The Virtuoso (2021) Sinhala Subtitle

May 13, 2021 Junior Admin
Subtitle by Hasitha Prasad
සෙමින් ලඟාවූ මරණය

ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මගේ 400වන උපසිරැසිය විදියට මේ අරගෙන එන්නෙ පසුගිය දිනවල බොහෝදෙනෙක්ගෙන් ලැබුණ ඉල්ලීමක් වුණ The Virtuoso(2021) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. චිත්‍රපටය දෙසට යන්නට පෙර අඩවියට ගොඩවදින, අපිට මෙතෙක් කලක් ධෛර්යයක් ශක්තියක් වූ සියලු දෙනාටමත්, අඩවියේ බරින් වැඩි ප්‍රමාණයක් තම උර මත තබාගෙන යන දමිත් ප්‍රියංකර සහෝදරයාවත්, අඩවියේ උපසිරැසි එකතුවට දායකත්වය දක්වන අපගේ උපසිරැසිකරුවන්, කාරිණියන් සියලුම දෙනාටත් හදපිරි ස්තූතිය පල කර සිටින්න කැමතියි මම.

ඔබට ස්තූතියි නැවතත්. දැන් අපි යමු උපසිරැසිය දෙසට…

_________________________________________________

මුලින්ම කියන්න ඕනෙ මේ චිත්‍රපටය යම් විදියක ප්‍රේක්ෂක විචාරක විවේචනවලට බඳුන්වූ එකක් යම් ආකාරයක අසාර්ථක, B ශ්‍රේණියේ චිත්‍රපටයක් ලෙසට. නමුත් මෙය නැරඹූ පසු මා දුටු දෙයක් තමයි මෙහි ඇති මන්දගාමී ස්වභාවය හා යම් ගුප්ත භාෂා විලාශය නිසාදෝ බොහෝ අය මෙය නිවැරදිව රස විඳ නැති බව. මගේ පෞද්ගලික මතයනම් මෙය ලැබී ඇතිවාට වඩා අගයක් ලැබිය යුතු චිත්‍රපටයක්. එසේම බොහොම නිදහස් මනසකින් නැරඹිය යුතු චිත්‍රපටයක්. නරඹන අය බලන්න මම කියන දේ හරිද කියල.

ජේම්ස් වුල්ෆ්ගේ හා නික් ස්ටැග්ලියානෝගේ රචනයෙන් නික් ස්ටැග්ලියානෝගේම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මෙම චිත්‍රපටය මේ වනවිට IMDb වෙතින් 4.9ක අගයකුත්, Rotten Tomatoes වෙතින් 18%ක අගයකුත්, මෙටාක්‍රිටික් වෙතින් 24%ක අගයකුත් ලබා තිබෙනවා. රංගනයෙන් දායක වන්නේ ඇන්සන් මවුන්ට් ( වෘතියේ නිපුණයා),ඇබී කෝනිෂ් (වේටර්වරිය), ඇන්තනි හොප්කින්ස් (උපදේශක), ඩේවිඩ් මෝස් ( ෂෙරිෆ් නිලධාරී), එඩී මාසන් ( තනි මිනිසා), රිචඩ් බ්‍රේක් ( කඩවසම් ජොනී) ඇතුළු පිරිසක්.

ඒතරම් ජන ගැවසීමක් නොමැති, නිදිගත් නගරයකට අනතුර, රැවටීම හා මිනීමැරුම් රැසක් ඇදහැලෙනවා තම අද්භූත හාම්පුතාගෙන් තමන්ට ලැබෙන නව කොන්ත්‍රාත්තුවකට අනුව මේ නගරයට එන වෘතීයමය ඝාතකයෙක් නිසා. එහෙත් වැඩිවේලාවක් යන්නට මත්තෙන් ඔහු තේරුම් ගන්නවා මෙවර ලැබෙන කොන්ත්‍රාත්තුව තමන් සිතූ තරම් පහසු එකක් නොවෙන බව.. එයින් එහාට නරඹන ඔබට බාරයි. හමුවෙමු තවත් උපසිරැසියකින්.

ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා වේ.

Available Torrents
720p bluray 1007.11 MB
1080p bluray 2.02 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (25)
  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81

    තෑන්ක්ස් සහෝ සබ් එකට හසිත කියන්නේ සුපිරි උපසිරසිකරුවෙක් මම දැකපු… 400වෙනි සබ් එකට සුබ පතනවා සහෝ ඔහොමම 500 දක්වාත් යං :punch:
    පරිස්සමින් ඉන්න ❤

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 88

      බොහොම ස්තූතියි, සුපුන් :slight_smile:

  • K.A Raveen Expert Subtitler
    iOS 14.4 Chrome 83

    මුලින්ම 400ට සුභ පැතුම් හසිත අයියේ. 400ක්. අම්මෝ:fire::fire::fire: ඔය ඉතින් සබ් පිස්සුව ඉහ මුදුනටම වැදුනු අය තමා. ලංකාවෙන්ම 400ක් සබ් ගහපු කිහිප දෙනයි ඉන්නෙත් මන් දන්න තරමට. කොහොමත් සබ් ක්ෂේත්‍රයේ නම් අයියා වැඩ්ඩෙක්. උපසිරැසියක් බලපු ඕනි කෙනෙක් ඒක දන්නවා. ඉතින්, ඊළඟ කඩඉම් වලිනුත් හම්බවෙමු අයියේ. ජය…

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 88

      :slight_smile:❤බොහොම ස්තූතියි, රවීන්

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 90

    400 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 88

      බොහොම ස්තූතියි, Kantha DLA :slight_smile:❤

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 90

    මුලින්ම කියන්න ඕනේ 400 වෙනි උපසිරසි නිර්මාණයට සුබ පැතුම් කියලා. කොටින්ම කිව්වොත් මේ සයිට් එකේ ලොකුම හයිය. හැමදාම වගේ ෆිල්ම් සීරිස් ගැන හොඳ ලිපියක් එකක්ම දේවල් දාන නිසා දන්නා නොදන්නා ගොඩක් දේවල් ඔයාගේ ලිපියෙන් පවා අපි සෑහෙන්න ඉගෙන ගත්තා. ලංකාවේම මේ කඩයිම පහු කරපු අය ඉන්නේ අතලොස්සයි, ඉතින් ඒක ගැන අපේ අඩවියට ඔබ වගේ කෙනෙක් ඉන්න එක ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා. ඉතින් අයියේ මෙතනනින් නොනැවතී 500 ට ගිහින් 1000 ටත් යමු කියලා ආදරයෙන් ආරාධනා කරනවා. ඒ වගේම යෝයගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලා පතනවා.

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 88

      බොහොම ස්තූතියි, සහන් ❤:slight_smile:

  • අසංක Unregistered
    Windows 10 Chrome 90

    400 වෙනි උපසිරැසියට උණුසුම් සුභපැතුම්!
    Stowaway (2021)
    Oxygen (2021)
    Great White (2021)
    Those Who Wish Me Dead (2021)
    හැකිනම් මෙම චිත්‍රපට පෙළට උපසිරැසි ලබා දෙන මෙන් සබ්ස් එල් කේ සහෝදර කණ්ඩායමෙන්ම ඉල්ලා සිටිනවා.! ජය!!

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 88

      බොහොම ස්තූතියි, අසංක :slight_smile:❤. Those Who Wish Me Dead එකට සබ් කරන්න හිතාගෙන ඉන්නෙ.

    • අසංක Unregistered
      Windows 10 Chrome 90

      නියමයි නියමයි! හසිතගෙ සබ් එකක් නම් ඉතින් ආයෙ අනිවා බලනව තමයි!

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 90

      හසිත වෙනුවෙන් Great White (2021) ට සබ් මම දෙන්නම්.

    • අසංක Unregistered
      Windows 10 Chrome 90

      බොහොම ස්තූතියි රසික සහෝ!! කියන්න වචන නෑ පට්ට සතුටක් තියෙන්නෙ!

  • Rasika Samanjith Admin
    Windows 7 Chrome 90

    400 කඩඉමට උණුසුම්ම සුබ පැතුම්, හසිත. 400 කියන්නෙ පොඩි ගාණක්ද? ඇහෙනකොටත් ඇඟ හිරි වැටෙනව. මොකද සබ් එකක් හදන්න කන කට්ට අපි දන්න නිසා. දෙසීය තුන්සිය ගණන්, හාරසිය ගණන් සබ් කරපු අය අපි දැකල තියෙනවා. හැබැයි ඒවල කොලිටිය ගැන බුද්ධිමත් පාඨකයා දන්නවා. ඒ අයව රවට්ටන්න බෑ. අපි එදා ඉඳලම දන්න දෙයක් තමයි හසිතගෙ සබක් කිව්වොත් බඩුම තමයි. මන් පාඨකයෙක් හැටියට කියන්නේ… ගුණාත්මකභාවය පැත්තෙන් හසිතට කිට්ටුවෙන්න කාටවත් බෑ. කසිකබල් සිංහල සබ් වැහි වහින යුගයක ඔබ වැනි අය සිටීම පාඨක අප සැමගේ වාසනාවක්. සිංහල උපසිරැසිකරණයේ ලෙජන්ඩ්… ඔබට අපේ උත්තමාචාරය!

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 88

      බොහොම ස්තූතියි, රසික ❤:slight_smile:

  • Suresh Unregistered
    Windows 10 Chrome 90

    Dear Hasitha,
    Congratulations Brother !!!!
    Subs 400k. Eka loku wadak. sub ekak hadanna wena mahansiya, ekata
    yana welawa baluwama 400k denna oya karapu kapakireemata mage
    Aacharaya…
    podi request ekak…
    ‘Miss Sloane (2016) film ekatath sub ekak hadanna.(IMDB 7.5)

    Thank You very much.
    Stay safe

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 88

      බොහොම ස්තූතියි, සුරේෂ්. :slight_smile:❤ Miss Sloane මං බලල නෑ තාම. ස්තූතියි දැනුවත් කලාට. උපසිරැසි දෙන්න උත්සාහ කරන්නම්.

  • Inuka Wijerathna New Subtitler
    Windows 10 Chrome 90

    400ට සුභ පැතුම් සහ බොහොම ස්තූතියි!
    මං දැකල තියෙන හොඳම උපසිරැසිකරුවා ඔයා. ඊට වඩා කියන්න දෙයක් මතක්වෙන්නෙ නෑ. මට උපසිරැසි කරන්න ආසාවක් ආවෙත් ඔයා නිසා!
    ජයවේවා!
    ❤❤❤

    මේ වෙලාවෙදිම මේකත් කියන්නම්. මොනා වුණත් මේ චිත්‍රපටි ටිකට ඔයාගෙන් උපසිරැසි ඕනිමයි, ඔන්න රිලීස් වෙන්නත් කලින්ම කිව්ව:
    The Batman (2022)
    Matrix 4
    John Wick 4

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 88

      බොහොම ස්තූතියි, ඉනුක :slight_smile:❤

  • Lahiru Sandaruwan Expert Subtitler
    Windows 7 Opera 76

    සුබ පැතුම් අයියේ 400වෙනි උපසිරැසියට. උපසිරැසි 400ක් කරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. එක උපසිරැසියක් කරන්නත් කොච්චර නම් මහන්සි වෙන්න ඕනෙද! ඒ අතින් අයියා කරන මේ සේවය අගයන්නම ඕනේ. මෙවැනි ආකාරයටම ඉදිරි කඩයිම් පසු කරන්නත් ශක්තිය, ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි!

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 88

      බොහොම ස්තූතියි, ළහිරු ❤:slight_smile:

  • Madusha Unregistered
    Windows 10 Opera 75

    400 වෙනි උපසිරැසියට සූබ පැතුම් හසිත සහෝ.බොහොම ස්තූතියි.ජය…!

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 88

      බොහොම ස්තූතියි, මධූෂ :slight_smile:❤

  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 7 Chrome 90

    සබ් 400 ක් ..එක ලේසි පහසු වැඩක් නෙවෙයි ..අනික හසිත ගොඩාක් ජනප්‍රිය වුනේ ..මිනිසුන් නොදකින පැත්තක තියෙන කතා .චිත්‍රපට නිතරම ගෙන නිසා

    400 වෙනි උපසිරැසිට මාගෙන් උණුසුම් සුබ පැතුම් !!!

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Firefox 88

      :slight_smile::slight_smile:බොහොම ස්තූතියි, දමිත් ❤. සම්පූර්ණ ගෞරවය යන්නෙ ඕනෙ ඔයාටයි දමිත්. ඔයා හදපු පාරෙ යන කෙනෙක් විතරයි මම.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search