American Fable (2016) Sinhala Subtitle
peyton kennedy, richard schiff, kip pardue, marci miller
මේ වතාවෙ අරගෙන එන්නෙ ඇමරිකන් ෆෙබ්ල් නොහොත් ඇමරිකානු කතාන්දරය. මේක අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක්.ඉතින් ඔහුට ස්තූති කරල ඉන්නම් පළමුවෙන්ම.ඒ වගේමයි බලන්න කලින් පහලින් තියන විස්තරය හොඳට කියවල ඉන්න එතකොට කතාව තේරුම් ගන්න ලේසියි. මේක ත්‍රිලර් ඝනයට අයිතිවෙන ෆිල්ම් එකක් හැබැයි ටිකක් සුරංගනා කතාවක් වගෙත් කියල හිතෙනවා.IMDB අගය 5.9 ලෙස සටහන් කරගත්තු මේ චිත්‍රපටය Rotten Tomatos හීදී 66%ක අගයක් ලබාගන්නත් සමත් වෙන අතරෙ සම්මාන 3කට නිර්දේශ වෙලා එයින් දෙකක් දිනාගන්නත් සමත් වෙලා තියනවා.මේක ඇමරිකානු ඉතිහාසයේ යම් අවාසනාවන්ත කාලවකවානුවක් මූලාශ්‍ර කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නෙ ඒ හින්ද ඒ කතාව කෙටියෙන් කියලම පටන්ගන්නම්…
ඕගොල්ලො දන්නවනෙ අද තියන නවීන තාක්ෂණික කාර්මිකකරණය වූ ලෝකය බිහිවෙන්න මූලික වුණේ ලෝක යුද්ධයන් බව.ඒ කාර්මික විප්ලවය කෘෂිකර්මාන්තයටත් තදින් බලපෑවා.එතෙක් සතුන් උපයෝගී කරගනිමින් කල ගොවිතැන යන්ත්‍ර සූත්‍රවලින් කරන කාර්යක්ෂම වේගවත් ක්‍රියාවලියක් බවට පත්වුණා.එතැන් සිට ඇමරිකානු ගොවියන්ට උදාවුනේ සුභ කාලයක්.තම නිෂ්පාදන අතිරික්තය අපනයනය කරමින් ඉහල ආදායම් ලැබූ ඔවුන් තව තවත් යන්ත්‍ර සූත්‍ර,ඉඩකඩම් මිලට ගත්තා.රජයත් ඔවුන්ට ණය ලබාදෙමින් ලොකු සහයක් දැක්වූවා.මේ නිසා විශාල සමාගමුත් ගොවිතැනට අතගැහුවා.නමුත් 1970 වසරෙන් පසු ඇමරිකානු ආර්ථිකය කෙමෙන් කඩා වැටෙනවා, ගොවියන් ණය බරින් මිරිකී යනවා.ඔය අතර දැඩි නියඟයකුත් එනවා.තත්වය තවත් දරුණු වෙනවා ඔවුන්ගේ ප්‍රධාන ගැනුම්කරුවා වූ රුසියාව 1980දී ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමත් සමග.මෙයට විරුද්ධවීමක් ලෙස එවක ඇමරිකානු ජනපති ජිමී කාටර් (1977-1981) රුසියාවට තම කෘෂි නිෂ්පාදන අපනයනය කිරීම ප්‍රතික්ෂේප කරනවා.මේ තීරණයෙන් ඇමරිකානු අපනයන වෙලඳපොළ කඩා වැටී ගොවියා කබලෙන් ලිපට වැටෙනවා.ඔවුන්ට ණය ගෙවාගත නොහැකිව තම ඉඩකඩම් විකුණන්න සිද්ධ වෙනවා,ඔවුන්ගේ ඉඩකඩම් වෙන්දේසිවල උණුකැවුම් වගේ විකිණී යනවා.ගොවියන් දිවි නසාගන්නවා.පෙරකී විශාල කෘෂි සමාගම් මේවා ලහි ලහියේ මිලට ගන්නවා (මේක ඔවුන්ගේ කුමණ්ත්‍රණයක් ලෙසත් සැලකෙනවා).ඒ කාලේ රූපවාහිනිය දැම්මත් පුවත්පතක් අතට ගත්තත් බලන්න දෙයක් නැහැලු තනිකරම දේපල වෙලඳාම් දැන්වීම්ලු (මේ දවස්වල ලංකාවෙනම් හක්ගෙඩි, යන්තර මන්තර වගේ).මම ඔය කිව්වෙ බොහොම කෙටියෙන්.සම්පූර්ණ විස්තරේ මේ Link එකේ තියනවා…
තොරතුරුවලට සියලු ස්තූතිය ගූගල්දෙයියන්ට.අපිට උපසිරැසිකරණයෙන් ලැබෙන (එකම) ලාභය තමයි මේ වගේ තොරතුරු හාරාවුස්සන්න උනන්දුවක් ඇතිවීම නොහොත් නොකරම බැරිවීම.ඒ වෙනුවෙන් Subz LK අඩවියට මගේ හදපිරි ස්තූතිය.දැන් අපි යමු චිත්‍රපටය පැත්තට…
චිත්‍රපටය මම ඔය පෙරකීකාලය (1982) පදනම් කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නෙ.මේකෙ කථානායිකාවගෙ නම ‘ගෙටී’.ඇය අවුරුදු 11ක පුංචි දැරියක්.ඇයගේ පියා ගොවියෙක් අම්මා ගෙවිලියක්.ණය බරින් මිරිකිලා අසීරු තත්වයක හිටියත් තමන්ගෙ ඉඩකඩම් විකුණල දාන්න ගෙටීගෙ තාත්තගෙ කැමැත්තක් නෑ.තව ගෙටීට ඉන්නව අයිය කෙනෙකුත්.අයිය ගෙටී වගේ නෙමෙයි ටිකක් නපුරුයි. මෙයාලගෙ ගොවිපොළේ තියනව අත්හැරල දාපු ධාන්‍යාගාරයක් තාත්ත එයාට එතෙන්ට යන එක තහනම් කරල තියෙන්නෙ.ඔය වයසට කියන ඒව අහනවයැ නේද? ඉතිං අපේ කථා නායිකාව ඒව කණකට ගන්නෙ නෑ යනව ධාන්‍යාගාරය ලඟට.එතෙන්දි ගෙටී දැනගන්නව ධාන්‍යාගාරයෙ මනුස්සයෙක්ව හිර කරල තියන බව.ඔහු ඇයගෙන් ඉල්ලනවා තමන්ව බේරගන්න කියල.කවුද මේ පුද්ගලයා? ඇයි ඔහුව හිරකරල තියෙන්නෙ? ඇයි ඒ? මේ සියල්ලටම පිළිතුරු ලැබේවි චිත්‍රපටය බැලුවහම…
මේකෙ තියනවා විලියම් බට්ලර් යේට්ස් නම් (1865-1939) අයර්ලන්ත ජාතික කවියාගෙ The Second Coming නම් කවි පන්තියක් .නමුත් සම්පූර්ණයෙන්ම නෙමෙයි එයින් තෝරාගත් පද කිහිපයක් පමණයි.ඔහු මේක ලියල තියෙන්නෙ පළමු ලෝක යුද්ධය අවසාන වී ටික කලකට පසුව.මේකෙන් අදහස් වන්නේ යුද්ධයේ විනාශය.එවක දේශපාලනික කැලඹීම්මි,නිසුන් තුල භක්තිය හීනවීම,යහපත මැඩගෙන අයහපත නැගීසිටීම ගැනයි…
ඒ වගේම මෙහි යම් අනාවැකියක් වගේ දේකුත් තියනවා.බයිබලයේ සඳහන් ආකාරයට ගැලවුම්කරුවාණන් නැවත උපත ලබන බවට බලාපොරොත්තුවන නමුත් තමන්ට පෙනෙන ආකාරයට ලෝකයේ පවතින ජාතිවාදය සහ දරුණු බව නිසා නැවත උපදින්නේ ජේසුතුමන් වැනි යහපත් අයෙකු නොව ඊට හාත්පසින්ම වෙනස් දරුණු අයෙක් වගේ අදහසක්හු තමයි මේ කවියෙන් ව්‍යංගාර්ථයෙන් ඉදිරිපත් කරල තියෙන්නෙ…දැන් වෙලාව උදෑසන 1:35යි, නිදිමතකුත් තියනවා.එහෙනම් මම නවතිනවා.ආයිත් දවසක තවත් උපසිරැසියකින් හමුවෙමු…
නියමයි සහෝ…ලිපිය නම් හුගක් මහන්සි වෙලා කරුණු හොයලා ලියලා තියෙනවා.උපසිරැසිය ගැන නම් කතා කරන්න ඕන නැහැනේ.හසිත සහෝ උපසිරැසියක් කලොත් ඉතින් ඒ සබ් එක පට්ටම පට්ට ඉතින්…උපසිරැසියට බොහොම ස්තුතියි…
ජය!!!
බොහොම ස්තූතියි, කවීෂ.
සබට තුති වේවා! ඔබට ජය වේවා!
බොහොම ස්තූතියි සමීර.
ලිපියනම් එලටම කරලා තියෙනවා..
බොහෝම ස්තුතියි සහෝ උපසිරසියට
ජය වේවා!!
බොහොම ස්තූතියි, සචින්ත
Thanks sahoo…
Thanks madawa.
බොහොම ස්තූතියි, සචින්ත.
Elama bro…balanna hitiya film akak…eth sub thibbe naha…thanx mcn…
බොහොම ස්තූතියි.
Patta bn…thanx sub akata…digatama sub karamu…
බොහොම ස්තූතියි.
Sub aka gatta…film aka download wenna damma..lipiyath gammatama thiye…suba pathanawa bro…
බොහොමත්ම ස්තූතියි.
Sub akata thanq bro…
Sub aka nm elakiri…
බොහොම ස්තුතියි, දසන්.
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
………….. මාගේ ප්‍රණාමය……..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
ස්තූතියි,Sadaam_SL.
Bohoma sthuthi saho…
ස්තූතියි කසුන්.
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා..!!
ස්තූතියි, සජිත්.