Next Gen (2018) Sinhala Subtitle
තාක්ෂණය ඉතාම දියුණු කාලයක ජීවත්වෙන පුංචි ගැහැණු දරුවෙක් තමයි මෙයි කියන්නෙ. ඇය කුඩා කාලයේදීම ඇගේ පියා ඇයව සහ ඇගේ මව වන මොලීව තනිකරල යන්න යනවා. ඉතින් මේ තාක්ෂණය ඉතාම දියුණු කාලයේ මෙයිගේ මව තම තනිකම දුරලා ගන්නෙ රොබෝවෙක්ගෙන්, ඇත්තටම කිව්වොත් ලෝකයේ ජීවත්වන හැමදෙනාම එහෙමයි, හැමකෙනෙකුටම තමන්ගේම කියල පොඩි රොබෝවෙක් ඉන්නවා.. දැන් ඕගොල්ලො බලයි කවුද මේ රොබෝවරු කියල.. මේ රොබෝවරු IQ රොබෝටික්ස් සමාගමේ නිර්මාණයක් වන Q-බොට්ලා. ඔවුන් වසරින් වසර නව මාදිලි වෙලඳපොලට හඳුන්වාත් දෙනවා.හැබැයි මෙයිගේ අදහස තමන්ට ලැබිය යුතු තමන්ගේ මවගේ ආදරය මේ රොබෝවා විසින් උදුරාගෙන බව. මේ නිසාම මෙයි මේ ලෝකෙ අකමැතිම දෙයක් තියනවනං ඒ තමයි රොබෝවරු. කෙටියෙන් කිව්වොත් බොහොම සැර කේන්තිකාරියක් තමයි මේ මෙයි. ඔන්න මේ අතරෙ IQ රොබෝටික්ස් සමාගම නව Q-බොට් මාදිලියක් හඳුන්වා දෙන්නට යනවා ජෙන්-6 නමින්. ඉතින් මේ හඳුන්වා දීමේ උළෙලට මෙයිගේ අම්මත් යනවා මෙයිවත් එක්කගෙන….ආ කියන්න අමතක වුණානෙ රොබෝලට අකමැති නිසාම මෙයි හුරතලේට ඇතිකරන්නෙ මොමෝ නම් බලු සුරතලෙක්. මේ තුන් දෙනාම තමයි උළෙලට යන්නෙ. හැබැයි එතෙන්දි වෙන පොඩි පටලැවිල්ලක් නිසා මෙයිට මුණගැහෙනවා මේ IQ සමාගම ඇතුලේ රහසේ නිර්මාණය කෙරෙන රොබෝවෙක්ව.. ඔන්න එතනින් තමයි කතාව හරියටම ආරම්භ වෙන්නෙ. එහෙනම් මම මින් එහාට මුකුත් කියන්නෙ නෑ, ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටවලට කැමති අයට මෙය වෙනස්ම අත්දැකීමක් වෙයි කියල බය නැතුව කියන්න පුළුවන්. මම ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදිම.
thanks saho sub ekata,niyamai,digatama krn yanna,jaya wewa!!
sub ekata thanz bro jaya wewa
නියමයි…සබ් එකට තැන්ක්ස්…downlaod කරලා තිබ්බේ…සබ් එකත් එකක්ම බලන්න පුළුවන් දැන්…
ane saho the magicians eke last epiya dennko season 3 13 episode eka,upasirsiyata sthuthiyi,budu saranayi!!
fatta tnx
බොහොම ස්තූතියි සහෝදරයා මේ ෆිල්ම් එකෙ සබ් එක දුන්නට. PSA එකෙ දාලා තියෙද්දි නිකන් ගන්න ආස හිතුනා. ඊටපස්සෙ තමා ට්‍රේලර් එක බැලුවෙ. ඊටපස්සෙ කොහොමහරි අරගෙන බලද්දි ෆිල්ම් එකට ආස හිතුනා. ඇත්තටම කිව්වොත් මටත් ඔය ෆිල්ම් එක බලද්දි Big Hero 6 මතක් වුණා. කොහොමවුනත් ෆිල්ම් එකෙ උපසිරැසිය දුන්නට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය ❤️❤️
Thank u bro !!!👍
Patta.thank
thanks
නියමයි.බොහොම ස්තූතියි සහෝ
thanks saho low buget natuwa hoda film danna saho thanks
තැන්ක්ස් සබ් එකට.සතිඅන්යේ වගේ අරම් බලන්න ඔනෙ😍