Al Final Del Túnel AKA At The End Of The Tunnel (2016) Sinhala Subtitle

October 27, 2017 Junior Admin
Subtitle by Hasitha Prasad

Al final del túnel AKA At the End of the Tunnel (2016)

වෙනදා වගේම ආයුබෝවන් කියල ප්‍රාර්ථනා කරනවා  Subz LK හැමදෙනෙක්ටම.අදත් මම ඔයගොල්ලන්ට අරගෙන එන්නෙ පසුගිය වසරේ  තිරගත වුණ තවත් ස්පාඤ්ඤ චිත්‍රපටයක්.අපේ මිතුන් ඇතුළු ස්පාඤ්ඤ චිත්‍රපට රසික හැමදෙනෙක් වෙනුවෙන්මයි මේ චිත්‍රපටය.චිත්‍රපටය ගැන කිව්වොත් මේකේ නම තමයි Al final del túnel (At the End of the Tunnel ).ක්‍රයිම් ත්‍රිලර් ඝනයට අයත් පැය දෙකක ධාවන කාලයකින් සමන්විත ස්පාඤ්ඤ ආජන්ටිනා සම නිෂ්පාදනයක් ලෙස එළිදැක්වුණ මේ චිත්‍රපටය IMDB වෙතින් 7.1ක  අගයකුත්  Rotten tomatos වෙතින් 73%ක අගයකුත් ගූගල් පරිශීලකයන් 90%කගේ ප්‍රසාදයත් ලබා ගන්නට සමත්කම් දක්වනවා ඒ විතරක් නෙමෙයි, සම්මාන 4ක් දිනාගන්නත් සමත්වෙලා තියනවා.අධ්‍යක්ෂණය සහ රචනය  Rodrigo Grande ගෙන් වන අතර රංගනයෙන් දායක වෙන්නේ Leonardo Sbaraglia (හොකින්), Pablo Echarri (ගැලරිතෝ), Clara Lago (බර්තා), Federico Luppi (ගුට්මන්), Uma Salduende (බෙටී) ඇතුළු නළු නිළි පිරිසක්.දැන් අපි යමු කතාව පැත්තට…

හොකින් කියන්නේ පරිගණක ඉංජිනේරුවෙක් අපේ වචනයෙන් කියනවනං ඒ අංශයේ වැඩකරුවෙක්.කලක සුන්දර ජීවිතයක් ගෙවූ කෙනෙක් බවට ලකුණු  ඔහු  වෙසෙන නිවෙස තුලින් පෙනුනත් අද රෝදපුටුවකට සීමාවී  තමන්ගේ කැසිමීරෝ නම් බලු සුරතලාත් එක්ක ඔහු ගෙවන්නේ අඳුරු ජීවිතයක්.ගතින් ආබාධිත වුණත් සිතින් ශක්තිමත් ඔහු පරිගණක අලුත්වැඩියා කරගෙන තමන්ගේ පාඩුවේ ජීවත්වෙනවා.දවසක ඔහුට තමන්ගේ අසල්වැසි නිවස තුල පිරිසක් කරන කතාබහක් ඇහෙනවා ඔහුගේ බිම්මහල තුලට.මේ සැකකටයුතු කතාබහට සවන්දෙන ඔහුට දැනගන්න ලැබෙනවා ඔවුන් අසල පිහිටි බැංකුවක් මංකොල්ල කෑමට සූදානම් වෙන බව.මේ සියල්ල සාවධානව අසාගෙන ඉන්න හොකින් තීරණය කරනවා මේ කොල්ල කල්ලියට අමුතුම ආකාරයේ වැඩක් දෙන්න.මම සේරම කිව්වොත් වැඩක් නෑ මෙතන ඉඳන් ඕගොල්ලන්ට  බාරයි බලන්නකො හොකින් මොකද්ද කරන්නෙ කියල.(ෆිල්ම් එකේ ට්‍රේලර් එක නොබල ඉන්න පුළුවන්නං වඩා හොඳයි)අවසානය වෙනකම්ම කුතුහලයෙන් බලන්න පුළුවන් එකක් කියල මම සහතික වෙනවා.එහෙම නැත්නම් ඒ බව කමෙන්ට් එකකින් කියන්නත් දෙපාරක් හිතන්න එපා.එහෙනම් මම ගිහින් එන්නම්…තවත් දවසක තවත් උපසිරැසියකින් හමුවෙමු!!!

Spoiler Warning : A paraplegic computer engineer starts to hear noises and the voices of bank robbers in his basement…

Available Torrents
720p bluray 1.08 GB
1080p bluray 2.22 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (25)
  • Kavisha Methruwan Expert Subtitler
    Windows 8.1 Chrome 61

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…ජය!!!

    • hasitha prasad Unregistered
      Windows 7 Firefox 56

      බොහොම ස්තූතියි, කවීෂ..! 🙂

  • Sam fisher Unregistered
    Android 5.1 Chrome 43

    ඔයාම හිතල දෙන film එකක් නං බලන්න දෙපාරක් හිතන්නැ. ඔයාට ඇත්තටම හොද සිනමා රසිකත්වයක් තියනව.???

    • hasitha prasad Unregistered
      Windows 7 Firefox 56

      බොහොම ස්තූතියි, Sam 🙂 බලල කියන්නකො හොඳයිද කියල.

    • sam fisher Unregistered
      Android 4.2 Chrome 34

      මම නම් කවුරැ හරි බැංකුවකට වැඩ‍ෙද‍ෙන්න හදනවනම් ප‍ොඩි සප් එකක් ද‍ෙනව මිස නවත්තන්න හදන්නැ:-D:-D:-D:-D:-D බැංකුකියන්න‍ෙ තනිකරම මිනිස්සුංව ගසාකනතැං.උං අහින්සක මිනිස්සු ණයක් ගන්න යනක‍ොට සල්ලිද‍ෙන්න‍ෙ මාසිකප‍ොලියට(එකත් ගිනිප‍ොලියට)එත් අපි කියක් හරි බැංකුව‍ෙදැම්මාම මාසික ප‍ොලියක් නැ අවුරැද්දට ප‍ොලිය හදන්න‍ෙ එකත්හ‍ෙන ස‍ොච්චමයි එකනිසා ඔය බැංකුක‍ොල්ල කන්නම තමයිඔනි:-!:-!:-!:-(හසිත සහ‍ො බැකුව‍ෙවත් ප‍ොලිසිය‍ෙවත් න‍ෙව‍ෙයි න‍ෙ වැඩකරන්න‍ෙ)

    • hasitha prasad Unregistered
      Windows 7 Firefox 56

      😀 ඒකත් ඇත්ත තමා නේද ? අනේ නෑ, සෑම්. දෙයියනේ කියල මට ඔය දෙකෙන් එකකවත් වැඩකරන්න කිසිම සුදුසුකමක් නෑ.

  • Pasindu Amarasinghe Expert Subtitler
    Android 7 UC Browser 11.2

    උපසිරසියට තුති සහෝ✌️✌️
    ඔබට ජය✌️✌️✌️✌️

    • hasitha prasad Unregistered
      Windows 7 Firefox 56

      බොහොම ස්තූතියි, පසිඳු 🙂

  • prabodha Unregistered
    Android 4.4 Firefox 52

    Thank bro sub ekata…

  • Mithun Unregistered
    Android 6 Chrome 58

    උදේම මෙක දැක්කම මුකුත්ම නොකියාම ගියේ සෙට් වෙන ටොරෙන්ට් එකක් තියෙනවද කියල බලන්න.. 720 Mkvcageලගේ වෙලාවට තියෙනව සුපිරි ටොරෙන්ට් එකක්. ඩව්න්ලොර්ඩින් දැම්ම හසිත. මන් හිතනව මෙක The Invisible Guest එක වගේම හොදම රසාස්වාදයක් ඇති කියල.එක නම් රිවන් කර කර මතක් වෙන වෙලාවට බැලුව අන්තිම හරිය.. එ ගැන කුමට කතාද ස්පාඤ්ඤ එව නම් ගින්දර .
    සබ් එකට බොහොම ස්තුතියි හසිත සහෝ..
    ගොඩක් සතුටුයි .

    • hasitha prasad Unregistered
      Windows 7 Firefox 56

      Mkvcage ලගෙ ටොරන්ට් එක 1GB නේද, මිතුන්? මං දීල තියන ටොරන්ට් එකත් 720p. X265 එන්කෝඩ් කරපු එකක් නිසා සයිස් එකත් 437mb, Av කොලිටි එකත් හොඳයි. ෆිල්ම් එක බලලම කියන්නකො තත්වෙ.තව බාගෙට කරල එහෙ මෙහෙ දාපු ෆිල්ම් තියනව ඒවත් ඉවරයක් කරල දාන්න ඕනෙ . ප්‍රතිචාරයට බොහොම ස්තූතියි, මිතුන්.

    • Mithun Unregistered
      Android 6 Chrome 58

      ඔව් හසිත 1Gb තියෙනව සයිස් වැඩි එව තමා මම නම් ගන්නෙ සහෝ කොලිටි හොදයි. mkvcage හරි, yify ප්‍රින්ට් හරි තමා ගන්නෙම. එකට හුරු වෙලා ඉතින් .
      මෙක බැලුව සහෝ සුපිරි…
      මිනිහා මාර පොරක් නෙ
      මාර ගේමක් දෙන්නෙ ඇවිදින්න බැරි වෙලත්. අන්තිම වෙනකල් හෙල්ලෙන් නැතුවම බලම් උන්නා
      ගොඩක් ස්තුතියි මෙවගෙ චිත්‍රපට හොයල දෙනවට සහෝ

    • Mithun Unregistered
      Android 6 Chrome 58

      බොහොම කුතුහලයෙන් බැලුව කිව්වොත් හරි.
      සුපිරි ෆිල්ම් එක .
      – කියන්න අමතක උනා Wind River 2017 එක ගොඩක් හිතට දැනුන ෆිල්ම් එකක් සහෝ
      උපරිම සාදරනයක් කරල සබ් එකට නම් දැනෙන්නම. True storyඑකක්ලු නෙද එක

    • hasitha prasad Unregistered
      Windows 7 Firefox 56

      Wind River ෆිල්ම් එක හොයල දුන්නට ස්තූතිවන්ත වෙන්න ඕනෙ අපේ ඇඩ්මින් කවීෂ සහෝදරයට. ඒක සත්‍ය කතාවක්ම නෙමෙයි , මිතුන් ,මම හිතන්නෙ. සත්‍ය සිදුවීම් ඇසුරින් කල එකක්. මං අර ලිපියෙ කියල තියන නීතියෙ වරද සහ පිටස්තරයන් විසින් තම ජන්මභූමිවලින් එලවාදාපු ඇමරිකානු ස්වදේශික රතු ඉන්දියානුවන්ට සිද්ධ වෙන අසාධාරණය තමයි Wind river එකෙන් පෙන්නන්න උත්සාහ කරල තියෙන්නෙ.

    • hasitha prasad Unregistered
      Windows 7 Firefox 56

      බොහොම ස්තූතියි, මිතුන්. මින් ඉදිරියට පුළුවන් තරම් vify හරි Mkvcage හරි ප්‍රින්ට්වලටම සබ් දෙන්න බලන්නම්.

    • Mithun Unregistered
      Android 6 Chrome 58

      Meka nam supiri film eka

  • KANTHA Unregistered
    Windows 7 Firefox 54

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    • hasitha prasad Unregistered
      Windows 7 Firefox 56

      බොහොම ස්තූතියි, Kantha 🙂

  • WB MOVie Unregistered
    Android 4.4 Android Browser 4

    Digatama sab danna obata jaya

  • Sajith Anthony User
    Android 5.1 Opera 37

    උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    • hasitha prasad Unregistered
      Windows 7 Firefox 56

      බොහොම ස්තූතියි, සජිත් 🙂

  • Madusha Unregistered
    Windows 10 Firefox 54

    නියමයි.බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    • hasitha prasad Unregistered
      Windows 7 Firefox 56

      බොහොම ස්තූතියි, මධූෂ 🙂

  • asitha Unregistered
    Windows 8.1 Chrome 61

    aththtama oyata hoda rahak tyenawa
    bohoma pin saho wadeta
    ane me wage kisima site ekakin sub nodipu film walatama digatama sub demu
    jaya wewa!!!

  • Isuru Dananjaya Executive Subtitler
    Windows 10 Chrome 61

    නියමයි මචං. මෙන්න බෑවෝ

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search