Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Vampire Diaries (2009) [S07 : E17] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E16] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E17] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E16] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S07 : E08] Sinhala Subtitle
  • Movies
  • English Movies
  • Trench 11 (2017) Sinhala Subtitle

Trench 11 (2017) Sinhala Subtitle

September 24, 2018 Expert Subtitler

ඒ 2017 පෙබරවාරි මාසේ එක්තරා දවසක්, ඔය කාලේ වෙනකොට මම සාමාන්‍යපෙළ ලියලා මාස 2 ක් විතර ගතවෙලා. ඒ කාලේ වෙනකොටත් වැඩිය ඔය ෆිල්ම්, ටීවී සීරිස් ගැන වගේම සිංහල උපසිරැසි ගැනවත් මහලොකු දැනුමක්වත්, උනන්දුවක්වත් තිබුනේ නෑ. කලින් මම ඔය කියපු දවසේ මට කම්මැලිකමටත් එක්ක ෆිල්ම් එකක් බලන්න හිතෙනවා. මම කිව්වනේ ඒ දවස් වල මහලොකු දැනුමක් මේ ගැන නැහැයි කියලා. ඒ හින්දා මුලින් ෆිල්ම් එක අරගෙන ඊට පස්සෙ තමයි සබ් එක ගන්නේ. ඒ ෆිල්ම් එකේ නම Doctor Strange(2016) ගූගල් එකේ සර්ච් පාරක් දැම්මට පස්සේ මුලින්ම එනවා ලින්ක් එකක් Doctor Strange 2016 Sinhala Subtitles – Subz LK කියලා. මම බැලුවා මොකක්ද මේ Subz LK කියන්නේ කියලා. සයිට් එකට ගියාට පස්සෙයි දැක්කේ ඒ දවස් වල අලුතින් ආපු හැම ෆිල්ම් එකකම වගේ උපසිරැසි නිකුත් කරලා තියෙනවා කියලා.

ඉතින් Doctor Strange උපසිරැසිය තමයි මම මේ වෙබ් අඩවියෙන් ගත්තු පළවෙනි සිංහල උපසිරැසිය. ඒ සබ් එක කරලා තිබ්බේ වෙන කවුරුවත් නෙවෙයි ඔයාලා, අපි හැමෝම දන්න හසිත ප්‍රසාද් සහෝදරයා. ඒත් එක්කම මම දැක්කා වෙබ් අඩවියේ පැත්තකින් ලින්කුවක් තියෙනවා “ඔබේ උපසිරැසිය අපට දෙන්න” කියලා. පලවෙනි වතාවට මම ඕක වැඩිය ගණන් ගත්තෙ නැහැ. ඒත් Doctor Strange ෆිල්ම් එක බැලුවට පස්සේ මට මේ වෙබ් අඩවිය ගැන අමුතුම පැහැදීමක් ඇති වුණා. ඒත් එක්කම කොහොමද මේ සිංහල සබ් කරන්නේ කියලා හොයන්න ගත්තා. ඒ වෙනකොටත් මට පොඩි බ්ලොග් එකක් තිබ්බා “පරිගණක අරණ” කියලා. ඒක දැනටනම් ක්‍රියාකාරිවයෙන් නැති වුනත් මම දන්න ගොඩක් වැදගත් දේවල් ඒකේ පළ කරලා තියෙනවා. කොහොම හරි මම සිංහල සබ් කරන හැටි ඉගෙනගත්තා.

ඇත්තෙන්ම කිව්වොත් මම සිංහල සබ් කරන හැටි ඉගෙනගන්නේ බයිස්කෝප් වෙබ් අඩවියෙන් නිකුත් කරලා තිබ්බ Tutorial වීඩියෝ එකකින්. [නම කෙලින්ම කිව්වා කියලා අපේ ඇඩ්මින් මණ්ඩලය එහෙම මුකුත් හිතන්න එපා. මුල අමතක කරන්න බැරි හින්දයි, පෞද්ගලිකවම මමත් Subz LK හැරුනාම ඊලඟට කැමතිම වෙබ් අඩවියක් හින්දයි ඒකත් මතක් කලේ] ඒත් එක්කම මම ටික ටික උත්සහ කරලා මම යූරි (2016) ෆිල්ම් එකේ ට්‍රේලර් එකේ සිංහල සබ් එක හදනවා. මුලින්ම කරපු හින්දා අවුල් තිබ්බත් වැඩේ හිතට අල්ලලා ගියා. ඒ දවස් වලට වැඩි වෙලාවක් විවේකෙන් හිටිය නිසාත්, විනෝදෙටත් එක්ක මේ වැඩේ හොඳයි නේද කියලා මට හිතුනා. ඒ හින්දා ඊ ළඟ දවසේ ඉඳන් මම පටන් ගත්තා ෆිල්ම් එකකට උපසිරැසියක් කරන්න. කොහොම හරි මට ඒ සබ් එකේ වැඩ ඉවරකරන්න සති 2 1/2 ක් විතර ගියා. කොහොම හරි වැඩ ඉවර කරලා කල්පනා කලා දැන් මේක මොන වෙබ් අඩවියට ද දෙන්නේ කියලා. කොහොම හරි මම මුලින්ම කලින් සඳහන් කරපු වෙබ් අඩවියත් එක්ක සම්බන්ධ වෙලා බලපුවාම මේ උපසිරැසිය ඒ වෙබ් අඩවියෙන් නිකුත් කරලා ඉවරයි කියලා මට දැනුම් දෙනවා. ඒ වෙලාවේ මට හිතුනා කරපු හැමදෙයක්ම ගඟට කපපු ඉනි වගේ වුනාදෝ කියලා.

ඒත් එක්කම මට මතක් වුනා කලින් එක දවසක් මම ගියපු Subz LK සයිට් එක. කෝකටත් සයිට් එකේ සර්ච් එකක් කලා. මගේ වෙලාවට මේ සබ් එක වෙබ් අඩවියේ පලවෙලා නැහැ. ඉතින් මම දෙපාරක් හිතන්නෙ නැතුව Subz LK වෙබ් අඩවියේ ලියාපදිංචි වුනා. පස්සේ මගේ පොඩි අදහසකුත් එක්ක මම සබ් එක ඊමේල් කරනවා. ඉතින් අවසානෙදී දින මම කරපු පළවෙනි සිංහල උපසිරැසිය “Star Trek Beyond” නමින් Subz LK අඩවියේ පළවෙනවා. ඇත්තෙන්ම ඒ වෙලාවේ හිතට දැනුන සතුට කියාගන්න බෑ. ලොකු වීරකමක් කලා වගේ හැඟීමක් මට දැනුණා. ඇත්තෙන්ම කිව්වොත් මම හිතුවට වඩා ගොඩක් ප්‍රතිචාර ඒ සබ් එකට හම්බවුනා. ඒත් එක්කම අපේ සහෝදර ඇඩ්මින් මණ්ඩලයේ හැමෝම වගේ අදහසක් පලකරලා තිබ්බා.

ඊටපස්සේ සති 2 ක් විතර ගතවුනාට පස්සේ අපේ කවීෂ සහෝදරයා (අපි ආදරේට කියන්නේ වොන්ඩි කියලා) මට වැඩක් භාරදෙනවා. ඒ තමයි Kong Skull island (2017) සිංහල සබ් එක. ඇත්තෙන්ම මේ සබ් එක කරන්න මට අර කලින් වගේ ලොකු කාලයක් ගතවුනේ නෑ.උපරිම දවස් 2 කින් විතර වගේ මට පුළුවන් වුනා මගේ දෙවෙනි උපසිරැසිය ඔයාලා අතරට අරන් එන්න. ඒත් එක්කම කියන්න ඕනි ඒ දවස් වල මම හුඟක් කලබලයි. වැඩිය දෙබස් වල තේරුම ගැන හිතුවේ නෑ. ඉක්මන ගැන තමයි හිතුවේ. ඉක්මන් කොටයි කියලා කතාවක් කියලා තියෙන්නේ බොරුවට නෙවෙයි කියලා මට තේරුණේ Cyborg X (2016) සබ් එක කරලා හොඳ කුණුහරුප ටිකක් අහගත්තට පස්සෙ තමයි. ඇත්තෙන්ම එදා ඉඳලා තමයි මම හැමදෙයක්ම වගේ හොඳට හිතලා කරන්න ගත්තේ. ඒ වගේම දැන් ඉස්සර වගේ ඉක්මනට මට සබ් දෙන්න හැකියාවක් නැහැ. කාලය හැරුණාම ඊළඟට වැදගත් කාරණය තමයි “අර්ථය” කියන එක. එක වචනයක තේරුම තේරුම්ගන්න බැරිවුනා කියන්නේ හරියට නිකම් පිස්සු හැදුනා වගේ තමයි.

ඉංග්‍රීසි භාෂාව කියන්නේ බොහොම ප්‍රවේසමෙන් පාවිච්චි කරන්න ඕනි භාෂාවක් කියලා මට තේරුනෙත් මේ උපසිරැසි වැඩ හින්දම තමයි. ඇයි ඉතින් එක වචනයක තේරුම වැරදුනොත් හැමදේම අවුල් යනවනේ. කොහොම හරි ඔන්න ඔය විදියට තමයි මම Subz LK එක්ක එකතුවෙන්නේ. ඉතින් මේ වෙනකොට මම Subz LK එක්ක එකතුවෙලා අවුරුද්දයි මාස 7 ක් විතර වෙනවා. මම සයිට් එකත් එක්ක එකතුවෙන්නේ 2017 මාර්තු 24 දා, ඉතින් එදා ඉඳන් 50 උපසිරැසි කඩයිම පහුකරන මේ මොහොත දක්වාම ගොඩක් ආසාවෙන් තමයි මේ නිර්මාණ ඔයාලට අරන් එන්නේ. ඉතින් ඉස්සරහටත් Subz LK එක්කමයි කියලා කියන්න ඕනි.

Subz LK වෙබ් අඩවිය ගැන කිව්වොත් මේ වෙබ් අඩවියේ ඉන්න අයගෙන් 99.9% ක් විතර ඉන්නේ ගොඩක් කාර්යබහුල අය. සමහරක් අය රැකියා කරන අය සමහරක් අය අධ්‍යාපනය ලබන අය. ඒ හින්දා නිතරම අපේ වෙබ් අඩවියෙන් උපසිරැසි නිකුත් කරන කොට ටිකක් පරක්කු වෙනවා. ඇත්තෙන්ම මමත් (මම දන්න තරමින් මගේ සම වයසේ ඉන්නේ අපේ සුමින්ද සහෝදරයා) තවම උසස් පෙළ හදාරන දෙන්නෙක්. ඒ හින්දා දැන් නම් වැඩි වෙලාවක් මේකට වැය කරන්න බැහැ. ඇත්තෙන්ම මගේ 50 හේ කඩයිමත්, මම මේ දවස් වල කරන The Outpost කතා මාලාවේ අවසාන කොටසත් එක්ක උපසිරැසිකරණයෙන් ඉවත්වෙන්නයි ඉන්නේ. ඒකට හේතුව මොකද්ද කියලා ආයේ වෙනම කියන්න ඕනි නෑනේ. ඒ හින්දා ආයේ මේ වගේ කඩයිමක් මට පහුකරන්න බොහෝ දුරට ඉඩ ලැබෙන එකක් නෑ. ඒ හින්දා කියන්න තියෙන හැම දෙයක්ම කියන්න මේක අවස්ථාවක් කරගන්නවා. කවුරුත් කේන්තිගන්න එහෙම එපා.

ඔන්න දැන් තමයි අමාරුම කොටසට ආවේ. කලින් මම කිව්වේ මම ගැනනේ. දැන් අනිත් අයවත් මතක් කරන්න ඕනි. නැත්තං ඒක මම කරපු ලොකු අතපසු කිරීමක් වෙනවා. ඒ හින්දා කෝකටත් මම නම් ටික මුලින්ම මතක් කරන්නම්. අපේ ඇඩ්මින් මණ්ඩලය විදියට කටයුතු කරන කවීෂ මෙත්රුවන්, දමිත් ප්‍රියංකර, සමීර චන්ද්‍රසේන, පසිඳු සාරංග සහෝදරවරුන්ටත්… මගේ සහෝදර උපසිරැසිකරුවන් හැමෝටමත් (නම් වශයෙන් කියන්න බැරි නිසා)… මාව කමෙන්ටුවකින්, වෙලාවකට මැසේජ් එකකින් පවා දිරිගන්වපු, මගේ හරි වැරදි පෙන්නලා දීපු Subz LK ප්‍රේක්ෂක ඔයාලටත්, මගේ යාළුවෝ හැමෝටමත් පොදුවේ ස්තූති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ඇත්තෙන්ම අවුරුදු 18 ක කෙනෙක් කියන දෙයක් පොඩි එකෙක්වත් අහන්නෙ නැති එකේ අවුරුදු 18 ක කෙනෙක් කරන සබ් එකක් දහස් ගානක් බලනවා කියනකොට පොඩි ආඩම්බරකාර හැගීමකුත් නැතුවම නෙවෙයි.Subz LK එක ඇතුලේ ඉන්න අපි මේ කවුරුවත් තාම හැබැහින් දැකපු නැති අය. ඒවගේම Subz LK වෙබ් අඩවියේ තවම කාන්තා නියෝජනයක් නැහැ (මම දන්න තරමින්). යන යන තැන කොල්ලන්ටම බනින අයට කනට දෙකක් ඇනලා Subz LK සයිට් එක පෙන්නන්න. කොල්ලොන්ගේ හයිය කොහොමද කියලා දැනගන්න. ඒ තරම් විශ්වාසයකින් කියන්නේ Subz LK එක ඇතුලේ ඒ වගේ ජවයක් තියෙන හින්දමයි.

ඒවගේම කියන්න ඕනි අපේ සිස්ටම් ඇඩ්මින් දමිත් සහෝගේ අලුත් අලුත් වැඩ හින්දා අපිට උපසිරැසියක් වැඩ ඉවරවුන ගමන් උණු උණුවෙම ඔයාලගේ අතට දෙන්න පුළුවන්. ඒ අනුව බලපුවාම දවසේ පැය 24 ඇතුලත ඕනිම මොහොතක උපසිරැසියක් පලවෙන්න පුළුවන් එකම වෙබ් අඩවිය Subz LK කිව්වට ඒකේ වරදක් නෑ. ඒ වගේමයි අපේ කවීෂ සහෝදරයයි සමීර සහෝදරයයි. මුල ඉඳලම අපිට එන ඕනිම ගැටලුවකදී විසඳුම් දෙන්නේ මේ අය තමයි. ඒ වගේම තමයි කට්ටිය ආතල් ගන්න ගියාමත් කෙලවරක් නෑ… ඔන්න ඔය විදියට අපේ කට්ටියවත් ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. කාගේ හරි නමක් එහෙම නොකියවුනානම් සමාව භාජනයකට දානු මැනවි.අවසාන වශයෙන් මෙකී නොකී සියළු දෙනාටම මගේ කෘතඥපූර්වක ස්තුතිය.

ඔය හැමදේමත් එක්ක උපසිරැසිකරණයට හැකියාව තියෙන ඔයාට ලංකාවේ වැඩිම පහසුකම් තියෙන එකම උපසිරැසි අඩවියත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ආරාධනයකුත් කරන්න කැමතියි. එහෙනම් මම මෙතෙක් කල් ඔයාලා වෙතට අරන් ආපු නිර්මාණ එකතුව සැකෙවින් මෙහෙම ඉදිරිපත් කරන්නම්.

  1. Startrek Beyond (2016)
  2. Kong: Skull Island (2017)
  3. Cardboard Boxer (2016)
  4. Rings (2017)
  5. Get Out (2017)
  6. Cyborg X (2016)
  7. Albion: The Enchanted Stallion (2016)
  8. Blood Drive :Season 01 (2017)
  9. Red Plannet (2000)
  10. The Tick :Season 01 (2016-2017)
  11. The Preacher :Season 02_Episode 05 – Episode 13 (2016 – 2017)
  12. Counterpart :Season 01_Episode 01 – Episode 04 (2018)
  13. Murder On The Orient Express (2017)
  14. The Outpost :Season 01 (2018)
  15. Trench 11 (2017)

ඔය තමයි මට මේ 50 වෙනි උපසිරැසි කඩයිම පහුකරන්න උපකාරවුන නිර්මාණ එකතුව. මම ඒ ටිකත් මතක් කලේ මගේ තියෙන ලොකු කම පෙන්නන්නවත්, මම මහ කෙරුමෙක් කියලා පෙන්වන්නවත් නෙවෙයි. මම අර කලින් කිව්වා වගේ මට මේ වගේ අවස්ථාවක් නැවත ලැබෙන එකක් නැහැ.

තව පුංචි කාරනාවක් මතක් කලොත් හොඳයි කියලා හිතුණා. එහෙන් මෙහෙන් අපි ෂෙයා කරන උපසිරැසි පෝස්ට් දැක්ක සමහර අය අහන පලවෙනි ප්‍රශ්නේ තමයි “ඇයි බං උඹ ඕවා කරන්නෙ, උඹට ඕකෙන් මොකක්ද ලැබෙන්නේ, සල්ලි හම්බෙනවනම් කමක් නෑ… උඹලා ඕවා කෙරුවට ඕකෙන් හම්බ කරන්නේ ඇඩ්මින්ලා” අන්න ඔය වගේ කතා. ඔය වගේ කතා අහලා යාළුවෝ එක්ක ප්‍රශ්න දාගත්තු වාර අනන්තයි. ඇත්ත තමයි අපි කවුරුවත් මේකෙන් හම්බ කරන්නේ නැහැ. අපේ ඇඩ්මින් සහෝදරවරුන්ගේ මූල්‍ය දායකත්වය නිසා තමයි මේ විදියට ඔයාලට උපසිරැසි ගේන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඇත්ත,සයිට් එකේ ඇඩ් දාලා තියෙනවා තමයි. ඒත් ඒකෙන් හම්බෙන පුංචි මුදලින් තමයි වෙබ් අඩවිය කරගෙන යන්නේ. සමහර දවස් වලට සයිට් එක Down වෙලා තියෙනවා ඔයාලා දැකලා ඇති. ඊට පස්සේ සයිට් එක ආපහු Online වුනාට පස්සේ ඒ බවත් අපේ ඇඩ්මින්ලා ඔයාලට දැනුම් දෙනවා. මේ ක්‍රමෙන් හම්බ කරන්න පුළුවන් නම් පොඩ්ඩක් හිතලා බලන්නකෝ අද වෙනකොට ලංකාවේ උපසිරැසි අඩවි විතරක් කීයක් තියෙන්න ඕනිද කියලා.

කලිනුත් කිව්ව වගේ මේ උපසිරැසි වැඩ හින්දා මට ලැබුන දේ බොහොමයි. ඒ අතර අලුත් යාළුවෝ, අලුත් දැනුම ප්‍රධානයි. ඔයාලට මේ කිලෝබයිට් ගානක ප්‍රථිපලයක් විදියට ලැබෙන්නේ අපේ උපසිරැසිකරුවන්ගේ ප්‍රමාණාත්මකව අගය කල නොහැකි මහන්සිය. අපි සාමාන්යෙන් ටීවී එපිසෝඩ් එකක් විනාඩි 40 කින් විතර බලලා ඉවර කරනවා. ඒ වුනත් ඕකේ උපසිරැසිය කරන කෙනාට සම්පූර්ණෙන් වැඩේ ඉවර කරන්න පැය ගානක් නැත්තං දවසක් යනවා. ෆිල්ම් එකක් එහෙම සෙට් වුනාම තවත් වැඩියි. සමහරවිට එයාට වැදගත් ගොඩක් දේවල් කැපකරලයි ඔයාලා වෙනුවෙන් උපසිරැසියක් අරන් එන්නේ. ඒත් එක්කම පොඩ්ඩක් හිතලා බලන්නකෝ ඔය වගේ ලොකු කාලයක් පරිගණකයක් ඉස්සරහට වෙලා ඉන්නකොට කොහොමට තියෙයිද කියලා, ඇයි ගෙදර අයගෙන් අහන බැනුම් (අත්දැකීමෙන්ම). ඔන්න ඔය විදියේ ඔබ නොදන්න කතාවකුත් තිරය පිටුපස සිද්ධවෙනවා. ඉතින් ඒ වගේ කට්ටක් කාලා සබ් එකක් එලියට දාපුවාම සමහර වෙලාවට Downloads 1000 ක් විතර වෙනකොට Comment වැටෙන්න 10ක් 15ක් වගේ. ඔය විදිය වුනාම ආයේ සබ් කරන එකත් එපා වෙනවා. අන්න ඒ හින්දා සබ් එක ගන්නකොට පුංචි කමෙන්ට් එකකින් ඔයාලගේ ඒ පුංචි (යුතුකමක් කියන්නත් බෑනේ) දිරිගැන්වීම කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා.

හම්මෝ… මමවත් දන්නෙ නෑ පෝස්ට් එක මෙච්චර දිග වුනේ කොහොමද කියලා.මෙච්චර දෙයක් කියන්නනම් බලාපොරොත්තු වුනේ නෑ මුලින්. එහෙනම් මේ පෝස්ට් එක කියෙව්වා, නොකියෙව්වා, කමෙන්ට් කලා නොකලා හෝ උපසිරැසිය රසවිඳින ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. ඉතින් 50 කියලා බෑනේ ෆිල්ම් එක ගැනත් මුකුත් නොකියා ගියොත් එකත් මහ අඩුවක්නේ. එහෙනම් වෙනදා වගේ හැමෝටම තෙරුවන් සරණ,දෙවි පිහිට ප්‍රාර්ථනා කරමින් මගේ මේ Boring කතාව මෙතනින් ඉවර කරනවා.

Trench 11 ලෝක මහා සංග්‍රාමයේ සැඟවුනු පැතිකඩක්

50 වෙනි උපසිරැසිය විදියට කරන්නෙ මොකක්ද?…මට තියෙන්නේ ගොඩක් අඩු කාලයක්…ඒත් එක්කම මේක 50 වෙනි සබ් එක,ඒ හින්දා නිකම්ම ෆිල්ම් එකකට සබ් එක කරන්නත් බෑ.අපේ ඇඩ්මින් මණ්ඩලයේ උපදේශය වුනේ “සුපිරි ෆිලිම් එකකට සබ් එක කරන්න” කියලා. මම හිතනවා ඔය හැමදේම අන්තර්ගතවුන නිර්මාණයක් ඔයාලට ලබාදුන්නා කියලා.ඔන්න එහෙනම් ඔයාගේ Horror ෆිල්ම් ගොන්නට තවත් අලුත්ම ෆිල්ම් එකක්.ෆිල්ම් එක ගැන කතාකරන්න කලින් කරුණු කීපයක් ගැන කියන්න ඕනි,මොකද මේ ෆිල්ම් එක ගොඩනැගිලා තියෙන්නේ ඒ සාධක ඇතුලත් පසුබිම නිසා.

1. පළමු ලෝක මහා සංග්‍රාමය

පළමු ලෝක මහා සංග්‍රාමය නැත්තං ජාත්‍යන්තරයේ හඳුන්වන විදියට WWI/WW1 කියන්නේ මේ ලෝකයේ මතක ඇති අතීත කාලයක සිද්ධවුන ලොව දරුණුතම හා බිහිසුණුම යුද්ධ වලින් එකක්.1914 ජූලි 28 දින  පටන් 1918 නොවැම්බර් 11 දක්වා පැතිරුනු මේ සංග්‍රාමය ඒ සමයේ හැඳින්වූයේ “සියලුම යුද්ධයන් අවසන් කරන යුද්ධය” ලෙසයි.නමුත් අවසානයේදී සිදුවූයේ මෙය තවත් ලෝක සංග්‍රාමයකට පණපෙවීමක් පමණයි.මෙහිදී සොල්දාදුවන් මිලියන ගණනක් වගේම යුරෝපා ජනයා මිලියන ගණනක් ද මිය ගිය බවට සැලකෙනවා.මෙහිදි අපි දන්නවා පිල් දෙකකට වෙන් වූ රටවල් හිටියා කියලා.එනම් මිත්‍ර පිලේ රටවල් හා මධ්‍යම පිලේ රටවල් කියලා.ඉතින් ඔය අතරින් මිත්‍ර පිලේ ප්‍රධාන රටක් තමයි ප්‍රංශය කියන්නේ,ඒ වගේම අනෙක් පිලේ බලවත් රාජ්‍යක් තමයි ජර්මනිය කියන්නේ.කොහොම වුනත් කතාව පසුබිම් වෙලා තියෙන්නේ WWI හි අවසාන කාලයේ.

2. හින්ඩන්බර්ග් රේඛාව

1916-1917 ශීත ඍතුවේ දී බටහිර අර්ධද්වීපයේ ඒරස්හි පිහිටි සයසන්ස් අසල ආරාස් සිට ලාෆෝ දක්වා ජර්මානු ආරක්ෂක වළල්ලක් පිහිටුවන ලදී.මෙහිදී රුමේනියාවේ යුද්ධ ප්‍රකාශ කිරීම ජර්මානු හමුදාව හා යුද ආර්ථිකය මත අමතර පීඩාවක් එල්ල කලේ ය. 1917 සැප්තැම්බර් මාසයේදී ප්රංශයේ හින්ඩන්බර්ග් රේඛාව ජර්මානුවන් විසින් ඇති කරන ලද්දකි.මෙය චිත්‍රපටයේ එක් තැනක සඳහන් වන්නකි.

3. ආගොන් වනාන්තරය.

ආගොන් කියන්නේ ප්‍රංශයේ පිහිටි වනාන්තරයක්.කතාවට අනුවනම් කතාවට අදාල වෙන සිද්ධිය වෙන්නේ මේ වනාන්තරය ඇතුලෙයි [සැ.යු:- උපුටා ගැනීම විකිපීඩියා විශ්වකෝෂයෙනි]

එහෙනම් ඔන්න දැන් අපි යමු කතාව පැත්තට,

ප්‍රංශ හමුදාවට තොරතුරක් ලැබෙනවා.ආගොන් වනාන්තරය තුල ජර්මානුවන් විසින් රහස් භූගත  ඉදිකිරීමක් කරලා තියෙනවා කියලා.මොවුන් මුලින්ම සැක කරන්නේ මේ ඉදිකිරීම ජර්මානුවන්ගේ ආයුධ පිළිබඳ විශේෂඥයා රයිනර් නම් තැනැත්තාගේ පරීක්ෂණාගාරයක් කියලා.කොහොම හරි ඇත්තෙන්ම මේක මොකක්ද කියලා බලන්න කණ්ඩායම්ක් පිටත්වෙනවා.මේ කණ්ඩායමේ ඉන්නවා 6 දෙනෙක් ඇමරිකා හමුදා නිළධාරින් 3 කුත්,එක් කැනඩියානු නිළධාරියෙකුත්,ප්‍රංශ නිළධාරින් දෙදෙනෙකුත්.කොහොම හරි මේ කණ්ඩායම මේ ඉදිකිරීම [කතාවේ නමත් එක්ක බලපුවාම නමක් දෙන්න අමාරුයි. Trench 11 යන්නෙහි සිංහල අරුත 11 වන අගල යන්නයි.නමුත් ඒක තේරුමක් නැති නිසා “රහසිගත ඉදිකිරීම” ලෙස හඳුන්වන්නම්]  ඇතුලට යනවා.මුලින්ම හැමෝම වගේ හිතන්නේ මේක අතෑරලා දාපු තැනක් කියලා.ඒත් ටික ටික මේ භූගත ඉදිකිරීම ඇතුලට යනකොටයි මේ තැන ඇත්තටම මොකක්ද කියලා දැනගන්න වෙන්නේ.ඒත් එක්කම නොසිතූ මොහොතක ජර්මන් භට කණ්ඩාමකුත් අර කලින් සඳහන් කරපු රයිනර් නම් පුද්ගලයාත් ඇතුලුව මේ තැනට එනවා.ඉතින් මේ භූගත ඉදිකිරීම ඇතුලේ තියෙන්නේ මොන වගේ දෙයක්ද?…මේ කණ්ඩායමේ 6 දෙනාට මොන වගේ ඉරණමක් අත්වෙයිද?.බලලම කියන්න.විශ්වාසයි,ඔයා මේ ෆිල්ම් එකට කැමතිවෙනවා නොඅනුමානයි.

මේ චිත්‍රපටය තිරගතවෙන්නේ 2017 ඔක්තෝබර් 15 වෙනිදා ඉඳලයි.Horror, Thriller, War යන වර්ග වලට අයත් ෆිල්ම් එකක් වෙන මේකට හම්බවෙලා තියෙන IMDB අගය 5.2/10 වගේ වුනත්, Rotten tomatoes අගය 90% ක් වගේ ඉහල අගයක් ගන්නවා.මේ ෆිල්ම් එක කැනඩාවේ නිෂ්පාදනයක්.අධ්‍යක්ෂණය Leon Scherman ගේ, තිර රචනය Matt Booi ගේ. ෆිල්ම් එක ගැන කිව්වොත් මාත් බොහොම ආසාවෙන් බලපු ෆිල්ම් එකක්.මේ වගේ වර්ගීකරණයන්ට අදාල ෆිල්ම් බලන්න කැමති හැමෝටම බලන්න පුළුවන් ෆිල්ම් එකක්.ඒත් එක්කම කියන්න ඕනි මේකේ ඇතුලත් ඇතැම් දර්ශන ගැනත්, සුළු දේවලටත් බියට පත්වෙන,ගොඩක් සංවේදි අය ඉන්නවනම් මේ ෆිල්ම් එක නොබැලුවට කමක් නෑ කියලයි මගේ අදහස.මොකද ඒ තරම් තාත්වික විදියට පසුබිම් හඬේ පටන් වෙඩි තැබීම්,වේශ නිරූපණය ආදිය ඉහලම තත්වයක තියෙනවා.එහෙනම් ඔන්න දැන් පුළුවන් ඔයාට ෆිල්ම් එක බලන්න.කෝකටත් මම අර කලින් දාලා තිබ්බ විස්තර ටිකත් බලන්න.පොඩි අවබෝධයක් තියාගෙන ෆිල්ම් එකක් බලපුවාම තේරුම්ගන්න ලේසියි.ඒත් එක්කම් මතක් කරන්න ඕනි මේ ෆිල්ම් එකේ ගොඩක් යෙදුම් වගේ දේවල් මම ජීවිතේ පළවෙනි වතාවට අහපුවා.ඒ වගේම මේකේ ඉංග්‍රීසි වචන වගේම ජර්මන් වචනත් තිබ්බා.ඒ වගේම කියන්න ඕනි මේකේ ගොඩක් ඇතුලත්වෙලා තිබ්බා ජෛව විද්‍යාත්මක යෙදුම් ගොඩක්.ඉතින් මම ඒ පැත්තෙන් ගොඩක් අධ්‍යනය කරලා නැති නිසා ඒ යෙදුම් වල පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒත් ඒ එකක්වත් ඔයාලගේ රසවින්දනයට බාධාවක් නෙවෙයි කියලයි මම විශ්වාස කරන්නේ.

එහෙනම් තවදුරටත් මම කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.දන්නෙමත් නැතුව මාර විදියට පෝස්ට් එක දික්වුනා. එහෙනම් හැමෝටම ජය ප්‍රාර්ථනා කරන ගමන් මම සමුගන්නවා.

___තෙරුවණ් සරණයි___

Direct Download සිංහල උපසිරැසිය ලබා ගන්න
4658 Downloads
Available Torrents
720p bluray 788.56 MB
GET
1080p bluray 1.47 GB
GET
720p web 784.86 MB
GET
1080p web 1.47 GB
GET
ලක්ෂාන් සමීර
11 Movies
43 TV Series
54 Total
SubzLK වෙනුවෙන් ලක්ෂාන් සමීර කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (44)
Newer →
  • wa User
    Windows 7 Chrome 69
    2018-09-24

    50ta subha pathum.thank you

    Reply
    • ලක්ෂාන් සමීර Expert Subtitler
      Windows 7 Opera 55
      2018-09-25

      බොහොම ස්තූතියි අදහසට!

  • හර්ෂණ Unregistered
    Android 4.4 Chrome 40
    2018-09-24

    මගෙනුත් සුභ පැතුම් මචෝ

    Reply
    • ලක්ෂාන් සමීර Expert Subtitler
      Windows 7 Opera 55
      2018-09-25

      බොහොම ස්තූතියි හර්ෂණ සහෝදරයා!

  • සමීර ඉඳුනිල් New Subtitler
    Windows 10 Chrome 69
    2018-09-24

    50ට හදවතින්ම සුබපතනවා සහෝ! මාවත් ලිපියේ දෙතුන් පොලකම මතක් කරාට ස්තුතියි! Outpost කතාමාලාවෙන් පස්සේ උපසිරසිකරණයෙන් සමුගන්නවා කියපු කතාව ගැන පොඩි දෙයක් කියන්නම්, ඇත්ත විභාගත් කරගන්න එපැයි, ඒත් උපසිරසිකරණය සදහටම නවත්තන එක ගැන පොඩ්ඩක් හිතලා බලන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි. විභාග කටයුතු ඉවර උනාට පස්සේ කාලය හම්බෙයි, කාර්යබහුල බව ටිකක් හරි අඩුවෙයිනේ.. ඊට පස්සේ ආය අපි එක්ක වැඩට බහින්න එන්න. මේක නිකම්ම සයිට් එකක් විතරක් නෙවෙයි.. පවුලක්.. ඒ පවුලේ සාමාජිකයෙක්ට ඕනෑම වෙලාවක දොර ඇරලයි තියෙන්නේ. ඕනෑම වේලාවක අපිත් එක්ක කතාවක් දාන්න ඇවිත්.. උපසිරැසි කරන්න නොහැකි උනා කියලා.. අපි අපේ මිනිස්සු අමතක කරන්නේ නෑ.. ජය වේවා!

    Reply
    • ලක්ෂාන් සමීර Expert Subtitler
      Windows 7 Opera 55
      2018-09-25

      අනිවාරෙන්…කවදාවත් මේ තැන අමතක කරන්නෙ නෑ… ඇත්තෙන්ම අපි දෙන්නා එකම ගම් පලාතේ ඉඳලවත් තාම දැකලාවත්,කතා කරලාවත් නෑ…කවදාවත් පවුලේ කෙනෙක් පවුල දාලා යන්නෙ නෑනේ…දිගටම Subzlk විතරමයි,ස්තූතියි සමීර සහෝ…ඔයාටත් ජයම වේවා!

  • geeganagamage Unregistered
    Windows 7 Chrome 65
    2018-09-24

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්.

    Reply
    • ලක්ෂාන් සමීර Expert Subtitler
      Windows 7 Opera 55
      2018-09-25

      ස්තූතියි!

  • Prabodha Madhusankha Unregistered
    Android 4.4 Firefox 62
    2018-09-24

    Suba Pathum sahodaraya 50 weni nirmanayata. Jaya wewa…!

    Reply
    • ලක්ෂාන් සමීර Expert Subtitler
      Windows 7 Opera 55
      2018-09-25

      බොහොම ස්තූතියි ප්‍රබෝධ අදහසට!

  • Kavisha Methruwan Expert Subtitler
    Android 5.1 Chrome 54
    2018-09-24

    මුලින්ම කියන්ම ඕන 50 වෙනි උපසිරැසියට හදවතින්ම සුබපැතුම් ❤️ අද ලක්ශාන් මලයගෙ තීරණාත්මක කඩයිමක් වෙලා තියෙනවා. කව්රු මොනා කියුවත් අපි දන්නවා මෙච්චර දුර ගමනක් එන එක ලේසී නෑ කියලා. මට මතකයි එදා මුලින්ම මලයව ෆේස්බුක් එකෙන් හම්බුන හැටි. එදා තමා මං මලයට මුලින්ම උපසිරැසයක් බාරදුන්නේ. ඒක තමා සහෝගෙ දෙවැනි උපසිරැසිය උනේ. කිසිම ලොකු කමක් නැතුව උපසිරැසිය බාරගත්තා. ඒ වගේම හොඳට කතා කරා. එතකොට දැන් උපසිරැසි 50ක් තරම් ලොකු දුරක් ඇවිත් තියෙනවා. ඇත්තටම සතුටුයි. උඩ කියලා තියෙනවත් වගේ අපි ගෲප් එකේ, පෝස්ට් වල කමෙන්ට් වලින් එහෙම ආතල් ගන්න ගියාම සීමාවක් නෑ. ඇත්තටම එහෙම වෙලාවට අපි පවුලක් වගේ කියලා දැනුන වාර අනන්තයි ❤️ හැමෝම ලඟ සහෝදර බැඳීමක් තියෙනවා. ඒ නිසාමද මංදා උපසිරැසිකරනයෙන් අයින් වෙනවා කියුවාම දුකක් දැනුනා. අද්‍යාපන වැඩකටයුතු වලට අනිවාර්යයෙන්ම මුල් තැන දෙන්න ඕන. උසස් පෙළ විබාගයෙන් පස්සේ නැවතත් අපිත් එක්ක එක් වෙන්න කියලා සුහදව ඉල්ලීමක් කරනවා මලයගෙන්. (අපි කතා උන විදිහට 2019, දෙසැම්බර් මාසේ ට්‍රිප් එකත් යමු හොඳේ). ඉතින් තවත් ලොකු ගමනක් යන්න අනිවාර්යයෙන්ම මලයට පුළුවන්. ඒ නිසා මේ ගමන මෙතැනින් නවත්වන්න එපා. ඇත්තටම එකට වැඩ කරද්දි තේරුණ දෙයක් තමා, ලක්ශාන් මලයා හුඟක් නිහතමානී කෙනෙක් කියන එක. ඇත්තටම හැමෝම එකට ඒ නිසා සුහදව වැඩ කරනවා. ඒ වගේම අදත් පොඩි වලියක් ගියා මලයා වොන්ඩිට අනම් මනම් කියුව නිසා 😡😂😂 ඇත්තටම හරිම විනෝදයි. ඇත්තටම උඩ කියලා තියෙනවත් වගේ, කාර්යබහුලත්වය නිසාම අපෙන් පවා වැරදි උන අවස්ථා අනන්තයි. උපසිරැසි පලකිරීම පවා ප්‍රමාද උනා. ඒත් දැන් එහෙම ප්‍රශ්ණයක් නෑ. ඉතින් ආයමත් සුබපතනවා 50 වෙනි උපසිරැසියට. ඉතින් දිගටම අපිත් එක්ක ඉන්න කියලා ඉල්ලීමකුත් කරනවා. ඇත්තටම කැමති දිගටම ඉන්නව නම්. ලක්ශාන් සහෝ කියලා කියුවට ඇත්තටම සහෝදරයෙක් වගේ ❤️ දිගු ගමණක් යන්න ලැබේවා. ඔබට ජය!

    Reply
    • ලක්ෂාන් සමීර Expert Subtitler
      Windows 7 Opera 55
      2018-09-25

      ඒ සිරාවටම ඇඩෙන්න ආවා මේකටනම්…කොහොම හරි ආයෙත් හම්බෙමු…දිගටම වැම්පයර් ඩයරීස් කරගෙන යන්න සුබ පතනවා…අපිට ඇත්තටම ඉන්නේ සුපිරි ටීම් එකක්…එහෙම නැත්තං ඉතින් මේ වගේ දුරක් කොහොමටවත් එන්න වෙන්නෙ නෑනේ…ආ ඒත් එක්කම Waiting for trip…ජය!

  • හසිත ප්‍රසාද් Junior Admin
    Windows 7 Opera 55
    2018-09-24

    ඇත්තටම අද මටත් හරි සතුටුදායක දවසක්, අපේ අඩවියෙ තවත් ධෛර්යවන්ත උපසිරැසිකරුවෙක් වැදගත් කඩයිමකට ලඟාවීම නිසා, හැබැයි ඒ එක්කම පොඩි දුකකුත් තියනව උපසිරැසිකරණයෙන් අයින් වෙන්න යන කතාව ඇහුවම. මං ඒක නිසාම සුභ පතන වැඩේ ටිකක් පස්සට දාල පොඩි උපදේශයක් දෙන්නම්, ලක්ෂාන් මල්ලි. උපසිරැසිකරණයෙන් අයින් වෙන්න එපා, ඔව් වැඩත් එක්ක ටිකක් අමාරුයි තමයි ඒත් උත්සාහෙ අතාරින්න එපා.විභාග වැඩ එහෙම ටිකක් එහා මෙහා වුණාම හෙමින් සැරේ ආයිත්උපසිරැසි කරන්න පටන්ගන්න. මොකද මේ වැඩේට යන කාලය මහන්සිය ටිකක් වැඩි වුණාට හැමදාම ඉගෙනගන්න මොනවහරිම තියනවා, ඒ නිසා ලැබෙන පොඩි වෙලාවක හරි හොඳ චිත්‍රපටයක් තෝරගෙන උපසිරැසි දෙන්න. ඊලඟට “ඇයි බං උඹ ඕවා කරන්නෙ,උඹට ඕකෙන් මොකක්ද ලැබෙන්නේ,සල්ලි හම්බෙනවනම් කමක් නෑ…උඹලා ඕවා කෙරුවට ඕකෙන් හම්බ කරන්නේ ඇඩ්මින්ලා” කියන අයට මුකුත් කියන්න යන්න එපා, ඒ ඒ අයගෙ දැනුමෙ තරම. ඒ අයට උත්තර දෙන්න උපසිරැසිවලින්ම, කියල කියල එපා වුණහම ඒගොල්ලොම ඒක නවත්තයි. කෙටියෙන් කිව්වොත් තමන් යමක් කරන්නෙ තමන්ගෙ හිතේ සතුටෙන්නං, අනිත් අය කියන ඒව ඔළුවට ගන්න යන්න එපා. අහල තියනවනෙ අර මාළු ලෑල්ලෙ කතාව? ඒ හින්ද හිතන්නම එපා අනුන්ගෙ කතා ගැන. ඊලඟ එක කමෙන්ට් ; මුල් කාලෙ ඔය කමෙන්ට් අඩුවෙන එක මටත් සෑහෙන හිතට දුකක් වුණා, ඒ වුණාට පස්සෙ මමම කල්පනා කලා ඒ ගැනහිතන්න ගියොත් මේ වැඩේ කරන්න බැරි බව. මං අදටත් දවසට කීප වතාවක් සයිට් එකට ලොග් වෙලා කමෙන්ට් බලනවා, පිළිතුරක් දෙන්න අවශ්‍ය කමෙන්ට් එකක් තියද කියල, එච්චරයි. කවුරුහරි කෙනෙක් හිතේ සතුටින් දාල ගිය කමෙන්ට් එකක් ( ඒ තමයි අවංකම කමෙන්ට්) බලල සතුටුවෙනවා මිසක් ඉන් එහා හිතන්නෙ නෑ දැන්. එහෙනම් තීරණය ගැන ආයිත් සලකා බලන්න කියල ඉල්ලනවා මම ආයිත් වතාවක්. 50 කඩයිමට සාර්ථකව ලඟාවුණ ඔබට හදවතින්ම සුභ පතන ගමන් ඔබේ අධ්‍යාපන කටයුතු සියල්ලත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. Convert your well played half century to a wonderful century, Brother…. 👍💖🇱🇰

    Reply
    • ලක්ෂාන් සමීර Expert Subtitler
      Windows 7 Opera 55
      2018-09-25

      ඇත්තෙන්ම හසිත අයියේ…උපසිරැසි වගේම Subzlk එකෙනුත් මට (අපිට) ලැබුනු දේවල් ගොඩයි…අනාගතයේ මොන වගේ පාරක් අපිට තෝරගන්න වෙයිද දන්නෙ නෑ…කොහොම වුනත් උපසිරැසිකරණය අතඅරින්න කැමැත්තකුත් නෑ…ඒ හින්දා පුලුවන් වෙලාවට උත්සයක් කරන්න බලාපොරොත්තු වෙනවා…මටනම් හසිත සහෝගේ මට්ටම ළඟටවත් එන්න තව සෑහෙන කාලයක් යාවි…ඒත් එක්කම ඉදිරි කඩයිම් වලදී ඔයාට සුබ පතන්නත් බැරිවෙයි…මොනව වුනත් දිගටම කරගෙන යමු…Subzlk එකේ ඉන්න හදවත වගේ තමයි ඔයා…එහෙනම් ජයෙන් ජයම වේවා! ඒත් එක්කම අවසාන වශයෙන් පුංචි ඉල්ලීමක් කරන්නම් Summer of 84 (2018)…Good luck for your next Target!

  • Lakmal Senavirathne Unregistered
    Android 5.1 Chrome 54
    2018-09-24

    50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනව සහෝ!!! දිගටම උපසිරැසි කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව!!! සබ් එකටත් බොහොම ස්තූතියි!

    Reply
    • ලක්ෂාන් සමීර Expert Subtitler
      Windows 7 Opera 55
      2018-09-25

      ස්තූතියි ලක්මාල්!

  • Ayesh Sadamal Unregistered
    Android 5.1 Chrome 54
    2018-09-24

    50 වෙනි සිංහල උපසිරැසියට සුභ පැතුම්…😍

    Reply
    • ලක්ෂාන් සමීර Expert Subtitler
      Windows 7 Opera 55
      2018-09-25

      ස්තූතියි අයේෂ් අදහසට!

  • woduranga Unregistered
    Windows 8.1 Chrome 69
    2018-09-24

    elama brooo

    Reply
  • ayesh User
    Android 5.1 Chrome 54
    2018-09-24

    සබ් එකට බොහොම ස්තූතියි! ඒ වගේම 50 වෙනි කඩඉමටත් සුබ පැතුම්…!

    Reply
  • widuranga Unregistered
    Windows 8.1 Chrome 69
    2018-09-24

    elama broooothawa sub onee

    Reply
    • ලක්ෂාන් සමීර Expert Subtitler
      Windows 7 Opera 55
      2018-09-25

      උපරිම උත්සහ කරනවා සහෝදරයා!

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 123
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved