The Devil’s Backbone AKA El espinazo del diablo (2001) Sinhala Subtitle

December 30, 2017 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම.අදත් මේ එන්නේ තවත් චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි.දැන් ඕගොල්ලො කියයි ස්පැනිෂ් එකක්ය කියල.ඔව් හරියටම හරි ස්පැනිෂ් එකක් තමයි.හැබැයි මම  කොච්චර ස්පැනිෂ් රසිකයෙක්වුණත් මේ චිත්‍රපටයනම් බලල තිබුනේ නෑ.මේ ගැන මට දැනුම්දුන්නෙ මධූෂ සහෝදරයා.බොහොම ස්තූතියි මධූෂ මේ චිත්‍රපටය ගැන කිව්වට ඉතින් ඔහුගේ ඉල්ලීම ඉටු කිරීමයි මේ.ඒ වගේම මගේ 100වන උපසිරැසියට සුභපැතුම් එක්කල හැමදෙනෙක්ටම නැවත වතාවක් ස්තූති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා…

2001 වසරේ තිරගතවූ මේ චිත්‍රපටයේ නම The Devil’s Backbone නොහොත් El espinazo del diablo.නාට්‍යමය, සංත්‍රාස (Drama, Horror ) ඝනයට අයත්මෙය ලබාඇති Imdb අගය 7.5ක්, Rotten Tomatos අගය 92%ක් ඒ වගේම ගූගල් පරිශීලකයන් 83%කගේ කැමැත්තත් ලබාගත් චිත්‍රපටයක්.ඊට අමතරව සම්මාන 7කට නිර්දේශ වී සම්මාන 6ක් දිනාගන්නත් සමත්වෙලා තියනවා.අධ්‍යක්ෂණය සහ තිර රචනය ඔස්කාර් සම්මාන 3කින් සහ තවත් සම්මාන ගණනාවකින් පිදුම් ලැබූ Pan’s Lybrinth (2006)  අධ්‍යක්ෂණය කල Guillermo del Toro ගෙන්.රංගනයෙන් දායක වෙන්නෙ Marisa Paredes (කාමෙන්), Eduardo Noriega (ජසින්තෝ), Federico Luppi (ඩොක්ට කැසරස්), Íñigo Garcés (ජේමි), Irene Visedo (කොන්චිතා) සහ මෙහි ප්‍රධාන චරිතය වන Fernando Tielve (කාලෝස්) ඇතුළු පිරිසක්.දැන් අපි යමු කතාව පැත්තට…

මේ කතාව දිවෙන්නේ වසර 1936 සිට 1939 දක්වා සිදුකෙරුණ ස්පාඤ්ඤ සිවිල් යුද්ධය අතරතුර වූ සිදුවීමක් විදියට.මේ යුද්ධය සැලකෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ පැසිස්ට්වාදය අතර අරගලයක් විදියටයි.මේ සටන ඇවිලෙන්නේ රිපබ්ලිකන් කණ්ඩායම් සහ එවකට ස්පාඤ්ඤයේ බලය හෙබවූ ජෙනරල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝගේ ජාතිකවාදී කණ්ඩායම අතරයි.චිත්‍රපටයේ පසුබිම් කතාව සරලව ඒ වගෙයි.මෙන්න මේ ජාතිකවාදීන්ට එරෙහි සටනේ නියැලී මියගිය සොල්දාදුවෙක්ගේ පුතෙක් තමයි කාලෝස්.අයාලා නම් සෙබලෙක් ඔහුව නැවැත්වීම සඳහා ලමා නිවාසයක් වෙත කැඳවාගෙන එනවා.කොහොමින්හරි එහි සිටින අතරේදී කාලෝස්ට මේ ලමා  නිවාසය තුල තමන් ඇතුළු දරුවන් සමගින් තවත් අද්භූත අයෙක් සිටින බව දැනගන්න ලැබෙනවා…එහෙනම් මම මීට වඩා යමක් කියන්නෙ නෑ.ඒක රසවින්දනයට බාධාවක් වෙන නිසා.මේක බොහොම සෙමින් නාට්‍යමය ආකාරයට ගලායන කතාවක්.ඔබ හොයන්නෙ ගොඩක් බයවෙන්න පුළුවන් හොරර් එකක්නම්, මේක ගැලපෙන එකක් නෑ…

Available Torrents
720p bluray 991.35 MB
1080p bluray 1.92 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (25)
  • Kavisha Methruwan Expert Subtitler
    Windows 8.1 Chrome 63

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!

    • hasitha prasad Unregistered
      Windows XP Firefox 52

      බොහොම ස්තූතියි, කවීෂ 🙂

  • Madusha Unregistered
    Windows 10 Opera 49

    නියමයි.ඇත්තටම ගොඩක් පින් සහෝ මේ කරන සේවයට
    ගොඩක් ස්තූතියි.ඒවගේම සතුටුයි.ඔයා වගේ වටිනා උපසිරැසි කරුවෙක්
    සිටීම subzlk site එකට වගේම අපටත් ලොකු හයියක්.සහෝගේ සියලුම
    කටයුතු සාර්තක වෙන්න කියා පතන ගමන්ම ලබන්නා වූ 2018 වසර
    ජයෙන් ජයම අත්වේවා කියා ප්‍රාර්ථනා කරමි!

    • hasitha prasad Unregistered
      Windows XP Firefox 52

      ඒවනං මොනවද, මධූෂ 😉 ඔබටත් ලබන්නාවූ නව වසර සාමය සතුට පිරි වසරක් වේවා!
      බොහොමත්ම ස්තූතියි ප්‍රතිචාරයට.

  • Suminda Lakshan Junior Subtitler
    Android 6 Chrome 62

    උපසිරැසියට ස්තූතියි සහෝ..තවත් මේ වගෙ උපසිරැසි ගන්වලා නැති ස්පැනිශ් ෆිල්ම්ස් වලට සබ් දෙන්න..??ඔබට ජය සහෝ..??

    • hasitha prasad Unregistered
      Windows XP Firefox 52

      බොහොම ස්තූතියි, සුමින්ද 🙂 . අර කිව්ව ලිස්ට් එක එවන්න වෙලාවක.

  • KANTHA Unregistered
    Windows 7 Firefox 54

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    • hasitha prasad Unregistered
      Windows XP Firefox 52

      බොහොම ස්තූතියි, Kantha 🙂

  • mithun Unregistered
    Android 7 Chrome 63

    සබ් එකට තැන්ක්ස් සහෝ. ස්පාඤ්ඤ එව නම් ඉතින් දෙපාරක් හිතන් නැ. පට්ට .සෙව් කරා ඔන්න
    Cell 211. 2009 මෙකත් spanish එකක්
    Imdb 7.7
    Rotten tomatoes 97 ?
    ඩ්‍රාම ,ත්‍රිලර්
    Br mkvcage ප්‍රින්ට් එකකුත් තිබ්බ.
    ඔයාම බලල හොද නම් සබ් එකක් දෙමු.
    ජ්ය …

    • hasitha prasad Unregistered
      Windows XP Firefox 52

      බොහොම ස්තූතියි, මිතුන් 🙂 Cell 211 ඕකෙ ස්පැනිෂ් නම cellda 211. සුපිරි Prison ෆිල්ම් එකක් . මං කාලෙකට කලින් බැලුවා ඔය ෆිල්ම් එක. මේ ලඟක් වෙනකං හාඩ් එකේ තිබිල අයින් කලා, අවුලක් නෑ මම ආයිත් ඩවුන්කරල හරි සබ් එක හදල දෙන්නං. ආයිත් බලන්නත් ආසයි කොහොමත්.

  • ushan Unregistered
    Windows 7 UC Browser 7

    tnx flim ekata…..mayam 2017 kiyala english movie ekak thiye ekata sub denawada puluwannam plz…brrip awilla…

    • ushan Unregistered
      Windows 7 UC Browser 7

      sorry sorry mayam newe…. illana flim eka mm hariyata illanna danna ne sorry…….mayhem 2017 puluwannam denna plz……lokuma udawwak…….

    • hasitha prasad Unregistered
      Windows XP Firefox 52

      බොහොම ස්තූතියි, උෂාන් 🙂 ෆිල්ම් එකට සබ් දෙන්න බලන්නම්.

  • ushan Unregistered
    Windows 7 UC Browser 7

    suba aluth awuruddak oyatai sublk hemotamath…..

    • hasitha prasad Unregistered
      Windows XP Firefox 52

      ඔබටත් එසේම වේවා !

  • Hiran Lakshika User
    Windows 10 Chrome 63

    පට්ටම තැන්ක්ස් මචන්. උඹට පින් සිද්ද වෙන්න සුපිරිම ෆිල්ම් ටිකක් බලනව දැන්

    • hasitha prasad Unregistered
      Windows XP Firefox 52

      බොහොම ස්තුතියි, හිරාන් 😉

  • sam fisher Unregistered
    Android 4.2 Chrome 34

    ✒horror කියන්න‍ෙ මට ඉස්සර තද‍ෙටම තිබිල සම්පුර්නය‍ෙන් හ‍ොද ව‍ෙච්ච උනක්? ම‍ෙක අපි ස්ක‍ෙල‍ේ යද්දි ආපු මරැ horror ෆිලුමක්. ස්පැන් එකක් කියලනම් එතක‍ොට වැඩි නිච්චියක් තිබ්බ‍ෙ නැ.ම‍ොනාඋනත් ඉස්සර ආපු horror එව දැන් එව වග‍ෙන‍ෙම‍ෙ නියමයි.එ දවස්වල සබ් කියල එව නැ අමු ඉංගිරිසිය‍ෙන් බැලුව‍ෙ,දැන් සබ් තියනනිසා අද රැ කට්ටිය set උනාම බලන්න නියමයි.ස්තුති සහ‍ො ම‍ෙවිදිහට අවුරැද්දක් පුරා අපිව‍ෙනුව‍ෙන් සබ් කරන්න මහන්සි උන ඔයාට happy new year(ම‍ෙ හැපි කියනඑක කවදාවත් නැතිව‍ෙන්න එපා!!!අපිව හැපි කරන උපසිරසකරැව‍ෙක් නිසා?❄)

    • hasitha prasad Unregistered
      Windows XP Firefox 52

      හොරර් පිස්සුව මටත් ඉස්සර ටිකක් සැරට තිබුණ, සෑම්. හැබැයි දැන් වැඩේ කියන්නෙ, කොච්චර හොඳයි කියන හොරර් එකක් බැලුවත් ඇඟට දැනෙන්නෙ නැති එක (ඔයා කිව්ව හේතුව වෙන්න ඇති). ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා, Amigo 😉

  • sam fisher Unregistered
    Android 4.2 Chrome 34

    ❇අැඩ්මින් මඩුල්ල ඇතුලු සියලු subzlk උපසිරස කරැවන්ට සුබ අලුත් අවුරැද්දක් ව්‍ෙවා!!❇

  • Sajith Anthony Unregistered
    Android 5.1 Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  • asitha Unregistered
    Windows 8.1 Chrome 63

    Elama saho thanks

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search