Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Vampire Diaries (2009) [S08 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E07] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E06] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E07] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E06] Sinhala Subtitle
  • Genres
  • Action
  • Lake Placid: Legacy (2018) Sinhala…

Lake Placid: Legacy (2018) Sinhala Subtitle

September 07, 2018 Junior Admin

ඔන්න අද මටත් මගෙ උපසිරැසි ජීවිතයටත් විශේෂ දවසක්. මොකද කිව්වොත් අද මේ අරගෙන එන්නෙ මම Subz LK අඩවිය වෙනුවෙන් කරන 200 වෙනි උපසිරැසිය. 2016 වසරේ ඔක්තෝබර් 29 දිනයේයි මම Subz LK අඩවියට සම්බන්ධ වෙන්නෙ. අද 2018 සැප්තැම්බර් 6. ඒ කියන්නෙ Subz LK වලට සම්බන්ධ වෙලා අදට වසරකුත් මාස දහයකට මදක් වැඩියි.

මේ වසර දෙකකට ආසන්න කාලය තුල උපසිරැසි 200 කඩයිමට ලඟාවෙන්න ලැබීම ඇත්තටම ලොකු සතුටක්. මේ 200 කඩයිමට චිත්‍රපට උපසිරැසි 115ක් සහ රූපවාහිනී කතාමාලා කොටස් 85ක උපසිරැසි ඇතුලත්. අද ආපහු හැරිල බලද්දි ඇත්තටම පුදුමත් එක්ක. උපසිරැසිකරණය කියන්නෙ ඇබ්බැහිවෙන සුලු විනෝදාංශයක් කියන්න මම හිතන්නෙ මේකත් හොඳ සාක්ෂියක්. ඉතින් මේ වගේ විශේෂ අවස්ථාවකදි වෙනද වගේම මතක් කරන්නම ඕනෙ ගොඩක් දෙනා ඉන්නවා. මුලින්ම දමිත්, කවීෂ, සමීර ඇතුළු අපේ Subz LK ඇඩ්මින් මඩුල්ල. ඔවුන්ගෙන් මට සහ අනෙකුත් උපසිරැසිකරුවන්ට ලැබෙන සහාය සහ නිදහස නොවෙන්නට මේතරම් දුර ගමනක් කවදාවත්ම එන්න නොලැබෙන බව ඉරහඳ වගේ විශ්වාසයි. ඊලඟට අපේ අඩවියට හැමදාමත් ගොඩවදින අපට කුඩා හෝ ප්‍රතිචාරයකින් සහාය දක්වන සියලුදෙනාත් මේ ගමනට ඒ හා සමානම ශක්තියක් වුණා. ඉතින් මේ සියලුම දෙනාට හදවතින්ම ස්තූතිය පළ කරන්නට මම මේක අවස්ථාවක් කරගන්නවා.

උපසිරැසිකරණය ගැන කියනවනම් ඇත්තටම මම මේ තුලින් ඉගෙනගත්ත දේවල් කියල නිමකරන්න බැරි තරම්. මොකද කිව්වොත් ඉංග්‍රීසි උපසිරැසියක් එක්ක චිත්‍රපට නරඹද්දි අපිට අපි නොදන්නා ජීවිතේටවත් අහල නැති වචන  අහන්න දකින්න ලැබෙනවා, ඉතින් නරඹන ගමන්ම ප්ලේයරය හරහා අන්තර්ජාලයේ සෙවුම් කරමින් නැරඹුවාට, ඒකත් හැම තිස්සෙම කරන්න බෑ. එකක් ඒක වෙහෙසකරයි අනිත් එක ටිකක් වෙලා යද්දි කම්මැලි හිතෙනවා. එතනදි තමයි උපසිරැසිකරණයේ වාසිය එන්නෙ, මොකද උපසිරැසියක් කරද්දි එහෙම කම්මැලි වෙන්න බෑ, අන්තර්ජාලය පීරලා හරි අදාල වචනයේ, වාක්‍යයේ  නිවැරදි තේරුම හොයාගන්නම වෙනව. සමහරවෙලාවට එක තනි වචනයක තේරුම හොයාගන්නත් මුළු සිදුවීම් මාලාවක්ම අධ්‍යයනය කරන්න වෙන වෙලාවල් තියනවා. ඒ නිසා අර කම්මැළිකම ඉබේම යට යනවා. අපේ ඔළුවටත් දවසින් දවස අළුත් වචනයක් හරි එකතුවෙනවා. උපසිරැසියක් කිරීමෙන් ලැබෙන හිතේ සතුට, පැය ගණනාවක මහන්සියෙන් සැකසෙන ඒ උපසිරැසිය තවත් අයෙක් හා බෙදාගැනීමෙන් ලබන සතුට, එයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර හැරෙන්නට ලැබෙන ලොකුම ත්‍යාගය තමයි මම හිතන්නෙ අන්න ඒක. මේක මට විතරක් නෙමෙයි දේශීය හෝ වේවා විදේශීය හෝ වේවා උපසිරැසිකරුවන් සියලුම දෙනාට පොදුයි. අපේ දමිත් වගේ උපසිරැසි අඩවි පවත්වාගෙන යන අයත් තිරය පිටුපස ඉඳන් නිහඬවම මේ කාර්යයට සෑහෙන සහයක් සපයනවා. ඉතින් උපසිරැසිකරණයට සම්බන්ධ වෙන්නට කැමති අය ඉන්නවනම්, මම ඉල්ලා සිටිනවා එකතු වෙන්න Subz LK අඩවියට. කිසිම සැකයක් නෑ මේ තරම් පහසුකම් සහ නිදහසක් ලැබෙන වෙනත් කිසිම උපසිරැසි අඩවියක් වෙන කිසිම තැනක නෑ. ඒ වගේම තමන් කරන කාර්යයට හැකි උපරිම කැපවෙන්න. තව කියන්න දෙයක් තියනවා, ඒ තමයි ගොඩක් අය උපසිරැසි ඉල්ලීම් කරනවා. ඇත්තටම ඒ හැම එකක්ම සම්පූර්ණ කරන්න තියනම් මමත් හරි කැමතියි. ඒත් ඉතින් කාලය එක්ක ලොකු සටනක් කරන්න වෙලා තියන නිසා, උපසිරැසි කරන්න වෙන්නෙ එයින් තෝරගත් ඒවට විතරයි. ඉතින් ඒ ගැන සිත් අමනාප වුණ අය එහෙම ඉන්නවනම් සමාව ඉල්ලන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා. එහෙනම් සියලුම දෙනාට නැවතත් ස්තූති කරමින් මම මෙතනින් නවතින්නම්. ඉදිරියටත් රැඳී ඉන්න අපත් සමගම!

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ අපේ මිතුන් සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල උපසිරැසියක් අරගෙනයි. මේ තමයි පිළිවෙලින්…

  • Lake Placid (1999)
  • Lake Placid 2 (2007)
  • Lake Placid 3 (2010)
  • Lake Placid: The Final Chapter (2012)
  • Lake Placid vs. Anaconda (2015)

…විදියට ආව චිත්‍රපට පෙළක හයවැන්න වන Lake Placid : Legacy(2018). මේ චිත්‍රපට මාලාවම මිනිසුන්ව ආහාරයට ගන්නා දැවැන්ත කිඹුලන් පාදක කරගනිමින් නිර්මාණය වුණ චිත්‍රපට. මේ චිත්‍රපටයත් එසේම තමයි, ඩැරල් රූට්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණ මෙයට ලැබී ඇති IMDB අගයනම් 4ක්. ඒ වගේ අඩු අගයක් ලබන්න හේතු ඇහුවොත්, හේතු ගණනාවක් පෙන්නන්න පුළුවන් ඇත්තටම. මේ චිත්‍රපටය අයිතිවෙන්නෙ ක්‍රියාදාම/සංත්‍රාස/ විද්‍යා ප්‍රබන්ධ ඝනයට. ධාවන කාලය පැයකුත් මිනිත්තු 30ක්. රංගනයෙන් දායක වෙන්නෙ කැතරින් බැරෙල් (ජේඩ්), ටිම් රොසොන් ( සෑම්), සායි බෙනට් (ඇලිස්), ලූක් නිව්ටන් (බිලී), ක්‍රේග් ස්ටේන් (ස්පෙන්සර්), ජෝ පැන්ටලියානෝ (හෙන්ඩර්සන්), අලීෂා බේලි (පෙනී), මැක්සිම් බෝල්ඩ්රි (ඩේන්), ග්‍රෙග් ක්‍රීක් (ට්‍රැවිස්) වගේ පිරිසක්. දැන් අපි යමු කතාව පැත්තට…

ජේඩ්, සෑම්, බිලී, ස්පෙන්සර් කියන්නෙ රහසේ වැඩ කරන පරිසරවේදී කණ්ඩායමක්. ඔවුන් කරන්නෙම විප්ලවකාරී වැඩ. පරිසරයට වින කරන සමාගම් පස්සෙ එලවන එකම තමයි මේ අයගෙ වැඩේ. කොහොමහරි දැන් මේ අයගෙ අදහස තමන් මේ රහසේ කරන දේවල් නවත්තල එලිපිටම පරිසර දූෂණවලට එරෙහි වෙන්න. ඒ එක්කම වගේ මේ අයට ආරංචියක් ලැබෙනවා සිතියමකවත් සඳහන් වෙලා නැති මිනිසාට ඇතුළු විය නොහැකි ලෙස වසා ඇති පරිසර කලාපයක් ගැන. ඒ පැත්තෙ අයනම් කියන්නෙ  ඒ හරියෙ වුණරසායනික විෂවීමක් නිසයි ඒ කලාපය වහල දාල තියෙන්නෙ කියල. කොහොමහරි මේ තැනට ඉස්සෙල්ලාම යන අයට ත්‍යාගයක් ලබාදෙන්නත් යම් අයෙක් සූදානම් බවයි අඅරංචිය ලබාදුන් කෙනා පවසන්නේ. ඉතින් මේ රහස් පරිසරවේදී කණ්ඩායම තීරණය කරනවා තමන්ගෙ අවසාන වැඩේ  විදියට මේක කරන්න.නෙතනින් එහාට නරඹන ඔයගොල්ලන්ට බාරයි. කොහොමවුණත් ඉතාම සාමාන්‍ය මට්ටමේ චිත්‍රපටයක් බවත් කියන්න ඕනෙ, කැමති අය නරඹන්න. මම ගිහින් එන්නම් හමුවෙමු අපි තවත් උපසිරැසියකින්.

විශේෂ :

  • යෝකෝ :- චිත්‍රපටයෙ එක තැනක මේ නම සඳහන් වෙනවා. මෙතන යෝකෝ විදියට හඳුන්වන්නෙ ලෝක ප්‍රසිද්ධ බීට්ල්ස් සංගීත කණ්ඩායමේ ජෝන් ලෙනන්ගේ දෙවන බිරිඳ වුණ ජපන් ජාතික යෝකෝ ඔනෝව. බීට්ල්ස් සංගීත කණ්ඩායම බිඳී වෙන්වී යාමට මුලපිරුවෙ මේ යොකෝ ඔනෝ කියලයි ගොඩක් දෙනා විශ්වාස කරන්නෙ. මොකද බීට්ල්ස් කණ්ඩායමේ පිරිසගෙ එකඟතාවක් තිබිල තියනව තමන් සංගීත පුහුණුවීම් කරන තැන්වලට තමන්ගේ පෙම්වතියන් හෝ බිරින්දෑවරුන් එක්කගෙන එන්නෙ නැති බවට. කොහොමහරි අවසන් කාලෙ ජෝන් ලෙනන් සංගීත පුහුණුවීම්වලට ඇවිත් තියෙන්නෙ යොකෝ ඔනෝඑක්කමයි. මේ සිදුවීමෙන් ආරම්භ වී අවසානයේ කණ්ඩායමේ කටයුතුවලටත් යෝකෝ අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසූ බව කියවෙන අතර කෙසේහෝ අවසානයේ සිදුවන්නේ ලෝකයට තවත් අපූරු සංගීත කණ්ඩායමක් අහිමිව යාමයි. චිත්‍රපටයෙදි ඒ නම කියන්නෙ ඇයි කියල නරඹද්දි වැටහෙයි ඕගොල්ලන්ට.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
7420 වාරයක්
Download Links
720P
TOR
1080P
TOR
Available Torrents
720p web 795.88 MB
GET
1080p web 1.49 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (52)
← Older
Newer →
  • upul Unregistered
    Windows 7 Chrome 68
    2018-09-12

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…හදවතින්ම සුබ පතනවා 200 වෙනි කඩයිම වෙනුවෙන්.

