Maximum Risk (1996) Sinhala Subtitle

August 02, 2020 Admin
Subtitle by Rasika Samanjith

 

                සුපිරි සටන් නලු Jean-Claude Van Damme ගේ තවත් සුපිරි ෆිලුමක් තමයි Maximum Risk. ඇමරිකන් සිනමා පටයක්. Action, Thriller ගණයට තමයි අයත්වෙන්නෙ. 1996 සැප්තැම්බර් 13 මුලින්ම ප්‍රදර්ශනය ආරම්භ කල මෙම චිත්‍රපටය විනාඩි 100ක ධාවන කාලයකින් යුක්තයි. IMDb අගය 5.5/10 ක් ලබාගෙන තියෙනවා. Van Damme සමඟ රංගනයෙන් දායකවන්නේ, Species (1995) සහ Species (1998) යන ජනප්‍රිය චිත්‍රපට වලින් ඔබ හඳුනාගත් Natasha Henstridge.
ඇලාන් මෝරාව් ( Van Damme ) ප්‍රංශයේ නීස් නගරයේ පොලිස් නිලධාරියෙක්. දිනක් ඔහුගේ පොලිස් සගයා ඇවිත් ඔහුව එක්කන් යනවා අපරාධ ස්ථානයකට. එහි මියගොස් සිටින පුදගලයා ඇලාන් වාගෙමයි. මුලින් ඇලාන්ගෙ යාලුවා හිතන්නෙත් ඒ ඔහු කියලා. මියගිය පුද්ගලයා නැවතිලා හිටිය හෝටලයේ කාමරය පරීක්ෂා කිරීමේදී ඔහුගේ පාස්පෝර්ට් එක හමුවීමෙන් තවත් අභිරහසක් මතුවෙනවා. ඔහු ඇමෙරිකාවේ නිව් යෝර්ක් වල පදිංචිකාරයෙක්. රුසියන් ජාතිකයෙක්. නම මිකායිල් සුවරෝව්. පුදුමය තමයි ඔහුගේ උපන් දිනයත් ඇලාන්ගෙ උපන් දිනයමයි. හෝටලේ මැනේජර් නෝනා කියන විදිහට ඔහු ඇලන් ජීවත්වෙන වීදියට යන පාරත් අහලා තියෙනවා. ඔහු ඇලාන්ව හොයාගෙන යන විට තමයි ඝාතනයට ලක්වී තියෙන්නෙ. මේ විදිහට ඇලාන් මෙතෙක් නොදැන සිටි රහසක් එලිවෙනවා. ඒ ඔහුට නිවුන් සහෝදරයෙක් සිටි බව. කුඩාකාලෙ ඔහුව රුසියානු පවුලක් විසින් දරුකමට හදාගන්න අරන් ගිහිල්ල තියෙනවා. ඇමරිකාවෙ සිටි ඔහු කොහොමද ඇලාන් ගැන දන්නෙ? ඔහු ඇයි ඇලාන් හොයාගෙන ආවෙ? ප්‍රංශයේදී ඔහුව ඝාතනය කලේ කවුද? ඔහු ඇමරිකාවේ මොනවද කලේ? මේ අභිරහස විසඳාගන්න ඇලන් ඇමරිකාවට යනවා. එහිදී ඔහු දැනගන්නවා තමාගෙ සහෝදරයා රුසියන් මාෆියාවේ සාමාජිකයෙක් කියලා. ඇලන්, මිකායිල් ලෙස වරදවා හිතාගන්නා රුසියන් මාෆියාව ඇලන් පස්සෙ පන්නනවා. FBI එකත් පන්නනවා. මෙච්චර මරන්න හදන තරමට මිකායිල් මොකක්ද කලේ? මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න තවත් කෙනෙක් එකතුවෙනවා. මිකායිල්ගෙ පෙම්වතිය සුරූපී ඇලෙක්ස් බාර්ට්ලට් (Natasha Hendtridge). ඉන්පසු ඔවුන්ට එක පිට එක ක්‍රියාදාම රැසකට මුහුණ දෙන්න වෙනවා. මාෆියා කණ්ඩායමට මොනාද ඕනෙ? FBI එකට මොනාද ඕනෙ? තම සහෝදරයා මැරුවේ මෙයාලගෙන් කවුද? එයාලා හොයාගෙන තම සහෝදරයා මැරූ පලිය ගන්න ඇලාන්ට හැකිවේවිද?
එක දැනගන්නනම්, තිරගතකිරීම ඇරැඹි මුල් සතිය තුලදී ඩොලර් 5,612,707 ක ආදායමක් උපයාගෙන බොක්ස් ඔෆීස් ලැයිස්තුවේ අංක 01 ට පත්වී, සමස්ත බොක්ස් ඔෆීස් ආදායම ලෙස ඩොලර් මිලියන 51.7 ක් උපයාගත් Maximum Risk බලන්නම වෙනවා. ඒ වගේම මතක් කරන්නම් පොඩි සීන් ටිකක් නිසා 18+ ගණයට දාන්න වෙනවා. ජය වේවා.

BRRip / 720p / 1080p

Available Torrents
720p bluray 862.63 MB
1080p bluray 1.61 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (12)
  • ලහිරු සඳරුවන් Expert Subtitler
    Windows 7 Opera 69

    සබ් හොය හොයා හිටපු ෆිල්ම් එකක්.
    තෑන්ක්ස් සබ් එකට.:star_struck::star_struck::star_struck:
    හැකිනම් මේ ටිකටත් සබ් දෙන්න බලන්න.

    Death Warrant (1990)
    Knock Off (1998)
    The Hard Corps (2006)
    The Shepherd Border Patrol (2008)
    Until Death (2007)

    • Rasika Thushara Samanjith Admin
      Windows 10 Chrome 74

      death warrant ekata sub karamin inne.

  • ලහිරු සඳරුවන් Expert Subtitler
    Windows 7 Opera 69

    පුළුවන්නම් සබ් SRT Format එකෙනුත් දාන්න.

    • Rasika Thushara Samanjith Admin
      Windows 10 Chrome 74

      SRT dhaanne neththe ape sub horakam karalaa nam pawaa aynkaralaa wena site wala palakarana thuppahi wedak yana nisaa.

    • ලහිරු සඳරුවන් Expert Subtitler
      Windows 7 Opera 69

      ඒකනම් ඇත්ත තමා.
      අවුලක් නෑ.

  • Rajitha Unregistered
    Windows 7 Chrome 84

    Thanks…….jayawewa…..!

  • Shamal manojan Unregistered
    Android 7 Chrome 83

    උපසිරැසියට බොහොම ස්තූතියි.
    දිගටම පැරණි චිත්‍රපටම දෙන්න.

    වෑන් ඩෑම්, ජැකී චෑන්, සිල්වෙස්ටර් ස්ටැලෝන්, ආනොල්ඩ්, ජෙට් ලී, චක් නොරිස්

    මෙයාලාගේ ඒවාම දෙන්න.

    ආනොල්ඩ් ගේ හද්ද පරණ සුපිරි ෆිල්ම් එකක් තියනවා.
    Hercules in New York – 1969
    පුලුවන් නම් මේකටත් සබ් දෙන්න.

    • ශාමල් මනෝජන් Unregistered
      Android 7 Chrome 83

      Hercules in New York – 1970

    • Rasika Thushara Samanjith Admin
      Windows 10 Chrome 74

      මේ ෆිල්ම් එකනම් දැනටමත් මන් ලග තියෙනවා. යථාකාලයෙදී බලමු. කමෙන්ට් එකට ස්තූතියි.

  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Edge 84

    sub ekata thanx.:yum:

  • Chaminda Lakruwan Unregistered
    Android 8.1 Chrome 86

    ගොඩක් ස්තූති සබ් එකට
    අද තමයි සබ් එක්ක බලන්නේ
    වැන් ඩෑම්ගේ JCCD 2008 ෆිල්ම් එකටත් පුලුවන්නම් සබ් දෙන්න

    • Rasika Samanjith Admin
      Windows 10 Chrome 87

      aniwaaren dennam. tika kaalayak dhenna.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search