Race 3 (2018) Sinhala Subtitle
Anil Kapoor, Salman Khan, Bobby Deol, Jacqueline Fernandez
සියළුම දෙනාට තෙරුවන් සරණයි! ජය වේවා! ටික දවසකට පස්සෙ ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය ෆිල්ම් එකක් තමයි අරගෙන එන්නෙ, මේ ෆිල්ම් එක වෙන් කරල දුන්නු අපේ කවීෂ සොහොයුරාටත් බොහොම ස්තූතියි කියල මතක් කරනවා, ෆිල්ම් එකට සබ් එක කරන්න සතියක් විතර ගියා, තිබුනු අනිත් වැඩත් එක්ක, කොහොම හරි අද තමයි ඔන්න සබ් එක අරගෙන එන්නෙ, චුට්ටක් පරක්කු උනා නම් සමාවෙන්න කියලත් මතක් කරනවා, ෆිල්ම් එක නිදහස් වුනේ 2018 අවුරුද්දෙ, ජූනි මාසෙ 14 වෙනිද, රුසියාවෙදි තමයි පළමු වරට තිරගත වෙලා තියෙන්නෙ, හැබැයි ඔන්න IMDB අගය නම් ඉහළ අගයක් ලැබිල නෑ, අගය 2.1 කියල තමයි සඳහන් වෙන්නෙ, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත ලැබිල තියෙනවා 61%, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Remo D’Souza, මෙයා සෑහෙන ෆිල්ම් ගොඩක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂක වරයෙක්. Salman Khan, Jacqueline Fernandez, Bobby Deol, Daisy Shah, Anil Kapoor, Saqib Saleem. ප්‍රධාන වශයෙන් මේ කට්ටිය තමයි රංගනයෙන් දායක වෙන්නෙ.
අපි ෆිල්ම් එකේ කතාව පැත්තට හැරෙමු, ෆිල්ම් එකේ හැටියට අනිල් කපූර්ට කියන්නෙ ශම්ශේර් සිං කියල, එයා විශාල අවි ආයුධ කම්හලක හිමිකරුවෙක්. සල්මන් කාන් ට කියන්නෙ සිකන්දර් කියල, එයා තමයි ශම්ශේර් සිංගෙ සුළු පුතා, ෆිල්ම් එකේ හැටියට බොබීඩියෝල්ට කියන්නෙ යාෂ් කියල, එයා තමයි සිකන්දර්ගෙ ළඟම මිත්‍රයා නොහොත් ආරක්ෂකයා, එතකොට ෆිල්ම් එකේ හැටියට සකීබ් සලීම්ට කියන්නෙ සුරාජ් කියල, ඩේසි ෂාට කියන්නෙ සංජනා කියල, මේ සුරාජ් සහ සංජනා, ශම්ශේර් සිංගෙ ළමයි දෙන්න, ඉතින් මේ සිං පවුලට විශාල දේපලක් තියෙනවා, සිකන්දර්ගෙ අම්මගෙ අන්තිම කැමති පත්‍රයට අනුව දේපල වලින් වැඩි කොටසක් අයිති වෙන්නෙ සිකන්දර්ට, කොහොම නමුත් සුරාජ් සහ සංජනා කැමති නෑ සිකන්දර්ට වැඩි දේපලක් උරුම වෙනවට, මොකද සිකන්දර්ගෙ අම්මගෙ අන්තිම කැමති පත්‍රයට අනුව දේපල වලින් 50% ක් අයිති වෙන්නෙ සිකන්දර්ට, 25% සුරාජ්ට, 25% සංජනාට, ඉතින් මේ සුරාජ් සහ සංජනා කැමති නෑ දේපල බෙදල තියෙන විදිහට, ඒක නිසා ප්‍රධාන වශයෙන් තියෙන්නෙ මේ තුන්දෙනා අතර දේපල ප්‍රශ්නයක්, සීයට ගාණ වැඩි කරගැනීමේ තරඟයක්, ඉතින් මම ෆිල්ම් එක ගැන තවත් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, මොකද සබ් එක අරගෙන එන්නත් චුට්ටක් පරක්කු වුනු හින්ද, හොඳයි අපි බලපු එහෙනම් මේ දේපල තරඟය මොන විදිහට සිද්ධ වෙයිද කියල, තව මොනවහරි මතක් කරන්න අමතක උනා නම් සමාවෙන්න කියලත් මතක් කරනවා, මොකද කාලය ඉතුරු කරගන්න ඕන නිසයි මේ සියල්ලම කෙටියෙන් විස්තර කරන්න උත්සාහ කරන්නෙ, තවත් උපසිරැසියකින් හමුවෙන තුරු Subz LK වෙබ් අඩවියට යන එන සියළුම සොහොයුරන්ට ජයෙන් ජය!!!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ජය!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thnks broo
Thanks for sub
නියමයි…සබ් එකට තැන්ක්ස්…
උපසිරැසියට ගොඩක් ස්තුතියි
Thanks for sub,brother!!
Pattaaaaa thanxxxxx
Racs 3 ෆිල්ම් එකේ English සබ් එක ඩවුන්ලෝඩ් කරගත්තේ කොයි වෙබ් සයිට් එකෙන්ද?
උපසිරැසියට බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…! ඒ වගේම ඔබ විසින් කරන මෙම සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා…! බුදු සරණයි…!
බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…!මේ කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න,ඒත් එක්කම ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා…! බුදු සරණයි…!