Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Action Inferno (1999) Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E14] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E13] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E12] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E11] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E10] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E09] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E08] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E07] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E06] Sinhala Subtitle Action Inferno (1999) Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E14] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E13] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E12] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E11] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E10] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E09] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E08] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E07] Sinhala Subtitle Crime Ozark (2017) [S04 : E06] Sinhala Subtitle
  • Genres
  • Action
  • The Animatrix (2003) Sinhala Subtitle

The Animatrix (2003) Sinhala Subtitle

August 12, 2019 Hasitha Prasad | Junior Admin
IMDB RATING 7.4
GENRES
ActionAdventureAnimationEnglish MoviesGenresMoviesSci-Fi
CAST

Kevin Michael Richardson, Pamela Adlon, John DiMaggio, Tom Kenny

මෙම උපසිරැසිය සහ වීඩියෝ පටය MATRIX සිනමා පට ත්‍රිත්වය නරඹා ඇති හෝ නැරඹීමට අදහස් කරගෙන සිටින අයට පමණක් බව කරුණාවෙන් සලකන්න.



The Matrix සිනමාපට ත්‍රිත්වය. ලෝකයේ වැඩිපුරම කතාබහට ලක්වුණ සහ අදටද ලක්වන, විවිධ අය විවිධාකාරයට වටහාගත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය කිව්වොත් මම හිතන්නෙ ඒකෙ කිසිම වරදක් නෑ. මෙයින් මුල් චිත්‍රපටය වන The Matrix (1999) චිත්‍රපටය තමයි නැරඹූ බොහෝදෙනා වඩාත් ඇළුම් කරන චිත්‍රපටය. එවකට තිබූ දෘෂ්‍යප්‍රයෝග සම්ප්‍රදායන් උඩුයටිකුරු කල මේ චිත්‍රපටය, එහි කතාවේ ඇති සංකීර්ණත්වය සහ සුවිශේෂීතාව නිසාම ලොව පුරා අතිශය ජනප්‍රියත්වයටද පත්වුණා. නමුත් එහි දෙවෙනි සහ තුන්වෙනි චිත්‍රපට, එනම්, පිළිවෙලින් The Matrix : Reloaded (2003) සහ The Matrix : Revolutions (2003) චිත්‍රපට ද්විත්වයටනම් පැසසුම් සහ ගැරහුම් දෙකම සම සමව ලැබුණා. කෙසේ වෙතත් මමනම් දකින විදියට එයට හේතුවක්ද තිබෙනවා. ඒ තමයි මේ දෙවන සහ තුන්වන චිත්‍රපටවලට ප්‍රවේශයක් ලෙස නිර්මාණය වුණ The Animatrix (2003) නම් කෙටි චිත්‍රපට නමයකින් යුත් වීඩියෝව නැරඹීමකින් තොරව එම නිර්මාණය ද්විත්වය නැරඹීම. හැබැයි මෙය නිකුත්වුණේ Matrix: Reloaded චිත්‍රපටය නිකුත්වී මසකට පමණ පසුවයි, බොහෝවිට මෙය නිකුත්කිරීමේ අරමුණ වෙන්නට ඇත්තෙත් පලමු චිත්‍රපටයෙන් දෙවැන්නට එනවිට ඇතිව තිබූ හිදැස් මකාදමන්නට සේම තුන්වැන්නට යනවිට කතාව වඩාත් ප්‍රේක්ෂකයාට පැහැදිලි කිරීමේ අරමුණින්ද විය යුතුයි.

අද මම මේ ඔබවෙතට අරගෙන එන්නෙ අන්න ඒ The Animatrix (2003) වීඩියෝවෙ උපසිරැසියයි. නිකංම ඔබට උපසිරැසිය ලබාදෙනවාට වඩා එහි එන කෙටි චිත්‍රපට 9 ප්‍රධාන චිත්‍රපට ත්‍රිත්වයට සම්බන්ධවන ආකාරය, මගේ දැනීම පරිදි පෙලගස්වා දෙන එක හොඳයි කියල මම කල්පනා කලා. නමුත් ඔබ, මෙතෙක් ප්‍රධාන චිත්‍රපට ත්‍රිත්වය නරඹා නැති, තම රසවින්දනයට බාධා කරගන්නට අකමැති, The Matrix ප්‍රධාන චිත්‍රපට ත්‍රිත්වයෙන්ම කතාව තේරුම්ගන්නට සතුටු අයෙක්නම්, මේ Animatrix (2003) මගහැර යාමට ඔබට හැකියි. චිත්‍රපටය පැත්තට යන්න කලින් ස්තූතිය පළකරන්න ඕනෙ Matrix චිත්‍රපට පෙලට උපසිරැසි කරන ලෙස මා හට දැන්වූ CJ සහෝදරයාටත්, මිතුන් සහෝදරයාටත්. මොකද මීට කලකට පෙරත් මෙම චිත්‍රපටවලට උපසිරැසි කිරීමේ අදහස තිබුණත්, අන්තර්ජාලයේ උපසිරැසි තිබූ නිසා මම ඒ අදහස අත්හැරියා. ඉතිං ඔවුන් දෙදෙනාගේ ඉල්ලීම නිසයි මම තීරණය කලේ මෙම චිත්‍රපට පෙලට පිළිවෙලින් උපසිරැසි ලබාදෙන්න. රැඳී ඉන්න සබ්ස් එල් කේ එක්කම. ප්‍රධාන චිත්‍රපට ත්‍රිත්වයටත් උපසිරැසි ලඟදීම ගෙන එන්නම් . එහෙනම් Matrix ගමනේ ආරම්භය තමයි මේ…The Animatrix (2003)..

