සොරුන්ට මැදිවූ අම්මයි දුවයි
2021 මැයි 07 දින ඇමෙරිකාවේ ප්‍රදර්ශනය ආරම්භ කල නවතම සිනමා නිර්මාණයක් අරගෙනයි මෙවර subz.lk වෙතට ගොඩ වැදුනෙ. ඒ තමයි Locked In. කොරෝනා ව්‍යාප්තිය මධ්‍යයේ සීමිත සිනමා ශාලා ගණනක ප්‍රදර්ශනය ඇරැඹි මෙය Action, Mystery, Crime, Drama, Thriller යන විදිහට වර්ගීකරණය වෙනව. Carlos V. Gutierrez ගේ අධ්‍යක්ෂනයක් වන අතර කතාව ලියා ඇත්තේද ඔහු විසිනි. චිත්‍රපටයේ නිෂ්පාදනයද ඔහු Elias Axume සමග බෙදා හදාගෙන ඇත. Mena Suvari මැගී ලෙසද, Jasper Polish ටැරීන් ලෙසද රංගනයට එක්වී ඇති අතර අනෙක් චරිත සඳහා Jeff Fahey (මෙල්), Costas Mandylor (හැරිස්), Manny Perez (රොස්) සහ Bruno Bichir (ලී) දායක වී ඇත. පරුෂ වචන කීපයක් හැරෙන්නට කිසිඳු අසභ්‍ය දර්ශනයක් නැති බවත් මතක් කරමි. දැනට 4.6/10 ක IMDb අගයක් ලබාගෙන ඇති මෙහි ධාවන කාලය විනාඩි 90 යි.
කතාව කෙටියෙන් කියනව නම්, මැගී කියන්නෙ තම 17 හැවිරිදි දියණිය සමග තනියම ජීවත් වෙන කෙනෙක්. ඉන්නෙත් මොටෙල් එකක කුලියට. ආර්ථික ප්‍රශ්න වලින් මිරිකිලා. ඇය වැඩ කරන්නෙ ගබඩා කාමර ( ලොකර් ) පහසුකම් සපයන ආයතනයක. තට්ටු කීපයකින් සමන්විත මේ ගොඩනැගිල්ලෙ ගබඩා කාමර හෙවත් ලොකර් සිය ගණනක් තියෙනව. දිනක් රාත්‍රියේ තම දියණිය වන ටැරීන් සමග යම් වැඩකට තම සේවා ආයතනයට ඇවිත් ඉන්නකොට අමුත්තන් කීප දෙනෙක් ඊට කඩා වදිනවා. මැගීගෙ බොස්වත් ඔවුන් මරා දානවා. ඔවුන් එන්නෙ සොරකම් කල දියමන්ති වගයක් හොයාගෙන. ඒවා මේ ආයතනයේ කොහේ හරි ලොකර් එකක මැගීගෙ බොස් හංගලයි තියෙන්නෙ. මැගී සහ ටැරීන් මේ ආයතනය තුල මිනීමරුවන්ගෙ ග්‍රහණයට අහුවෙනවා. එහි ලොකර් සහ කොරිඩෝර් අතරේ තමාගෙ මෙන්ම තම දියණියගේත් ජීවිත බේරා ගැනීමට නම්, ඒ භයානක මිනීමරුවන්ට වඩා අඩියක් ඉස්සරහින් හිඳීමට, ආයතනය ගැන තමන් සතු දැනුම පාවිච්චි කිරීම මැගීට කල යුතු වෙනවා.
ජය වේවා.
QUALITY – 720p – 790MB / 1080p – 1.6GB
SUB FORMAT – SRT & IDX
♣♣ WEBRip / 720p / 1080p ♣♣
තෑන්ක්ස් සහෝ
බොහෝම ස්තූතියි සහෝ.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request:
Thunder Force (2021)
The Dry (2020)
Mission Possible (2021)
The Mitchells vs. the Machines (2021)
ඔබටත් ගොඩක්ම ස්තූතියි.
උපසිරැසි අර්ධ ශතකයට උණුසුම්ම උණුසුම් සුභ පැතුම්, රසික :thumbsup::thumbsup:. කාලය, ශ්‍රමය, ධනය වැයකරමින් කරන මේ කාර්යය ඉතාමත්ම වටිනවා. ඉදිරි කඩයිම්වලටද ඉක්මනින් හා මේ ලෙසම සාර්ථකව ගමන් කරන්නට ඔබට ධෛර්යය , ශක්තිය ලැබේවා.
බොහෝම ස්තුතියි ලෙජන්ඩ්. උපසිරැසිකරනයට උනන්දුවක් ඇතිවෙන්න අතීතයේදී ඔයාගෙ උපසිරැසිත් උත්තේජනයක් සැපයුවා කීවොත් නිවැරදියි. ඔයා අපේ ටීම් එකේ ඉන්න එකම අපේ ගමනට ලොකු හයියක්. අංක එක නෙමේ හොඳම එක බවට subz.lk පත් කරමු.
