Next Gen (2018) Sinhala Subtitle
තාක්ෂණය ඉතාම දියුණු කාලයක ජීවත්වෙන පුංචි ගැහැණු දරුවෙක් තමයි මෙයි කියන්නෙ. ඇය කුඩා කාලයේදීම ඇගේ පියා ඇයව සහ ඇගේ මව වන මොලීව තනිකරල යන්න යනවා. ඉතින් මේ තාක්ෂණය ඉතාම දියුණු කාලයේ මෙයිගේ මව තම තනිකම දුරලා ගන්නෙ රොබෝවෙක්ගෙන්, ඇත්තටම කිව්වොත් ලෝකයේ ජීවත්වන හැමදෙනාම එහෙමයි, හැමකෙනෙකුටම තමන්ගේම කියල පොඩි රොබෝවෙක් ඉන්නවා.. දැන් ඕගොල්ලො බලයි කවුද මේ රොබෝවරු කියල.. මේ රොබෝවරු IQ රොබෝටික්ස් සමාගමේ නිර්මාණයක් වන Q-බොට්ලා. ඔවුන් වසරින් වසර නව මාදිලි වෙලඳපොලට හඳුන්වාත් දෙනවා.හැබැයි මෙයිගේ අදහස තමන්ට ලැබිය යුතු තමන්ගේ මවගේ ආදරය මේ රොබෝවා විසින් උදුරාගෙන බව. මේ නිසාම මෙයි මේ ලෝකෙ අකමැතිම දෙයක් තියනවනං ඒ තමයි රොබෝවරු. කෙටියෙන් කිව්වොත් බොහොම සැර කේන්තිකාරියක් තමයි මේ මෙයි. ඔන්න මේ අතරෙ IQ රොබෝටික්ස් සමාගම නව Q-බොට් මාදිලියක් හඳුන්වා දෙන්නට යනවා ජෙන්-6 නමින්. ඉතින් මේ හඳුන්වා දීමේ උළෙලට මෙයිගේ අම්මත් යනවා මෙයිවත් එක්කගෙන….ආ කියන්න අමතක වුණානෙ රොබෝලට අකමැති නිසාම මෙයි හුරතලේට ඇතිකරන්නෙ මොමෝ නම් බලු සුරතලෙක්. මේ තුන් දෙනාම තමයි උළෙලට යන්නෙ. හැබැයි එතෙන්දි වෙන පොඩි පටලැවිල්ලක් නිසා මෙයිට මුණගැහෙනවා මේ IQ සමාගම ඇතුලේ රහසේ නිර්මාණය කෙරෙන රොබෝවෙක්ව.. ඔන්න එතනින් තමයි කතාව හරියටම ආරම්භ වෙන්නෙ. එහෙනම් මම මින් එහාට මුකුත් කියන්නෙ නෑ, ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටවලට කැමති අයට මෙය වෙනස්ම අත්දැකීමක් වෙයි කියල බය නැතුව කියන්න පුළුවන්. මම ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදිම.
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි……………
thanks thankss
උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
Sicario: Day of the Soldado (2018) 720p AMZN WEB-DL 999MB තවත් පට්ට ෆිල්ම් එකක් වටෙන්ම ටොරෙන්ට් අඩවි වලට ඇවිත් තියෙනවා වගෙ. ඔයගෙසැටිස් එකට සෙට් නම් විතරක් සබ් එකක් දෙන්න බලන්න.. මෙකට imdb රෙටින් එක 7.3 ක් තියෙනව… Trailer එක පොඩ්ඩක් බලන්නකො මොකටත්
Coming soon 😉
Sub ekata thanx.
thanks bro sub ekata
thzz sjub ekta
සබ් එකට බොහෝම ස්තූතියි 🙏
Thanxxxxx
Film ekata thnx bro
tank you
කතාව ලස්සනයි….tnx…..Gd luck..