War (2019) Sinhala Subtitle
[ BLURAY පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත ]
ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. සෑහෙන කාලයකට පස්සෙ තමයි මේ හින්දි චිත්‍රපටයකට උපසිරැසි අරගෙන එන්නෙ. හේතුව මේ දවස්වල හින්දි චිත්‍රපට බැලෙන්නෙම නැති තරම්. මේකත් මේ අපේ කවීෂ සහෝදරයාගෙ ඉල්ලීමක් අනුවයි අරගෙන එන්නෙ. මුලින්ම ස්තූතිය ඔහුට. චිත්‍රපටය මොකද්ද කිව්වොත්, මේ අවුරුද්දෙ බොහෝ දෙනෙක් මගබලාගෙන හිටපු එකක් කිව්වොත් නිවැරදියි පූර්ව ප්‍රචාරක පටය නිකුත්වූ දා සිටම. මේ තමයි War (2019) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය.
යාෂ් රාජ් ෆිල්ම්ස්හි එලිදැක්වීමක් ලෙස අප හමුවට එන මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, තිර පිටපත සහ කතාව සිද්ධාර්ත් ආනන්ද්ගෙන්. ඔහු සමග ආදිත්‍ය චොප්රා කතාවට සම රචනයෙන් දායක වද්දී ශ්‍රීධර් රාඝවන් සහය වනවා තිර පිටපත් රචනයට. මේ වනවිට Imdb වෙතින් 6.8ක අගයකුත්, Rotten Tomatoes වෙතින් 73ක (?????) අගයකුත්, ගූගල් පරිශීලකයන් 92%කගේ ප්‍රසාදයත් මේ චිත්‍රපටය දිනාගෙන තිබෙනවා. රංගනයෙන් දායක වන්නේ රිතික් රෝෂන් ( කබීර්), ටයිගර් ෂ්රොෆ්( කාලිඩ්), වානි කපූර් ( නේනා),අනුප්‍රියා ගොයෙන්කා ( ආදිතී),ආෂුතෝෂ් රානා ( කර්නල් ලුත්‍රා),යාෂ් රාජ් සිං ( සෞරබ්),සෝනි රස්ධාන් ( කාලිඩ්ගේ මව) වැනි පිරිසක්. මෙය අති දැවැන්ත වියදමක් දරා කල නිර්මාණයක්, රටවල් 7 ක නගර 15ක රූගත කිරීම් කර තිබෙනවා. කෙසේ වෙතත් මමනම් දැකපු විදියට මේ චිත්‍රපටයෙන් 75%ක් පමණම හොලිවුඩ් චිත්‍රපටවල සහ ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩාවල කොටස් සෘජුවම අනුකරණය කිරීමක්. උදාහරණයක් විදියට ගත්තොත් Mission Impossible, Die Another day, Bourne සිනමා පට පෙල, Splinter cell වීඩියෝ ක්‍රීඩා පෙල, Gta san andreas හිත් සමහර තැන් අනුකරණය කර ඇති බව ඔබට කෙලින්ම අඳුනගන්න පුළුවන් වෙයි. නළුවරණයේදිත් ( හාසිබ් සහ රිස්වාන් ඉල්යාසි චරිතවලට යොදාගෙන ඇති නළුවන් කිසිසේත්ම ගැලපෙන්නෙ නෑ) සමහර සටන් ජවනිකාවලදිත් CGI දර්ශන නිර්මාණයේදිත් මීට වඩා සැලකිලිමත් වෙන්න තිබුණා මම හිතන්නෙ. ධාවන කාලයත් ටිකක් වැඩියි (පැය දෙකයි විනාඩි 30ක්). ඒ අඩුපාඩු සහ ගැලරියේ අත්පොළසන්වලට ලියූ ‘මගදිම තේරෙන’ කතාවේ සමහර (අද සිනමාවට නොගැලපෙන) තැන් නොවෙන්න හොලිවුඩය ආසන්නයට යන්න තරමට නිර්මාණය කරන්න තිබුණා මේ චිත්‍රපටය. ඒ සියල්ල ගත්තම ඕනෙවට වඩා ‘ උඩ තියපු’ නිර්මාණයක් මටනම් මේක ( මේ ටික ලිව්වෙ ඇවරේජ් චිත්‍රපටයක් “හොඳායි” කියල වර්ණනා කරල නරඹන ඔබව රවට්ටන්න මම අකමැති නිසයි). කොහොමහරි දැන් අපිට යන්න තියෙන්නෙ කතාව පැත්තට, වෙනව වගේම පොඩි ආරම්භයක් විතරක් අරගෙන දෙන්නම්…
කබීර් (රිතික් රෝෂන්) කියන්නෙ ඉන්දීය RAW ඔත්තු සේවයේ විශේෂ මෙහෙයුම් කණ්ඩායමක ප්‍රධානියෙක්, ඔහු තමන් විසින්ම තෝරාගෙන පුහුණු කල මේ කණ්ඩායමත් සමග ලෝකය වටා දිගුදුර මෙහෙයුම්වල යෙදෙනවා . කර්නල් ලුත්‍රාගේ මෙහෙයවීම යටතෙ මෙහෙයුම්වල යෙදෙන දැඩි දේශප්‍රේමියෙකු වන කබීර් හිටි හැටියේ තම අරමුණින් පිට ඇදී යනවා.. ඊට හේතුව සෙවීම බාර වෙන්නෙ එම කණ්ඩායමේම කාලිඩ් නම් තරුණ සොල්දාදුවෙකුට.. එතනින් එහාට නරඹන ඔබට බාරයි. මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් චිත්‍රපටයකින්.
උපසිරැසිය Bluray පිටපත් සඳහා වන අතර AMZN (Amazon)WEB පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට ගැලපෙන උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත්ය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.
ලබාදී ඇති ඩිරෙක්ට් ලින්ක් එකෙන් 480p, 720p සහ 1080p පිටපත් ඩිරෙක්ට් ලෙස ඩවුන්ලෝඩ් කල හැක.
උපසිරැසියට ස්තූතියි සහෝ…
ස්තුතියි සහෝ!
Bohoma sthuthi saho sub ekata.. 🙂
Jaya wewa.!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Thanks bro sub ekata ….godak kal balan hitiya Hindi Telugu films denakan ……bro maga harunu Telugu films walata sub denna bro please…..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
දිගටම කරගෙන යමු…
pati patni aur woh එකේ සබ්එ ක දෙන්න පුලුවන්ද bro? Please… 🙏
pati patni aur woh එකේ සබ් එක දෙන්න පුළුවන් ද bro??! Please! 🖤
හොද sub එකක්
Sub ekata thanks saho
Ela jayawewa digatama karagena yamu
නියමයි සහෝ
sub ekata thanks saho