ඔන්න 50 වෙනි කඩයිම පෙනි පෙනි තියෙද්දි මම තවත් ෆිල්ම් එකක් අරගෙන ආවා.ඇත්තටම කලින් හිතුවා වගේ Absentia ep9 එකේ ඉංග්‍රීසි උපසිරැසියක්නම් ආවෙ නෑ.මේ සතියෙනම් අනිවාර්යයෙන් එන්න ඉඩ තියෙනවා.ඒ වගේම තමා 10 වෙනි එපියත් ඇවිත් කතාමාලාව අද [21] අවසන් වුනා.ඉතින් ඒ එපි දෙකෙත් ඉංග්‍රීසි උපසිරැසි ආව සැනින් ලබා දෙන්න බලන්නම්.ඉතින් වැඩි කතා කියන්න යන්නෙ නෑ මොකද දිග කතාවක් හැමෝටම 25 වෙනිදට කියවන්න පුළුවන් වෙයි…
ඉතින් මේක ගැන කියනවනම් නිකුත් වෙන්නෙ 2007 අප්‍රේල් 27 වෙනිදා.අයත් වෙන්නෙ Drama, Thriller කාණ්ඩයට.IMDB අගය 5.6කුත් Rotten Tomatoes හි 40%ක ප්‍රතිශතයකුත් ලබාගෙන තිබෙනවා.ඇත්තටම මේකෙ ප්‍රධාන චරිතයෙන් රඟදක්වන්නෙ X-Files කතාමාලාවෙන් කවුරුත් ආදරයට පාත්‍ර වුන Gillian Anderson විසින්.ඒ වගේම තමා මේක පොඩිහිටියන්ට නුසුදුසු නිර්මාණයක කියලත් නිර්දේශ කරනවා.*[18+]
කතාව ගැන කියනවනම්,
ඇලිස් කියන්නෙ මැදිවයසෙ පසුවෙන ව්‍යාපාරික කාන්තාවක්,ඒවගේම ඇඩම් කියන්නෙ අවුරුදු 23ක එලාම්, කැමරා පද්ධති සවිකරණ තරුණයෙක්.ඇත්තටම කියනවනම් මේ දෙන්නා පෙම්වතුන් ඔව් ලොකු වයස් පරතරයක් තියෙනවා වගේම මෙයාලගෙ සම්බන්ධෙ පටන්ගන්නෙ පැය 3කින්.ඒකත් කතාවෙදි බලාගන්න පුළුවන්.ඉතින් මේ දෙන්නට පාටියකට ලැබෙන ආරාධනාවකින් පස්සෙ ආපහු නිවස් බලා එන අතරතුරදි වාහනයට මුවෙක්ව හැප්පෙනවා.ඒ වගේම තමා මෙයාලා හිතන්නෙ මුවා මැරෙන්න යන්නෙ කියලත්.ඉතින් ඔය අතර තුරේදී මෙයාලව මුණගැහෙන කල්ලියක් විසින් ඇලිස්ව දූශනය කරනවා වගේම ඇඩම්ගෙ ඇහැකුත් අන්ධකරලා තමා නවතින්නෙ.ඇත්තටම මොකද්ද මේ සිදුවීම?ඒ නිකම්ම පිස්සො කට්ටියක්ද?නැත්නම් ඒකට වෙනත් හේතුවක් තිබුණද?මේ අත්විදපුදේවල් වලට පස්සෙ ඇලිසුයි, ඇඩමුයි මේ දේවල් වල කොයි විදිහට මුහුණ දෙයිද?
“මේකෙන් කියන්න තියෙන්නෙ තමන්ගෙ තීරණ අන් අයගේ මතයට ගන්න එපා, තමන්ම හොදින් සිතා බලා තීරණයකට එලඹෙන්න කියලයි”
..ගැටලු හෝ මා සම්බන්ධ කරගැනීම සදහා උපසිරැසි ගොනුව සමග ඇති Readme එක කියවන්න..
෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴
Bluray පිටපත් සදහා
- Details
- Trailer
Year : 2007
Rating : 5.6
Genre : Thriller
Actors : danny dyer, gillian anderson, adam rayner, antony byrne
Writer : dan reed
Director : dan reed
Plot :
සිංහල උපසිරැස Download කරගන්න 1714 times

IMDB
User Rating
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!
ස්තූතියි කවීශ✌️✌️✌️
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…?? 50 වෙනි කඩයිමට තව දෙකයි නේද..??? ඒකටත් සුපිරි ෆිලුමකට සබ කරමු…ඔබට ජය…????
අනිවා අනිවා සුමින්ද සහෝ??
ස්තූතියි ???
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
ස්තූතියි කාන්ත
මම කමෙන්ට් එකක් දාන්නේ නැතුව කොහොමද..
අනිවා, මාත් බලන් ඉන්නේ 50 වෙනි කඩයිම පහු කරනකන් තමා.
එදාට සුපිරි දෙයක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
ජයවේවා!!!
ස්පැනිශ් එකක් දෙන්න ඉන්නෙ???
නම sleep tight 2011??
නියමයි.බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
ස්තූතියි මදූශ
Congratulations .mage asama ටයිප් eke move ekak aniwa balanawa kalin balala na sab ekata bohoma stuthi සහෝදරයා
Me sinhala subtitle akata gidak thanks
බොහොම ස්තුතියි හසිත සහෝ සිංහල උපසිරැසියට.
ජයෙන් ජය.