Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle
  • Genres
  • Action
  • The Matrix (1999) Sinhala Subtitle

The Matrix (1999) Sinhala Subtitle

December 30, 2019 Junior Admin

ආයුබෝවන් අදත් සබ්ස්එල්කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ අපේ අඩවියට නිතරම යන එන CJ, මිතුන්, මධූෂ යන සහෘදයන් තිදෙනා කල ඉල්ලීමක් ඉෂ්ට කිරීමේ පළමු පියවර, The Matrix චිත්‍රපට පෙලේ පලමුවැන්න The Matrix (1999) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. ඇත්තටම මේ චිත්‍රපටය ඔවුන් ඉල්ලීම කල දවස්වලම කරන්න පටන්ගත්තත්, මම පෙර ලිපියක සඳහන් කලා වගේ පරිගණකයට රැන්සම්වෙයා එකක් ඇතුල්වීම නිසා වැඩ අවසන් කර තිබූ උපසිරැසි කීපයකුත් දත්ත සියල්ලත් අහිමිවුණා, පළකිරීමට ඔන්න මෙන්න තිබූ මෙට්‍රික්ස් උපසිරැසියත් එයින් එකක්. ඒ නිසා දෙවෙනි උත්සාහය තමයි මේ. දැන් ටික කාලයක ඉඳන් කරගෙන ඇවිත් ඊයෙ වනවිට වැඩ අවසන් කරගන්න පුළුවන් වුණා.මුලින්ම සමාව ඉල්ලනවා ප්‍රමාදය ගැන.

ඔබ දන්නවා මෙය චිත්‍රපට තුනකින් සමන්විත චිත්‍රපට පෙලක පලමුවැන්න. චිත්‍රපට ත්‍රිත්වය පිළිවෙලින් සඳහන් කලොත්…

The Matrix (1999)

The Matrix : Reloaded (2003) 

The Matrix : Reveloutions (2003)

මෙහි මම අද මේ උපසිරැසි ලබාදෙන පළමු චිත්‍රපටය ඉතාම පැහැදිලි කතාවකින් සමන්විත වුණත්, මෙහි දෙවෙනි සහ තුන්වෙනි චිත්‍රපටනම් ඉතාම පැටලිලි සහගත වුණා. ඊට හේතුව මුල් චිත්‍රපටය සහ දෙවන චිත්‍රපටය අතර කාලසමයේ සිදුවූ සිදුවීම් නිසිලෙස පැහැදිලි කර නොදීම. එය හේතුකරගෙන විය යුතුයි නිර්මාණකරුවන් මෙහි කතාවේ අපැහැදිලි තැන් පැහැදිලි කරමින් The Animatrix (2003) නම් කෙටි චිත්‍රපට නමයකින් සමන්විත වීඩියෝවක් නිකුත්කරනු ලැබුවා (මාත් මෙට්‍රික්ස් චිත්‍රපට මාලාවෙ බොහෝ අපැහැදිලි තැන් පැහැදිලි කරගත්තෙ එය නැරඹීමෙන් පසුව). එය මෙම ලින්ක් එකට පිවිස අප අඩවියෙන්ම ලබාගන්න සිංහල උපසිරැසි සහිතව.  මතක ඇතුව එම ලිපියේ සඳහන් කර ඇති අනුපිළිවෙලට නරඹන්න.

ඔබ මෙහි කතාව පැහැදිලි කරගෙනම මුල් චිත්‍රපටය නරඹන්නට කැමති අයෙක් නම් පමණක් ඉහත වෙබ් පිටුවේ ලිපියේ සඳහන් කර ඇති පිලිවෙලට කෙටි චිත්‍රපට නමය නරඹන්න. එසේ නොමැතිව ප්‍රධාන චිත්‍රපට තුනෙන්ම කතාව තේරුම්ගැනීමට කැමති අයෙක්නම් The Matrix (1999) චිත්‍රපටයෙන්ම නැරඹීම ආරම්භ කරන්න. ඉදිරි චිත්‍රපට දෙකට උපසිරැසිත් හැකි ඉක්මනින් සබ්ස් එල් කේ හරහා ඔබ අතට පත්කරන්න මම බලාපොරොත්තු වෙනවා. හැබැයි The Animatrix(2003)හි අදාල කෙටි චිත්‍රපට කොටස් නරඹා මෙය නැරඹීම කතාව වටහාගැනීමට පහසුවක් විය හැකි බවත් මතක් කරන්න ඕනෙ. හරි දැන් අපි යමු චිත්‍රපටය දිශාවට..

මේ මෙට්‍රික්ස් සිනමාපට ත්‍රිත්වය තරමට ලෝකයේ කතාබහට ලක්වූ තවත් චිත්‍රපට ත්‍රිත්වයක් තිබේදැයි පවා සැක සහිතයි. ඊට හේතුව මෙහි කතාවට තම දෘෂ්ටිකෝණය අනුව විවිධාකාර අර්ථකථන දීමට ඇති හැකියාව. යම් පිරිසක් මෙය සාමාන්‍ය විද්‍යා ප්‍රබන්ධමය කතාවක් ලෙස දකිද්දී, තවත් පිරිසක් මෙය දකින්නෙ සාමාන්‍ය විද්‍යා ප්‍රබන්ධයකින් එහා ගිය ගැඹුරු, දාර්ශනික, විටෙක අධ්‍යාත්මික අර්ථකථනයක් පවා දිය හැකි කතාවක් ලෙසයි. මේ ගැන විවිධාකාර වාද විවාද, මති මතාන්තර තිබෙනවා ලෝකය පුරා. එය හැරුණුවිට මෙය නිකුත්වූවේ 1999 වසරේදී වීම සැලකීමේදි එවක පැවති සිනමා දෘෂ්‍ය ප්‍රයෝග භාවිත සම්ප්‍රදායන් උඩු යටිකුරු කල එකක් මෙට්‍රික්ස් කියන්නෙ. ඒ වගේම නියෝට පණපොවන කියානු රීව්ස් රංග ශිල්පියාව ජනප්‍රියත්වයේ ඉහලටම ගෙන ගිය චිත්‍රපට පෙලත් මෙට්‍රික්ස්. ඉතින් මේ අපූරු සිනමා නිර්මාණයේ රචකයන් සහ අධ්‍යක්ෂකයන් වන්නේ (එවකට) Wachowski සහෝදරයන් විසින්. අදනම් මේ දෙදෙනා හඳුන්වන්න වෙන්නෙ Wachowski සහෝදරියන් ලෙසයි, ඒ ඔවුන් ශල්‍යකර්ම මාර්ගයෙන් කාන්තාවන් බවට පත්ව සිටින නිසා.අද ඔවුන්ගේ නම් දැක්වෙන්නේ Lana Wachowski සහ Lilly Wachowski ලෙසයි. The Matrix(1999) තිරගතව දැනට වසර 18ක් පමණ ගෙවී ඇතත්, අදටත් මෙය IMDB හොඳම සිනමාපට 250 තුල 16 වන ස්ථානය උසුලනවා 8.7ක අගයක් දරමින්. එසේම ඔස්කා සම්මාන හතරක් ඇතුළු තවත් සම්මාන 37කින්ද පිදුම් ලැබූවක්. ඊට අමතරව Rotten Tomatoes වෙතින් 88%ක අගයකුත්, මෙටා ක්‍රිටික් වෙතින් 73%ක අගයකුත් ලබා තිබෙනවා මේ චිත්‍රපටය.රංගනයෙන් දායක වෙන්නෙ කියානු රීව්ස් (නියෝ/ තෝමස් ඇන්ඩර්සන්), ලෝරන්ස් ෆිෂ්බර්න් (මෝෆියස්), කැරී-ඈන් මොස් ( ට්‍රිනිටි), හියුගෝ වීවින් ( නියෝජිත ස්මිත්), ග්ලෝරියා ෆොස්ටර් (අනාවැකිකාරිය), ජෝ පැන්ටොලියානෝ (සයිෆර්), මාකස් චොන්ග් (ටෑන්ක්), මැට් ඩොරන් ( මවුස්), බෙලින්ඩා මැක්ලෝරි ( ස්විච්), ජූලියන් අරහන්ගා (ඒපොක්), ඇන්තනි රේ පාකර් ( ඩෝසර්) ඇතුළු පිරිසක්.

• කියානු රීව්ස් තෝරාගන්නට පෙර ජනප්‍රිය රංගන ශිල්පීන් කිහිපදෙනෙකුටම නියෝ චරිතය ඉදිරිපත් කර ඇතත් ඔවුන් කිසිවෙකුත් චරිතය බාර ගෙන නෑ, එයින් එක් අයෙක් විල් ස්මිත්. ඔහු චරිතය ප්‍රතික්ෂේප කර තිබෙන්නෙ එම චරිතයට තමන්ගේ පරිණතභාවය මද බව පවසමින්. ඊට අමතරව නිකලස් කේජ්, ටොම් කෲස් හා ලියනාඩෝ ඩිකැප්‍රියෝටද චරිතය ඉදිරිපත් කර තිබෙනවා. අවසානයේ නියම සුදුස්සාවන කියානු රීව්ස්ටයි නියෝ චරිතයට පණපෙවීමේ වරම ලැබෙන්නේ.

• Wachowski සහෝදරයන් වෝනර් සමාගමට මුලින්ම ඉදිරිපත් කර ඇති වියදම් ඇස්තමේන්තුව ඇමරිකානු ඩොලර් මිලියන 80ක්. වෝනර් බ්‍රදර්ස් සමාගම පිටපතට කැමැත්තක් දක්වා ඇතත්, Wachowski සහෝදරයන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමේ කාර්යය තමන්ට අවශ්‍ය බව පැවසූ විට මදක් පැකිලී තිබෙනවා. ඒ නිසා වෝනර් බ්‍රදර්ස් Matrix නිෂ්පාදනයට කැමති කරගැනීමෙ අදහසින් ඔවුන් Bound (1996) චිත්‍රපටය නිර්මාණය කරන අතර එහි සාර්ථකත්වය නිසා වෝනර් බ්‍රදර්ස් සමාගම චිත්‍රපටය ගැන සලකා බලන්නටත් අධ්‍යක්ෂණ කාර්යය Wachowski සහෝදරයන්ටම ලබාදීමටත් එකඟ වෙනවා. ඔවුන් මුලින්ම මිලියන 10ක මුදලක් ලබාදී ඇති අතර Wachowski සහෝදරයන් එම මුළු මුදලම වියදම් කර ඇත්තේ චිත්‍රපටයේ මුල් මිනිත්තු කීපයේ ඇති ට්‍රිනිටිගේ සටන් දර්ශනය වෙනුවෙන්.

• එම කොටස පෙන්වීමෙන් පසු වෝනර් බ්‍රදර්ස් සමාගම එකඟ වනවා චිත්‍රපටය නිෂ්පාදනය කරන්නට. කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදය තුල චිත්‍රපටයේ රූගතකිරීම් කරන්නට ඇස්තමේන්තුගත මුදල මෙන් තුන්ගුණයක් පමණ වියදම් වන බව පෙනී යන නිසා ඔවුන් මෙහි රූගත කිරීම් සම්පූර්ණයෙන් සිදුකරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේදීයි. එම නිසාම මෙහි වියදම ඇමරිකානු ඩොලර් 60කට සීමාකරගන්නට ඔවුන් සමත්වෙනවා.

• මෙහි එක් විශේෂ චරිතයක්නෙ මෝෆීයස්. මෝෆියස් කියන්නෙ ඇත්තටම ග්‍රීක මිත්‍යාවන්ගේ එන සිහිනයන්ට අධිපති දෙවියන්.
මෝෆියස් දෙවියන්.

• මෙහි එන සටන් දර්ශන Fist of Legend (1994) නම් හොංකොං චිත්‍රපටයෙන් ආභාෂය ලබාගෙන තිබෙනවා. ඊට හේතුව මෙහි සටන් අධ්‍යක්ෂණයත් එම චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂණය කල වූ-පින්ග් යුවන්ගේ වීම.
වූ-පින්ග් යුවන්

• චිත්‍රපටයේ දාර්ශනික කෝණය පැහැදිලි වෙන තැනක් තමයි නියෝ තම කාමරය තුල පරිගණක ඩිස්කට් සඟවා තිබෙන පොත. එය ප්‍රංශ ජාතික දාර්ශනික Jean Baudrillard විසින් රචිත යථාර්ථානුකරණය හා අධි-යථාර්ථ (Simulation & Hyper-reality) පශ්චාත්-නූතන සංකල්පය ගවේෂණය කිරීමක් වූ “Simulacra and Simulation” නම් නිබන්ධනයක්. චිත්‍රපටයේ මුල් භාගයේ නියෝ පොත තුලින් පරිගණක ඩිස්කටයක් පිටතට ගනිද්දී එහි “On Nihilism” නම් පරිච්ජේදයක් දක්නට ලැබෙනවා අපිට. Nihilism යනුවෙන් හැඳින්වෙන්නේ ශුන්‍යවාදයයි. එය ජීවිතය යනු අර්ථ විරහිත එකක්ය යන විශ්වාසය හා බැඳුනු එකක්. මෙට්‍රික්ස් චිත්‍රපටයට රංගනයෙන් දායක වූ සියලු දෙනාට ඊට පෙර මෙම පොත ඇතුළු දර්ශනවාදී පොත් කිහිපයක්ම කියවීම අනිවාර්ය කර තිබී තිබෙනවා Wachowski සහෝදරයන් විසින්. ඒ චිත්‍රපටයේ පිටපත නිවැරදිව අවබෝධ කරගැනීම පහසු වීම පිණිස.

එහෙනම් ඒ ඇති වගේ නේ, කතාවට ආරම්භයක් දෙන්නත් අවශ්‍ය නෑ මම හිතන්නෙ, මොකද මේ චිත්‍රපටය අපි බොහෝ දෙනෙක් නරඹල තියනව.  ආයිත් නරඹන්න කැමති අයටත්, අහම්බයකින් හෝ නරඹල නැති අයටත් තමයි මේ උපසිරැසිය.  මට හැකි උපරිම පැහැදිලි ලෙස දෙබස් පරිවර්තනය කරන්න ලොකු උත්සාහයක් ගත්තා. එහි සාර්ථක අසාර්ථකභාවය තීරණය කිරීම නරඹන ඔබ සතුයි. එහෙනම් ගිහින් එන්නම්, හැකි ඉක්මනින් මෙහි දෙවන චිත්‍රපටය වන The Matrix : Reloaded (2003) හි සිංහල උපසිරැසිය ඔබවෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

“ඔබේ තේරීම රතු පෙත්තද නිල් පෙත්තද? “

 

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
17303 වාරයක්
Available Torrents
720p bluray 703.69 MB
GET
1080p bluray 1.86 GB
GET
2160p bluray 6.49 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (22)
← Older
  • ramindu Unregistered
    Windows 7 Opera 81
    2021-12-31

    :heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes:

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 164
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved