Pacific Rim: Uprising (2018) Sinhala Subtitle
යාළුවෝ හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න එහෙනම් හොලිවුඩයේ තවත් සුපිරිම චිත්‍රපටයක සිංහල උපසිරැසි සමගින් තමා Subz Lk වෙත ගොඩවදින්නේ. ඊට කලින් ස්තූති කරන්න ඕනේ Fist Of Legend (1994) චිත්‍රපටයට අදහස් දක්වපු සියළු දෙනාටම. එහෙනම් අද ගෙනාව චිත්‍රපටය පැත්තට හැරෙමු.
Pacific Rim Uprising (2018)
පැසිෆික් රිම් පළවෙනි චිත්‍රපටය නොබලපු කෙනෙක් නැතුව ඇති. හැමෝම වගේ හුඟක් ආස කරපු මේ චිත්‍රපටයේ දෙවැන්න තමා මේ විදිහට ඔයාලා හමුවට ගෙන එන්නේ. ඉතින් මුලින්ම සමාව අයදිනවා සිදුවූ ප්‍රමාදයට. කලින් ඔයාලට දුන්න උපසිරැසිය කරලා ඉවර වුණ ගමන්මයි මේ චිත්‍රපටයට උපසිරැසි කරන්න පටන්ගත්තේ. හිතුවට වඩා දවස් කිහිපයක් ගියා. එහෙනම් වැඩි කතා නැතුව චිත්‍රපටය ගැන හඳුන්වන්නම්.
2018 වර්ෂයේ මාර්තු මස නිළ වශයෙන් තිරගත ආරම්භ කරපු මේ චිත්‍රපටය නමින් – Pacific Rim Uprising – Action, Adventure, Sci-Fi කියන ගණයට අයත් වන මේ චිත්‍රපටය IMDb ශ්‍රේණි දර්ශකයේ 5.7ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. පැය 1යි මිනි.51ක් පුරා දිව යන මේ චිත්‍රපටය Steven S. Deknight අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණයක්. එමෙන්ම භාෂා ත්‍රිත්වයකටම සකසා ඇති මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වන නළු නිළි කැල මෙසේය.
Cast
- John Boyega as Jake Pentecost.
- Scott Eastwood as Nate Lambert.
- Cailee Spaeny as Amara Namani.
- Burn Gorman as Hermann Gottlieb.
- Charlie Day as Dr. Newton Geiszler.
- Tian Jing as Liwen Shao.
- Jin Zhang as Marshal Quan.
- Adria Arjona as Jules Reyes.
- Rinko Kikuchi as Mako Mori.
- Karan Brar as Cadet Suresh.
- Wesley Wong as Cadet Jinhai.
- Ivanna Sakhno as Cadet Viktoria.
- Mackenyu as Cadet Meilin.
- Shyrley Rodriguez as Cadet Renata.
චිත්‍රපටයේ කතාව ගැන කියනවනම්, ස්ටකර් පෙන්ටකෝස්ට්ගේ පුතා ජේක් පෙන්ටකෝස්ට් තම වැඩිමහල් සොහොයුරිය වන මාකෝ මෝරිගේ අණ පරිදි කයිජුලට එරෙහිව සටන් වදින නව පරම්පරාවේ ශිෂ්‍ය භටයින්ට පුහුණුව ලබාදීම සඳහා නැවත සේවයට වාර්තා කරනවා. ඒ පුහුණුව සඳහා සහභාගි වෙන්න අමාරා නමානිටත් හැකියාව ලැබෙනවා. ඉතින් ෂාඕ ආයතනයේ ලීවේන් ප්‍රමුඛ කණ්ඩායම ෆියුරි තාක්ෂණය කියලා අළුත් තාක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වලා දෙනවා. ඒ තාක්ෂණය යේගර්ලට බෙහෙවින්ම උපකාරි වෙනවා. ඉතින් මේ අතරේ ආචාර්‍ය. නිව්ටන් ගයිස්ලර් ආයේ සැරයක් අමුතුම වැඩකට අර අදිනවා. ඒවගේම ඔහුගේ එම ක්‍රියා කලාපයන් නිසා නැවත වතාවක් ලෝකය අනතුරේ වැටෙනවා. ඉතින් එතනින් එහාට වෙන දේ ගැන මම කියන්න යන්නේ නෑ. ඒක ඔයාලට බාරයි. එහෙනම් දැනට මම සමුගන්නවා. තවත් දවසක මෙවැනි සුපිරිම චිත්‍රපටයක සිංහල උපසිරැසි සමගින් හම්බවෙමු. එතෙක් ඔබ සැමට,
බුදු සරණයි!!!