මම කලිනුත් කිව්වනෙ මෙහි කෙටි චිත්‍රපට 9ක් ඇතුලත් බව. කෙසේ වෙතත් මේ කෙටි චිත්‍රපට 9 කාලනුක්‍රම පිලිවෙලට නොවෙයි නිර්මාණකරුවන් ඉදිරිපත් කරල තියෙන්නෙ. ඔබ කැමතිනම් මෙය ඔවුන් ඉදිරිපත්කර ඇති පිලිවෙලටම නරඹන්නත් පුළුවන්, එහෙම නැතුව කාලානුක්‍රම පිලිවෙලට නරඹන්න කැමතිනම් , මේ තමයි මගේ වැටහීම පරිදි නිවැරදි පිලිවෙල. ඔබට පහසුවක් වන ලෙස එම කොටස් ඇරඹෙන සහ අවසන්වන කාලසීමාවන්ද මම ලිපියේම සටහන් කර තිබෙනවා, ඔබේ වීඩියෝ ධාවකය මගින් නැරඹීම පහසු කිරීම සඳහා.

♠ Second Renaissance part 1 and 2
දෙවන පුනරුදය 1 සහ 2 කොටස ( 00:09:35 සිට 00:28:12 දක්වා)

The Matrix (1999)හි එන කතාව දිවෙන කාල වකවානුව බිහිවීමට හේතුවන සිදුවීම් මේ තුලින් නැරඹිය හැක. එනම් මිනිසා තම පහසුව උදෙසා තමන්ට සමාන යාන්ත්‍රිකයන් (රොබෝවරු) නිර්මාණය කිරීම සහ පසුව මෙම ‘යාන්ත්‍රික- මනුෂ්‍ය සහජීවනය’ , මිනිසාගේ ක්‍රියාකාරකම් නිසාම අරගලයක් දක්වා වර්ධනය වන ආකාරයත්, පසුව එය යුද්ධයක් දක්වා ඇදීගොස් තම බුද්ධියෙන්ම නිමවූ යාන්ත්‍රිකයන් ඉදිරියේ මිනිසා පරාජය වන අයුරුත්, ඔවුන් පරිගණක මගින් නිමවූ මෙට්‍රික්ස් නම් කෘතිම සිහින ලොවක මිනිසා සිරකර නොහොත් ‘ප්ලග් කර’ , ඔවුන්ව තම ශක්ති ප්‍රභවය ලෙස භාවිත කරන ආකාරයත්, ඊට මගපාදන හේතුත් මෙමගින් ඉදිරිපත් කෙරේ.

♠  Beyond- එහා ඉම ( 00:53:51 සිට 01:06:50 දක්වා)

මෙය තුලින් ඔබට මෙට්‍රික්සයට ‘ප්ලග්’ව එනම් සම්බන්ධව සිටින අයගේ ජීවිතය පිලිබඳ යම් අදහසක් ලබාගත හැකිය. මෙය නැරඹීම ඒතරම් අවශ්‍ය නොවන අතර, කැමතිනම් මෙය මගහැරියාටද වරදක් නැත.

♠ World Record- ලෝක වාර්තාව – ( 00:45:14 සිට 00:53:47 දක්වා)

මෙයිනුත් මෙට්‍රික්සය තුල යාන්ත්‍රිකයන්ගේ දැඩි පාලනයට සහ අයෝමය හස්තයට සිරවී සිහින ලොවක ජීවත්වන මනුෂ්‍ය ජීවිත පිලිබඳ තව දුරටත් පැහැදිලි කරගත හැකිය. එසේම එම සිහින ලොවින් අවදිවන්නන්ට තැත් කරන්නන්ද සිටින බවත්, ඔවුන් කිනම් ස්වභාවයේ අයද යන්නත් සහ ඔවුන්ව මැඩලීමට යාන්ත්‍රිකයන් අනුගමනය කරන ක්‍රියාමාර්ග පිලිබඳවත්, මෙට්‍රික්සය තුල පවතින නීති සමහරක් පිලිබඳවත් මෙම කෙටි චිත්‍රපටය තුලින් ඔබට දැනගත හැකිය.

♠ Program- පරිගණක වැඩසටහන – ( 00:37: 51 සිට 00:45:04 දක්වා)

මෙය තුලින් මෙට්‍රික්ස් වැඩසටහන ක්‍රියාත්මකවන ආකාරයත්, එයට විරුද්ධව නැගීසිටින්නන්, එසේත් නැත්නම් මෙට්‍රික්සයෙන් තම මනස නිදහස් කරගෙන අවදිවූවන් තමන්ට ඇවැසි විටෙක මෙට්‍රික්ස් වැඩසටහනට ඇතුල්වන පිටවන ආකාරයද දැකිය හැකිය. එසේම The Matrix(1999) තුලදී මෝෆියස් විසින් නියෝ වෙත ලබාදෙන රතු සහ නිල් පැහැ පෙති ද්විත්වයේ අර්ථය පැහැදිලිකරගැනීමට මෙහි ඇතුලත් කතාව නැරඹීම පහසුවක් වනු ඇත .

♠ A Detective Story – රහස් පරීක්ෂක කතාවක්- ( 01:06:55 සිට 01:16:40 දක්වා)

මේ තුලින් ඔබට The Matrix (1999) වෙත ප්‍රවේශයක් ලබාගත හැකි අතර එහි එන ට්‍රිනිටි චරිතය පිලිබඳවද දැනගත හැකිය.

ඔබ Matrix (1999) නරඹා නැත්නම්, අනිත් කෙටි චිත්‍රපට කීපය නැරඹීමෙන් වැලකී මෙතනින් නැවතීම සුදුසුයි.


ඉහතින් සඳහන් කල කෙටි චිත්‍රපට කීපය නැරඹීමෙන් පසුව ඔබට මෙහි ප්‍රධාන චිත්‍රපටය වන The Matrix (1999) නැරඹිය හැකි අතර ඒ තුලින් Matrix චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය වන නියෝ නොහොත් තෝමස් ඇන්ඩර්සන්ගේ කතාවද ඔහු සයෝන් මූලික කරගත් යාන්ත්‍රිකයන්ට එරෙහි අරගලයට එක්වන ආකාරය පිළිබඳවද දැනගත හැකිය.

ඉන් පසුව නැවතත් මෙම The Animatrix (2003) හි ඇති Kid’s story (පොඩ්ඩාගේ කතාව) කෙටි චිත්‍රපටය නරඹන්න (00:28:13 සිට 00:37:50 දක්වා). මෙයින් The Matrix (1999) අවසානයෙන් පසුව නියෝ විසින් කරනා කාර්යභාරය ගැන වැටහීමක් ලබාගත හැකි අතර, මෙම Kid’s storyහි ප්‍රධාන චරිතය වන මයිකල් කාල් පොපර් චරිතය ඔබට Matrix චිත්‍රපට මාලාවේ දෙවන ප්‍රධාන චිත්‍රපටය වන The Matrix : Reloaded (2003) තුලදී සුළු චරිතයක් ලෙස හමුවනු ඇත.

♠ Matriculated- බඳවාගැනීම – ( 01:16:46 සිට 01:33:01)

තාක්ෂණය භාවිත කරමින් යාන්ත්‍රිකයන්ගේ ප්‍රචණ්ඩකාරී බුද්ධිය යහපත් සේම මනුෂ්‍ය හිතැති අතට හරවාගන්නට මිනිසා දරන උත්සාහයක් අපට පෙන්වන මේ චිත්‍රපටය නැරඹීම ඒතරම් අවශ්‍ය නැතත්, ඔබ කැමතිනම් නරඹන්න.

♠ Final Fight In Osiris -ඔසයිරිස් යානයේ අවසන් ගුවන් ගමන – (00:00:10 සිට 00:09:33 දක්වා)

