Wild Wild West (1999) Sinhala Subtitle
සුබ දවසක් යාළුවෝ හැමෝටම.මේ පාර අරගෙන එන්නේ 1999 නිෂ්පාදිත Wild Wild West චිත්‍රපටයයි. සුපිරි ෆිල්ම් එකක්.විල් ස්මිත්, සල්මා හායෙක්, කෙවින් ක්ලින් යන නළු නිලියන් රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය හාස්‍යය හා ක්‍රියාදාම මනාව කැටිවුණ අපූරු සිනමා සිත්තමක් ලෙස හදුන්වන්න පුළුවන්.තාක්ෂණය පවා මනාව යොදාගෙන තියෙනවා. කථාව මම කෙටියෙන් කියන්නම්.
ආචාර්ය ලව්ලස් කියන්නේ අබ්බගාතයෙක්. නමුත් ඔහුගේ නුවණත් දුෂ්ටකමත් යොදා ගෙන ඇමෙරිකාව යටත් කරගෙන බලය අල්ලාගන්නයි උත්සාහය. ඒකට ඔහු රටේ ඉන්න බුද්ධිමතුන් පැහැරගන්නවා අවශ්‍ය ශිල්පීය ඥානය ලබාගන්න. ඉතිං මේ බව දැනගන්න ඇමෙරිකානු ජනපති මොහුව අල්ලගන්න විශේෂ නියෝජිතවරුන් දෙපලකට පවරනවා. විල් ස්මිත් මෙහි එක් නියෝජිතයෙක්. හැබැයි මේ දෙන්නා අතරත් පොඩි පොඩි වාද විවාද ඇතිවෙනවා. ඉතිං ඉතුරු ටික ඔයාලම බලන්නකෝ. ලව්ලස් ඇමෙරිකාව අල්ලයිද? විශේෂ නියෝජිතයෝ දෙන්නා කොහොම ඒකට මුහුන දෙයිද?
නියමයි සහෝ…සුපිරි!!!
සුපිරිම ෆිල්ම් එකකටනේ සබ් එක දීලා තියෙන්නේ…
සබට ස්තුති…ඔබට ජය…!!!,
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා..!!