BluRay පිටපත් සඳහා ගැලපේ.
thanks saho hoda tv series tikak dapanko jaya wewa bro
මචෝ ටීවී සීරියස් කරන්න බැරි කමක් නෑ. කරන්න පුළුවන්.අවුල කියන්නේ එපි 2.3ක් දෙන්න පරක්කු වුණොත් කට්ටියට අපිව කන්න හදනවා. ඒකයි.අවුලක් නෑ. හොඳ ටීවී සීරියස් එකක් තියෙනවානම් කියන්නකෝ. සබ් දෙන්න ට්‍රයි එකක් දෙන්නම්.
Thanks sahooo sub ekata….Puluwannam Narcos s03e10 ta sub karala denna puluwandaa…Anthima episode eke sub thama labune naa….
යාළු, Narcos ටීවි සීරියස් එකට සබ් දෙන්නේ අපේ චින්තක තුෂාර සහෝදරයා.එයාම තමයි ඊළඟ එපියටත් සබ් දෙන්න ඕනේ. ඇඩ්මින්ලගේ අවසරය මත වෙන කෙනෙක්ටවුණත් ඒකට සබ් කරන්න පුළුවන් වෙයි සමහරවිට.
බොහොම ස්තුතියි මේ කරනා වටීනා සේවය වෙනුවෙන් .
තෑන්ක්ස් යාළුවා.
උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!
තෑන්ක්ස් Kantha_DLA 😎😎😎
sub ekata thanks.jaya veva.ohoma digatama karagena yamu
තෑන්ක්ස් යාළුවා.😃😃😃
නියමයි.බොහොම ස්තූතියි සහෝ
තෑන්ක්ස් යාළු.😀😀😀
Thank u bro patta film eka budu saranai
තෑන්ක්ස් සුජිත්. බුදු සරණයි!!!
Film walata tawa wadiyen sub karanna puluwannm godak hodai tv show walta wada film blnna kmti jaya wewa
ටීවී සීරියස් වලට වඩා ෆිල්ම් වලට සබ් දෙන්න තමා හිතන් ඉන්නේ. ස්තූතියි ඔයාගේ අදහසට.😎😎😎
Ow TV Series Hariyan nee.. man TV Series Valata Balala Thiyenne Flash Eka Vitharayi…
Puluwannam School Stories Gena Thiyana Movies Daanna Fuck The Porn Vage Evva 18+ unaata avulak nee..
Digatama sub karanna Shakthiya Lebeva..
Jaya!😄👍👍👍
Nice work. Thanks for sub
Thank You Brother.😀😀😀
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
එල මචං සබි වලට
Sub eka tanks Ban…
Puluwannam
School Stories Gena Thiyana Movies Tikak Daanna fen..
(Fuck The Porn vagee 18+ unaata Avulak nee😄)
Man godak web site vala hewwa Hambunee nee..
Puluwannam Sub Ekath ekka Download Link ekakuth daanna openload val vagee nam godak hodayi…
Aapahu serayak tanks Bro Sub ekata…
Digatama Sub karanna..
Jaya!
❤❤👍👍👍💖
Aththenma godak supiri.hodhata pahadhili.kisima awlak na.
🌹🌹🌹🌹🌹🌹🌹🌹🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍂🍂🍂🍂🍃🍃🍃🍃🌺🌺🌺🌽🌽🌻☁☁🌽🌾🌿☀💧☔🌂🌁⛅🌻🌼🌼🌾🌽🍀🌹🌹🌈🌈🌈🌈☀
බොහොම ස්තූතියි නෙත්මින.