මෙය Matrix ප්‍රධාන චිත්‍රපට මාලාවේ දෙවැන්න වන The Matrix :Reloaded (2003)ට මෙන්ම Enter The Matrix පරිගණක ක්‍රීඩාවේ ඇතුලත් කතාවට සෘජුවම සම්බන්ධබවද කියැවේ ( මේ ලියන මා එය ක්‍රීඩා කර නැත). මෙය තුලින් ඔබට මෙට්‍රික්සයට සහ යාන්ත්‍රිකයන්ට විරුද්ධව මනුෂ්‍යයන් ගෙන යන සටනට මෝෆියස් විසින් නායකත්වය දරන නෙබුකැනසර් යානය ඇතුළු සයෝන් නගරයේ යානා බලඇණිය දක්වන දායකත්වය දැකගත හැකිය. මෙහි මූලිකවම දැක්වෙන්නේ තේඩියස් නම් නිර්භීත කපිතාන්වරයෙකුගේ නායකත්වය යටතේ පවතින ඔසයිරිස් නම් යානයක කාර්යමණ්ඩලය අත්දකිනා සිදුවීම් පෙලක්. The Matrix : Reloaded ඇරඹෙන්නේ මෙම යානයෙන් ලැබෙන පණිවිඩයක් මුල්කරගෙන බැවින් මෙය නැරඹීම එම චිත්‍රපටය හොඳින් වටහාගැනීමට පහසුවක් වනු ඇත.

ඉන් අනතුරුව ඔබට The Matrix : Reloaded (2003) සහ එහිම දෙවන කොටස වන The Matrix : Revolutions(2003) නැරඹිය හැකිය.

හරි, ඔන්න ඔය ආකාරයටයි Animatrix (2003) වීඩියෝව ප්‍රධාන චිත්‍රපට ත්‍රිත්වයට සම්බන්ධ වන්නේ. IMDB වෙතින් 7.4ක අගයක් දිනාඇති මේ සජීවීකරණ වීඩියෝව, පැයකුත් මිනිත්තු 40ක පූර්ණ ධාවන කාලයකින් යුත් අතර, අධ්‍යක්ෂණයෙන් දායක වන්නේ පීටර් චුන්, ඇන්ඩෲ ආර් ජෝන්ස්,යොෂිකි කවාහිරි,ටකේෂි කොයිකේ,මහීරෝ මේඩා,කොයිජි මොරිමොටෝ සහ ෂිනිචිරෝ වටනාබේ යන පිරිසයි. එහෙනම් හමුවෙමු The Matrix (1999) චිත්‍රපටයේ උපසිරැසිය සමගින් මීලඟට.

 

 

 

 

Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
3806 වාරයක්
Download Links
720P
DIR
720P
TOR
1080P
TOR
Available Torrents
720p bluray 759.96 MB
GET
1080p bluray 1.45 GB
GET
Discussion (12)
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 76
    2019-08-13

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Reply
    • Kantha_DLA Unregistered
      Windows 10 Chrome 76
      2019-08-15

      Request :

      The Last Black Man in San Francisco (2019)
      Parasite (2019)

  • Madusha Unregistered
    Windows 10 Opera 62
    2019-08-13

    නියමයි සහෝ.බොහොම ස්තූතියි

    Reply
  • kavinda Unregistered
    Windows 7 Chrome 65
    2019-08-13

    නියම විස්තරයක් ලියලා තියෙනවා අනිත් ෆිල්ම් වලටත් සබ් කරන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

    Reply
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4
    2019-08-14

    ලිපිය නම් සුපිරි බ්‍රෝ ඒ වගේම සබ් එකට ගොඩක් ස්තුතියි… 👍👊👊
    ජය වේවා.!!

    Reply
    • dishan kumara User
      Android 10 Chrome 134
      2025-03-26

      මේක ඩවුන්ලෝඩ් කරන්න විදිහක් කියන්නකෝ

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 76
    2019-08-15

    Parasite (2019) – IMDb

    https://www.imdb.com/title/tt6751668/

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Vivaldi 2.6
      2019-08-22

      හොඳ ෆිල්ම් එකක් වගේ, Kantha. ඉදිරියෙදි උපසිරැසි ලබාදෙන්නම්.

  • C_J Unregistered
    Windows 8.1 Chrome 76
    2019-08-21

    ඉල්ලීම පිලි අරගෙන උපසිරැසි ලබා දුන්නාට බොහොම ස්තූතියි හසිත.

    ඇනිමෙට්‍රික්ස් එකටත් එක්ක උපසිරැසි ලබා දීම ඉතා අගය කරනවා.

    ඉතුරු තුනටත් උපසිරැසි ලබා දෙනතුරු බලා ඉන්නවා.

    ඔබට ජය හා සතුට..!!!

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 71
      2020-01-05

      The Matrix (1999) උපසිරැසි පළ කලා, C J.

  • Lukshan Widanapathirana Unregistered
    Windows 10 Chrome 76
    2019-08-26

    The Riot Club (2014) හැකිනම් මෙම චිත්‍රපටයට උපසිරැසි ලබා දෙන්න..
    මෙ කරන සේවයට බොහොම ස්තූතියි…

    Reply
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 85
    2020-10-09

    sub ekata thanks saho

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 197
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 177
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved