Download Links Updates