Logan (2017) Sinhala Subtitle
හැමෝටම ලැබුවාවූ සිංහල දමිළ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරමින්ම ඔන්න ගොඩක් අය නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු ලෝගන් චිත්‍රපටයේ උපසිරැසිය අරගෙන ආවා.මේක මට බාරදීල දැන් ටික කාලයක් වුනත් Subzlk අපේ කැමැත්තක් තිබුණේ නෑ හොඳ පිටපතක් එනකං මේක ඕගොල්ලන්ට දෙන්න.ඉතින් දැනට දවස් කීපෙකට කලින් තමයි මේකෙ හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුණේ.පිටපත කොරියන් හාඩ්කෝඩඩ් සබ් එකක් තියන HDrip එකක්.සබ් එකත් එච්චර කරදරකාරී මට්ටමක නෑ.මම මිර්සයා චිත්‍රපටයත් එක්ක දීපු PDF එකේ තියන විදියට සබ්ටයිටල් එකට බැක්ග්‍රවුන්ඩ් එකක් දාගෙන බලන්න එතකොට හරි.
මාවල්ස් කොමික්ස් පොතකින් උපතලබා 2000 වසරේදී සිනමාවට පිවිස හියු ජැක්මන් නම් අද්විතීය රංගන පෞරුෂයෙන් ඔපවත්වී පුරා වසර 17ක් විශිෂ්ඨ ඝනයේ සිනමා නිර්මාණ 9කින් (ඩෙඩ්පූල් චිත්‍රපටයත් සමග 10) අප හමුවට ආ ජේම්ස් හොව්ලට් එසේත් නැත්නම් වොල්වරීන්ගේ සිනමාගමනේ අවසානයයි Logan.වර්ෂ 1832දී ජේම්ස් හොව්ලට් නමින් කැනඩාවේ ඉඩම්හිමි වැවිලිකාර පවුලක උපත ලබා, 1845 වසරේදී ලෝගන් යන නාමය ලබා මහා සංග්‍රාම ද්විත්වය සහ වියට්නාම සංග්‍රාමයට තම දායකත්වය දක්වා, 1979 වසරේදී වෙපන් X පර්යේෂණයේ ගොදුරක්ව ඇඩමෙන්ටියම් ශක්තියෙන් බලගැන්වී වොල්වරීන් ලෙස නැවත ඉපදී අතීතයටත් අනාගතයටත් දෝලනය වෙමින්, තම හිතෛෂීන්ද , ලෝ වැසියන්ද කරදර හිරිහැර වලින් මුදාගනිමින් ගෙවූ වෙහෙසකර 197 වසරක දිගු ගමන්මගේ නැවතුමයි මේ සනිටුහන් වන්නේ.ලෝගන් සිනමා පටය අවසන් වන්නේ මින් ඉදිරියට අප ආදරය කල වොල්වරීන් චරිතය රිදීතිරයෙන් අප හමුවට නොඑන බව අඟවමින් වන නමුත්, ඔහුගේ උරුමය නුදුරේදීම සිනමාපටයකින් අප හමුවට එනු ඇතැයි සියුම් බලාපොරොත්තුවක්ද අප සිතේ ඇති කරමිනුයි…
ඒ බලාපොරොත්තුවත් සිතේ තබාගෙනම අපි යමු චිත්‍රපටය වෙතට..
මේ චිත්‍රපටය ආරම්භ වෙන්නෙ 2029 වර්ෂයෙන්.මේ වෙද්දි ලෝකයේ කිසිම ජාන විකෘතිකයෙක් නෑ.ඔවුන් සියලු දෙනාම ලෝකයෙන් තුරන් වෙලා ගිහින්.වසර 25කින්ම ජාන විකෘතික උපතක් වාර්තා වෙලත් නෑ.කවුරුවත්ම වොල්වරීන්වවත් ලෝගන්වවත් දන්නෙ නෑ ඔහු භාවිතා කරන්නෙ තමන්ගෙ මුල්නම වෙන ජේම්ස් හොව්ලට් කියන නම.ජීවත්වෙන්නේ ටෙක්සාස් ප්‍රාන්තයේ කුලී ලිමොසීන් රථ රියදුරෙක් විදියට.දවසම මත්පැන් පානය කරමින් බොහොම අඳුරු ජීවිතයක් තමයි ලෝගන් ගත කරන්නෙ.ඒ මදිවට කාලයක් තමන්ට මහත් ශක්තියක් වුණ, තමන්ගේ අස්ථි සහ නිය ශක්තිමත් කල ඇඩමැන්ටියම් ලෝහයත් , දැන් ඔහුගේ ශරීරය දුර්වල කරන්න පටන් අරන්.ලෝගන් ජීවත්වෙන්නෙ අත්හැර දැමූ ලෝහ කර්මාන්තශාලා භූමියක.ඔහු ඉන්නෙ තනියම නෙමෙයි.X Men Apocalypse බලපු අයට මතක ඇති ‘කලිබාන්’ව, අර ජාන විකෘතිකයින්ව සොයාගැනීමට විශේෂ බලයක් තිබුණ චරිතය.අන්න එයත් ඉන්නව ලෝගන් එක්ක.තව අමතක කරන්නම බැරි චරිතයකුත් ඉන්නවා ඒ තමයි චාල්ස් ක්ෂේවියර්.ඔහුත් මේ වෙනකොට වයස්ගතව රෝගීව තමන්ගෙ චෛතසික බලය පාලනය කරගන්නවත් බැරි තත්වෙක ඉන්නෙ.වසරකට කලින් ඔහුගේ මේ රෝගී තත්වය හේතුවෙන් “වෙස්චෙස්ටර් සිදුවීම” නම් දැවැන්ත ව්‍යසනයකුත් වෙලා තියනවා.ඔය වගේ හේතුකාරණා හින්ද මේ ගොල්ලො දැන් ඉන්නෙ හැංගිලා.ලෝගන්ට ලොකු වුවමනාවක් තියනව චාල්ස් සහ කලිබාන් එක්ක ඈත මුහුදට ගිහින් ජීවත් වෙන්න (ඒකට හේතුව වැටහේවි ෆිල්ම් එකේ මුල් විනාඩි 30 ඇතුලත) නමුත් ඔහුට ඒකට මුදල් නැහැ…
ඔය අතරේ ගැබ්‍රියෙලා නම් කාන්තාවක් එනවා ලෝගන්ව හම්බවෙන්න.ඇය ලෝගන්ගෙන් ඉල්ලනව තමන් සහ තමන්ගේ දියණිය වන ලෝරාව ආරක්ෂාකාරී ලෙස යම් ස්ථානයකට රැගෙන යන ලෙස.ඒකට ලොකු මුදලකුත් ගෙවන්න ඇය පොරොන්දු වෙනව.සල්ලි වුවමනාව නිසාම ලෝගන් මේ ගමන බාරගන්නව.නමුත් මේ ලෝරා කියන්නෙ සාමාන්‍ය කෙනෙක් නොව ජාන විකෘතිකයෙක් බවත්, ඇය ඇල්කලී ට්‍රාන්සිජෙන් නම් සමාගමක් මගින් සිදු කෙරෙන පර්යේෂණයක ප්‍රතිඵලයක් බවත් දැනගන්නට ලැබෙන අතර ඇල්කලී ට්‍රාන්සිජෙන් සමාගමත් ලෝරා පසුපස ලුහුබඳිනවා.එතකොටයි ලෝගන්ට තේරෙන්නෙ තමන් මේ බාරගත්තෙ මහා භයානක රාජකාරියක් කියල.ඉතින් බලන්න කියල ආරාධනා කරනව.එක ක්ෂණික දර්ශනයක් ඇරුණහම මේකෙ නිරුවත් දර්ශණ නෑ.ඒවුණත් ප්‍රචණ්ඩකාරී , ලේ සෙලවෙන දර්ශණ සහ අසභ්‍ය වචන රාශියක් තියනව…
පැහැදිළි කිරීම්.
(1) ඇල්කලී ට්‍රාන්සිජෙන් (Alkali Transigen) සමාගම :- මුල්ම වෙපන් X වැඩසටහන සිදුකලඑසෙක්ස් (Essex) හි නවතම ස්වරූපය.මතකයිනෙ වෙපන් X පර්යේෂනාගාරය තිබුනෙ ‘ඇල්කලී විල’ ලඟ.ඒකයි මේ නම දාන්න ඇත්තෙ.නම අහපු සැනින් ලෝගන්ට වෙන්න යන දේ තේරෙන්නෙ ඒකයි.
(2) ඩොක්ට රයිස් :- ඇල්කලී ට්‍රාන්සිජෙන් සමාගමේ හිමිකරු.මතකද වොල්වරීන් වෙපන් X එකෙන් පැනල යද්දි Essex එකේ ඩොක්ට ඩේල් රයිස්ව මරනව. මෙයා තමයි ඒ ඩේල් රයිස්ගෙ පුතා.
(3) රීවර්ස් :- ඇල්කලී සමාගමේ ආරක්ෂක ආයතනය. ප්‍රධානියා තමයි ඩොනල්ඩ් පියර්ස්.
(4) චාල්ස් ක්ෂේවියර්ගේ රෝගය :- ඔහුට තියෙන්නෙ ඇල්සයිමර් (Alzheimer) රෝගය.ඒ නිසා ඔහුට තාවකාලික මතකය අහිමිවීමක් තියනව.කොයිතරම් බලවත් අයෙක්වුවත් මහළුවූ කල ජීවිතය කොතරම් අසරණද කියන එක දක්ෂ ලෙස නිරූපණය කරනව (Patrick Stewart) ඔහු.කෙටි ආහාර දැන්වීමක් එහෙම කියවනව ලස්සනට.
(5) වෙස්චෙස්ටර් සිදුවීම :- බොහෝවිට චාල්ස්ගේ රෝගී තත්වය හේතුවෙන් වූ ඛේදවාචකයක් විය හැක.නමුත් ඒ ගැන පැහැදිළි සඳහනක් නැහැ.
(6) ආදම්ගේ උයන (Eden) :- බයිබලයේ සඳහන් ස්ථානයකි.දෙවියන්ගේ උයන ලෙසද සැලකේ. උස් කඳු මුදුනක පිහිටි බවද කියයි.සියලු යස ඉසුරු සපිරි තැනක් යැයි විශ්වාසයක් ඇත.
(7) සන්සීකර් (Sunseeker) :- බ්‍රිතාන්‍ය බෝට්ටු නිෂ්පාදන ආයතනයකි.
(8) බ්‍රේකවේ රෝපින් (Breakway Roping) :- ක්‍රීඩාවකි.අසුපිට යමින් තොණ්ඩුවක් විසි කිරීම මගින් ගවයින්ව අල්ලා ඔවුන්ව දිනුම් ස්ථානය වෙත මෙහෙයවීම සිදුකෙරේ.
(9) බැරල් රේසින් ( Barrel Racing) :- ක්‍රීඩාවකි.විවිධ ස්ථානවල තබා ඇති බැරල් වටා යම් රටාවකට අසු මෙහෙයවමින් ආපසු පැමිනීම.ඒ සඳහා ගත කල කාලය මත ජයග්‍රාහකයා තීරණය වේ.ලයිසන් ගන්නකොට 8 ගහනව වගේ වැඩක්.
(10) පූල් පේන්ටින් (Pool Painting) :- විවිධ සිතුවම් මගින් නාන තටාක අලංකරණය.
සියළුම BluRay පිටපත් සඳහා ගැලපේ
BluRay පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
BluRay Updated
Spoiler Warning : In the near future, a weary Logan (Hugh Jackman) cares for an ailing Professor X (Patrick Stewart) at a remote outpost on the Mexican border. His plan to hide from the outside world gets upended when he meets a young mutant (Dafne Keen) who is very much like him. Logan must now protect the girl and battle the dark forces that want to capture her…
හම්මෝ මේවා දකිද්දී ඉන්න බෑ.
සබට තුති හසිත සහෝ! ලිපියත් නියමෙට ලියලා තියෙනවා!
ජය වේවා!
Bluray ආ සැනින් Update කරන්න හොදේ!
බොහොම ස්තූතියි , සමීර . අනිවාර්යයෙන්ම අප්ඩේට් එකක් දෙන්නම්.
Hamme…thanx kollo sub akata…meka nm br rip awama balanna ona…bluray awama senika update karamu…
ස්තූතියි නිලංක. BR ආවම අනිවාර්යයෙන්ම අප්ඩේට් එකක් දෙන්නම්. දැනට දීල තියන ප්‍රින්ට් බලන්න. ඒක හොඳ තත්වෙ තියනව .
මාර වේගයෙන් සබ් එක දීලනේ…
ලිපියත් ලියලා තියෙනවා සුපිරියටම…
Bluray ආවම Update එක දෙමු…ඒත මම නම් ඉතින් Bluray එනකම් ඉන්නේ නැ…Bluray එනකම් කොහොම ඉවසන්නද ඉතින් ???…
උපසිරැසි බොහොම ස්තුතියි හසිත සහෝ..මේ වගේ තව තව සිනමා නිර්මාණ වලට උපසිරැසි කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා…ජය වේවා!!!
බොහොම ස්තූතියි, කවීෂ. මටනම් දැන් බැලුවම හිතෙනව ලිපිය මදියි කියලත්. Br ආවම අප්ඩේට් එකක් දෙන්නම්.
ස්තූතියි කොල්ලා. වැඩේ නියමෙට දීලා. ඉස්සරහටත් වෙඩි වගේ උපසිරැසි කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.!!! ජය!!!
බොහොමත්ම ස්තූතියි, ලක්ෂිත.
Thnq mcn sub akata.goda dawasak idan balanna hitiye…dan sub akkama balanawa.
Thanks sub akata
හම්මේ ෆිල්ම් එක ආපු දවසේ ඉදන් බලං හිටියේ හොද කොපියක් සිංහල සබ් එකත් එක්ක බලන්න…..
නියමෙට තිබ්බා සහෝ….තැන්කූ සබ් එකට…keep it up hasitha sahoo
Patta mcn…uba nm sira porak…thnx…hd rip akama balanawa…post aka kiyewwama bluray anakm inna baha…hurt attack hadei…digatama sub kramu***
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
බොහොම ස්තූතියි, Sadaam_SL.
Thx mcho subtle akata.
wede wede hoda onna math gaththa dannawane 211 weniya thamai mama
jaya wewa
බොහොම ස්තූතියි, සාගර.
Thank you aiye sub akata…
Mn me web aken gatta first sub aka…meka lasana film akak…
බොහොමත්ම ස්තූතියි, සෂිනි. දිගටම අපිත් එක්ක රැඳී ඉන්න.