The Matrix Reloaded (2003) Sinhala Subtitle

January 05, 2020 Junior Admin
Subtitle by Hasitha Prasad

ආයුබෝවන් සබ්ස් එල් කේ හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ මීට ටික දිනකට පෙර උපසිරැසි ලබාදුන්න The Matrix (1999) චිත්‍රපටයේ දෙවැන්න The Matrix: Reloaded (2003) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මෙයත් (එවකට) Wachowski සහෝදරයන්ගේ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් තමයි නිර්මාණය කරල තියෙන්නෙ. මේක තමයි මුල් චිත්‍රපටයේ සැබෑ අර්ථය හා යම් ඇපැහැදිලි තැන් අපිට පැහැදිලි කරල දෙන චිත්‍රපටය. නමුත් දෙකේ කාල සීමා අතර යම් පරතරයක් තිබෙන නිසා මේ චිත්‍රපටයෙ ආරම්භය යම් තරමකින් පැටලිලි සහගත වෙනවා. ඒ නිසා The Matrix (1999) නරඹපු අය මේ චිත්‍රපටය නරඹන්න කලින් මෙම වෙබ්පිටුවේ ඇති ලිපිය කියවා The Animatrix (2003)හි අදාල කොටස් නරඹා ආවොත් වඩාත් හොඳයි. එම ලිපියේ මම සඳහන් කරල තියනව Animatrix (2003) හි කෙටි වීඩියෝ නමය සමගින් Matrix චිත්‍රපට පෙළ නැරඹිය යුතු නිවැරදි අනුපිලිවෙල සහ නැරඹීමේදී වැදගත් විය හැකි යම් කරුණු. හරි එහෙනම් දැන් අපි යමු චිත්‍රපටය පැත්තට.. The Matrix (1999) හා Animatrix (2003) හි අදාල කොටස් නරඹපු නැති අය මෙතනින් එහාට ලිපිය කියවීම රසවින්දනයට බාධාවක් විය හැකියි.

මෙය ලබා ඇති IMDB අගය 7.2ක්, Rotten Tomatoes අගය 73%ක්, මෙටාක්‍රිටික් අගය 62%ක්, ගූගල් පරිශීලක ප්‍රසාදය 88%ක්. ඊට අමතරව සම්මාන 41කට නිර්දේශව එයින් 8ක් දිනාගෙන තිබෙනවා.

ඔබට මතක ඇති මුල් චිත්‍රපටය අවසන් වෙන්නෙ අනාවැකිකාරිය විසින් පැවසූයේයැයි කියන, මෝෆියස් විසින් තම දිවි දෙවැනි කොට විශ්වාස කරන ඉරණම්කරුගේ ( එනම් නියෝගේ) ආගමනය පිලිබඳ අනාවැකිය සත්‍යයක් යැයි අපිට පෙන්නුම් කරමින්. නියෝජිත ස්මිත් ඇතුළු නියෝජිතයන් දෙදෙනාත් නියෝත් අතර අවසන් සටනේදී අපි දකිනවා නියෝ තමන්ගේ වටපිටාව කෝඩින් එකක් විදියට දකින්න පටන්ගන්නවා. අනාවැකිකාරියගේ නිවසේදී කුඩා දරුවා හැන්ද උපමාවට ගෙන ඔහුට පවසන යථාර්ථය හදවතින්ම වටහාගත් සැනින් ඔහු ස්මිත් හා බොහෝ පහසුවෙන් සටන් කර ඔහුව කැබලි කර දමනවා අපිට දකින්නට ලැබුණා.එතනින් එහාට ඔහුගේ ඉදිරි අරමුණ මොකද්ද කියන එක අපිට වැටහෙනවා ඔහු දුරකථනයෙන් කතාකරන අවසන් දර්ශනයේ දෙබස්වලින්….

එයින් මාස හයකට පසුවයි The Matrix:Reloaded චිත්‍රපටයෙ කතාව ආරම්භ වෙන්නෙ. ඔබ The Animatrix(2003)හි Kid’s story කෙටි වීඩියෝව නරඹන්නට ඇති කියල මම හිතනවා. එය මේ චිත්‍රපටයට ඉතාම වැදගත් වෙනවා (නමින් නොකීවත්) එහි එන මයිකල් කාල් පොපර් චරිතය මෙහි අපිට දකින්නට ලැබීම නිසා. ඔහු හා නියෝ කරන කතාබහෙන් ඔබට තේරුම්ගන්නට පුළුවන් වෙයි සම්බන්ධය. ඊලඟට Animatrixහිම එන Final Fight In Osiris කෙටි වීඩියෝව. මෙය අතිශය වැදගත් Matrix :Reloaded වලට නිවැරදිව ප්‍රවේශ වෙන්න. හේතු තිබෙනවා දෙකක්.

එක : The Matrix හා The Matrix: Reloaded අතර ඇති අපි නොදකින මාස හයක කාලය.

දෙක: අපිට Matrix (1999) තුලදී පෘතුවි මධ්‍යයේ තිබෙන සයෝන් නගරය ගැන කිව්වට, අපි දන්න තරමට සයෝන් නගරයේ යානා දෙකයි තියෙන්නෙ මෝෆියස්ගෙ නායකත්වයෙන් යුත් නෙබුකැනසර් ඇතුළුව, නමුත් Final Fight In Osiris කෙටි වීඩියෝව තුල අපිට පෙන්වනවා ඔසයිරිස් නම් සයෝන් නගරයට අයත් තවත් යානයක්. එහි පෙන්වන්නේ එම කාර්ය මණ්ඩලයට මුහුණ දීමට සිදුවෙන සිදුවීම් පෙලක් වන අතර ඔවුන් මෝෆියස්ගේ නෙබුකැනසර් යානයට එවන පණිවිඩයකිනුයි The Matrix :Reloaded ආරම්භ වෙන්නෙ.

කොහොමහරි මුල් චිත්‍රපටයේ නියෝජිත ස්මිත් මෙට්‍රික්සයේ අතීතය ගැන මෝෆිස්ට කියන කතාව ඔබට හොඳින්ම මෙහිදී වටහාගන්න පුළුවන් වගේම Reloded නමට හේතුවත් දැනගන්න පුළුවන් අවසානයේදී. කෙසේවෙතත් මුල් චිත්‍රපටයෙන් පසු අපි සිතාසිටින බොහෝ දේ කණපිට හැරවෙනවා The Matrix: Reloaded චිත්‍රපටය තුලින්. එහෙනම් එතනින් එහාට නරඹන ඔබට බාරයි, ගිහින් එන්නම්. මෙහි අනවශ්‍ය ලෙස ගැඹුරු කල දෙබස් මට හැකි තරමට සරල කරන්න උත්සාහ කලා, සාර්ථක අසාර්ථකත්වය තීරණය කිරීම ඔබ සතුයි. The Matrix : Revolutions (2003) චිත්‍රපටයේ උපසිරැසිත් හැකි ඉක්මනින් ලබා දෙන්නම්.

Download Links
720P
TOR
1080P
TOR
Available Torrents
720p bluray 751.51 MB
1080p bluray 1.85 GB
2160p bluray 6.78 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (13)
  • shean Unregistered
    Windows 10 Chrome 79

    patta machoo .thanks

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. The Matrix: Revolutions (2003) එකටත් ඉක්මනට සබ් එක ගේමු 👊👊..
    ජය වේවා.!

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

  • supun praneeth abeysekara Unregistered
    Android 9 Chrome 78

    Bro…kiyapu widigatma dunna ne…elama thanks…aniwa soon as u can anith ekath balaporattu wenwa…❤️❤️❤️❤️

    • supun praneeth abeysekara Unregistered
      Android 9 Chrome 78

      Revolution ekath one ikmnatama…pluwan tharam ikmnta denna…sub eka lesatama gelapenwa wagema sampurna niweradi.e nisa film eka therum ganna pluwan.mokada me film eke architecture ge pehedili kireema,orclege dialog ehema english wala patta amarui therum ganna..ewa pehediliwa bara karala sinhalen nokiya simple sinhalen thynwa…ikmntama revolution one…mekatath oya tikk withra parakku una sub eka upld krnna…😉.ikmnatma anith ekath one.reloaded beluwta passe revolution eka blnna ena asawa wedi…sub eka denkm blnnath bene..😁…

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 79

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  • Madusha Unregistered
    Windows 10 Opera 65

    නියමයි සහෝ.බොහොම ස්තූතියි සබ් එකට

  • mithun Unregistered
    Android 8 Chrome 78

    Thanks you …
    🌟🌟🌟🌟🌟
    Excellent !!

  • kavinda Unregistered
    Windows 7 Chrome 69

    බොහොම ස්තුතියි මේ ෆිල්ම් සෙට් එක කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ෆිල්ම් සෙට් එකක් .

  • Eranga Unregistered
    Android 6 Chrome 81

    Thanks for the sub……

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 85

    sub ekata thanks saho

  • Pasindu Unregistered
    Windows 10 Edge 92

    subs download wen nane

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 91

      ඩවුන්ලෝඩ් වෙනවා, මේ දැන් චෙක් කලා. වෙන බ්‍රවුසර් එකකින් වගේ ට්‍රයි කරල බලන්න.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search