The Founder (2016) Sinhala Subtitle
ආයුබෝවන් Subzlk හිත මිතුරන් හැමදෙනෙක්ටම. සෑහෙන කාලෙකින් මේ චිත්‍රපට උපසිරැසියකින් ඔබව හමුවෙන්න එන්නෙ. විවිධ වැඩ අතරෙ හිරවෙලා ඉන්න නිසාම දැන් උපසිරැසියක් කරන්න කාලය හොයාගන්නෙත් ඉතාම අසීරුවෙන්. කොහොමවුණත් වෙලාව ලැබෙන විදියට ඉදිරියටත් උපසිරැසි අරන් එන්න බලාපොරොත්තු වෙනවා, ඒ වගේම දැනට උපසිරැසි කරගෙන යන රූපවාහිනී කතාමාලා දෙකේ අවසානයෙන් පස්සෙ චිත්‍රපට උපසිරැසිකරණයට වැඩි ප්‍රමුඛතාවක් දෙන්න තමයි බලාපොරොත්තුව. එහෙනම් දැන් අපි යමු චිත්‍රපටය පැත්තට…
“මැක්ඩොනල්ඩ්ස් ” කිව්වම ඉතින් අපේ මතකයට මුලින්ම එන්නෙ එක එක දෙයයි. ඒ තමයි රටවල් 100කටත් වඩා වැඩි ගණනක තම ආධිපත්‍යය පතුරා සිටින මැක්ඩොනල්ඩ්ස් ක්ෂණික ආහාර සමාගම. අදවනවිට එවන් දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්ව සිටියත් මැක්ඩොනල්ඩ්ස් ආරම්භ වෙන්නෙ රිචඩ් සහ මොරිස් මැක්ඩොනල්ඩ් නම් දෙසොහොයුරන් දෙදෙනෙක්ගෙ අදහසකින් සහ ධෛර්යයෙන් සාමාන්‍ය ප්‍රමාණයේ අවන්හලක් විදියට, ඒ 1940 වසරේදී.හැම්බර්ගර්ස්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සහ සිසිල්බීම තමයි ඔවුන් එහි වෙලඳාම් කර ඇත්තේ. මේ කාලය වනවිට ඩ්‍රයිව්-ඉන් ( Drive-In)එහෙමත් නැත්නම් ගැණුම්කරුවා පැමිණිවිට ඔහුගේ රථය වෙතම ගොස් සේවා සැපයීමේ ක්‍රමය තමයි ජනප්‍රියව තිබී ඇත්තේ. එය සෑබෑ වෙනසකට ලක්කරමිනුයි රිචඩ් සහ මොරිස්ගේ මේ මැක්ඩොනල්ඩ්ස් අවන්හල කරළියට එන්නේ. ඉන් පසුව කාලයක ඔවුන් උත්සාහ කරනවා මෙය වෙලඳජාලයක් බවට පත්කිරීමට, ඒ 1953 වසරේදී, අදටද මැක්ඩොනල්ඩ් වෙලඳ ලකුණ ලෙස භාවිතා වන Golden Arches නොහොත් රන් ආරුක්කු සංකල්පය බිහිවෙන්නෙත් ඒ කාල සමයේදීයි. කොහොමනමුත් ආහාරවල තත්වය පවත්වාගෙන යාම පිලිබඳ ගැටලු නිසා මේ වෙලඳජාල සංකල්පය කෙටි කලකින්ම අත්හැර දමන්න දෙසොහොයුරන්ට සිදුවෙනවා. තමන්ගේ මුල් වෙලඳසල පමණක් හැකි තරම් උසස් තත්වයෙන් පවත්වාගෙන යන්න ඔවුන් තීරණය කරන්නෙත් ඒ නිසාමයි.