    Reply
  • silent$ Unregistered
    Android 4.4 Chrome 67
    2018-09-14

    Thanxxxxx

    Reply
  • silent$ Unregistered
    Android 4.4 Chrome 67
    2018-09-14

    Congratulations keep it up

    Reply
  • ලක්ෂාන් සමීර Expert Subtitler
    Windows 7 Opera 55
    2018-09-18

    සමාවෙන්න හසිත සහෝදරයා සුබ පතන්න මෙච්චර පරක්කු වුනාට…මම කලිනුත් කියලා තියෙනවා වගේ අපේ සයිට් එකේ ඉන්න වේගවත්ම,සුපිරිම සහ නිවැරදිව සබ් කරන්න පුළුවන් කෙනා තමයි සහෝදරයා…ඒ වගේම හසිත සහෝගේ සබ් එකක් එක්ක ෆිලුමක් බලනකොට කිසිම බයක් නෑ..මොකද කියලා තියෙන විදියටම හැමදේම තියෙනවා…ඒ වගේම තමයි සහෝදරයගේ කැපවීම…මේ වගේ තත්වෙකට එන්න ඔයාගේ කාලය,ශ්‍රමය වගේ ගොඩක් දේවල් කැපකරන්න ඇති…ඒ හැමදේම වෙනුවෙන් උපසිරැසිකරුවෙකු විදියටත්,රසිකයෙකු විදියටත් හසිත සහෝදරයාගේ 200 වෙනි කඩයිමට හදවතින්ම සුබ පතනවා…ඒ වගේම තවදුරටත් මේ වගේ ගුණාත්මක ඉදිරිපත්කිරීම් Subzlk තුලින් ලබාදෙන්න ඔබට හැකියාව,ධෛර්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…____ජයෙන් ජය___ ✍✍✍

    Reply
  • Dinindu Sampath Unregistered
    Android 7 Samsung Browser 7.4
    2018-09-24

    Good luck and wish you all the best

    Reply
  • savindu Unregistered
    Android 4.4 UC Browser 11.5
    2018-09-24

    200 වෙනි උපසිරුසියට සුබ පැතුම් බ්‍රෝ ❤️❤️ තව වැඩි වැඩියෙන් සබ් දෙන්න පුලුවන් කම ලැබෙන්න ඕන.පොඩි ඉල්ලීමක් තියෙනවා පුලුවන් නම් The thirteenth floor (1999) ෆිලුමට සබ් ⁣දෙන්න සහෝ..

    Reply
  • sumed Unregistered
    Windows 10 Chrome 69
    2018-10-02

    200 වෙනි උපසිරසියට සුභ පැතුම් සහෝ.

    Reply
  • Pasindu Wickramasinghe User
    Android 5.1 UC Browser 11
    2018-10-09

    පරක්කු උනාට සමාවෙන්න ඕන සහො..හදවතින්ම සුභ පතනව 200 වෙනි කඩයිමත් පහු කලාට. ආ මග කෙටියි යා යුතු මග දුරයි කියලයි කියන්නෙ. අනිත් අයට උදව්වක් වෙන දෙයක් කරල ගන්න සතුට සල්ලි වලට ගන්න බෑ. මේකත් ඒ වගේ. ඉතින් ඒකත් එක්ක දිගු ගමනක් යන්න හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියල්ල සාර්ථක වේවා කියලත්. බුදු සරනයි!

    Reply
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 UC Browser 7
    2018-10-09

    200 වෙනි උපසිරසියටත් මගෙන් සුබ පැතුම්.

    Reply
  • Anu Unregistered
    Android 8 Chrome 68
    2018-10-25

    Amazing work ….Congratulations and looking for more ..

    Reply
  • HASHAN Unregistered
    Windows 10 Edge 16
    2018-11-15

    jaya Janaki nayka film eke sinhlA SUB EK OONA

    Reply
  • HASHAN Unregistered
    Windows 10 Edge 16
    2018-11-15

    JAYA JANAKI NAYKA EKE SINHLA SUB EK OONA

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
දමිත් ප්‍රියංකර 179
#4
Rasika Samanjith 176
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved