Trending

The Net (1995) Sinhala Subtitle

යාළුවෝ ඔක්කොටෝම සුබ දවසක්. Subz LK වෙනුවෙන් මාගේ ප්‍රථම සිංහල උපසිරැසිය රැගෙනයි අද මම එන්නේ. Subz LK සමග එක් වීමට ගැන මට ගොඩක් සතුටුයි.යම් යම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඉතිං ඔබගේ යෝජනා චෝදනා ඕනම දෙයක් මම බලාපොරොත්තු වෙනවා. ඉදිරියටත් මාගේ සිංහල උපසිරැසි ඔබ වෙත ලබා දීමට මා හැකි උපරිමයෙන් කටයුතු කරනවා. හරි!! කථාව ගැන යමක් පැහැදිලි කරන්නම්…

මදක් පැරණි චිත්‍රපටයක් වුණත් මෙහි කියැවෙන කථාව අද කාලයටත් ඉතාම උචිතයි කියල කිව යුතුමයි. හැමදාම ගහමරාගන්න, වෙඩිතියාගන්න චිත්‍රපට බලන එකේ පැය කීපයක් වැය  කරල මේ චිත්‍රපටය නරඹන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලන්නේ මෙය මිනිසාට බොහොම ප්‍රයෝජනවත් වන පරිගණක තාක්ෂණය යොදා ගනිමින් සිදුකරන අපරාධ සහ ඒවාට හසුවන පුද්ගලයින්ට සිදුවන හානි සම්බන්ධව ඔබට දැනුවත් බාවයක් ලබා දෙන උපදේශාත්මක චිත්‍රපටයක් නිසයි. ඉතිං වර්තමානයේදීත් අපිට විශාල වශයෙන් මෙවැනි මෙවැනි සයිබර් ක්‍රයිම්ස් සම්බන්ධ කාරණා අහන්න දකින්න පුළුවන්. ඔබ මේ Subz LK වෙබ් අඩවියට එන්නෙත් ඉහත කී පරිගණක තාක්ෂණයේ පිහිටෙන්. ඒ නිසා බොහොම කාලෝචිත මාතෘකාවක් යටතේ තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම මෙහි කථාව සම්පූර්ණයෙන්ම නරඹන්න. ස්කිප් කර කර බලන්න එපා. ඇත්තටම චිත්‍රපට නරඹන අය කරන වැරැදි දෙයක් මේක. මේකෙන් චිත්‍රපටයේ තේරුමට අදාල සියුම් තැන් ඔබට ගිලිහෙන්න පුළුවන්. මෙන්න චිත්‍රපටය THE NET (1995). මම මේකට සිංහල නමක් දෙනවා “මගේ ගැලවුම්කරුවා මමමය” කියල. කෙනෙක් ජීවිතේ ලබන දැනුම, උගත්කම හා අත්දැකීම් ඔහු හෝ ඇයව බොහොමයක් කරදර වලින් මිදෙන්න උදවු වෙනවා. ඒ නම කොයිතරම් ගැලපෙනවාද කියලා ඔබට චිත්‍රපටය බැලුවාම තේරෙයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ප්‍රසිද්ධ නිළි සැන්ඩ්‍රා බුලොක් විසින් රග දක්වනවා.

මේකයි කථාව. මම කෙටියෙන් කියන්නම්. ඇන්ජලා බෙනට් කියන්නේ අතිදක්ෂ පරිගණක ක්‍රමලේඛන ශිල්පිනියක්. ඇය කැතීඩ්‍රැල් කියන මෘදුකාංග සමාගමට නිවසේ සිට ඔන්ලයින් ක්‍රමයට මෘදුකාංග විශ්ලේෂකවරියක් ලෙස සේවය කරනවා. ඇගේ මුළු ජීවිතයම ගෙවන්නේ පරිගණකය සමගයි. ඇය ඇගේ යහළු මිත්‍රාදීන් හා ගනුදෙනු කරන්නේද ඔන්ලයින් ක්‍රමයටයි. මේ බොහොමයක් අය ඇයට සැබෑවට මුණගැහිලත් නෑ. ඉතිං ඇන්ජිලා මේ අයත් එක්ක එකතුවෙලා ගේට්කීපර් නමින් පරිගණක ආරක්ෂණ පද්ධති වැඩසටහනක් නිර්මාණය කරනවා. ඊට පස්සේ හිටිහැටියේම මෙම පද්ධතියට පරිගණක වෛරස් ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒක වෙන්නේ ඇය මෙක්සිකෝවට නිවාඩුවක් ගතකරන්න සූදානම් වන අතරතුරයි.

මෙක්සිකෝවෙදි ඇයට ජැක් ඩෙව්ලින් කියල තරුණයෙක් මුණගැහෙනවා. දෙන්නා ආදරය කරන්න ගන්නවා. කාලය ගෙවෙනවා. ඒත් ජැක්ට ඕන වුනේ වෙන දෙයක්.හිටිහැටියේම ජැක් දවසක් ඇන්ජිලාව මරන්න උත්සාහ කරනවා. ඇය කොහොමහරි එයාගෙන් ගැලවෙනවා. එත් සිදුවුණ අනතුරකින් ඇය සිහිසුන් වෙනවා. රෝහලේදී සිහිය ලැබුණාට පස්සෙයි හොදම හරිය පටන් ගන්නේ. ඇගේ හැදුනුම්පත නැතිවෙලා, ඇගේ අනන්‍යතාවය දැන් ඇයට ඔප්පුකරගන්න විදිහක් නෑ. ඇගේ බැංකු කාඩ්පත් සියල්ල හිටිහැටියේ කල් ඉකුත් වෙලා. ඇගේ සමාජජාල ආරක්ෂක කේතයට අපරාධ රැසකට සම්බන්ධ කෙනෙකුගේ තොරතුරු ඇතුලත් කරලා ඇයව අපරාධකාරියක් ලෙස පරගණක ගතකරලා. ඇයගේ සියළු පිවිසුම් කේත අක්‍රීය කරලා. ඇයට දැන් උදවු කරන්න කෙනෙක් නෑ. ඇත්තටම මොකක්ද සිද්ධ වුනේ? කවුද මේ ඇන්ජිලාව මරන්න හදපු ජැක් ඩෙව්ලින්? එයාට මොනාද ඇයගෙන් අවශ්‍ය? ඇන්ජිලා කොහොමද මේ දේට මුහුණ දෙන්නේ? ඇය ඇගේ අනන්‍යතාවය කෙසේ ඔප්පු කරයිද? මේ ටික දැනගන්න චිත්‍රපටය බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා…

Spoiler Warning : Computer programmer Angela Bennett (Sandra Bullock) starts a new freelance gig and, strangely, all her colleagues start dying. Does it have something to do with the mysterious disc she was given? Her suspicions are raised when, during a trip to Mexico, she’s seduced by a handsome stranger (Jeremy Northam) intent on locating the same disc. Soon Angela is tangled up in a far-reaching conspiracy that leads to her identity being erased. Can she stop the same thing from happening to her life?…

Isuru Dananjaya
Isuru Dananjaya Translator
15 Movies
22 TV Series
37 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 863.20 MB x264
▲7 · ▼0
Magnet GET
1080p bluray 1.84 GB x264
▲40 · ▼2
Magnet GET
Discussion (7)
  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 55

    නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

  • Manoj Sachintha Senior Subtitler
    Android 4.1 Chrome 28

    තැන්ක්ස් මචෝ සබට
    පලමු උපසිරසියට හදවතින්ම සුබ පතනවා
    ඉස්සරහට දිගටම සබ් දෙමු කොල්ලෝ…..
    ජය වේවා!

  • ලක්ෂිත වික්‍රමරත්න Executive Subtitler
    Windows 10 Chrome 55

    ස්තූතියි උපසිරැසියට. දිගටම දෙමු. ජය!!!

  • Pasiyaa ✔ Unregistered
    Android 5.1 Chrome 50

    Niyamai sahoo..
    Idiriyatama karan yamu.

  • Iphone Unregistered
    Windows 10 Firefox 50

    නියමයි මචෝ.
    පලමු වැඩේට සුබ පැතුම්.
    දිගටම වැඩේ කරගෙන යමු.
    සුපිරි කතාවක්නේ.. අනිවා බානවා.
    ජය..

  • Obama_SL Unregistered
    Windows 7 Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    අලුත් චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  • sm sriyantha Unregistered
    Android 4.4 Samsung Browser 1.5

    Thank bro god job

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search