බොහොම ස්තූතියි, රසික. අංක එක නෙමෙයි හොඳම එක කරමු කොහොමහරි.
අපේ ෆිල්ම් විතරක්ම 50 ක් කරලා .තමන්ගේ අර්ධ ශතකය ගත්ත එකම කෙනා වෙන්න ඕන ..සයිට් එක වෙනුවෙන් ගොඩාක් මහන්සි වුන කෙනෙක් ..ඒ වාගේම හොද මිතුරෙක් ..වැඩ රාජකාරි කරන අතර උපසිරැසි ගෙන කෙනෙක් ..ඒ වාගේම මටත් කතා කරලා මොකක් හරි අක්‍රිය වෙලා තියේ නම් හදන්න තියෙනවා කියලා මුලින්ම කියන්නේ රසික ..!!!!!
ඔයාගේ අර්ධ ශතකය ට මගෙන් උණුසුම් සුභ පැතුම් යාලුවා !!!!!!!
සුබ පැතුමට බෙහෙවින්ම ස්තූතියි ලොක්කා. සයිට් එක අපිට පහසු තැනක්
කරල දෙන්න තිරයෙ පිටුපස ඉඳන් කරන මෙහෙයටත් ඒ ගමන්ම ස්තූති කරනවා.
50 වැනි උපසිරැසියට සුභපැතුම් සහෝ. 100 උපසිරැසිය දක්වා වැඩියෙන් පැරණි ෆිල්ම් ම දෙන්නට හැකිවේවා. වෑන් ඩෑම්, සිල්වෙස්ටර් ස්ටැලෝන්, ආර්නොල්ඩ්, ජෙට් ලී, ජැකී චෑන්, චක් නොරිස් වැනි පැරණි නළුවන්ගේ මෙතෙක් ලබා නොදුන් ෆිල්ම් සියල්ල අනාගතයේ උපසිරැසි කරන්නට හැකිවේවා. තෙරුවන් සරණයි.
උපරිම ට්‍රයි කරනවා. ස්තූතියි.
මුලින්ම මේ 50 වෙනි උපසිරැසියට එහෙමත් නැත්නම් අර්ධ ශතකයට සුභ පතනවා. උපසිරැසිකරුවන් අතරින් මන් දැකපු සුවිශේෂීම කෙනාම. මේ සයිට් එකෙන් විතරක් නෙමේ, හැම සයිට් එකකින්ම. උපසිරැසි දුන්නු ඔක්කොම චිත්‍රපටි. ඒ වගේමයි උපසිරැසි නැතුව හැංඟිලා තිබ්බ අපි සාමන්‍යයෙන් කියන්නේ “ඕල්ස් ඊස් ගෝල්ඩ්” කියලා, අන්න එහෙම ඒවටත්, අළුත් චිත්‍රපටි වලටත් තව රසිකයන්ගේ ඉල්ලීම් අනුවත්, උපසිරැසි දෙන හරිම අපූර්ව සඟයෙක්. තව තවත් කඩ ඉම් කරා යන්න ජය!!!
බොහොම ස්තූතියි රවීන්. ඔයා හැමදාමත් මේ විදිහට අපිව අගය කරනවා.. දිරිමත් කරනවා. මමවත් මේ විදිහට මන් ගැන දැනන් උන්නෙ නෑ. ඔයත් සයිට් එක වෙනුවෙන් කරන කැපකිරීම අපි දන්නවා. ඔයා වගේ වගේ Co-admin කෙනෙක් ලැබීම දමිත්ගෙත් වාසනාව. Subz.lk හොඳම තැනට ගේමු. .
උපසිරැසිය ගත්තා ස්තූතියි .
බොහොම ස්තූතියි සහෝ සද්ද නොකර නොගියට.
මුලින්ම සමාව අයදිනවා අදහසක් දැක්වීමට ප්‍රමාද වීම ගැන.:worried:
50වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා අයියේ.:tada::balloon::balloon: ඉතා කෙටි කාලයක් ඇතුලත උපසිරැසි 50ක් කළා කියන එක හිතාගන්නවත් බෑ. ඒකත් චිත්‍රපට 50කට වීම විශේෂත්වයක්. ඒවගේම රසික රසිකාවියන්ගේ ඉල්ලීම් හැකි සෑම විටම ඉටු කරපු කෙනෙක් තමා අයියා. ඉතින් මේ වගේම ඉදිරි කඩයිම් පසු කරන්නත් ශක්තිය, ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි!
ඒකට කමක් නෑ මල්ලි. ඔයා හැමදාමත් මට ලොකු කමෙන්ට් එකක් දානවනෙ. අලුත් ෆිල්ම් කීපයක් කලා. ආයෙ පරණ ඒවට බහිමු. බුදු සරණයි.
උපසිරැසි අර්ධ ශතකයට මගෙන් සුභපැතුම් රසික සහෝ!!
Great White (2021) දෙනකන් බලන් ඉන්නවෝ.. ☺
Bohoma sthuthi..Jaya wewa!
Thank you very very much, Bro.