The First Purge (2018) Sinhala Subtitle
සියළුම දෙනාට තෙරුවන් සරණයි. ජය වේවා! මේ වතාවෙ ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය ෆිල්ම් එකක් අරගෙන එන්නෙ. කවීෂ සොහොයුරාගෙ ඉල්ලීමකට තමයි සබ් එක කරන්න බාර ගත්තෙ. ඔහුට ස්තූතියි කියල මතක් කරනවා. ඒත් එක්කම සමාව ඉල්ලන්නත් ඕනෙ. මොකද මේ ෆිල්ම් එක බාර අරගෙන සෑහෙන දවසක් උනා. කවීෂ සොහොයුරා දෙපාරක් විතරම මතක් කලා. ඒත් ඉතින් කරන්න විදිහක් තිබුනෙ නෑ. මේ දවස් වල කාලගුණ තත්ත්වය හොඳ නැති නිසා ගොඩක් වෙලාවට විදුලියත් බාධාවක් උනා. ඒක හින්ද තමයි සබ් එක අරගෙන එන්න ටිකක් පරක්කු උනේ. කොහොම හරි ඔන්න අද තමයි සබ් එක අරගෙන ආවෙ. තවත් පරක්කු කරන්නෙ නැතුව අදාළම විස්තර ටික පැහැදිලි කරන්නම්. ෆිල්ම් එක නිදහස් උනේ මේ අවුරුද්දෙ, ජූලි මාසෙ 4 වෙනිද. ඇමෙරිකාවෙදි තමයි පළමු වරට තිරගත වෙලා තියෙන්නෙ, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Gerard McMurray කියන අධ්‍යක්ෂකවරයා. IMDB අගය ලැබිල තියෙනවා 5.1, ගූගල් පාවිච්චි කරන්නන්ගෙ කැමැත්ත 83% ක් ලැබිල තියෙනවා. ෆිල්ම් එකට ගිහින් තියෙන නිෂ්පාදන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 13, ආදායම ලබාගෙන තියෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 135.9.
ෆිල්ම් එකේ කතාව සිද්ධ වෙන්නෙ මේ විදිහටයි. ෆිල්ම් එකේ හැටියට ඇමෙරිකාවෙ ජනගහනය වැඩිවීමත් එක්කම විරැකියාවත් එන්න එන්නම වැඩිවෙනවා. ඒත් එක්කම ජනතාව කෝලාහාල කරන්න පටන් ගන්නවා. ඒක නිසා ආර්ථික බිඳ වැටීමත් වේගයෙන් සිද්ධ වෙන අතරෙ ඇමෙරිකාවෙ ණය අනුපාතයත් ඉහල යනවා. ඉතින් ඒකට විසඳුමක් හැටියට ඇමෙරිකානු ආණ්ඩුව තීරණය කරනවා ජනගහනය අඩු කරන්න. ඒක ආරම්භ කරන්නෙ ඇමෙරිකාවෙ ස්ටේටන් කියන දූපතෙන්. ආණ්ඩුව නිදහස දෙනවා ජනතාවට ඕනෑම අපරාධයක් කරන්න. රජයෙන් ඒකට මුදල් ගෙවීමකුත් කරනවා. ඉතින් දූපතේ ඉන්න ගොඩක් අයට මුදල් නැති නිසා අපරාධ කරන්න පෙලඹෙනවා. රජයෙන් දෙන වන්දි මුදල ගැනීමට. කොහොම නමුත් එක රැයක් පමනයි ස්ටේටන් දූපතේ ජනතාවට මෙම අවස්ථාව ලැබෙන්නෙ. දූපතේ ඉන්න සමහරු අපරාධ කරන්න කැමැත්තක් දක්වන්නෙ නෑ. සමහරු සිය කැමැත්තෙන්ම අපරාධ කරන්න පටන් ගන්නවා. ඒ අතර පොලීසිය සහ හමුදාවත් ඉන්නවා. එයාලටත් මිනිස්සු ඝාතනය කරන තරමට වන්දි මුදලක් ලැබෙනවා. කොහොම හරි ඉතින් එක රැයකදි ස්ටේටන් දූපතේ සියල්ලම වෙනස් වෙනවා. නොසිතූ විදිහට. ඉතින් අපි බලමු ස්ටේටන් දූපතේ ජනතාව මේ නීතියක් නැති පලමු රාත්‍රියට මුහුණ දෙන්නෙ කොහොමද කියල. නවතින්න කලින් සියළුම දෙනාව මතක් කරනවා. තවත් උපසිරැසියකින් හමුවෙන තුරු සියළුම දෙනාට ජයෙන් ජය!
ස්තුතියි සහෝ සබ් එකට. 🙂
Thanks. Puluwan nam equalizer 2 eketh sub dennako.😘😍😘
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ඔබට ජය!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි 😃
Patta bro gdk thnkz sub aka dmmta dgtma sub denna
ගොඩක් ස්තුතියි.. මමත් උපසිරැසිය ගත්තා.. 👍
උපසිරසියට බොහොම ස්තූතියි සහෝ.. ජය වේවා…
Thanse machan sub ekata ela kiri
ඔයාලගෙ හැම සබ් එකක්ම සුපිරි.ජය වේවා
බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට…! ඒ වගේම ඔබ විසින් කරන මෙම සේවය ඉතා ගෞරවයෙන් අගය කරන අතර ඔබගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා…! බුදු සරණයි…!