Riddick (2013) Sinhala Subtitle
සියලුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.ඉතින් මේ තමයි මගේ Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් කරන පළමු උපසිරැසිය.ඒ වගේම මේ ෆිල්ම් එක මට වෙන් කරල දුන්නු Subz LK සොහොයුරන්ට බොහෝම ස්තූතියි කියල පළමුවෙන්ම මතක් කරනවා.ඉස්සර වෙලාම අරගෙන එන්නෙ ඔයාල කලින් බලපු කවදාවත් අමතක නොවෙන ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එක තෝරගන්නත් විශේෂ හේතුවක් තියෙනවා.මොකද තවමත් මේ ෆිල්ම් එකට නිවැරදි උපසිරැසියක් අන්තර් ජාලයේ පළ වෙලා නෑ.අපි නොදන්න ගොඩක් දේවල් මේ ෆිල්ම් එකේ තියෙනවා.ඒක ඔයාලට බලද්දි තේරුම් ගන්න පුලුවන්.ඒත් එක්කම කියන්න ඕනෙ මේ ෆිල්ම් එකේ YIFY කොපියට ගැලපෙන එකම සිංහල උපසිරැසිය මේක කියල.ෆිල්ම් එක ආරම්භයේ ඉඳලම අවසානය දක්වා ලොකු රස වින්දනයක් ලබන්න පුලුවන් ෆිල්ම් එකක්, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2013 අවුරුද්දෙ සැප්තැම්බර් මාසෙ 4 වෙනිද, ෆිල්ම් එක පළමු වරට තිරගත වෙලා තියෙන්නෙ අයර්ලන්තෙදි, ඒ වගේම ෆිල්ම් එක නිෂ්පාදනය කරන්න වැය කරල තියෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 38 ක්, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ David Twohy, මොහු ෆිල්ම් ගණනාවක්ම අධ්‍යක්ෂණය කරපු අධ්යක්ෂ වරයෙක්, ප්‍රධාන රංඟනය ඔයාල කවුරුත් දන්න Vin Diesel, ෆිල්ම් එක නිෂ්පාදනය කරල තියෙන්නෙත් Vin Diesel ම තමයි.ඒත් එක්කම ඔයාල දන්න තවත් චරිතයක් ඉන්නවා, ඒ තමයි Dave Bautista, එයත් මේ ෆිල්ම් එකට ලොකු රංඟන දායකත්වයක් ලබා දෙනවා…
ෆිල්ම් එකේ කතාව ගැනත් පුංචි විස්තරයක් කරන්නම්, ෆිල්ම් එක රන් වෙන අතරුරේදි ඔයාලට දකින්න ලැබෙයි Necro කියල වචනයක්, ඒකෙන් අදහස් වෙන්නෙ 'මරණයට හෝ මළ කඳකට අදාළ ව යොදන පෙර ඈඳියක්,' තවත් වචනයක් ඔයාලට දකින්න ලැබෙයි Cyclops කියල, ඒකෙන් අදහස් වෙන්නෙ 'එක් ඇසක් පමණක් ඇති යෝධයා' කියන තේරුමයි. අපි කතාව පැත්තට හැරෙමු, රිඩික් තමයි ඔහු ඉන්න ලෝකයේ ප්‍රධාන සේනාධිපති, ෆිල්ම් එකේ හැටියට ඔහුට මතක නෑ ඔහු ප්‍රධාන සේනාධිපති වුනේ කොහොමද කියල, ඔහුට ඕන කරන්නෙ ඔහු උපන් ලෝකයට යන්න, ඔහු ඒ ගැන හොයමින් ඉන්න අතරතුරේදි ඔහුගේ යටතේ ඉන්න අනිත් සේනාපතිවරුන් ඔහුට විරුද්ධව සැලසුමක් සූදානම් කරනවා, ඉතින් එක සේනාපතිවරයෙක් රිඩික්ට කියනවා ඔහු වගේම පුද්ගලයෙක් යම් ලෝකෙක ඉන්නවා දැක්ක කියල, ඉතින් මේ රිඩික්ට ඕන වෙනවා ඔහුගේ උපන් ලෝකයට යන්න, ඊට පස්සෙ රිඩික් සහ තව සේනාපතියෙක් සමග යානාවකින් ඔහුගේ ලෝකය හොයාගෙන යනවා, නමුත් මේ සේනාපතියා ඔහුව එක්ක යන්නෙ රිඩික් උපන් ලෝකයට නෙමෙයි, වෙනත් ලෝකයකට, සේනාපතියා රිඩික්ව එම ලෝකෙට එක්ක යන්නෙ ඔහුව අතරමං කරල දාන්න, ඉතින් ඒ සේනාපතියා සිතූ පරිදිම රිඩික්ව ඒ ලෝකෙ අතරමං කරනවා, එතන ඉඳල ඒ ලෝකෙ ඉන්නෙ රිඩික් පමණයි, නමුත් ඒ ලෝකෙ තියෙනවා සන්නිවේදන මධ්‍යස්ථානයක්, එම මධ්‍යස්ථානය හරහා රිඩික් සම්බන්ධ වෙනවා වෙනත් ලෝකෙකට, ඒ පණිවිඩය ලැබුනු සැණින් යානා දෙකක් රිඩික්ව හොයාගෙන එනවා, එයාල එන්නෙ රිඩික්ව බේරගෙන යන්න නෙමෙයි, ඔහුව දඩයම් කරන්නයි ඔවුන් පැමිණෙන්නෙ, ඊට පස්සෙ රිඩික් එයාලට අනතුරු අඟවනවා එක යානාවක් තියල යන්න කියල, නමුත් ඔවුන්ගෙන් කවුරුවත් රිඩික් කියන දේ අහන්නෙ නෑ, එයාල හැමෝම හදන්නෙ රිඩික්ව දඩයම් කරන්න, ඒක නිසා රිඩික්ට සිද්ධ වෙනවා එයාලට විරුද්ධව ලොකු සටනක් ක්‍රියාත්මක කරන්න, අපි බලමු එයා ඒ කටයුත්ත කරන්නෙ කොහොමද කියල…ඉතින් නවතින්න කලින් මතක් කරනවා සියලුම දෙනාට යහපතක්ම වෙන්න කියල!!!
Spoiler Warning : Left for dead on a sun-scorched planet, fugitive Riddick (Vin Diesel) fights for survival against alien predators more lethal than any human he has yet encountered. His only hope for escape is to activate an emergency beacon, but that brings with it a different problem: mercenaries. The first ship carries an especially violent and lethal group; the second is led by a man from Riddick's past. With time running out, Riddick realizes that neither group will leave without his head as trophy...
IMDB
Year : 2013
Actors : vin diesel, jordi mollà, matt nable, katee sackhoff
Left for dead on a sun-scorched planet, Riddick finds himself up against an alien race of predators. Activating an emergency beacon alerts two ships: one carrying a new breed of mercenary, the other captained by a man from Riddick's past.
2018-11-30 07:05 pm
- Download : 3315
- File Size : 31.907KB
- Sub Update :2021-01-08
Windows 7UC Browser 7
පළවෙනි උපසිරැසියට සුබපැතුම් සහෝදරයා.
Windows 7UC Browser 7
good work.
nice bro.
Windows 7UC Browser 7
good work bro.
Windows 10Opera 99
Thanks for the sinhala sub bro… well done