රේමන්ඩ් ඇල්බට් ක්‍රොක් නොහොත් රේ ක්‍රොක් මේ කාලය වනවිට තම ජීවිතයේ මැදිවියේ සිටින ජීවිකාව ලෙස මිල්ක්ෂේක් සෑදීම සඳහා භාවිතා කරන මල්ටි මික්සර් අලෙවි කරන්නෙක්. ඔහු ලඟ මල්ටි මික්සර් තිබුණත්, ඒව මිලදී ගන්න කෙනෙක් තමයි ඔහුට නැත්තෙ. හරියටම කිව්වොත් රේ කියන්නෙ. මෙතෙක් කල කිසිම කාර්යයක් සාර්ථක කරගත් කෙනෙක් නෙමෙයි. ඔය අතරෙ දිනයක ඔහුට ලැබෙනවා මල්ටි මික්සර් කීපයක් මිලදී ගැනීමට ඇණවුමක්. ඔහුට මේක පුදුමයක්… මල්ටි මික්සර් කීපයක් ගැනීමට තරම් වන මේ වෙලඳසල සොයාගෙන යන්න ක්‍රොක් තීරණය කරනවා. තනි වෙලඳසලකින් හෙබි
මැක්ඩොනල්ඩ්ස් ආහාර වෙලඳසලට තම දියුණුව හමුවෙන්නෙ එතනිනුයි….
මෙන්න මේ සත්‍ය කතාන්දරය ඇතුලත් චිත්‍රපටය තමයි The Founder (2016) . Imdb අගය 7.2ක් ලෙස සටහන් කරගෙනRotten Tomatos වෙතින් 83%ක ඉහල අගයකුත් ලබාගත් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ජෝන් ලී හැන්කොක්ගෙන්. තිර රචනය රොබට් D සීගල්ගෙන්. රේ ක්‍රොක්ගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ අති දක්ෂ හොලිවුඩ් නළු මයිකල් කීටන්. ඊට අමතරව ඩික් මැක්ඩොනල්ඩ් ලෙස නික් ඔෆර්මනුත් මැක් මැක්ඩොනල්ඩ් ලෙස ජෝන් කැරොල් ලින්චුත් රංගනයෙන් දායක වෙනවා. අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ රේ ක්‍රොක් මැක්ඩොනල්ඩ් අධිපති දක්වා යන ගමනෙ අපිට ගන්න ආදර්ශයනුත් බොහොමයක් තියන අතරෙ ,අනුමත කල නොහැකි ක්‍රියාවන් බොහොමයකුත් තියනවා කියලයි. නමුත් මැක්ඩොනල්ඩ්ස් අද තිබෙන තැනට කවදාවත් එන්නෙ නෑ රේ ක්‍රොක් නම් චරිතය නොසිටියානම්. චිත්‍රපටයක් නිසා ඉතිං අතිනුත් යම් යම්
කොටස් එක් කරල ඇති බොහෝවිට, ඒ වුණත් සෑම දෙනාම බලන්න වටින චිත්‍රපටයක් කියලත් කියන්නම ඕනෙ
“If you’re not a risk taker, you should get the hell out of business”
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට 😍💛
බොහොම ස්තූතියි,සුමින්ද 🙂
උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!
බොහොම ස්තූතියි,Kantha 🙂
sub ekak denakan hitiya jaya wewa sahodaraya,,,,,
බොහොම ස්තූතියි, බුද්ධික 🙂
Veehttps://www.torrentshub.club/torrents/Veere%20Di%20Wedding%20(2018)%20Hindi%20720p%20Pre%20×264%20AAC%20-%20Downloadhub.torrent Bro mekata sinhala sub one Veere.Di.Wedding.(2018).720p.Desi.Pre.Rip.x264.AC3.mp4 Video & audio quality excellent pls and thanx for this subGreat subz
tnx film ekata
බොහොම ස්තූතියි සහෝ
Hoda actin movie ekak avit thiyanawa .Ikkanata danna puluwan nm dnna hasita kattiya ganiiEscape plan 2 (2018)
ඒක වැඩක් ඇති ෆිල්ම් එක්ක නෙමෙයි, මිතුන්. ඔයා තාම බැලුවෙ නැත්තං බලන්නත් එපා වැඩක් නෑ.පළවෙනි ෆිල්ම් එකටත් කරපු අපහාසයක් වගේ හරියට ඒක. ඔයාට දෙන්නං නියම හින්දි එකක් ලඟදිම ( B–ck M–L );-)
හසිත ෆිල්ම් එකකට මෙහෙම දෙයක් කිව්වමද කොහෙද
ඔව්, දමිත්. ඒකනං එපාම වුණා.
bohoma sthuthi sahooo jaya 😀
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
ප්‍රතිචාර දැක්වූ දක්වන සියලු දෙනාටම ස්තූතියි 💛
ela saho thanks
mekata sub denakm ghodak kal balan hitiya..godak pin
amatahudu muuuuuuuuda poraaaaaaaaa hi hiiiiiiiiiiiiii