Trending

Next Gen (2018) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ අපේ සුමින්ද සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල උපසිරැසියක් අරගෙනයි. ඒ තමයි මේ සැප්තැම්බර් 7 වනදා Netflix වෙත එකතුවුණ Next Gen (2018) චිත්‍ර‍පටය. බොහොම ස්තූතියි සුමින්ද මේ ගැන දැනුවත් කිරීම පිලිබඳව. වැන්ග් නිමා නම් කොමික් ශිල්පිනියකගේ කතාවක් ඇසුරින් නිර්මාණය වුණ මේ චිත්‍රපටයේ අන්තර්ජාල විකාශන අයිතිය වෙනුවෙන් Netflix ඩොලර් මිලියන 30ක් ගෙවා තිබෙනවා. මොමෝට හඬ දායකත්වය ලබාදෙන මයිකල් පෙන්යා හැරෙන්නට ඒතරම් සුප්‍රසිද්ධ නොවන පිරිසක් යොදාගෙන කල මෙයට ඒතරම් මුදලක් ගෙවීම ලෝකයේ කතාබහට ලක්ව තිබුණත් චිත්‍රපටය නැරඹුවාම ඔබට තේරෙයි මෙහි ආධුනික බවක් නැති බව. කොහොමත් Netflix කියන්නෙ ආවටගියාට යමක් කරන අය නොවන අය නොවන බවත් අපි දන්නවනෙ.මෙය නරඹද්දි ඔබට මතක් වෙයි චිත්‍රපට දෙකක් එකක් තමයි The Iron Giant අනෙත් එක Big hero 6. චීන කැනඩා සම නිෂ්පාදනයක්ද වන මෙහි අධ්‍යක්ෂණය කෙවින් ආර් ඇඩම්ස් සහ ජෝ ක්සැන්ඩර්ගෙන්. හඩ දායකත්වය පිළිවෙලින් ජේසන් සඩේකිස් ( ජස්ටින් පින්), මයිකල් පෙන්යා (මොමෝ), ඩේවිඩ් ක්‍රොස් (ආචාර්ය ටැනර් රයිස් සහ Q-බොට්ස්), චාලින් යී ( මෙයි), කන්ස්ටන්ස් වූ (මොලී), කියානා ලෙඩ් (ග්‍රීන්වුඩ්), ජෝන් ක්‍රැසින්ස්කි ( 7723) වගේ ශිල්පි ශිල්පිනියන් පිරිසක්. කතාව පැත්තට යමු අපි දැන්..

තාක්ෂණය ඉතාම දියුණු කාලයක ජීවත්වෙන පුංචි ගැහැණු දරුවෙක් තමයි මෙයි කියන්නෙ. ඇය කුඩා කාලයේදීම ඇගේ පියා ඇයව සහ ඇගේ මව වන මොලීව තනිකරල යන්න යනවා. ඉතින් මේ තාක්ෂණය ඉතාම දියුණු කාලයේ මෙයිගේ මව තම තනිකම දුරලා ගන්නෙ රොබෝවෙක්ගෙන්, ඇත්තටම කිව්වොත් ලෝකයේ ජීවත්වන හැමදෙනාම එහෙමයි, හැමකෙනෙකුටම තමන්ගේම කියල පොඩි රොබෝවෙක් ඉන්නවා.. දැන් ඕගොල්ලො බලයි කවුද මේ රොබෝවරු කියල.. මේ රොබෝවරු IQ රොබෝටික්ස් සමාගමේ නිර්මාණයක් වන Q-බොට්ලා. ඔවුන් වසරින් වසර නව මාදිලි වෙලඳපොලට හඳුන්වාත් දෙනවා.හැබැයි මෙයිගේ අදහස තමන්ට ලැබිය යුතු තමන්ගේ මවගේ ආදරය මේ රොබෝවා විසින් උදුරාගෙන බව. මේ නිසාම මෙයි මේ ලෝකෙ අකමැතිම දෙයක් තියනවනං ඒ තමයි රොබෝවරු. කෙටියෙන් කිව්වොත් බොහොම සැර කේන්තිකාරියක් තමයි මේ මෙයි. ඔන්න මේ අතරෙ IQ රොබෝටික්ස් සමාගම නව Q-බොට් මාදිලියක් හඳුන්වා දෙන්නට යනවා ජෙන්-6 නමින්. ඉතින් මේ  හඳුන්වා දීමේ උළෙලට මෙයිගේ අම්මත් යනවා මෙයිවත් එක්කගෙන….ආ කියන්න අමතක වුණානෙ රොබෝලට අකමැති නිසාම මෙයි හුරතලේට ඇතිකරන්නෙ මොමෝ නම් බලු සුරතලෙක්. මේ තුන් දෙනාම තමයි උළෙලට යන්නෙ. හැබැයි එතෙන්දි වෙන පොඩි පටලැවිල්ලක් නිසා මෙයිට මුණගැහෙනවා මේ IQ සමාගම ඇතුලේ රහසේ නිර්මාණය කෙරෙන රොබෝවෙක්ව.. ඔන්න එතනින් තමයි කතාව හරියටම ආරම්භ වෙන්නෙ. එහෙනම් මම මින් එහාට මුකුත් කියන්නෙ නෑ, ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටවලට කැමති අයට මෙය වෙනස්ම අත්දැකීමක් වෙයි කියල බය නැතුව කියන්න පුළුවන්. මම ගිහින් එන්නම් හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදිම.

 

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p web 898.45 MB x264
1080p web 1.69 GB x264
▲14 · ▼6
Magnet GET
Discussion (28)
  • Sachith Unregistered
    Android 5.1 Chrome 55

    Patta@# film eka machi

  • viraj Unregistered
    Windows 10 Opera 55

    niyamaaai😃

  • asitha Unregistered
    Windows 8.1 Chrome 70

    Ela saho thanks

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search