Three Billboards Outside Ebbing, Missouri (2017) Sinhala Subtitle
ඇමරිකාවේ මිසුරි ප්‍රාන්තයේ දුර ඈත එබින් නම් කුඩා නගරයක්…
එහි කිසිවෙකුගේ නෙත නොගැටෙන මාවතක ඇති වසර ගණනාවකින් අලුත් දැන්වීමක පහස නොලද දැවැන්ත දැන්වීම් පුවරු තුනක්.. එක් දවසක කාන්තාවක් මේ දැන්වීම් පුවරු කුලියට ලබාගන්නවා දැන්වීමක් පළකිරීම සඳහා…කිසිවෙකුගේ නෙත නොගැටෙන තැනක දැන්වීමක් පළකරන්න ඇයට ඇති හේතුව මොකද්ද ? මොකද්ද ඇයට එයින් ඇති ප්‍රයෝජනය? ඒක සත් මසකට එපිටදී වූ කණගාටුදායක සිදුවීමකට සාධාරණය පතන එක් කටසැර මවකගේ අහිංසක උත්සාහයක්…… එතනින් එහා සියල්ල ඔබට බාරයි….
මේ තමයි පසුගිය වසරේ නිකුත්වූ Three Billboards Outside Ebbin:Missouri (2017) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. නාට්‍යමය,විකට,අපරාධ යන තුන්ඝණයට අයත් Imdb වෙතින්(මේ වනවිට) 8.4ක තරම් දැවැන්ත අගයක් ලබා, Rotten Tomatos වෙතින් 93%ක අගයක් සහ ගූගල් පරිශීලකයන් 83%කගේ ප්‍රසාදයත් දිනාගත් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ රචනය Martin McDonaghගෙන්. ඒ විතරක් නෙමෙයි සම්මාන 137කට නිර්දේශ වී සම්මාන 57ක් ජයගෙන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 6කටත් නිර්දේශවී තිබෙන චිත්‍රපටයක් මෙය. රංගනයෙන් දායක වෙන්නෙ Frances McDormand ( මිල්ඩ්‍රඩ් හේයස්), Woody Harrelson ( විලියම් බිල් විලබි), Sam Rockwell ( ඩික්සන්), Caleb Landry Jones (රතූ විල්බි) වගේ නළු නිළි පිරිසක්.
ඒ වගේම, මේක අධ්‍යක්ෂක Martin McDonaghගේ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය, Collin Farrel ව චරිතයකට භාවිතා නොකල. ඔහුගේ In Bruges (2008) සහ Seven Psycopaths (2012) යන චිත්‍රපට දෙකටම Collin Farrel සම්බන්ධ වී තිබෙනවා.ඒ වගේම මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයවන මිල්ඩ්‍රඩ් හේයස්ට පණපොවන Frances McDormandව මේ චරිතයට කැමති කරගන්න අධ්‍යක්ෂකතුමාට දැඩි වෙහෙසක් දරන්න වෙලා තියනවා. අවසානයේදී Frances McDormandගේ සැමියා විසින් “කට වහගෙන ඔන්න ඕක කරනවා” කියල කිව්වට පස්සෙයි ඇය චරිතය බාර අරගෙන තියෙන්නෙ. චිත්‍රපටයේ රූගත කිරීම් කරල තියෙන්නෙ උතුරු කැරොලිනාවේ Sylva කියල කඳුකර නගරයක. ඒ රූගත කිරීම් සියල්ලත් එහි ප්‍රදේශවාසීන් සියලුම දෙනාට නරඹන්නටත් අවස්ථාව ලබාදී තිබෙන අතර, රූගත කිරීම් අතරතුර ලැබෙන කුඩා විවේකයන් පවා රසිකයන් හා ජායාරූප ගනිමින්, ඔවුන්ගේ සමරු අත්සන් ඉල්ලීම් ඉටුකරමින් ගතකල නළුනිළි කැල අතරේ වඩාත්ම ඉල්ලුමක් තිබිල තියෙන්නෙ Woody Harrelsonට. ඔන්න ඔය වගේ රසවත් විස්තර වගයකුත් තියනවා චිත්‍රපටය ගැන. Imdb අඩවිය පැත්තෙ ගියොත් ඒ සියල්ල බලාගන්න පුළුවන්.
සියුම් හාස්‍යයක් සමග එක්කල කණගාටුදායක සිද්ධි පෙලක් තමයි චිත්‍රපටය පුරාවට තියෙන්නෙ. චිත්‍රපටයේ උපසිරැසිය කිරීම මාහට ලබාදුන් කවීෂ සහෝදරයාටත් මගේ හදපිරි ස්තූතිය පළකරන ගමන්ම එහෙනම් මම ගිහින් එන්නම්, නැවතත් දවසක තවත් උපසිරැසියකින් හමුවෙමු.
විශේෂයි :-
ක්‍රිප්ස් සහ බ්ලඩ්ස් ( Crips and Blood ) – මේක 80 දශකයේ ඇමරිකාවේ සිටි අප්‍රිකානු -ඇමරිකානු සම්භවයක් සහිත වීදි කල්ලි දෙකොටසක්. මේ දෙපාර්ශවය අතර නිරන්තර
ගැටුම් ඇතිවී තිබෙනවා. මේ කල්ලි දෙකම 20,000කට අධික සාමාජිකයන් පිරිසකගෙන්
සැදුම්ලත් මත්ද්‍රව්‍ය ජාවාරම් , මංකොල්ලයන් , මිනිස් ඝාතන ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ කල්ලි දෙකක්.
වීඩියෝ පිටපත :-
මේක DVDScreener පිටපතක්. බලන්න පුළුවන් මට්ටමේ හොඳ පිටපතක්. වෝට(ර්)මාක්
කිසිදෙයක් නෑ. ස්ක්‍රීන් ෂොට් ඕන අයට මෙන්න ස්ක්‍රීන්ෂොට් https://imgur.com/gyTK9Ae
මට නම් මේක බර වැඩිද මන්දා ? Billboards කියන නිසා මම හිතුවේ වෙන දෙයක් …හාස්‍ය එකක් නිසා නොබලාම බැහැ …
එහෙම ලොකු බර කතාවක් නෑ, දමිත්. බොහොම පොඩි කතාවක් ලස්සණට හදලා තියනවා. සියුම්ව හාස්‍ය්‍ය මතුකරන ගමන් තැන් කීපෙකදි වචනවලින් ශෝකය දීල තියනවා දැනෙන්නම. මම කිව්වොත් වැඩක් නෑ බලන්නකො.
*Billboards කියල කියනකොට මාත් හිතුවෙ නෑ මේ වගේ කතාවක් කියල.
tnx film ekata
බොහොම ස්තූතියි, උෂාන් 🙂
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..සුපිරි ෆිලුමක් වගේ..බ්ලූරෙ ආපුවාම අප්ඩෙට් එක දෙමු..මොකද මමනම් බලන්නෙ නෑ බ්ලුරේ එනකම්..ඔබට ජය සහෝ..☺️☺️
අනිවාර්යයෙන් අප්ඩේට් එක දෙන්නම් මල්ලි 🙂 බොහොම ස්තූතියි.
එල. ඒත් webdl කොපියක් එනකන් ඉවසන් ඉන්නවා
බොහොම ස්තූතියි, හිරාන් 🙂 අප්ඩේට් එකක් දෙන්නම් ආව ගමන්.
Sthuthi brother sub ekata ….
බොහොම ස්තූතියි, ප්‍රබෝධ 🙂
ලිපියනම් හොදට ලියල තියනව??නියමයි. හම්බවෙලා තියන සම්මාන ගාන බැලුවම නියමෙටම ඇති.?ඇමරිකාවෙ මිසුරි කිවාම මතක් උනෙ fargo වල මිනිසොටා සින්එක.Frances McDormand fargo film එකන ඉන්නව.දැං drama film වලට ලොකුතැනක් තියනව(අපේ රටෙනෙමෙ එහෙ මෙහෙකොහෙද)වගෙ පෙනව එවගෙම මුවිසුත් කියලවැඩක්නැ ඉස්සර නම් ලොකු තැනක් තිබ්බෙ ඇක්ෂන් ෆිල්ම් වලට(තාමත්box office තියන්නෙ එව තමා)එවුනත් ලොකු ඇගඉමක් තියනව(නොමිනිස් සහ සම්මාන ගාන පෙන්නැද්ද).ඔයාට ගොඩාක් ස්තුති නිතරම drama film එකක් ගෙනවට
ආ ඔව්මනේ Fargo එකේ හිටියෙත් Frances McDormand නෙ. අප රටේ කොහෙද ඩ්‍රාමාවලට තැනක්. ඉඳල හිටල එකක් ආවත් ඒකත් සීනිබෝල ඇක්ෂන් හෝ උඩින් පවුලේ සැමට යටින් ඇඩල්ට්ස් ඔන්ලි කොමඩි .
ප්‍රතිචාරයට බොහොම ස්තූතියි, මිත්‍රයා 🙂
ම්‍ෙක ගෝල්ඩන් ග්ලෝබ් වලදි best drama awards එක දිනල සහො. මහත්තය කටවහගෙන ඔන්න ඔක කරනව(මගෙ යාළුවන්ටත් මෙක දෙන්න ඔනි කටවහගෙන ඔන්න ඔක බලනව කියල?) කිවුව එක අහල කරාට Frances McDormand ටත් සම්මානයක් හම්බ වෙලා.❇drama වලට ජය✌❇
ඔව්මනේ, මේ දැන් බැලුවෙ ගෝල්ඩන් ග්ලෝබ් 4යි. Imdb top 250චල 133.
හෙයස් කොල්ලො දෙන්නට කකුල්දෙක මැද්දට ගැහුවඑක හරි එකමට තෙරෙනව එත් කෙල්ලගෙ???????????
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—-ස්තූතියි—–
—- බුදු සරණයි – දෙවි පිහිටයි —
බොහොම ස්තූතියි, Kantha 🙂
Elama saho thanks
බොහොම ස්තූතියි, අසිත 🙂
sub ekata thanks saho.. jaya wewa!!
Hasita saho me film update ewa api hoyaganna kohomada update තීරුවක් na ne saho .mn meka web-dl ,bR apuma gannawa thank . Kalin eka nm supirima sahoo. Fattama film eka. godk asawan baluwa supiri
අප්ඩේට් තීරුවක් තියනවා ,මිතුන් (සයිට් එකේ දකුණු පැත්තෙ බලන්න). දමිත් මේ දවස්වල අපිටම ඒ අප්ඩේට් වැඩ එහෙම පහසුවෙන් කරගන්න වැඩ වගයක් කරගෙන යනවා. සෑම් කියන්නා වගේ Best Admin Ever .
Niyamai aaa
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!