Never Been Kissed (1999) Sinhala Subtitle
කොහොමද කට්ටිය. ඔන්න මම මගේ දෙවෙනි සිංහල උපසිරැසියත් අරගෙන ආවා. මේක ටිකක් විතර පරණ චිත්‍රපටයක්. මේ වෙනකම්ම මේකට සිංහල සබ් එක කවුරුත් හදලා නැති එක ගැන මට පුදුමත් හිතුණා. මොකද මේක ඇත්තටම ලස්සන චිත්‍රපටයක්. රොමෑන්ස්, කොමඩි වලට කැමති අය අනිවාර්‍යෙන්ම බලන්න. එහෙනම් අපි චිත්‍රපටය දිහාට හැරෙමු.
Romance/Comedy ගණයට අයත් වෙන මේ චිත්‍රපටය 1999 අප්‍රේල් 9 වැනි දා ඇමරිකාවේ තමා මුලින්ම ප්‍රදර්ශනය වෙන්නේ. ඇමරිකානු ඩොලර් මිලියන 84.5 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා. ඒ වගේම ලබාගත් මනාප අතර IMDb අගය 6.1/10 ක්, Rotten Tomatoes අගය 55% ක්, වගේම ගූගල් පරිශීලකයින් 88% කගේ කැමැත්ත ලබාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. Raja Gosnell ගේ අධ්‍යක්ෂණයෙන් යුත් මෙම චිත්‍රපටයට ප්‍රධාන චරිතය ජොසී විදියට Drew Barrymore රඟපානවා.
චිත්‍රපටයේ කතාව ගැන කිව්වොත්, ජොසී කියන්නෙ පත්තරේක සංස්කාරකවරියක්. හැබැයි මෙයාට ඕනි කොහොම හරි වාර්ථාකාරියක් වෙන්න. අන්තිමේ මෙයාට ඒ අවස්ථාව ලැබෙනවා. වාර්ථාකාරියක් හැටියට එයාට ලැබෙන පළවෙනි රාජකාරිය වෙන්නේ ශිෂ්‍යාවක් විදියට වෙස්වළාගෙන ගිහින් හයි ස්කූල් එකේ ළමයි ගැන ලිපියක් සකස් කරන්න. හැබැයි හයි ස්කූල් එකේ ළමයිත් එක්ක යාලුවෙන එක නම් එයාට ලේසි වෙන්නෙ නෑ. ඒ විතරක් නෙවේ, එයා ඇත්තටම හයි ස්කූල් ඉන්න කාලෙ වෙච්ච අප්‍රසන්න සිදුවීම් වල අමිහිරි මතකයත් එයාට වද දෙනවා. එයා ඒ හැමදෙයක්ම දරාගෙන එයාගෙ ලිපිය සකස් කරයිද කියලා දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.
පෞද්ගලිකම මම ගොඩක් කැමති චිත්‍රපටයක් මේක. පුළුවන් හැමෝටම බලන්න ආරාධනා කරනවා. ජය !
උපසිරැසියට ස්තූතියි සහෝ සුපිරියක් වගේ…
එලම බ්‍රදර් ❤️
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊👊👊
එලම බ්‍රදර්. තෑන්ක්ස් ❤️
A good film. A good work. Good Luck.
Thanks brother ❤️
ගොඩක් ස්තුතියි. ගොඩ කාලෙක ඉදන් හොය හොය හිටපු සබක් තමා.
එලම බ්‍රදර් ❤️
උපසිරිසියට බොහොම ස්තුති
Requests:-
The house that jack built (2018)
My friend dahmer (2017)
Extremely Wicked, Shockingly Evil and Vile (2018)
The Wind That Shakes the Barley (2006)
Hunger (2008)
In the name of the father (1993)
Big fish (2003)
එලම බ්‍රදර්. ❤️ පුලුවන් විදියට ට්‍රයි එකක් දෙන්නම්. 👌
thanks bro
එලම බ්‍රදර් ❤️