Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Adventure
  3. Maleficent: Mistress of Evil (2019) Sinhala…

Maleficent: Mistress of Evil (2019) Sinhala Subtitle

January 03, 2020 Hasitha Prasad | Junior Admin
IMDB RATING 7.0
GENRES
AdventureEnglish MoviesFamilyfantasyGenresMovies
CAST

Angelina Jolie, Elle Fanning, Harris Dickinson, Michelle Pfeiffer

ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ අපේ ඇඩ්මින් මණ්ඩලයෙ ඉල්ලීමක් අනුව කල උපසිරැසියක්. මුලින්ම ස්තූතිය ඔවුන්ට. මේ තමයි Maleficent (2014) චිත්‍රපටයේ දෙවැන්න විදියට පසුගිය වසරේ අගභාගයේ තිරගතවූ Maleficent : Mistress of Evil (2019) චිත්‍රපටයෙ සිංහල උපසිරැසිය. මුල් චිත්‍රපටය නිකුත්වී වසර පහක් ගෙවී ඇති නිසා අපි පොඩ්ඩක් එය සාරාංශගත කරගමු මෙවර චිත්‍රපටයට පිවිසීමට පහසුවක් විදියට.

Maleficent (2014)


මැලෙෆිසන්ට් යනු මූර් නම් මායාකාරී සුන්දර දේශයක ජීවත්වන සුන්දර පිවිතුරු සිතක් ඇති සුරඟනක්. මූර් දේශය තිබෙන්නේ මනුෂ්‍ය රාජධානියක අද්දර.එහි වෙසෙන ස්ටෙෆන් නම් ගොවි තරුණයකු හා ඇය ආදරයෙන් බැඳෙනවා. කෙසේවෙතත් කෙසේහෝ දියුණුවීමේ අභිලාෂයෙන් කටයුතු කරන ස්ටෙෆන්ගෙන් මැලෙෆිසන්ට් කෙමෙන් ඈත්වන අතර ඇය පසුව මූර් දේශයේ ආරක්ෂකයා බවට පත්වෙනවා.

එවක මනුෂ්‍ය රාජධානියේ රජු වන හෙන්රි උත්සාහ දරනවා මූර් දේශය ආක්‍රමණය කරන්නට. එහෙත් මැලෙෆිසන්ට්ගේ බලය ඉදිරියේ ඔහුඉට පසුබසින්නට සිදුවන අතර මරණීය තුවාලද සිදුවෙනවා. මරණ මංචකයේදී ඔහු පවසනවා මැලේෆිසන්ට්ව මරාදමන ඕනෑම අයකුට තමන්ගෙන් පසු රජකම හිමිවන බවත් තම දියණිය විවාහ කරගැනීමටද ඔහුට හැකි බවත්. මෙය සැලවන ස්ටෙෆන් මූර් දේශයට ගොස් මැලෙෆිසන්ට්ට මත් බෙහෙතක් ලබාදෙනවා, නමුත් ඇයව මරා දමන්නට සිත් නැති ඔහු ලෝහයක් භාවිතයෙන් ( මෙය සුරයන්ට මරණය ගෙන දෙන්නක්) ඇගේ තටු සිඳ ඒවා ස්ටෙෆන් රජුට ඉදිරිපත් කරනවා. ස්ටෙෆන්ගේ මේ ද්‍රෝහී ක්‍රියාවෙන් කෝපගන්නා මැලෙෆිසන්ට් මූර් දේශය අඳුරු දේශයක් බවට පත් කර ඩියෙවෙල් නම් රේවන් කපුටෙක් මනුෂ්‍ය වෙස් ගන්වා සේවකයෙක් ලෙස තබාගන්නවා.

යම් කාලයකට පසු, මැලෙෆිසන්ට් වෙනුවෙන් ඔත්තු බැලීමේ යෙදී සිටින ඩියෙවෙල් ඇයට දන්වනවා ස්ටෙෆන් රජුගේ අලුත උපන් දියණිය වන ඔරෝරාගේ බෞතීස්මය පැවැත්වෙන බව.කෝපයෙන් එම උත්සවය වෙත පැමිණෙන මැලෙෆිසන්ට් ඔරෝරා බිළිඳියට ශාපයක් කරනවා: ඇයගේ 16 වන උපන්දිනයේදී නූල් කටින යන්ත්‍රයක ඉද්දක් ඇනී සදාකාලක නින්දට වැටේවා යනුවෙන්. ස්ටෙෆන් රජු මැලෙෆිසන්ට්ට ආයාචනා කලත් ඇය එය බාරගන්නේ සරදමින්, නමුත් ශාපය ආපසු හැරවිය හැකි ප්‍රතිකර්මයක් ඇය ඔහුට පවසනවා: එනම් සැබෑ ආදරයක හාද්දක් මගින්. මැලෙෆිසන්ට් සහ ස්ටෙෆන් රජු යන දෙදෙනාම විශ්වාස කරන්නේ එවැන්නක් මෙලොව නැති බවයි.

ස්ටෙෆන් රජු ඔරෝරාව පිටත්කරනවා ක්නොට්ග්‍රාස්,තිස්ල්විට්ස් හා ෆ්ලිට්ල් නම් පික්සීවරියන් තිදෙනෙක් සමග විසීමට, ඔවුන්ගේ රාජකාරිය ඇගේ 16වන උපන්දිනය අවසන්වනතෙක් ඇයව ආරක්ෂා කිරීම. එතනින් නොනැවතී තම රාජධානිය තුල ඇති සියලු නූල් කටින යන්ත්‍ර විනාශ කර දමන ඔහු ඒවායේ ඉතුරුව ඇති කොටස් තම මාලිගයේ බිම්ගෙය තුල සඟවනවා. මැලෙෆිසන්ට් සොයා මරාදමන්නට ස්ටෙෆන් රජු තම හමුදාවන් පිටත් කරන මුත් එයත් සාර්ථක වන්නේ නෑ. ශාපය වැලැක්වීමට උත්සාහ දරමින්ම උමතුවට පත්වන ස්ටෙෆන් රජු සියල්ලන්ව සැක කරන්නට පටන්ගන්නවා, අවම වශයෙන් මරණ මංචකයේ සිටින තම බිරිඳවවත් බලන්නේ නෑ ඔහු.

නොසැලකිලිමත් පික්සීවරියන් ඇයව රැකබලාගැනීමට අසමත්වන තැන මැලෙෆිසන්ට්ගේ සිත සෙමින් සෙමින් තරුණ ඔරෝරා වෙත දයාවන්ත වන්නට පටන්ගන්නා අතර ඇය ගැන අවධානයෙන් සිටිනවා.

15 වෙනි වියට එලඹෙන ඔරෝරා මැලෙෆිසන්ට්ව මුණ ගැහෙනවා. ඇය විශ්වාස කරන්නෙ ඇය තම සුරඟන කැපකරු මව ලෙසයි. මැලෙෆිසන්ට් තමන් කල ශාපය ආපසු හරවන්නට තැත් කලත්, සැබෑ ආදර හාදුවකින් මිසක එය ආපිට හරවන්නට බෑ. ඒ අතරේ වනය තුලදී ඔරෝරා හමුවෙනවා පිලිප් නම් තරුණ කුමරෙකු. ඔවුන් දෙදෙනා එකිනෙකා හා බැඳෙනවා.
තම 16වන උපන්දිනයට පෙර දින, ඔරෝරා මැලෙෆිසන්ට්ට පවසනවා තමන් ඇය හා මූර් දේශයේ විසීමට සතුටු බව. ඇය නැවත තම කුටියට ගියවිට පික්සීවරියන් සිතා නොබලාම ඇයට පවසනවා ඇගේ අතීතය ගැනත් මැලෙෆිසන්ට්ගේ සැබෑ අනන්‍යතාවය ගැනත්. ඔරෝරා තම පියාගේ මාලිගය වෙත යනවා, මැලේෆිසන්ට් තමන්ට ශාපය ගැන නොපැවසීම ගැන සිත් වේදනාවෙන්.

ඔරෝරාව ආරක්ෂා කරන්නට ස්ටෙෆන් රජු ඇයව ඇගේ කාමරයේ අගුළු දමා මැලෙෆිසන්ට් මරාදැමීමට සැලසුම් කරනවා. කෙසේ නමුත් ශාපයේ බලය ඔරෝරාව ඇදගන්නවා මාලිගයේ බිම්මහල වෙත. එහිදී නූල් කටින යන්ත්‍රයක ඉද්දට අත සිදුරු කරගන්නා ඇය සදාකාලික නින්දට වැටෙනවා ශාපයේ කෙරුණු ලෙසටම. ඇයව බේරාගන්නට සිත් ඇති මැලෙෆිසන්ට් පිලිප් කුමරුව පැහැරගෙන ස්ටෙෆන් රජුගේ මාලිගයට ඇතුළුවෙනවා. එහෙත් පිලිප් කුමරුගේ හාද්දට ඔරෝරා අවදිවන්නේ නෑ. එයින් දුකට පත්වන මැලෙෆිසන්ට් ඔරෝරාගෙන් සමාව ඉල්ලා ඇගේ නලල සිඹිනවා.ඇගේම දියණිය නොවූවත් කැපකරු මව් ස්නේහයද සැබෑ ආදරයක් ලෙස ගැනෙන නිසා එයින් ඔරෝරා අවදිවෙනවා.

මැලේෆිසන්ට් සහ ඔරෝරා මාලිගයෙන් පිටවයන්නට තැත් කරද්දී ස්ටෙෆන් රජු සහ ඔහුගේ ආරක්ෂකයන් ඔවුන්ට රැක සිට පහරදෙනවා. යකඩ දැලක් හෙලනවා ඔවුන් මැලෙෆිසන්ට් මත. මැලෙෆිසන්ට් තම සේවක ඩියෙවෙල්ව මකරෙකු බවට හරවන අතර ඔහුද ආරක්ෂකයන් හා සටනේදී හසුවෙනවා. ස්ටෙෆන් රජු මැලෙෆිසන්ට්ව මරාදමන්නට ඔන්න මෙන්න තිබියදී ඔරෝරාට හමුවෙනවා ස්ටෙෆන් විසින් කලකට පෙර සිඳලූ මැලෙෆිසන්ට්ගේ තටු කූඩු කර තිබෙනවා. ඇය ඒවා නිදහස් කරනවා. මැලෙෆිසන්ට් කරා පියඹායන තටු නැවත ඇයට බද්ධ වෙනවා. ස්ටෙෆන් රජුව මරාදමන අදහසින් ඔහුවද රැගෙන මාලිගය මුදුනට පියඹායන නමුත්, ඇයට සිත් නෑ තමන්ගේ පැරණි ප්‍රේමවන්තයාව මරාදමන්නට. ඔහුව දමා යන්නට සැරසෙන මැලෙෆිසන්ට්ට නැවතත් ස්ටෙෆන් රජු පහරදෙන අතර, ඔවුන් දෙදෙනාම මාලිගයෙන් පහලට ඇදවැටෙනවා. ස්ටෙෆන් රජු මියයනවා.

අවසානයේ මැලෙෆිසන්ට් මූර් දේශය පෙර තිබූ සුන්දර දේශය බවට හරවන අතර ඔරෝරා එහි කිරුළු පළන් රැජිණ බවටද පත්කරනවා.

Maleficent : Mistress of Evil (2019)

එතනින් තමයි මෙවර කතාව ආරම්භ වෙන්නෙ. ඒ නිසා මම ඒ ගැන කියන්න යන්නෙ නෑ. මෙවර අධ්‍යක්ෂණ කාර්යය බාරවන්නේ යොකිම් රොනින් හටයි. රංගනයෙන් සුපුරුදු පරිදි ඇන්ජලීනා ජොලී ( මැලෙෆිසන්ට් ) සමග එලී ෆැනින් ( ඔරෝරා), හැරිස් ඩිකින්සන් ( පිලිප් කුමරු), මිෂෙල් ෆීෆර් ( ඉන්ග්‍රිත් රැජිණ), සෑම් රයිලි ( ඩියවෙල්), චිවෙටෙල් එජියොෆො ( කොනල්), එඩ් ස්ක්‍රෙන් ( බොරා), ඩේවිඩ් ගයාසි (පර්සිවෙල්), ජෙන් මරේ (ගර්ඩා) ඇතුළු පිරිසක්. චිත්‍රපටය ලබා ඇති IMDB අගය 6.9ක්. Rotten Tomatoes අගය 40%ක් (මමත් එකඟයි මේ අගයට). කෙසේ වෙතත් VFX නම් ඉතාම සුන්දරයි. බොහෝ තැන්වල Avatar (2009) චිත්‍රපටයෙන් ආභාෂය ලබාගෙන ඇති බවකුත් පැහැදිලිවම දකින්න තිබෙනවා. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.

උපසිරැසිය BLURAY පිටපත් සඳහාවන අතර WEB පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට සැකසූ උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල අන්තර්ගතය.අන්තර්ජාලයේ ඇති සියලු WEB, INTERNAL (Leaked) BLURAY , BLURAY පිටපත් සඳහා උපසිරැසි ගැලපේ. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
11474 වාරයක්
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
720P
Direct download
Direct
1080P
Direct download
Direct
720P
Torrent / magnet link
Torrent
1080P
Torrent / magnet link
Torrent
Movie Trailer
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
6 FILES
3D bluray 2.11 GB x264
▲1 · ▼0
Magnet GET
720p bluray 1.04 GB x264
▲6 · ▼2
Magnet GET
1080p bluray 1.87 GB x264
▲18 · ▼10
Magnet GET
2160p bluray 4.69 GB x265
Magnet GET
720p web 1.03 GB x264
Magnet GET
1080p web 1.86 GB x264
Magnet GET
Discussion (11)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4
    2020-01-04

    බොහොම ස්තුතියි මචං සබ් එකට 👍😊..
    ජය වේවා.! 👊

    Reply
  • Rasindu V. Perera User
    Windows 10 Chrome 79
    2020-01-04

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

    Reply
  • කේ.ඩබ්ලිව්.පී.කේ Unregistered
    Android 7 Chrome 78
    2020-01-04

    හසිතගේ වැඩක් නම් ඉතින් ආයි හිතන්න දෙයක් නෑ!

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 79
    2020-01-04

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Reply
  • virat kohli Unregistered
    Windows 7 Opera 65
    2020-01-04

    thanks bn. meka denakam hitiya

    Reply
  • Madusha Unregistered
    Windows 10 Opera 65
    2020-01-05

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • Gayan Madushanka M User
    Android 9 Chrome 79
    2020-01-08

    උපසිරැසියට බොහොම ස්තුතියි.

    Reply
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 79
    2020-01-08

    sub ekata thanks saho.

    Reply
  • Jayasanka Unregistered
    Android 7 Chrome 79
    2020-01-10

    Thanks subata saho

    Reply
  • Hansani Rupasingha Moderator
    Windows 10 Chrome 80
    2020-04-07

    උපසිරැසියට බොහොම ස්තූතියි!!

    Reply
  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Edge 84
    2020-08-06

    බොහොම ස්තුතියි ! සබ් එකට .:heart_eyes:

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
දමිත් ප්‍රියංකර 671
#2
Hasitha Prasad 499
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 180
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved