Valerian and the City of a Thousand Planets (2017) Sinhala Subtitle
Valerian and the City of a Thousand Planets (2017)
ආයුබෝවන් Subz LK රසිකයන් සියලුම දෙනාට.අද ඕගොල්ලන්ට අරගෙන එන්නේ මේ වසරේ තිරගත වුණ Valerian and the City of a Thousand Planets (වැලේරියන් සහ දහස්ලෝ පුරවරය) චිත්‍රපටයේ උපසිරැසිය මේක අපේ ඇඩ්මින් මණ්ඩලයේ සමීර සහෝදරයගෙ ඉල්ලීමක් ඉතින් ඔහුටත් ස්තූති කරන්න ඕනෙ ඒ වෙනුවෙන්.බාරගත්තට මොකද මේකට ඉංග්‍රීසි උපසිරැසියක් තිබුණෙ නෑ ඒ වෙනකොට තිබුණ එකත් ගූගල් ට්‍රාන්ස්ලේටඩ්, ඒ හින්දම ටයිම් ලයිනුත් හදාගෙන අසා ලිවීමක් කරගෙන යද්දි තමයි ඉංග්‍රීසි උපසිරැසියක් කියන එක කොච්චර වටිනවද කියල ඇත්තටම දැනුනෙ.ඒ අතරේ අපේ ඇඩ්මින් සහෝදරවරු සහ අපේ පසිඳු සහෝදරය මට උපසිරැසි දෙකක්ම හොයල එවල තිබුණ, ඒ දෙකත් අඩුපාඩු ගොඩක් තිබුණ දෙකක් වුණත් මට ශ්‍රවණය කිරීමෙන් තේරුම්ගන්න බැරිවුණ ගොඩක් වචන තේරුම්ගන්න ඒක ලොකු උදවුවක් වුණා.ඒකට බොහොම ස්තූතියි ඔය දෙපාර්ශවයටම.ඒ ඔක්කොම කලාට පස්සෙ අද නිකමට Subscene එකට ගිහින් බලද්දි හොඳ සබ් එකක් ඇවිත් ඊයෙ රෑ.මොනව කරන්නද දුක තමයි. පිටපත ගැනත් ටිකක් කියන්නම් මේක හාඩ්කෝඩඩ් HDrip එකක්, වීඩියෝ කොලිටි එක හොඳටම හොඳයි අපේ ඇඩ්මින්ලම තමයි මේ පිටපතේ Openload ලින්ක් එක මට එව්වෙත්, ඒගොල්ලොම අප්ලෝඩ් කල එකක් වගේ මගෙ නමත් 🙂 දාල තියෙන්නෙ, ඒකට ස්තූතියි හොඳේ. උපසිරැසියනම් වෙනද වගේම හාඩ්කෝඩඩ් සබ් එක වැහෙන්න බැක්ග්‍රවුන්ඩ් එකක් දාපු .ass ෆයිල් එකකුයි සාමාන්‍ය .srt ෆයිල් එකකුයි දෙකක් දීල ඇති. නැත්නම් ප්ලේයර් එකෙන් බැක්ග්‍රවුන්ඩ් එකක් දාගෙන බලන්න. දැන් අපි යමු චිත්‍රපටය පැත්තට…
Imdb අගය 6.7ක් ලබාගෙන Rotten Tomatosලගෙන් 46% ක අගයකුත් ලබාගෙන ඇති මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ ප්‍රංශ ජාතික Pierre Christian සහ Jean-Claude Mézières රචනා කල “Valerian and Laureline” කොමික් පොත් මාලාව ඇසුරින්.අධ්‍යක්ෂණය සහ තිරරචනය දෙකම Luc Besson ගෙන්, මේක ඔහුගේ ජීවිත කාලය පුරා තිබුණ සිහිනයක් සැබෑවීමක්ලු ඒ නිසාම තමන්ට අධ්‍යක්ෂණය වෙනුවෙන් ලැබුණ මුදල් පවා ඔහු මේ චිත්‍රපටය වෙනුවෙන්ම කැප කලාලු ඒ වගේම මේකෙ ඔහුගේම The Fifth Element (1997) චිත්‍රපටය මතක් වෙන තැන් කීපයක්ම දැකගන්නත් පුළුවන්.ඒ කොහොම වුණත් ආදායම් අතින් අසාර්ථක වුණ මේ චිත්‍රපටය නිසා මෙය නිර්මාණය කල EuropaCorp ආයතනය ලොකු අමාරුවකත් වැටිල තියනවා, ඒව එහෙම වුණත් මේක නිදහසේ බලන්න පුළුවන් ලස්සණ චිත්‍රපටයක් බවත් කියන්නම ඕනෙ. දැන් අපි බලමු මේකට රංගනයෙන් දායක වෙන අය ගැන – Dane DeHaan (මේජර් වැලේරියන්), Cara Delevingne ( ලෝරලීන්) , Clive Owen (කමාන්ඩර් අරුන් ෆිලිට්), Herbie Hancock (ඇමතිතුමා), Sam Spruell (ජෙනරල්ඔක්ටොබා), Ethan Hawke (ජොලී), Rihanna (බබල්) වගේ නළු නිළි පිරිසක් තමයි රංගනයෙන් දායක වෙන්නෙ. දැන් අපි යමු කතාව පැත්තට…
මේ කතාව ගෙතෙන්නේ පෘතුවි කක්ෂය තුල තිබෙන ඇල්ෆා අභ්‍යවකාශ මධ්‍යස්ථානය වටා, වසර ගණනක් තිස්සේ විවිධාකාර ජාතීන්, ජීවීන් සමගින් ප්‍රමාණයෙන්ද විශාල වී තිබෙන මේ ඇල්ෆා මධ්‍යස්ථානයේ බර සහ ප්‍රමාණය පෘතුවියට තර්ජණයක් වීම යන කාරණය මත එය පෘතුවි කක්ෂයෙන් නිදහස් කර දමනවා.මේ වනවිට එය තියෙන්නෙ පෘතුවියට සෑහෙන දුරින්, ඈත විශ්වයට ගමන් කරමින් මිලියන ගණනක් ජීවීන් විශේෂ එක්තැන් කරගත් ලෝකයක් වගේ කිව්වත් හරි.විශ්වය පාලනය වෙන්නෙත් මේ අතරින් ප්‍රධාන ජීවීන්ගේ එකතුවක් වූ කවුන්සිලයක් මගින්.කතාව ආරම්භ වෙන්නෙ එයින් වසර ගණනාවකට පසුව…මේජර් වැලේරියන් සහ සාජන් ලෝරලීන් කියන්නෙ මානව හමුදාව හා සම්බන්ධ අභ්‍යවකාශගාමීන්දෙදෙනෙක්.දවසක මේ දෙන්නට හම්බවෙනවා අපූරු මෙහෙයුමක් ඒ තමයි රජය බාරයේ තිබී යමෙක් විසින් සොරාගත්තු “පරිවර්තකය” නම් උපකරණයක් සොයා යෑම.මේක උපකරණයක් කිව්වට උපකරණයක්මත් නෙමෙයි, මේ මෙහෙයුම ලේසි එකකුත් නෙමෙයි, එහෙනම් ඕගොල්ලොම බලන්නකො මේ අරුම පුදුම පරිවර්තකය මොකද්ද කියල.පහළින් තියන පැහැදිළි කිරීම් කොටසත් කියවලම යන්න…ආයිත් දවසක තවත් උපසිරැසියකින් හමුවෙමු!!!
පැහැදිළි කිරීම්
මේ චිත්‍රපටයේ ජීවීන් 200කට අධික සංඛ්‍යාවක් ඉන්නවලු.අධ්‍යක්ෂක ලූක් බෙසන් විසින් මේ ජීවින් සියලු දෙනාගේ විස්තර සහිත පිටු 600 පොතකුත් ලියල.චරිත තේරුම් ගැනීම සඳහා රඟපෑ හැමෝටම මේ පොත කියවන්න වුණා කියලත් Imdb අඩවියේ සඳහන්.මේ අතරින් වැදගත් චරිත කීපයක්.
The pearls (මුතුවාසීන්) :- මේ අයගෙ නිවහන මියුල් නම් සුන්දර ග්‍රහලෝකයක්. මුතු තමයි මේ අයගෙ ජීවිතේම.
බුලාන් බතෝර්වරු (boulan bathor) :- ජීවත් වෙන්නෙ මේ නමින්ම තියන ප්‍රදේශයක.ගිය කෙනෙක් ආයෙ එන්නෙ නෑ කියලයි කියන්නෙ.
ඩෝගින් ඩැගීස් :- ටිකක් අමුතු සත්තු වර්ගයක් (මේකෙ ඉන්නෙම එහෙම සත්තු තමා) තුන් දෙනෙක් එකට ඉන්නෙ, කතා කරන විදිය තමයි ලස්සනම.
ග්ලැමපොඩ් :- ඕනෑම වේශයක් ගැනීමේ හැකියාවක් ඇති ජීවීන් විශේෂයක්.
මේ සියල්ල ගැන වැඩි විස්තර මෙතනින තව කියන්න ඕනෙ මේජර් වැලේරියන්ගෙ සහ සාජන් ලෝරලීන්ගෙ යානෙ The Intruder 980 මම ඒක අනාරාධිත 980 කියල සිංහලට හැරෙව්ව.
Spoiler Warning : In the 28th century, special operatives Valerian (Dane DeHaan) and Laureline work together to maintain order throughout the human territories. Under assignment from the minister of defense, the duo embarks on a mission to Alpha, an ever-expanding metropolis where diverse species gather to share knowledge and culture. When a dark force threatens the peaceful city, Valerian and Laureline must race against time to identify the menace that also jeopardizes the future of the universe…
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
බොහොම ස්තූතියි, කාවින්ද 🙂
baw amch thnks godak .balala hoda naraka kiyannum
බොහොම ස්තූතියි, අනිවාර්යයෙන්ම හොඳ නරක කියන්න.
සුපිරිම කතාවක්සහෝ✌️✌️✌️✌️
උපසිරසියට තුති??
ඔබට ජය???
බොහොම ස්තූතියි, පසිඳු 🙂 Web-Dl අප්ඩේට් එකකුත් දෙන්නම් මම හෙට අනිද්දම.
එලම Bluray ත් ලගදිම එයි…..
patta bro thnkz sub aka supiri oyage hikiyawata thnkz 💪💪💪😎😎😎😎
මෙලෝ රහක් නැති tv serious වලට සබ් කරනවාට වඩා මේ වගේ ෆිල්ම් වලට සබ් කරන එක වටිනවා බං.දිගටම english film වලට සබ් දීපන් මචං..,thank you..?
එලම තමයි බ්‍රෝ.
ජයවේවා!
බොහොම ස්තූතියි, මධුසර 🙂
නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
………….. මාගේ ප්‍රණාමය……..
බොහොම ස්තූතියි, Kantha 🙂
Pattaaaaaaaaaaaa
Ty malli….Gdk Pin….
බොහොම ස්තූතියි සහෝ
සබට තුති සහෝ! මටත් පසිදු අමරසිංහ සහෝ තමා මේ ෆිල්ම් එක හසිතට භාර දෙන්න කිව්වේ…එයාමයි ඩිරෙක්ට් ලින්ක් එකත් හදලා එව්වේ… ඒ නිසා ඒ ක්‍රෙඩිට් එක එයාට යන්න ඕනේ…! මහන්සියක් වෙලා කරාට පාඩුවක් වෙන් නැති උපසිරසියක් මේක. එහෙනම් ජය!
ඔව්, ඔව් පසිඳුට ඉවසිල්ලක් නැතුව හිටියෙ මේක බලනකං, ඉන්ග්ලිෂ් සබ් එකකුත් හොයල එවල තිබ්බ.එහෙනං ක්‍රෙඩිට් එක එයාටම දෙමු.. ඔව් ඇත්ත මහන්සිවුණාට පාඩුවක් නැති ලස්සණ ෆිල්ම් එකක් , ඒකමයි හරියාකාර ඉන්ග්ලිෂ් සබ් එකක් එනකංබලා ඉන්න හිතුණෙ නැත්තෙත්.දැන්නං web-Dl එකක් ඇවිත් තියෙන්නෙ ඒකට අප්ඩේට් එකක් දෙන්නම්
හෙට අනිද්දට. බොහොම ස්තූතියි, සමීර 🙂
ඔව් මේක එනකම් හිටියෙ හරි ඉංග්‍රීසි සබ් එකක්තිබ්බෙත් නෑනේ බලන්න ඔයා දවස් දෙකෙන් කරල දෙන්නම් කිව්ව නිසා මම බලන් හිටියෙ ඔයාගෙ සබ් එකත් එක්ක බලන්න්?????
Leatherface
2017 ‧ Thriller /Horror
Saho makatat sab ekak karanna balanna fatta film ekak
Mkvcage web-dl
බලමු මිතුන් ට්‍රයි එකක් දෙමු 🙂
Kiyanawata balala inna .
තෑන්ක්ස් සහෝ සබ් එකට.
කවුරුමහරි සබ් එක දෙනකම්මයි හිටියේ.
ජයවේවා!!!