Contratiempo AKA The Invisible Guest (2016) Sinhala Subtitle
ආයුබෝවන් Subz LK හැමදෙනෙක්ටම.කට්ටියට මතකද මම කලින් උපසිරැසිය (Little Big Soldier) දෙද්දි පොරොන්දු වුණා සුපිරි ස්පාඤ්ඤ චිත්‍රපටයකට උපසිරැසි ගේන බව, ඉතින් ඒ පොරොන්දුව ඉටු කිරීමයි මේ.චිත්‍රපටයෙ නම Contratiempo (The Invisible Guest).තිරගත වුණේ 2016 වසරේදි.IMDB අඩවියෙන් 8.0ක් වගේ විශාල අගයකුත් Rotten Tomatosලගෙන් 60% ක අගයකුත් ගූගල් පරිශීලකයින් 91%කගෙ කැමැත්තත් දිනා ගන්න සමත්වුණ මේ චිත්‍රපටය සම්මාන දෙකකට නිර්දේශ වී එක් සම්මානයක් දිනාගන්නනත් සමත් වෙනවා.අධ්‍යක්ෂණය සහ රචනය Julia’s Eyes (2010), Secuestro (2016) (මේ දෙකටම අපේ අඩවියේ උපසිරැසි තියනවා) වගේ චිත්‍රපටවලට තිරරචනයෙන් දායක වුණ Oriol Pauloගෙන්.රංගනයෙන් දායක වෙන්නෙ Mario Casas (ඒඩ්‍රියන් ඩෝරියා), Ana Wagener (වර්ජිනියා ගුඩ්මන්), Jose Coronado, Bárbara Lennie (ලෝරා විඩාල්), Francesc Orella (නීතීඥ ෆෙලික්ස් ලීවා), Iñigo Gastesi වගේ නළු නිළි පෙලක්.ඒ ඇතිනේද දැන් අපි යමු කතාව පැත්තට…
ඊටකලින් මං මෙහෙම ආරම්භයක් ගන්නම්.ඕගොල්ලො අහල ඇති කතාවක් තියනවා.“වෛද්‍යවරයාට බොරු කිරීමත්, නීතීඥවරයාට බොරු කිරීමත් දෙකම මරණයෙන් කෙලවර විය හැක” කියල කතාවක්.මොකද වෛද්‍යවරයාට තමන්ගේ රෝගය ගැන බොරු කිව්වොත් වැරදි ප්‍රතිකාරයක් නිසා මියයන්න ඉඩ තියනව.නීතිඥවරයට බොරු කිව්වොත් තමන්ගේ ඉරණම හිරගෙදර හෝ එල්ලුම්ගහ වෙන්නත් ඉඩ තියනව තමන් කල වරද අනුව.මේකත් ටිකක් ඒ වගේ කතාවක් හැබැයි……නෑ එක්කො ඒක ඕන්නෑ ඒක කිව්වොත් කතාවෙ නියම රසය විඳගන්න බැරිවෙනව.මෙහෙමයි කතාව…
ඒඩ්‍රියන් ඩෝරියා දක්ෂ ව්‍යාපාරිකයෙක්.බිංදුවේ සිට ජීවිතය පටන්අරගෙන තාක්ෂණික අංශයෙන් ව්‍යාපාරික ලෝකයේ හිණිපෙත්තටම ගිය සම්මානලාභී ව්‍යාපාරිකයෙක්.තම බිරිඳ සෝනියා සහ දියණිය ඇලෙක්ස් සමගින් සොඳුරු දිවියක් ගත කරන කෙනෙක්.ඒත් ඔහුගේ ජීවිතයට කණකොකා හඬලන්නෙ ඔහුට මිනීමැරුම් චෝදනාවක් එල්ලවීම සමගින්.ඒ ඔහුගේ අනියම් පෙම්වතිය යැයි කියන ලෝරා විඩාල් නම් තරුණියකගේ මරණය සම්බන්ධයෙන්.හැබැයි ඩෝරියා කියන්නෙ තමන් මේ මිනීමැරුම නොකල බවත් තමන්ද එහි ගොදුරක් බවත්.හැබැයි මිනීමැරුම සිදුවී තිබෙන ආකාරය අනුව කෙලින්ම සැකය එල්ල වෙන්නේ ඔහු වෙතට.ඒ වගේමයි ඩෝරියා මේක වුණායැයි කියන විදියත් පිළිගන්න අමාරු එකක්.ඩෝරියාගෙ නීතිඥවරයා වෙන්නෙ ෆෙලික්ස් ලීවා.ඔහු සෑහෙන්න උත්සාහයක් දරනව තමන්ගේ සේවාදායකයව මේකෙන් බේරගන්න.ඒ සඳහා ඔහු මේ කාරණයේදී ඩෝරියාට උදවු වෙන්න පුළුවන් චරිතයක් යවනවා ඩෝරියා ලඟට.ඇය නමින් වර්ජිනියා ගුඩ්මන්.ඇය බොහොම දක්ෂ කෙනෙක්.මොකද හිතන්නෙ ඇයට පුළුවන් වෙයිද මේ අවුල් ජාලය ලිහන්න?එහෙනම් නරඹලම බලන්න ඒඩ්‍රියන් ඩෝරියා මේ මිනීමැරුමට සම්බන්ධද නැද්ද.වර්ජිනියාට ඩෝරියාව බේරගන්න පුළුවන්ද ඒ වගේම ප්‍රශ්ණයකට විසඳුම් සෙවීම කියන කාරණයේදි මිනිසාට කොයිතරම් දුරදිග යන්න පුළුවන්ද කියලත් තව කියන්න ඕනෙ මේක පවුලේ කට්ටියත් එක්ක නරඹන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතිව.ඒ වගේම අපේ කමෙන්ට් මිත්‍රයා Sam Fisherට හරියටම හරියයි මේ චිත්‍රපටය.එහෙනම් මම ගිහින් එන්නම්…තවත් උපසිරැසියකින් හමුවෙමු!!!
” නිර්මාණශීලි චින්තනය ගැන අහල තියද, මිස්ට ඩෝරියා?”
Spoiler Warning : A young businessman wakes up in a locked hotel room next to the body of his dead lover. He hires a prestigious lawyer to defend him, and over the course of one night, they work together to find out what happened…
Thank bro sub ekata… crime mystery film nm aniwa balanawa..
Thanks, Prabodha..! Crime, Mystry කියන්නෙ මමත් කැමතිම කැටගරි එකක්.
හම්මෝ 80ව ගැහුව නෙහ් එලම??
උපසිරැසියටතුති සහෝ….
ඔබට ජයෙන් ජය???
බොහොම ස්තූතියි, පසිඳු 🙂 80 සීමාවට ඇවිල්ල, නේද? මමත් දැක්කෙ දැන්.
???????
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
බොහොම ස්තූතියි,Kantha..!
නියමයි සහෝ.බොහොම ස්තූතියි
ජය වේවා!
බොහොම ස්තූතියි, මධූෂ 🙂
එල එල දැන් දැන් මේ සයිට් එකෙන් මෙතෙක් සබ දීපු නැති ෆිල්ම් වලට සබ දෙනවා
පට්ට
ඔබට ජය!!!
බොහොම ස්තූතියි, asitha 🙂
Supiri filumak wage saho….
Digatama meweni paharawal demu…
Jaya wewa!!!
බොහොම ස්තූතියි, maheshbabu :-). මේක නියම ෆිල්ම් එකක් බලලම කියන්නකො තත්වෙ.
සුපිරි ෆිල්ම් එකක් වගේ මෙවගෙ එවට නම් මාර අසයි.. ඔන්න දැක්ක ගමන් කමෙන්ට් කලේ ගන්නවො ගොඩක් ස්තුතියි සහෝ සිංහල උපසිරැසි ගැන්නුවට ..ඔයගෙ සබ් මන් බලල තියෙනව හොද උපසිරැසි කරුවෙක් කියල කියන්න ඔනෙ
බොහොම ස්තූතියි, මිතුන් 🙂 . අර ඔයා ඉල්ලපු ඩොකියමන්ට්‍රි එක ( Into the inferno )බාගයක් විතර ඉවර කරල තියෙන්නෙ. ඒකත් දෙන්නම් පුළුවන් ඉක්මනින්.
අනේ තැන්ක්ස් සහෝ ගොඩක් .
තව මුවි එකක් ලගදි බැලුව මතක හැටියට ඔයාගෙ එකත් Apprentice (2016) ගොඩක් හිතට වැදුන ස්ටොරි එකක්
සමාවෙන්න ඔනෙ හසිත සහෝ .අරක වාර්තාමය වැඩසටහනක්. වටෙන් ගොඩෙන් බලලා කිව්වෙ. ඔයා ගොඩක් ලයින් කරල නැතිනම් එපා .ස්තුතියි . හැබැයි සහෝ එක Netflix සමාගමේ ප්‍රසන්ටේෂන් එකක් imdb 7.3 rotten tomatoes 93
ඒකට කමක් නෑ, මිතුන්. ඒක බලන්න වටින එකක් ඇත්තටම. ලයින් 500ක් විතර කරල මග නවත්තල තියෙන්නෙ. කොහොමහරි හෙමීට සබ් එක කරල දානව.
කොහොමද හසිත සහො.ඇත්තටම ඔයාම්‍ෙ ලිපිය ලියලා තියන විදිය දැක්කම මට කොච්චර මුවි එක ඇල්ලුවද කියනවනම් කමෙන්ට් එකක් දාන්න කලින් මූවි එක බලලම කමෙන්ට් එක දාන්න හිතුනා.මෙව්චර හොද මූවිඑකක් දිලත් කමෙන්ට් එකක් දාන්න පරක්කු උනාට sorry යාඵවා.:-( .කවුද හත්දෙයියනෙ ම්‍ෙ මුවා?(මු කිසිම මූවි එකක ටිවි ෂෝ එකක මිනිහෙක්ට නිදහසෙ වාහනය drive කරන්න දෙන්නැ)මු හැමතිස්සෙම පාර මැද්දට පැනලා වාහන හප්පවනවා.මම මුවිස් කියකනම් දැකල ඇද්ද මූව.ඕකව වහාම හොයල අත්අඩංගුවට ගන්න ඕනි(නැත්නම් තව මූවීස් කියක නම් වහන ඕක හප්පවයිද?).
ම්‍ෙ මූවි එක නම පට්ට සහො.බලපු මුල්විනාඩි කිහිපයක් තුලදි මම හිතුවෙ අර කොල්ලගෙ තාත්තම තමයි වැඩෙදෙන්න ඇත්ත්‍ෙ කියලා(හරියට අර i know what you did in last summer)මූවීස් වල වග්‍ෙ.එත් වර්ජිනියා(එ එයා නෙමෙයි උනත්) එඩ්රියන් කියන විදිහට කවුරැහරි හාෙරෙක් ලොරව මැරැව කියන තැන ඉදං අර photo එක පෙන්නලා ඉස්සර වෙච්ච සින්එකට ගෙනල්ලා එමදිවට අර මිනිස්සු දෙන්නව එකට අල්ලන්න හදන තැනට ගෙනල්ල අන්තිමට මිනිය හංගන එකෙ ඉදං ඔක්කාෙම එඩ්රියන්ගෙ අදහස් කියන තැනට(අරැ අච්චර බොරැ කතා ගාෙතද්දිත්) එනකන් ගෙනාපු විදිහනම් පට්ට.වජිනියා ගුඩ්මන්ව එ කැරැක්ට එක නම් මට මාර විදිහට හිතට ඇල්ලුවා.
මම නම් කවදාවත් මිට කලින් ස්පෑනිශ් මූවිස් බලලනැ හිතුවෙවත්නැ ම්‍ෙගෙ මුවිස් ඇති කියලා ඔයා නිසා තමයි මෙක බලන්න වත් හම්බ උනෙ.එ ගතවෙච්ච මනිත්තු 146 න් හැම විනාඩියකටම ඔයාට ස්තුති යාඑවා(මට දැනුනෙ මං වෙනුවෙන්ම කරපු මුවි එකක් කියලා? ?)
බොහොම ස්තූතියි, මිත්‍රයා 🙂 ඔව්, වෙනස්ම විදියට පටලවපු කතාවක්, ඒක හින්දම මං ලිපිය ලිව්වෙත් ටිකක් පටලවල. මට සබ් කරන්න ආසාවක් ආවෙත් ඒකයි මේ ෆිල්ම් එකට. කොහොමත් ස්පැනිෂ් ෆිල්ම් කියන්නෙ ඉතිං ඉංග්ලිෂ් පරාදයි. මම ඩවුන් කරපු ස්පැන්ෂ් ඒවගෙන් ගිය ඩේටා ටිකත් අපරාදෙ කියල හිතුණ එකක් හම්බවෙලා තීයෙන්නෙ බොහොම අඩුවෙන්. ඇත්තට වාහන හැප්පෙන සීන් තියන ගොඩක් ෆිල්ම් වල මුවෙක් ඉන්නවමයි නේද? ඒ හින්ද අත්අඩංගුවට අරගෙන මදි. ආ තව ස්පැනිෂ් එකක් බලන්නකො මේක මීටත් වඩා සුපිරි https://subz.lk/marshland-2014-sinhala-subtitle/
Thanks සහෝ sub එකට..Crime, Mystery, Thriller ස්පාඤ්ඤ චිත්‍රපට නම් සුපිරි.. උපසිරැසි Orphanage (2007),The Body (2012),The Silence (2010),The Silence of the Sky(2016), The Treatment (2014) කියන ෆිල්ම් වලටත් සබ් දෙන්න … ඔබට ජයෙන් ජය..
බොහොම ස්තූතියි, සමන්. 🙂 ඒ වගේම මේ ෆිල්ම් ටික ගැන කිව්වටත් ස්තූතියි, මෙතනින් මං බලල තියෙන්නෙ Orphanage එකයි The Body එකයි විතරයි. මේ ෆිල්ම්වලට සබ් දෙන්න බලන්නම් කොහොමහරි.
The Silence (2010) එකට සබ් දුන්නා, සමන්.
කොමෙන්ට් විතරයි බැලුවෙ.
ඕං බානව. ?
ස්තූතිය සබට නොව ඔබට…
One more! One more!!!