සියලුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.ඉතින් මේ තමයි මගේ Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් කරන පළමු උපසිරැසිය.ඒ වගේම මේ ෆිල්ම් එක මට වෙන් කරල දුන්නු Subz LK සොහොයුරන්ට බොහෝම ස්තූතියි කියල පළමුවෙන්ම මතක් කරනවා.ඉස්සර වෙලාම අරගෙන එන්නෙ ඔයාල කලින් බලපු කවදාවත් අමතක නොවෙන ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එක තෝරගන්නත් විශේෂ හේතුවක් තියෙනවා.මොකද තවමත් මේ ෆිල්ම් එකට නිවැරදි උපසිරැසියක් අන්තර් ජාලයේ පළ වෙලා නෑ.අපි නොදන්න ගොඩක් දේවල් මේ ෆිල්ම් එකේ තියෙනවා.ඒක ඔයාලට බලද්දි තේරුම් ගන්න පුලුවන්.ඒත් එක්කම කියන්න ඕනෙ මේ ෆිල්ම් එකේ YIFY කොපියට ගැලපෙන එකම සිංහල උපසිරැසිය මේක කියල.ෆිල්ම් එක ආරම්භයේ ඉඳලම අවසානය දක්වා ලොකු රස වින්දනයක් ලබන්න පුලුවන් ෆිල්ම් එකක්, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2013 අවුරුද්දෙ සැප්තැම්බර් මාසෙ 4 වෙනිද, ෆිල්ම් එක පළමු වරට තිරගත වෙලා තියෙන්නෙ අයර්ලන්තෙදි, ඒ වගේම ෆිල්ම් එක නිෂ්පාදනය කරන්න වැය කරල තියෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 38 ක්, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ David Twohy, මොහු ෆිල්ම් ගණනාවක්ම අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂ වරයෙක්, ප්‍රධාන රංඟනය ඔයාල කවුරුත් දන්න Vin Diesel, ෆිල්ම් එක නිෂ්පාදනය කරල තියෙන්නෙත් Vin Diesel ම තමයි.ඒත් එක්කම ඔයාල දන්න තවත් චරිතයක් ඉන්නවා, ඒ තමයි Dave Bautista, එයත් මේ ෆිල්ම් එකට ලොකු රංඟන දායකත්වයක් ලබා දෙනවා…
ෆිල්ම් එකේ කතාව ගැනත් පුංචි විස්තරයක් කරන්නම්, ෆිල්ම් එක රන් වෙන අතරුරේදි ඔයාලට දකින්න ලැබෙයි Necro කියල වචනයක්, ඒකෙන් අදහස් වෙන්නෙ ‘මරණයට හෝ මළ කඳකට අදාළ ව යොදන පෙර ඈඳියක්,’ තවත් වචනයක් ඔයාලට දකින්න ලැබෙයි Cyclops කියල, ඒකෙන් අදහස් වෙන්නෙ ‘එක් ඇසක් පමණක් ඇති යෝධයා’ කියන තේරුමයි. අපි කතාව පැත්තට හැරෙමු, රිඩික් තමයි ඔහු ඉන්න ලෝකයේ ප්‍රධාන සේනාධිපති, ෆිල්ම් එකේ හැටියට ඔහුට මතක නෑ ඔහු ප්‍රධාන සේනාධිපති වුනේ කොහොමද කියල, ඔහුට ඕන කරන්නෙ ඔහු උපන් ලෝකයට යන්න, ඔහු ඒ ගැන හොයමින් ඉන්න අතරතුරේදි ඔහුගේ යටතේ ඉන්න අනිත් සේනාපතිවරුන් ඔහුට විරුද්ධව සැලසුමක් සූදානම් කරනවා, ඉතින් එක සේනාපතිවරයෙක් රිඩික්ට කියනවා ඔහු වගේම පුද්ගලයෙක් යම් ලෝකෙක ඉන්නවා දැක්ක කියල, ඉතින් මේ රිඩික්ට ඕන වෙනවා ඔහුගේ උපන් ලෝකයට යන්න, ඊට පස්සෙ රිඩික් සහ තව සේනාපතියෙක් සමග යානාවකින් ඔහුගේ ලෝකය හොයාගෙන යනවා, නමුත් මේ සේනාපතියා ඔහුව එක්ක යන්නෙ රිඩික් උපන් ලෝකයට නෙමෙයි, වෙනත් ලෝකයකට, සේනාපතියා රිඩික්ව එම ලෝකෙට එක්ක යන්නෙ ඔහුව අතරමං කරල දාන්න, ඉතින් ඒ සේනාපතියා සිතූ පරිදිම රිඩික්ව ඒ ලෝකෙ අතරමං කරනවා, එතන ඉඳල ඒ ලෝකෙ ඉන්නෙ රිඩික් පමණයි, නමුත් ඒ ලෝකෙ තියෙනවා සන්නිවේදන මධ්‍යස්ථානයක්, එම මධ්‍යස්ථානය හරහා රිඩික් සම්බන්ධ වෙනවා වෙනත් ලෝකෙකට, ඒ පණිවිඩය ලැබුනු සැණින් යානා දෙකක් රිඩික්ව හොයාගෙන එනවා, එයාල එන්නෙ රිඩික්ව බේරගෙන යන්න නෙමෙයි, ඔහුව දඩයම් කරන්නයි ඔවුන් පැමිණෙන්නෙ, ඊට පස්සෙ රිඩික් එයාලට අනතුරු අඟවනවා එක යානාවක් තියල යන්න කියල, නමුත් ඔවුන්ගෙන් කවුරුවත් රිඩික් කියන දේ අහන්නෙ නෑ, එයාල හැමෝම හදන්නෙ රිඩික්ව දඩයම් කරන්න, ඒක නිසා රිඩික්ට සිද්ධ වෙනවා එයාලට විරුද්ධව ලොකු සටනක් ක්‍රියාත්මක කරන්න, අපි බලමු එයා ඒ කටයුත්ත කරන්නෙ කොහොමද කියල…ඉතින් නවතින්න කලින් මතක් කරනවා සියලුම දෙනාට යහපතක්ම වෙන්න කියල!!!
සිංහල උපසිරැස Download කරගන්න 2799 times
IMDB
User Rating
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
නියමයි සහෝ…
ස්තුතියි උපසිරැසියට…
ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
ඔබට ජය…
***Good Luck***
elama saho thanks
puluwan tharam sab nodipu film walata sab denna
aparade kalayyi mahansiyayi
1 sub ekata magen suba pathum..!!
ඔබගේ පළමුවන උපසිරැසියට
සුභ පතනවා….??
දිගටම Subz LK අපිත් එක්කම
ඉන්න හැකිවෙන්න කියලා
ප්‍රාර්ථනා කරනවා….
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
එළ වැඩක්????
දිගටම සබ් කරමු☺☺☺☺
මගේ සුභ පැතුම්????
පළවෙනි උපසිරැසියට සුබපැතුම් යාළුවා. දිගටම අපි එක්ක ඉමු!!!
පළවෙනි උපසිරැසියට සුබපැතුම්.
දිගටම සබ් කරන්න. ජයවේවා!!!
පළවෙනි උපසිරැසියට සුබපැතුම්.
ජයවේවා!!!
පළවෙනි උපසිරැසියට සුබපැතුම්.
ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
උපසිරැසියට තුති සහෝ
ඔබට ජයෙන් ජය ???
පළවෙනි උපසිරැසියට සුබපැතුම්.
තව සබ් කරන්න. ජයවේවා!!!
ela bohoma santhosayi
පළවෙනි උපසිරැසියට සුබපැතුම් සහෝදරයා.
good work.
nice bro.
good work bro.