Trending

Contratiempo AKA The Invisible Guest (2016) Sinhala Subtitle

ආයුබෝවන් Subz LK හැමදෙනෙක්ටම.කට්ටියට මතකද මම කලින් උපසිරැසිය (Little Big Soldier) දෙද්දි පොරොන්දු වුණා සුපිරි ස්පාඤ්ඤ චිත්‍රපටයකට උපසිරැසි ගේන බව, ඉතින් ඒ පොරොන්දුව ඉටු කිරීමයි මේ.චිත්‍රපටයෙ නම Contratiempo (The Invisible Guest).තිරගත වුණේ 2016 වසරේදි.IMDB අඩවියෙන් 8.0ක් වගේ විශාල අගයකුත් Rotten Tomatosලගෙන් 60% ක අගයකුත් ගූගල් පරිශීලකයින් 91%කගෙ කැමැත්තත් දිනා ගන්න සමත්වුණ මේ චිත්‍රපටය සම්මාන දෙකකට නිර්දේශ වී එක් සම්මානයක් දිනාගන්නනත් සමත් වෙනවා.අධ්‍යක්ෂණය සහ රචනය Julia’s Eyes (2010), Secuestro (2016) (මේ දෙකටම අපේ අඩවියේ උපසිරැසි තියනවා) වගේ චිත්‍රපටවලට තිරරචනයෙන් දායක වුණ Oriol Pauloගෙන්.රංගනයෙන් දායක වෙන්නෙ Mario Casas (ඒඩ්‍රියන් ඩෝරියා), Ana Wagener (වර්ජිනියා ගුඩ්මන්), Jose Coronado, Bárbara Lennie (ලෝරා විඩාල්), Francesc Orella (නීතීඥ ෆෙලික්ස් ලීවා), Iñigo Gastesi වගේ නළු නිළි පෙලක්.ඒ ඇතිනේද දැන් අපි යමු කතාව පැත්තට…

ඊටකලින් මං මෙහෙම ආරම්භයක් ගන්නම්.ඕගොල්ලො අහල ඇති කතාවක් තියනවා.“වෛද්‍යවරයාට බොරු කිරීමත්, නීතීඥවරයාට බොරු කිරීමත් දෙකම මරණයෙන් කෙලවර විය හැක” කියල කතාවක්.මොකද වෛද්‍යවරයාට තමන්ගේ රෝගය ගැන බොරු කිව්වොත් වැරදි ප්‍රතිකාරයක් නිසා මියයන්න ඉඩ තියනව.නීතිඥවරයට බොරු කිව්වොත් තමන්ගේ ඉරණම හිරගෙදර හෝ  එල්ලුම්ගහ වෙන්නත් ඉඩ තියනව තමන් කල වරද අනුව.මේකත් ටිකක් ඒ වගේ කතාවක් හැබැයි……නෑ එක්කො ඒක ඕන්නෑ ඒක කිව්වොත් කතාවෙ නියම රසය විඳගන්න බැරිවෙනව.මෙහෙමයි කතාව…

ඒඩ්‍රියන් ඩෝරියා දක්ෂ  ව්‍යාපාරිකයෙක්.බිංදුවේ සිට ජීවිතය පටන්අරගෙන තාක්ෂණික අංශයෙන් ව්‍යාපාරික ලෝකයේ හිණිපෙත්තටම ගිය සම්මානලාභී ව්‍යාපාරිකයෙක්.තම බිරිඳ සෝනියා සහ දියණිය ඇලෙක්ස් සමගින් සොඳුරු දිවියක් ගත කරන කෙනෙක්.ඒත් ඔහුගේ ජීවිතයට කණකොකා හඬලන්නෙ ඔහුට මිනීමැරුම් චෝදනාවක් එල්ලවීම සමගින්.ඒ ඔහුගේ අනියම් පෙම්වතිය යැයි කියන ලෝරා විඩාල් නම් තරුණියකගේ මරණය සම්බන්ධයෙන්.හැබැයි ඩෝරියා කියන්නෙ තමන් මේ මිනීමැරුම නොකල බවත් තමන්ද එහි ගොදුරක් බවත්.හැබැයි මිනීමැරුම සිදුවී තිබෙන ආකාරය අනුව කෙලින්ම සැකය එල්ල වෙන්නේ ඔහු වෙතට.ඒ වගේමයි ඩෝරියා මේක වුණායැයි කියන විදියත් පිළිගන්න අමාරු එකක්.ඩෝරියාගෙ නීතිඥවරයා වෙන්නෙ ෆෙලික්ස් ලීවා.ඔහු සෑහෙන්න උත්සාහයක් දරනව තමන්ගේ සේවාදායකයව මේකෙන් බේරගන්න.ඒ සඳහා ඔහු මේ  කාරණයේදී ඩෝරියාට උදවු වෙන්න පුළුවන් චරිතයක් යවනවා ඩෝරියා ලඟට.ඇය නමින් වර්ජිනියා ගුඩ්මන්.ඇය බොහොම දක්ෂ කෙනෙක්.මොකද හිතන්නෙ ඇයට පුළුවන් වෙයිද මේ අවුල් ජාලය ලිහන්න?එහෙනම් නරඹලම බලන්න ඒඩ්‍රියන් ඩෝරියා මේ මිනීමැරුමට සම්බන්ධද නැද්ද.වර්ජිනියාට ඩෝරියාව බේරගන්න පුළුවන්ද ඒ වගේම ප්‍රශ්ණයකට විසඳුම් සෙවීම කියන කාරණයේදි  මිනිසාට කොයිතරම් දුරදිග යන්න පුළුවන්ද කියලත් තව කියන්න ඕනෙ මේක පවුලේ කට්ටියත් එක්ක නරඹන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතිව.ඒ වගේම අපේ කමෙන්ට් මිත්‍රයා Sam Fisherට හරියටම හරියයි මේ චිත්‍රපටය.එහෙනම් මම ගිහින් එන්නම්…තවත් උපසිරැසියකින් හමුවෙමු!!!

” නිර්මාණශීලි චින්තනය ගැන අහල තියද, මිස්ට ඩෝරියා?”

Spoiler Warning : A young businessman wakes up in a locked hotel room next to the body of his dead lover. He hires a prestigious lawyer to defend him, and over the course of one night, they work together to find out what happened…

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 918.59 MB x264
1080p bluray 1.71 GB x264
Discussion (32)
  • Mithun Unregistered
    Android 6 Chrome 58

    Makata commed ekak noda ba hasita. Eccarama fattama film eka maka nm සුපිරි .mn kalakin ma wage ekak baluwa pissu haduna .sb eka nm supiri ekata dala godak stuthi .fattama story eka.

  • Kalpajith Unregistered
    Android 6 Chrome 50

    Jaya jaya

  • shihan Unregistered
    Windows 7 Chrome 63

    patta machan…didatama wade karanna jaya!!!

  • viraj Unregistered
    Windows 8.1 Firefox 57

    sub ekata thanks saho.. jaya wewa!!

  • sasa Unregistered
    Windows 7 Firefox 62

    pattama film aka.Thanks for sub

  • Dulakshi Narmada User
    Android 8.1 Chrome 80

    ස්තූතියි සහෝදරයා.ඇත්තටම spanish fims වලට මාරම විදියට ඇබ්බැහි උනා මේක බලලා.මේකෙ තියන spanish ඔක්කොම බැලුවා.පුළුවන් නම් තව spanish movie රසිකයන් වෙනුවෙන් අලුත් spanish ෆිල්ම් ටිකකට සබ් දෙන්නකෝ.ඔබට ජය

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search