Home Movies English Movies Pacific Rim: Uprising (2018) Sinhala Subtitle

Pacific Rim: Uprising (2018) Sinhala Subtitle

යාළුවෝ හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න එහෙනම් හොලිවුඩයේ තවත් සුපිරිම චිත්‍රපටයක සිංහල උපසිරැසි සමගින් තමා Subz Lk වෙත ගොඩවදින්නේ. ඊට කලින් ස්තූති කරන්න ඕනේ Fist Of Legend (1994) චිත්‍රපටයට අදහස් දක්වපු සියළු දෙනාටම. එහෙනම් අද ගෙනාව චිත්‍රපටය පැත්තට හැරෙමු.

Pacific Rim Uprising (2018)

පැසිෆික් රිම් පළවෙනි චිත්‍රපටය නොබලපු කෙනෙක් නැතුව ඇති. හැමෝම වගේ හුඟක් ආස කරපු මේ චිත්‍රපටයේ දෙවැන්න තමා මේ විදිහට ඔයාලා හමුවට ගෙන එන්නේ. ඉතින් මුලින්ම සමාව අයදිනවා සිදුවූ ප්‍රමාදයට. කලින් ඔයාලට දුන්න උපසිරැසිය කරලා ඉවර වුණ ගමන්මයි මේ චිත්‍රපටයට උපසිරැසි කරන්න පටන්ගත්තේ. හිතුවට වඩා දවස් කිහිපයක් ගියා. එහෙනම් වැඩි කතා නැතුව චිත්‍රපටය ගැන හඳුන්වන්නම්. 

2018 වර්ෂයේ මාර්තු මස නිළ වශයෙන් තිරගත ආරම්භ කරපු මේ චිත්‍රපටය නමින් – Pacific Rim Uprising – Action, Adventure, Sci-Fi කියන ගණයට අයත් වන මේ චිත්‍රපටය IMDb ශ්‍රේණි දර්ශකයේ 5.7ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. පැය 1යි මිනි.51ක් පුරා දිව යන මේ චිත්‍රපටය Steven S. Deknight අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණයක්. එමෙන්ම භාෂා ත්‍රිත්වයකටම සකසා ඇති මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වන නළු නිළි කැල මෙසේය.

Cast 

  • John Boyega as Jake Pentecost.
  • Scott Eastwood as Nate Lambert.
  • Cailee Spaeny as Amara Namani.
  • Burn Gorman as Hermann Gottlieb.
  • Charlie Day as Dr. Newton Geiszler.
  • Tian Jing as Liwen Shao.
  • Jin Zhang as Marshal Quan.
  • Adria Arjona as Jules Reyes.
  • Rinko Kikuchi as Mako Mori.
  • Karan Brar as Cadet Suresh.
  • Wesley Wong as Cadet Jinhai.
  • Ivanna Sakhno as Cadet Viktoria.
  • Mackenyu as Cadet Meilin.
  • Shyrley Rodriguez as Cadet Renata.

චිත්‍රපටයේ කතාව ගැන කියනවනම්, ස්ටකර් පෙන්ටකෝස්ට්ගේ පුතා ජේක් පෙන්ටකෝස්ට් තම වැඩිමහල් සොහොයුරිය වන මාකෝ මෝරිගේ අණ පරිදි කයිජුලට එරෙහිව සටන් වදින නව පරම්පරාවේ ශිෂ්‍ය භටයින්ට පුහුණුව ලබාදීම සඳහා නැවත සේවයට වාර්තා කරනවා. ඒ පුහුණුව සඳහා සහභාගි වෙන්න අමාරා නමානිටත් හැකියාව ලැබෙනවා. ඉතින් ෂාඕ ආයතනයේ ලීවේන් ප්‍රමුඛ කණ්ඩායම ෆියුරි තාක්ෂණය කියලා අළුත් තාක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වලා දෙනවා. ඒ තාක්ෂණය යේගර්ලට බෙහෙවින්ම උපකාරි වෙනවා. ඉතින් මේ අතරේ ආචාර්‍ය. නිව්ටන් ගයිස්ලර් ආයේ සැරයක් අමුතුම වැඩකට අර අදිනවා. ඒවගේම ඔහුගේ එම ක්‍රියා කලාපයන් නිසා නැවත වතාවක් ලෝකය අනතුරේ වැටෙනවා. ඉතින් එතනින් එහාට වෙන දේ ගැන මම කියන්න යන්නේ නෑ. ඒක ඔයාලට බාරයි. එහෙනම් දැනට මම සමුගන්නවා. තවත් දවසක මෙවැනි සුපිරිම චිත්‍රපටයක සිංහල උපසිරැසි සමගින් හම්බවෙමු. එතෙක් ඔබ සැමට,

