Subz.lk
  • Home
  • Movies
    • View All
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Adventure The Boroughs (2026–) [S01 : E01] Sinhala Subtitle Genres Mardaani 3 (2026) Sinhala Subtitle BASQUE Movies Errementari (2017) Sinhala Subtitle BASQUE Movies Gaua (2025) Sinhala Subtitle Action Spider-Man: Far from Home (2019) Sinhala Subtitle Action War 2 (2025) Sinhala Subtitle English Movies Lee Cronin’s the Mummy (2026) Sinhala Subtitle Drama Kalevala: The Story of Kullervo (2026) Sinhala Subtitle Action Tom Clancy’s Jack Ryan: Ghost War (2026–)Sinhala Subtitle Action Dhurandhar The Revenge (2026) Sinhala Subtitle Adventure The Boroughs (2026–) [S01 : E01] Sinhala Subtitle Genres Mardaani 3 (2026) Sinhala Subtitle BASQUE Movies Errementari (2017) Sinhala Subtitle BASQUE Movies Gaua (2025) Sinhala Subtitle Action Spider-Man: Far from Home (2019) Sinhala Subtitle Action War 2 (2025) Sinhala Subtitle English Movies Lee Cronin’s the Mummy (2026) Sinhala Subtitle Drama Kalevala: The Story of Kullervo (2026) Sinhala Subtitle Action Tom Clancy’s Jack Ryan: Ghost War (2026–)Sinhala Subtitle Action Dhurandhar The Revenge (2026) Sinhala Subtitle
  1. Movies
  2. Action
  3. The Rover (2014) Sinhala Subtitle

The Rover (2014) Sinhala Subtitle

April 20, 2021 Inuka Wijerathna | New Subtitler
IMDB RATING 6.4
GENRES
ActionCrimeDramaEnglish MoviesGenresMoviesSci-Fi
CAST

Guy Pearce,Robert Pattinson,Scoot McNairy,David Field

හේතුව...

ආයුබෝවන්!

ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභම සුභ වේවා! කියන ගමන්ම ඔන්න තවත් උපසිරැසියක් ගෙනාවා. වෙනදා වගේම අදත් මේ උපසිරැසිය සම්බන්ධයෙන් කරපු උදව්වලට හසිත ප්‍රසාද් සහෝදරයට ස්තූතියි. මේ ෆිල්ම් එකනං ටිකක් වෙනස්ම විදිහෙ එකක්. ගොඩක් අඳුරු පැත්තකට බර, දරුණු විදිහෙ ෆිල්ම් එකක්. ඒක නිසා හැමෝටම අල්ලල යයිද කියන්න නම් දන්නෙ නෑ. හැබැයි මගේ අදහස නම් මේක බැලිය යුතුම චිත්‍රපටයක්.

චිත්‍රපටය ගැන…

2014 නිකුත් වුණු ක්‍රියාදාම, අපරාධ හා නාට්‍යමය ගණයට අයත් David Michôd විසින් අධ්‍යක්ෂණය කළ මේ ඔස්ට්‍රේලියානු චිත්‍රපටයට IMDB දර්ශකයේ 6.4ක අගයකුත්, Rotten Tomatoesහි 66%ක අගයකුත්, මෙටාක්‍රිටික්හි 64%ක අගයකුත් සහ ගූගල් පරීශීලක ප්‍රසාදය 80%කුත් හිමි වී තිබෙනවා. මෙහි එරික් ලෙස ගයි පියර්ස් (Memento, Alien:Covenant, Brimestone) සහ රේ නම් මානසිකව දුර්වල පුද්ගයලයෙකු ලෙස රොබට් පැටින්සනුත් (TENET, The Lighthouse)  රංගනයෙන් දායක වෙනවා.

ඇත්තටම මං මේ වෙනකන් බලලා තියෙන රොබට් පැටින්සන්ගෙ ෆිල්ම්වලින්, එයාගෙ හොඳම රඟපෑම දැක්කෙ මේකෙන් කියල කියන්න පුලුවන්. ඒවගේම බොහෝමයක් ප්‍රේක්ශකයොත් මේ ෆිල්ම් එකේ පැටින්සන්ගෙ ඇක්ටින් ගැන පුදුමවෙලා තියෙනවා.

කතාව…

මේ චිත්‍රපටයෙ කතාව ගොඩනැගිලා තියෙන්නෙ ලෝක ආර්ථික කඩාවැටීමෙන් වසර 10කට පසු, කාලවකවානුවක් ගැන. දැඩි හුදෙකලා පුද්ගලයෙක් වන එරික් තමන්ගේ කාර් එක හොරකම් කරපු මිනිස්සු තුන්දෙනෙක් පස්සෙන් යෑමක් තමයි මේ මුළු චිත්‍රපටයෙම තියෙන්නෙ. ඒ ලුහුබැඳීම අතරමඟදි එරික්ට හම්බෙනව තමන්ගෙ කාර් එක හොරකම් කරපු මිනිස්සුන්ගෙන් එක් අයෙකුගෙ සහෝදරයා වන, වෙඩිවැදීමකින් තුවාල වුනු “රේ”ව…

ඉතින් මේ රේ ගෙ තියෙන විශේෂත්වය මොකක්ද? එරික් ඇයි මේ විනාශවුනු ලෝකෙ පෙරලගෙන කාර් එකක් හොයන්නෙ? මොකක්ද මේ කාර් එකේ විශේෂත්වෙ? ඇයි එරික් තනියෙම ඉන්නෙ? ඇයි අර තුන්දෙනා මේ රේව දාලා ගියේ? චිත්‍රපටය බලලම දැනගන්න.

චිත්‍රපටය නැරඹීමේදි මේ කරුණු ටික මතක තියාගන්න 

• The Rover– රෝවර් කෙනෙක් කියලා කියන්නෙ ඉබාගාතේ කාලය ගත කරන, තැන තැන රස්තියාදුවෙවී ඇවිද ඇවිද ඉන්න කෙනෙකුට.

ඒ වගේම “සුරතලේට ඇති කරන බල්ලා” කියන්නත් මේ රෝවර් කියන වචනෙ යෙදෙනවා.

• Opium Den– ඔපියම් ඩෙන් එකක් කියල කියන්නෙ අබිං, කන්සා වැනි මත්ද්‍රව්‍ය විකීණීමට හෝ (ඒවා) දුම් බීම සිදුකරන ස්ථානයට. (හරියට නිකං, මත්පැන් විකුණන/භාවිත කරන තැනට “බාර්” එක කියනවා වගේ) චිත්‍රපටයේ එක තැනකදි, එරික් ඔපියම් ඩෙන් එකකට යනවා කාර් එක ගැන විස්තර හොයාගෙන. හැබැයි ඒක ඔපියම් ඩෙන් එකක් කියල චිත්‍රපටයේ කොතනකදිවත් සඳහන් වෙන්නෙ නෑ.

• Motel– මොටෙල් කියන වචනෙ හැදිලා තියෙන්නෙ “හොටෙල්” සහ “මෝටර්” කියන වචන දෙක එකතුවෙලා(මො+ටෙල්) . මොටෙල් එකක් කියල කියන්නෙ කාර් පාර්ක් එකක් එක්කම, පොඩි පොඩි කාමර පේළියක් තියෙන, දීර්ඝ ගමන්වල යෙදෙන ට්‍රක් රථ රියැදුරන් සහ වාහන වලින් ගමන් කරන සංචාරකයින් වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කරපු නවාතැනකට. මේවා හදල තියෙන්නෙ රාත්‍රියක් දෙකක් ගත කිරීමට නිසා මේවගෙ හොටෙල්වල තරම් ලොකු පහසුකම් නෑ.

• Thermionic Valves – මේකට සිංහල වචනයක් කියල මට හම්බුණේ නම් “තමයන කපාටය”. කොහොමහරි මේ Thermionic Valves කියන්නෙ පැරණි ගුවන්විදුලි යන්ත්‍ර, රූපවාහිනී යන්ත්‍රවල පාවිච්චි කරපු රික්තක නළ වලට.(මුල්ම කාලෙ පරිඝනකවල පාවිච්චි කරපු රික්තක නළ (Vacuum Tubes) වගේ)

• .38 සහ 9mm– චිත්‍රපටයේදි “9mmයෙ ඒවා” සහ “.38 ඒවා” කියල හඳුන්වන්නේ, පිස්තෝල වලට භාවිත කරන උණ්ඩ සහ රිවෝල්වර් වලට භාවිත කරන උණ්ඩයි.

• Pretty Girl Rock ගීතය සහිත කොටස– අධයක්ෂකවරයා විසින් මේ චිත්‍රපටයේ, රේ Pretty Girl Rock ගීතයට සවන්දෙමින්, ගායනා කරන දර්ශනය එක්කර ඇත්තේ, රේ ශිෂ්ඨසම්පන්න, සාමාන්‍ය සමාජයක ජීවත්වුණා නම්, පොප් සංගීතයට සවන්දෙමින් කුඩා ළමයෙකු මෙන් හැසිරෙනු ඇති බව ප්‍රේක්ෂකයාට මතක් කර දීමටයි.

 

මේ චිත්‍රපටයේ සංකේතාත්මක අදහස් දෙන තැන් කීපයක්ම තිබුණත්, කතාව ස්පොයිල් වෙන නිසා, මං ඒවා හැම එකක්ම පැහැදිලිකරන්නෙ නෑ.

 

ඒ වගේම මේකෙ අසභ්‍ය වචන ගොඩක් තියෙනවා. ඒවා උපසිරැසියෙන් අයින් කළොත් චිත්‍රපටයේ රසවින්දනයට ලොකු හානියක් වෙයි කියල මට හිතුනු නිසා, ඒ වචනත් “*” ලකුණු සහිතව උපසිරැසියට යොදාගත්තා.

අවසාන වශයෙන් උපසිරැසිය පල කිරීමට අවස්ථාව ලබාදුන් Subz.lk වෙබ් අඩවියටත්, මට ලොකු සහයෝගයක් ලබාදුන් හසිත ප්‍රසාද් සහෝදරයටත් බොහොම ස්තූතියි. එහෙනම් උපසිරැසියේ අඩුපාඩු සහ චිත්‍රපටය ගැන අදහසකුත් කමෙන්ට් කරන්න කියල ඉල්ලීමක් කරන ගමන්, සමුගන්නම්.

ජය වේවා!

Inuka Wijerathna
Inuka Wijerathna Translator
4 Movies
0 TV Series
4 Total
SubzLK වෙනුවෙන් Inuka Wijerathna කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
2511 වාරයක්
Download Links
720P
810 MB TOR
1080P
1.65 GB TOR
Available Torrents
720p bluray 810.85 MB
GET
1080p bluray 1.65 GB
GET
Discussion (8)
  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81
    2021-04-20

    තෑන්ක්ස් සබ් එකට

    Reply
    • Inuka Wijerathna New Subtitler
      Windows 10 Chrome 89
      2021-04-20

      ඔයාටත් ස්තූති‍යි කමෙන්ට් කළාට.

  • shean Unregistered
    Windows 10 Chrome 90
    2021-04-20

    තෑන්ක්ස් සබ් එකට

    Reply
    • Inuka Wijerathna New Subtitler
      Windows 10 Chrome 89
      2021-04-20

      ස්තූති‍යි කමෙන්ට් කළාට.

  • Chanuka Nimesh Unregistered
    Windows 10 Chrome 89
    2021-04-22

    mahansiyata godak ස්තූතියි bro. puluwnm mekata sub ekek hadanna predator wge ekak ” The Lost Tribe (2009) “

    Reply
    • Inuka Wijerathna New Subtitler
      Windows 10 Chrome 89
      2021-04-22

      පොරොන්දු වෙන්නනම් බෑ, ඉදිරියෙදි උත්සහ කරන්නම්.
      ස්තූතියි කමෙන්ට් කළාට.

  • Geeth Unregistered
    Android 11 UC Browser Turbo 1.1
    2021-04-23

    Thanks machn❤❤
    Extract wenne sub file eka poddk balnawda

    Reply
    • Inuka Wijerathna New Subtitler
      Windows 10 Chrome 89
      2021-04-23

      මං දැනුත් ඩවුන්ලෝඩ් කරල බැලුවා. Extract වෙනවනෙ.
      7zip සොෆ්ට්වෙයා එක පාවිච්චි කරල බලන්නකො.

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 401
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 177
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved