Secuestro AKA Boy Missing (2016) Sinhala Subtitle

April 03, 2017 Junior Admin
Subtitle by Hasitha Prasad

ස්පාඤ්ඤ චිත්‍රපට හොය හොය ඉද්දි ගිය වසරේ නිකුත් වුණ චිත්‍රපටයක් හම්බවුණා.මේකෙ ඔරිජිනල් ටයිටල් එක Secuestro.ඉංග්‍රීසි ටයිටල් එක Boy Missing.ත්‍රිලර් ඝනයට අයිති වෙන මේ චිත්‍රපටයෙ IMDB අගය සටහන් වෙන්නෙ 6.1 විදියට.මේක Orphanage (2007), Julia’s Eyes (2010) (මේකට මම කලින් සබ් දුන්නා) සහ The Body (2012) වැනි සුපිරි ෆිල්ම් හදපු නිෂ්පාදක කණ්ඩායමක වැඩක්.ඒවා තරම්ම නැතත් මේකත් ඉවරවෙනකම්ම කුතුහලයෙන් බලන්න පුළුවන් චිත්‍රපටයක්.මේක අධ්‍යක්ෂණය Mar Targaronaගෙන්.රංගනයෙන් දායක වෙන්නෙ  Blanca Portillo , Antonio Dechent , Vicente Romero  ඇතුළු නළු නිළි කැලක්.දැන් යමු කතාව පැත්තට…

කතාව පටන්ගන්නෙ පාසල් දරුවෙක් තනියම පාළු පාරක් දිගේ ඇවිදයන දර්ශනයකින්.එවෙලෙ වාහනයකින් ගමන්කරමින් සිටි කාරුණික පුද්ගලයෙක් මේ දරුවාව රෝහලකට බාරදෙනවා.මේ දරුවා කාගෙ කවුද කියල නොදන්නා නිසා රෝහලෙන් පොලිසියට දන්වනවා. පොලිසිය මේ දරුවා කාගේ කවුද, කොයි පාසලේද කියල සොයාගන්නවා.දරුවගෙ මව ජනප්‍රිය දක්ෂ නීතීඥවරියක් නඩුවක් බාරගත්තොත් දිනලම තමයි නවතින්නෙ. පොලිසිය දරුවව මවට බාරදුන්නට පාසලේ ඉන්න ඕනෙ දරුවා තනියම පාරක් දිගේ ඇවිදගෙන ගියේ කොහොමද කියන එක මේ දෙගොල්ලටම ප්‍රශ්ණයක් වෙනවා.දරුවගෙන ප්‍රශ්ණ කලාම ඔහු කියන්නෙ තමන් පැහැරගැනීමකට ලක්වුණ බවක්.ඔහු තමන්ව පැහැරගෙන ගිය පුද්ගලයවත්  අඳුනගන්නවා.හැබැයි ප්‍රශ්ණ සේරම පටන්ගන්නෙ එතනින්.දැන් ඔයගොල්ලො හිතයි පැහැරගත්තු පුද්ගලයා තමන්ව අල්ලලදීපු තරහට මේගොල්ලො පස්සෙ එලවනව කියල.නෑ එහෙම නෙමෙයි වෙන්නෙ මේක බොහොම පොඩි හේතුවක් නිසා වෙන දෙයක් වගේම ඒක නිසා ගොඩක් අයගෙ ජීවිත අවධානමෙත් වැටෙනවා.මීට වඩා කියන්න ගියොත් වැඩක් නෑ ඒ හින්ද නරඹලම බලන්න.ස්පාඤ්ඤ චිත්‍රපටවලට කැමති අයට මේක හොඳ සිනමා  අත්දැකීමක් වෙයි කියල මම හිතනවා.චිත්‍රපටය මෙන්න මේ වගේ කෙටි වාක්‍යයකින් හඳුන්වන්න පුළුවන්…

” සත්‍යය දැනගන්නාවිට ඔබ ප්‍රමාද වැඩිවිය හැකි අතර ආපසු හැරීමක්ද නැතිවිය හැක”

Available Torrents
720p bluray 967.81 MB
1080p bluray 1.94 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (14)
  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 56

    උපසිරැසියට බොහොම ස්තුතියි.මේ පාර දීලා ස්පාඤ්ඤ ෆිල්ම් එකකටනේ…
    උපසිරැසියට බොහොම ස්තුතියි හසිත සහෝ…ජය වේවා!!!

    • hasitha Unregistered
      Windows 7 Firefox 52

      ස්තූතියි කවීෂ.

  • Madawa Nilupul Unregistered
    Windows 8.1 Chrome 56

    හසිත සහෝ මම මේ නොදන්නා නිසා අහන්නේ.මම මේ ෆිල්ම් එක ගැන ඉන්ටර්නෙට් එකේ හොයලා බැලුවා.ඉන්ටර්නෙට් එකේ IMDB සයිට් එකේ මේ ෆිල්ම් එක නම් කරලා තියෙන්නේ Secuestro (2016) කියලා.එත් subzlk සයිට් එකේ නම් වෙලා තියන්නේ Secuestro AKA Boy Missing (2016) කියලා.
    ඒ ඇයි?
    ඇඩ්මින්ලට වැරදිලාද?
    නැත්තම් ෆිල්ම් එකේ නම් දෙකක් තියෙන නිසාද?

    • සමීර ඉදුනිල් User
      Android 6 UC Browser 11.2

      Madawa සහෝ, මේ ෆිල්ම් එක ස්පාඤ්ඤ ෆිල්ම් එකක්, මේකෙ ස්පාඤ්ඤ නම තමා “Secuestro”
      ඉංග්‍රීසි නම තමයි “Boy Missing” කියන්නෙ.
      මේ පිලිබදව හසිත සහෝ ලිපියෙත් උඩින්ම සදහන් කරලා තියෙන්නෙ ?
      AKA කියන්නෙ “As Know As”යන්නෙහි කෙටි යෙදුම.. ඒ කියන්නෙ මේ නම් දෙකෙන්ම ෆිල්ම් එක හදුන්වනවා කියලා නම සම්බන්ධ කරන්නෙ ඒ විදිහටයි 🙂 තේරුණා කියලා හිතනවා!

    • hasitha Unregistered
      Windows 7 Firefox 52

      සමීර සහෝදරයා බොහොම පැහැදිළිව උත්තරේ දීල තියනවා මටත් වඩා හොඳට?.

  • Sajith Anthony Unregistered
    Windows 8.1 Chrome 56

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    • hasitha Unregistered
      Windows 7 Firefox 52

      ? Thanks ,sajith.

  • Sadaam_SL Unregistered
    Windows 7 Firefox 34

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ස්තූතියි…….

    • hasitha Unregistered
      Windows 7 Firefox 52

      ? Thanks, Sadaam _sl.

  • Madusha Unregistered
    Windows 10 Opera 44

    ස්තූතියි සහෝ

    • hasitha Unregistered
      Windows 7 Firefox 52

      ? Thanks madusha.

  • Nilanka Unregistered
    Android 5.1 Chrome 54

    Thanx mcn…

  • chandika plt User
    Windows 7 Chrome 72

    Ela Fatta Movie eka

  • Arosha Unregistered
    Android 10 Chrome 80

    Supiri film eka

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search