බුදු සරණයි!!!

BluRay පිටපත් සඳහා ගැලපේ.

***මෙම චිත්‍රපටයේ සිංහල උපසිරැසි Bluray පිටපත් සඳහාම සකස් කරන ලද්දකි. “Bluray පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත.” යන්න දිස් වූවත් එය යාවත්කාලීන කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න. එය යම් ආකාරයක සිදුවූ අත්වැරැදීමක්ය.***

  • Details
  • Trailer
  • Download links

Year : 2018

Rating : 5.7

Genre : Action, Adventure, Sci-Fi

Actors : John Boyega, Scott Eastwood, Cailee Spaeny, Burn Gorman

Writer : N/A

Director : Steven S. DeKnight

Plot :

Jake Pentecost, son of Stacker Pentecost, reunites with Mako Mori to lead a new generation of Jaeger pilots, including rival Lambert and 15-year-old hacker Amara, against a new Kaiju threat.

BRRip

BRRip සඳහා යාවත්කාලීන කර ඇත



සිංහල උපසිරැස Download කරගන්න 3133 times


Lahiru Sandaruwan

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Lahiru Sandaruwan කල උපසිරැසි නිර්මාණයකි


මේවත් බලන්න

Papillon (2017) Sinhala Subtitle

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ ලොව පුරා ඉහලම අලෙවියක් ලද ස්වයං චරිතාපදානයක් …

subzlk stop Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න

20 comments
  1. darshana01

    thanks saho hoda tv series tikak dapanko jaya wewa bro

    • ලහිරු සඳරුවන්

      මචෝ ටීවී සීරියස් කරන්න බැරි කමක් නෑ. කරන්න පුළුවන්.අවුල කියන්නේ එපි 2.3ක් දෙන්න පරක්කු වුණොත් කට්ටියට අපිව කන්න හදනවා. ඒකයි.අවුලක් නෑ. හොඳ ටීවී සීරියස් එකක් තියෙනවානම් කියන්නකෝ. සබ් දෙන්න ට්‍රයි එකක් දෙන්නම්.

      • Lahiru

        Thanks sahooo sub ekata….Puluwannam Narcos s03e10 ta sub karala denna puluwandaa…Anthima episode eke sub thama labune naa….

        • යාළු, Narcos ටීවි සීරියස් එකට සබ් දෙන්නේ අපේ චින්තක තුෂාර සහෝදරයා.එයාම තමයි ඊළඟ එපියටත් සබ් දෙන්න ඕනේ. ඇඩ්මින්ලගේ අවසරය මත වෙන කෙනෙක්ටවුණත් ඒකට සබ් කරන්න පුළුවන් වෙයි සමහරවිට.

  2. geeganagamages

    බොහොම ස්තුතියි මේ කරනා වටීනා සේවය වෙනුවෙන් .

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!

  4. Damith Perera

    sub ekata thanks.jaya veva.ohoma digatama karagena yamu

  5. Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  6. sujith

    Thank u bro patta film eka budu saranai

  7. sujith

    Film walata tawa wadiyen sub karanna puluwannm godak hodai tv show walta wada film blnna kmti jaya wewa

    • ටීවී සීරියස් වලට වඩා ෆිල්ම් වලට සබ් දෙන්න තමා හිතන් ඉන්නේ. ස්තූතියි ඔයාගේ අදහසට.😎😎😎

  8. Darshana sampath sandaruwan

    Nice work. Thanks for sub

  9. duminda_3

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!

  10. CrZy Shan

    එල මචං සබි වලට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *