ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. වෙනද වගේම අදත් මේ එන්නෙ චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. ඇත්තටම කිව්වොත් මේ චිත්‍රපටය අපේ සුමින්ද සහෝදරයගේ ලැයිස්තුවෙන් තෝරාගත් තවත් චිත්‍රපටයක්. බොහොම ස්තූතියි සුමින්දට, මොකද මේක මට මග ඇරිල යන්න තිබුණ බලන්න වටින චිත්‍රපටයක්. 2017 වසරේ තිරගත වුණ මේ චිත්‍රපටය නමින් Bad Genius . මෙය තායිලන්ත චිත්‍රපටයක් වගේම සම්මානලාභී චිත්‍රපටයක්. Imdb අගය 7.8ක් ලබාගෙන Rotten Tomatos වෙතින් 92%ක
විශාල අගයක් ලබාගන්නත් සමත්වුණ චිත්‍රපටයක්. අයත් වෙන්නෙ කොමඩි, ක්‍රයිම් , ඩ්‍රාමා
ඝණයට. අධ්‍යක්ෂණය Nattawut Poonpiriya ගෙන්. දැන් අපි යමු කතාව පැත්තට…
පාසල් කාලෙදි අපිට විභාග කියන්නෙ මහ අමුතු දෙයක් නෙමෙයිනෙ, හැබැයි ඉතින් ඒවගේම ටිකක් විතර හිසරදයක්. ඒ අතරිනුත් ප්‍රධානම විභාග තමයි ශිෂ්‍යත්ව විභාගය, අපොස:සා/පෙළ සහ උ/පෙළ මේවයෙදි අපිට සෑහෙන්න පීඩනය වැඩියි, මොකද වෙනදටත් වඩා මහන්සියෙන් පාඩම් කරන්න වීමේ බරට දෙමව්පියන්ගේ හීනවල බරත් හරි හරියට එකතුවීම. ඒ අතරෙ ප්‍රධානයි හොඳ විශ්වවිද්‍යාලයකට ඇතුල්වී හොඳ අධ්‍යාපනයක් ලැබීම (නවකවදය දීම සහ පෙළපාලි යාම නෙමෙයි ) , ඊට අමතරව අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්වයක්ලැබීම. ඔයවෙනුවෙන් අපි නොකරන දෙයක් නෑනෙ , මේ සම්බන්ධව නිර්මාණය වුණ චිත්‍රපටයක් තමයි මේ.. මේ නොකරන දේවල් අතරින් බොහොම අතලොස්සක් දෙනෙක් කරන දෙයක් තමයි විවිධ ක්‍රමවලට විභාගයන් වංචනික විදියට ලිවීම, අපේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් කිව්වොත් කොපි කිරීම වගේ දේවල් එහෙම. හැබැයි මේ චිත්‍රපටයේ කතාව ඊටත් ගොඩක් ඈතට ගිය එකක්.. .
රිනෙඩා නිතෙප් කියන්නෙ ඉතාම දක්ෂ බුද්ධිමත් ශිෂ්‍යාවක්, ඇයට ආදරයට කියන්නෙ ලින් කියලයි. ඇය 9 ශ්‍රේණිය වනතෙක් අධ්‍යයාපනය ලබපු පාසලෙන් ඉවත්කරගෙන ඇයව උසස් (යැයි සම්මත) පාසලකට ඇතුලත් කරනවා ඇගේ පියා විසින්.කෙසේවෙතත් මේ පාසලේ ගාස්තු ඉතාම අධිකයි, ලින්ගේ අදහසක් නෑ මේ පාසලට ඇතුල්වෙන්න, ඒ තමන්ගෙ පියාට මේ වියදම දරන්න බැරි බව ඇය දන්න නිසයි. නමුත් ඇගේ දක්ෂතාවය නිසා ඇයට මේ පාසලේ නොමිලේ ( ?) අධ්‍යාපනය ලබන්න අවස්ථාවක් ලැබෙනවා. මේ පාසලේදි ඇය සම්බන්ධ වෙනවා විභාග වංචාවකට, “එච්චර දක්ෂ කෙනෙක්නම් මොකටද ඇය විභාග වංචාවකට සම්බන්ධ වෙන්නෙ?” වගේ ප්‍රශ්ණයක් දැන් ඕගොල්ලන්ගෙ හිතට එයි , ඒ ප්‍රශ්ණෙට උත්තරේ හොයාගන්න පුළුවන් චිත්‍රපටය නැරඹුවාම…ඒ වගේම මේ වංචාව ඔබ අපි කවුරුවත් නොහිතන දුරකට යනවා , එහෙනම් නරඹන්න කියල ආරාධනා කරනවා. කිසිම ගැටලුවක් නැතිව පවුලේ හැමෝම එක්ක බලන්න පුළුවන් චිත්‍රපටයක් බවත් කියන්න ඕනෙ. ඒ වගේම මේක සත්‍ය සිදුවීම් ඇසුරින් නිර්මාණය කල එකක් බවත් සඳහන් වෙනවා. එහෙනම් මං ගිහින් එන්නම් තවත් උපසිරැසියකින් හමුවෙමු.
- Details
- Trailer
- Download links
Year : 2017
Rating : 7.8
Genre : Comedy, Crime, Drama
Actors : Chutimon Chuengcharoensukying, Eisaya Hosuwan, Teeradon Supapunpinyo, Chanon Santinatornkul
Writer : Tanida Hantaweewatana, Vasudhorn Piyaromna, Nattawut Poonpiriya
Director : Nattawut Poonpiriya
Plot :
සිංහල උපසිරැස Download කරගන්න 5001 times

IMDB
User Rating
බොහොම ස්තූතියි සහෝදරයා තවත් මගේ එක ඉල්ලීමක් ඉෂ්ඨ කළාට..අනිත් ටිකටත් වෙලාවක් ⏰ ලැබුණු හැටියෙම උපසිරැසි අරන් එමු..ඔබට ජය..?
බොහොම ස්තූතියි, සුමින්ද ඉතුරු ටිකත් හෙමීට දෙන්නම්
පට්ටම කතාව මේකනම් ඇඩෙන්නම තිබුනා
උපසිරැසියට තුති සහෝදරයා
ඔබට ජය???
ඔව්නේ, සුපිරි කතාවක් තමයි, මාත් හරි ආසාවෙන් බැලුවෙ. ආ..ඒක නෙමෙයි The Shape of Water බැලුවෙ ඊයෙ. ඒකත් නියම ෆිල්ම් එක. ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි, මිත්‍රයා
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
බොහොම ස්තූතියි, Kantha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි, මධූෂ
Comedy ekak maru maru
කොමඩි කිව්වට එච්චරම නෑ, දමිත් . විභාග වංචා කේස් එක තමයි වැඩියම කතාවෙන්නෙ. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට
👍
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
බොහොම ස්තූතියි, සජිත්
ඔයා දන්නවද සහො ලංකාවෙ දැන් පොඩි රැල්ලක් තියනව පාසල්කාලේ කතා බලන?. film එකකුත් ඇහිල්ලa/l තියනව?.කට්ටිය දන්නවනම් බලයි?.ඔයාකිව්ව වගෙ මටත් movie එක mis වෙන්න තිබුනා.මාත් බාගන්නව ස්තුති ඔයාගෙ මහන්සියට.
ඔව්නේ, ඒක රැල්ලක් කියන්නෙ හැමතැනම, ටී.වී එකෙත් එකක් දෙකක් යනව මං හිතන්නෙ. එහෙමවත් පාසල් කාලෙට ආයිත් ලැබෙන එක හොඳයි එක අතකට. ඒ වුණාට වැඩේ කියන්නෙ ඔය එන රැළි ආපහු යන්නෙ පාසල් කාලෙත් මිනිස්සුන්ට එපා කරලයි ( අර මල් සිංදුවලින් මල් එපා කලා වගේ). ප්‍රතිචාරයට බොහොම ස්තූතියි, මිත්‍රයා
මේක කලින් කොහේ හරි විස්තරයක් දැක්ක එත් ගන්න හිතුන් නැ. දැම් ඉතින් හසිතත් උපසිරැසි ගන්වල කියන්නෙ ෆිල්ම් එක හොද වෙන්න ඔනේ කියන එකනේ…? ? සබ් එකට බොහොම ස්තුතියි සහෝදර Roman J. Israel, Esq. .මෙකටත් ඔයාගෙ අතින්ම උපසිරැසියක් බලාපොරොත්තු වෙනව
බොහොම ස්තූතියි, මිතුන් මේක ගැන මට කිව්වෙ අපේ සුමින්ද සහෝදරය. එයා නැත්තං මටත් මේෆිල්ම් එක මගැරිල යනවා. * Roman J. Israel, Esq එක මං බැලුව ,ඔයා කිව්වට පස්සෙ, කොහොමහරි සබ් දෙන්නම්.
සුපිරිම ෆිල්ම් එක සහෝ..හැම කොටසකටම,කාල වේලාවල් එ ,එ විදියට උපසිරැසි ගන්වල තිබ්බ හින්ද සුපිරි එකට වැදුන.. ෆට්ටම ෆිල්ම් එක… ගොඩක් ස්තුතියි ඔයාටත් මේවගේ ෆිල්ම් සුපිරි එකට උපසිරැසි දානවටමට නම් මෙක සුපිරි
Roman J. Israel, Esq එක කිව්වෙ හදිත වෙන මොකවත් හින්ද නෙවෙ මන් අසම නලුව Denzel Washington කියන්නෙ බෙස්ම ඇක්ටර් කෙනෙක් එකයි එක ඉල්ලුවේ සෙට් නම් දෙමු ඉතින් මන් බැලුවෙ නැත්
කී වල පොඩි අවුලක් වචන වදින්නෙ නෑ සමාවෙන්න ඔනේ?
patta film eka bro.. thanks sub walata
thank you brooooooooooooooooooooo
එල සහෝ……????